අපිට කෙලවෙයිද ? #emoney #ebay #paypal

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපිට කෙලවෙයිද ? #emoney #ebay #paypal

    ඡන්දය අස්සේ ලංකාවම බ්ලැක් ලිස්ට් වෙයි..! ශ්‍රී ලාංකිකයන් විදෙස් මුදලින් සිදුකරන ගනුදෙනු වලටත් දැඩි බලපෑම්



    යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛන ගත කළේය. එසේ කීරීමට හේතු වූයේ ශ්‍රී ලංකාව, ‍ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් කලු සල්ලි නීත්‍යානුකූල කිරීමට අමතරව ත්‍රස්තවාදයට මුදල් දීම යන චෝදනා 2 යටතේයි. අදාල වාර්තාව සහිත යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ යොමුව මෙතනින්.

    මෙලෙස ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයට අදාලව අසාදු ලේඛන ගත වීම නිසා ශ්‍රී ලාංකිකයන් විදෙස් මුදලින් සිදුකරන ගනුදෙනු වලටත් රටේ සමස්ථ ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල වේ. ඒවන් අවස්ථා කිහිපයක් පහතින්.

    1.ඊබේ, ඇමසෝන් වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි වලින් ශ්‍රී ලංකාවට භාණ්ඩ විකුණන්නේ නැති රටක් ලෙස ලයිස්තුගත වීම. දැනටමත් ඊබේ හි සමහර ටොප් රේටඩ් විකුණුම්කරුවන් විසින් ශ්‍රී ලංකාව එලෙස ලයිස්තුගත කර ඇති අතර ඉදිරියේදී බොහෝ ටොප් රේටඩ් විකුණුම් කරුවන් විසින් ශ්‍රී ලංකාව තම භාණ්ඩ නොවිකුණන රටක් ලෙස නම් කරනු ඇත.

    2. ඊබේ හරහා භාණ්ඩ විකිණීමේදී මෙන්ම එම මුදල් ලබා ගැනීම තවත් දුෂ්කර වීම. ශ්‍රී ලාංකික අලෙවි කරුවන් සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි පැනවීම.

    3. ශ්‍රී ලාංකිකයන්ට පේ පෑල් භාවිතා කිරීම ඇහිරීම. ඊබේ මගින් විකුනන භාණ්ඩ වල මුදල් පේ පෑල් හරහා හැටන් නැෂනල් බැංකුව මගින් මුදල් ලබා ගැනීමට ක්‍රමයක් තිබුනත් ඉදිරියේදී එම ක්‍රමයත් නොහැකි වීම.

    4. ශ්‍රී ලංකාව මුදල් විශුද්ධි කරන සහ ත්‍රස්තවාදයට මුදල් සපයන රටක් ලෙස බ්ලැක් ලිස්ට් කර ඇති නිසා විදෙස් බැංකු විසින් තම බැංකුව අවදානමට ලක් කර ගැනීමට අකමැති වීම.
    මනී බ්‍රෝකර්, මනිග්‍රෑම් ආදී සේවා මගින් විදෙස් මුදල් පහසුවෙන් සහ ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීමට වර්තමානයේදී හැකි වුනත්, ඉදිරියේදී ඒ සඳහා විශාල කාලයක් සහ විශාල කොමිස් මුදලක් අය කිරීම.

    5. සියලුම විදෙස් බැංකු විසින් තමන්ට ඉදිරියේදී සිදුවිය හැකි මූල්‍ය අලාභයන් රක්ෂණය කර හෝ හෙජිං කර තිබේ.
    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව අදාල බැංකු ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී ගෙවිය යුතු රක්ෂණ වාරිකය ඉහළ යාම. ඒ අනුව විදෙස් බැංකු හරහා මුදල් ලබා ගැනීමේදී විශාල කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම.

    6. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් සමාගම් වලින් අන්තර්ජාලය හරහා කරන වැඩ වලට මුදල් ගෙවීමට බිය වීම. සමහර තරුණ තරුණියන් විසින් අන්තර්ජාලය හරහා විදෙස් සමාගම් වලට වැඩ අවුට්සෝස් ක්‍රමයට සිදුකර මුදල් උපයයි.
    ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවුට්සෝස් කිරීමට එම සමාගම් බිය වී ඒ වෙනුවට ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් වලට වැඩියෙන් නැඹුරු වීම.

