අපාය ද? දිව්‍යලෝකය ද?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපාය ද? දිව්‍යලෝකය ද?

    අපාය ද? දිව්‍යලෝකය ද?​


    ජීවත් වෙලා ඉන්න කාලෙ හොද වැඩ වගේ ම නරක වැඩත්
    සම සමව කරපු එක්තරා මනුස්සයෙක්:eek: මැරුනට පස්සෙ අපායට
    වත් දිව්‍ය ලෝකෙට වත් එක පාර නොගිහින් අපායට සහ
    දිව්‍යලෝකයට යන දොරවල් දෙක තියෙන කාමරයකට ගිහින්
    වැටුණා.:shocked: වහලා තිබුන මේ දොරවල් දෙකේ කිසි ම වෙනසක්
    අදුනගන්න බැහැ.:sorry: මේ කාමරයේ එකම වගේ පුද්ගලයෝ
    දෙන්නෙකුත් හිටගෙන ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්
    ඇවිත් තියෙන්නෙ දිව්‍ය ලෝකයේ ඉදල. එයා හැම තිස්සෙම
    කියන්නෙ ඇත්ත.:) අනිත් එක්කෙනා ඇවිත් තියෙන්නෙ අපායේ
    ඉදල. එයා හැම තිස්සෙම කියන්නෙ බොරු.:frown: බැලූ බැල්මට
    දෙන්න අතරින් කවුරු කවුරු ද කියල හොයාගන්න බෑ.:oo: මේ
    දෙන්නා අතරින් කැමති එක් කෙනෙක් ගෙන් එක ම එක ප්‍රශ්නයක්
    විතරක් අහන්න අපේ මේ හාදයට අවස්ථාව තියෙනවා.:yes:
    ඒ ප්‍රශ්නෙට ලැබෙන උත්තරෙන් හරි දොර හොයාගෙන දිව්‍යලෝකයට
    යන දොර ඇරගෙන ගියොත් එයා දිව්‍යලෝකෙ. අපායට යන
    දොර ඇරගෙන ගියොත් මිනිහා අපායේ. අපි කාටත් ඕනේ
    දිව්‍යලෝකෙ යන්න නේ.:) ඉතින් ඒ හරි දොර හොයාගන්න
    මේ දෙන්නා ගෙන් අහන්න පුළුවන් එක ම ප්‍රශ්නෙ මොකක් ද?:confused:

    විදුසර පත්තරේ තිබ්බෙ.
    උත්තරයක් දීල තිබ්බෙ නෑ.
    මමනම් උත්තරේ හොයාගත්තා.:yes:
     
    • Like
    Reactions: dcdweerawardhana

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට ඔච්චර ඕනේ නෑ නේ, දොරවල් දෙකම ඇරලා බලනවා, බලලා අපාය නම් තියෙන්නේ ඒක වහලා අනෙක් එකට යනවා :P :rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ehema oyata one one ewa karanna bahane..dagalanna awoth allala danawa apayata :growl:

    :( එතකොට මම යමරජාට කියනවා කොලවරියා කියලා ඇම්බැට්ටයෙක් මාව මේකට තල්ලු කරා කියලා, ඊට පස්සේ උන් ඇවිත් උබව අල්ලගෙන යයි. :cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවුරුදු දහයක් ? :O
    බුදු අම්බේ බං ?
    අපායෙ ඉඳන් නෙමේ කොහෙ ඉඳන් ආවත් අවුරුදු දහයක් දොරක් ගාව හිටං ඉන්න උන් දෙන්නට එපා වෙන්නැද්ද බං ? :baffled:
    මංනං ඔහොම ඉන්නෑ :yes:
    විනාඩි පහක් ඉඳල යන්න යනව :D