අපිට නග්ගන TV Programs ... !

May 29, 2015
612
45
0
බොරු කියන්න ඕනේ නෑ. මන් කැමතිම ෆීමෙල් ආටිස්ට් කෙනෙක් තමා යුරේනි. ඇක්ටින් වලට නං එච්චර ආස නෑ, ඇක්ට් කරනවා දැකලත් නැද්ද කොහේ අරහෙන් මෙහෙන් යුටියුබ් කෑලි වල ඇරෙන්න. මේ ගොන් පාර්ට් වලටත් නෙවේ ආස. අමුතු ලස්සනක් තියෙනවා, ඒ වගේම සෑහෙන්න නිහතමානියි කතා කරද්දී සාමාන්‍ය කතා බහකදී. මෙයාට OL, AL ඔක්කොම සබ්ජෙක්ට් වලට D(ඒ කාලේ OL වලට D නේ තිබුනේ A වෙනුවට) සහ A ලු. අනික පුංචි කාලේ මන් හිතන්නේ එක වසර විතර වයසේදී අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකෙන් මැරුණු කෙල්ලෙක්. අද මේ වගේ තත්වෙකට ඇවිත් නිහතමානිව ඉන්නවා දැක්කම අවන්කවෙන්ම හිතට අමුතු සතුටක් එනවා.