    7. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම අඩු වීම. මීට හේතුවනම් සංචාරකයන්ට මුදල් ‍රැගෙන පැමිණීමට සිදුවීමත්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව මුදල් ‍රැගෙන ඒම මගින් තම රටවල බලධාරීන්ගේ දැඩි අවධානයට ලක් වීමයි.

    8. ශ්‍රී ලංකාව සමග සිදුකරන ආනයන සහ අපනයන වෙළඳාමට විදෙස් පුරවැසියන් බිය වීම. විශාල මුදලකට ගනුදෙනු කිරීමේදී එම මුදල් සම්බන්ධයෙන් තම රටවල බලධාරීන්ව නිතර දැනුවත් කිරීමට සිදුවීමත්, ඔවුන්ගේ අවධානය දැඩිව ලැබීමත් නිසා ඔවුන් ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටවල් ‍තෝරා ගනු ඇත.

    9. ශ්‍රී ලංකාවට ආයනයනය කරන මෝටර් රථ වල සිට පරිගණක දක්වා සියලුම භාණ්ඩ වල මිල ඉහළ යාම. ඊට හේතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර රක්ෂණ සමාගම් වලින් අය කරන වාරිකය වැඩි වීමයි.

    10. ශ්‍රී ලංකාවට විදේශිකයන් කරන ආයෝජන අඩු වීම. ඊට හේතු වන්නේ විදෙස් රටවල් වල මූල්‍ය බලධාරීන් විසින් ශ්‍රී ලංකාව අවදානම් කාරී රටක් ලෙස දැක්වීමෙන් ආයෝජකයින් එවන් රටවල් මග හැරීමයි.

    FB
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මුදල් විශුද්ධිකරනය සෙල්ලන් කේස් එකක් නෙමේ. ගොඩක් උන් පටලගන්නවා :(:(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ohoma unama thama rate watinakama wadi wenne,. legit money lankawata enawata wada illegal widiyata funds enawa rata athulata.
    meken banking / swift / money transfer / visa / mastercard walata aulak wenne na...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගොඩක් ඊ බේ සෙලර්ස්ලා දැන් ලංකාවට බඩු එවන්නෙ නෑ...
    සම්පූර්ණම වැරැද්ද ලංකාවේ
    අපේ උන් කවදාවත් හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගොඩක් ඊ බේ සෙලර්ස්ලා දැන් ලංකාවට බඩු එවන්නෙ නෑ...
    සම්පූර්ණම වැරැද්ද ලංකාවේ
    අපේ උන් කවදාවත් හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ

    Lankawe un badu awata passe awe na kiyala money back kara gannawa. Negative feedback deela.
    Balu gathi yawanna ba ne.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Lankawe un badu awata passe awe na kiyala money back kara gannawa. Negative feedback deela.
    Balu gathi yawanna ba ne.


    සිරා බන් ඕක මට චයිනා සෙලර් කෙනෙක්ම කියපු කතාවක්..
    උන් පට්ට ගේමක් දීලා බඩුවක් විකුන ගන්නෙ අපේ හැතිකරේ ගෑවුනු තැන ගූ කරගන්නවා
    මන් නම් දැන් එකෙකුටවත් කියලා දෙන්නෙ නෑ ඕවා
    පස්සෙ අපිටම තමා කෙල වෙන්නෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    සිරා බන් ඕක මට චයිනා සෙලර් කෙනෙක්ම කියපු කතාවක්..
    උන් පට්ට ගේමක් දීලා බඩුවක් විකුන ගන්නෙ අපේ හැතිකරේ ගෑවුනු තැන ගූ කරගන්නවා
    මන් නම් දැන් එකෙකුටවත් කියලා දෙන්නෙ නෑ ඕවා
    පස්සෙ අපිටම තමා කෙල වෙන්නෙ

    :(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    සිරා බන් ඕක මට චයිනා සෙලර් කෙනෙක්ම කියපු කතාවක්..
    උන් පට්ට ගේමක් දීලා බඩුවක් විකුන ගන්නෙ අපේ හැතිකරේ ගෑවුනු තැන ගූ කරගන්නවා
    මන් නම් දැන් එකෙකුටවත් කියලා දෙන්නෙ නෑ ඕවා
    පස්සෙ අපිටම තමා කෙල වෙන්නෙ

    oka china un kiyanna deyak ne bn :no: facebook group hadan tibuna set ekak oya wedetama. kalakanni.