ඔව්, මුකුත් වුණාට පස්සෙ අඬල වැඩක් නෑ, මං මෙහෙම කළේ මගෙ දෙමවුපියො කිව්ව නිසාය, ගුරුවරු කිව්ව නිසාය, මේ සමාජෙ හොඳින් ජීවත් වෙන්න අමාරුය, අරකය මේකය කියල. පස් පවු වලින්වත් වෙන් වෙලා ජීවත් වෙන්න පුලුවන්නම් යම් ආරක්ෂාවක් තියෙනවා.
මේ සිද්දියට මුහුණ දුන් මනුස්සය කියන දේවල් කී දෙනෙක් විශ්වාස කළාද මන්ද. තමන්ටම වෙනකම් විශ්වාස කරන්න අපි වැඩි දෙනෙක් අකමැතියිනෙ. නමුත් බුදු හාමුදුරුවො මෙහෙම එකකුත් දේශනා කරල තියෙනවා: අපිට කැලයක් මැදින් ගමනක් යන්න තියෙනවා; කෙනෙක් කියනවා "ඔය කැලේ මැද්දෙ බොහොම අනතුරු තියෙනවා" කියල. අපි දන්න කෙනෙකුටනම් එහෙම වෙලා නෑ. අර මනුස්සය කියන දේ හරිද කියල අපට බලන්න විදිහකුත් නෑ. ඒ කතාව ඔප්පු කරන්න බෑ කියල අපි නිකම්ම කැලේට යනවද, නැත්නම්, බැරි වෙලාවත් ඒ මනුස්සය කියන්නෙ ඇත්තක්නම් කියල හිතල, ඒකට ලෑස්ති වෙලා පරට බහිනවද?
අන්න ඒ වගේ, අපායක් ගැන විශ්වාස නොකරන අයටත් 'කෝකටත්' හොඳයි කුසල් වර්ධනය කරගෙන, අකුසල් වලින් වළකින එක.