අපිට බයියො කියන්නේ ඇයි (සියලුම බයියන්ට අදාළ නොවේ)

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    ජනරජයේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකකි:

    1. දේශීය ප්‍රතිපත්ති දරන, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති සහිත, පෙරදිග රටවල් සමග වැඩි විදේශ සම්බන්ධතා ඇති කඳවුර (පොදුජන පෙරමුණ විසින් නියෝජනය කරයි).
    2. නූතන-ලිබරල් ප්‍රතිපත්ති දරන, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති සහිත, බටහිර රටවල් සමග වැඩි විදේශ සම්බන්ධතා ඇති කඳවුර (එජාපය විසින් නියෝජනය කරයි).
    පළමුවැනි කඳවුරේ සාමාජිකයන් “බයියන්” ලෙසත් දෙවැනි කඳවුරේ සාමාජිකයන් “ටොයියන්” ලෙසත් ජන ව්‍යවහාරයේ හැඳින්වේ. “බයියා” යන්න “ගමේ මිනිහා” හැඳින්වීමට කොළඹ නගරයේ මිනිසුන් භාවිතා කරන වචනයකි. “කුඩා දරුවකු” හැඳින්වීමටත් “බයියා” යන වචනය භාවිතා වේ.

    මා අසා ඇති ආකාරයට වරක් එජාප මන්ත්‍රීවරයෙක් විසින් එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා “ගමේ බයියා” ලෙස අපහාසාත්මකව හඳුන්වා ඇත. පසුව සිදු කළ අයවැය කතාවක අවසානයේ “කොහොමද ගමේ බයියාගේ වැඩ?” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සරදමට ඇසුවේය. ටොයියා යන්න ඉංග්‍රීසි “ටෝයි” හෙවත් “සෙල්ලම් බඩුව” යන වචනයෙන් බිඳුණක් විය යුතුය. කෙසේ වෙතත් නිරුක්තියෙන් ඔබ්බට ගොස් දේශපාලන මතවාද නියෝජනය කරන වචන බවට අද ඒවා පත්ව ඇත.

    මා පළමුවැනි කඳවුරේ දේශපාලන මූලධර්ම විශ්වාස කරන බැවින් මාද බයියෙකි. දේශපාලන සාකච්ඡාවක් අතරතුර මාගේ මිතුරෙක් මට අපූරු කතාවක් කීවේය. “එරන්ද, අපිට බයියෝ කියන්න හේතුවක් තියෙනවා.” ඔහුගේ තර්කය වුනේ අපේ කඳවුරේ මිනිසුන් ලෙහෙසියෙන්ම රැවටිය හැකි අය නිසා අප “බයියන්” ලෙස හැඳින්වීම සාධාරණ බවයි. ඔහුගේ එම තර්කය කෙතරම් සත්‍යය දැයි අද මට වැටහී ඇත. සැ. යු. මෙහි ලියා ඇති දේ සියලුම බයියන්ට අදාළ නොවේ. අදාළ අය විතරක් ගන්න.

    පචපුවත් දොහොත් මුදුනින් පිළිගන්නා බයියන්

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දැනටමත් බයියන්ට අමතකව ගොසිනි. ජනරජයේ ජනතාවගේ ආරක්ෂාව නැතිභංගස්ථාන කළ ජනපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව අදටත් යහතින් පවතී. උන් මාධ්‍ය සාකච්ඡා තබ තබා තම වරද අනුන් පිට පටවයි. 2014-15 රෙජීම් change ව්‍යාපෘතියේදී කළාක් මෙන් රාජිත වැනි ටොම්පචයන් සහ එජාප-ජවිපෙ ෆේස්බුක් මඩ බලකාය යොදවා පට්ටපල් බොරු බේගල් ඇද බාමින් ඔවුන් පචපුවත් හෙවත් FakeNews වපුරමින් සිටී.

    පුදුමය නම් එදා වගේම අදත් අපේ බයියන් එම පචපුවත් පිළිගැනීමයි. මෙම මහා විනාශයට වගකිව යුතු, ජනතාවගෙන් වැඳ සමාව ගත යුතු, වහාම ඉල්ලා අස්විය යුතු යහපාලන ආණ්ඩුවට විරෝධය පෑමට එකාවන්ව පෙළගැසෙනවා වෙනුවට, ආණ්ඩුවේ පචපුවත් වලට රැවටී ඒවා ගැන විචිකිච්චාවෙන් දොඩවති අපේ බයියෝ. ඒවාට ප්‍රතිපිළිතුරු නොදෙන්නේ මන්දැයි අසති අපේ බයියෝ.

    උපන්ගෙයි මෝඩ බයියන්

    මෙච්චර කල් බයියන්ට පන්න පන්න ගැසූ චන්ද්‍රිකා හදිසියේම ඉස්ලාම් ආගම උගන්වන මද්‍රාසා පාසල් තහනම් කළ යුතු යැයි කී විට “ඔව්. ඒක ඇත්ත.” කියමින් චන්ද්‍රිකා කරේ තබාගෙන යති අපේ බයියෝ. අභූත සුදු කොඩි කතාවක් කියා සමස්ත ත්‍රිවිධ හමුදාවම අන්තර්ජාතිකව අවමානයට පත් කර ජිනීවා මර උගුලේ හිර කළ ෆොන්සේකා “දැන්වත් මගෙන් ප්‍රයෝජනයක් ගන්න.” කියූ සැනින් ඔහුව කරේ තබාගෙන යති අපේ බයියෝ.

    හැමදාම වාසි පැත්තට පැන පැන කෙසේ හෝ තමන්ගේ ජාම සරිකරගත් විජේදාස, පාර්ලිමේන්තුවේ මුජිබර්ට පාර්ට් එක දාපු නිසා දැන් ඔහුව කරේ තබාගෙන යති අපේ බයියෝ. රෙජීම් change ව්‍යාපෘතියේ ප්‍රධානම කාර්යභාරය කරමින් බයියන් දෙකට කැඩූ ගලගොඩඅත්තේ භික්ෂුව කරේ තබාගෙන යති අපේ බයියෝ.

    තමන්ගේම කකුලට වෙඩි තබාගන්නා බයියන්

    ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් පහර ගැසුවේ කතෝලිකයන්ටය. දුර දක්නා නුවණ ඇති අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ලාංකේය කතෝලික භක්තිකයන්ට සමාවෙන් ඉවසන ලෙස අවවාද කර කතෝලික-ඉස්ලාම් ආගමික ගැටුමක් ඇති වීම වළක්වාලීය. නමුත් අපේ බයියන් ටිකට නොවැ දැන් මුලග්ගාය හැදිලා තියෙන්නෙ.

    1983 දී LTTE ත්‍රස්තයන් විසින් යාපනයේදී සිදු කළ ප්‍රහාරය යොදා ගනිමින් ජේ ආර් විසින් සිංහල-දෙමළ කෝලාහලය සිදු කළාක් මෙන්, අද සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට මුස්ලිම් විරෝධී ප්‍රචාරයන් ආණ්ඩුවේම ඇතැම් අය විසින් සිදු කරයි. එක පැත්තකින් මුස්ලිම් ජනතාව කුපිත කරවයි. අනෙක් පැත්තෙන් ඉබේ ෆෝර්ම් වෙන බයියන් කුපිත කරවයි. බයියන්ව කුපිත කරවීම ඉතා පහසුය.

    දැන් තියෙන්නේ ගිනි කූරක් ගැසීමට පමණී. බයියන් එයට තවත් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඉස ඉතිරි ටික ලස්සනට කර දෙනු ඇත. BBC සහ CNN ඇතුළු විදෙස් මාධ්‍ය මුලසිටම ගෙතූ කතාව අපේ බයියන් උන්ගේ ඇස් පනාපිට ඇත්තක් කර දෙනු ඇත. සිංහල-බෞද්ධයා යනු දෙමළ, මුස්ලිම් මිනිසුන්ට පහරදෙන ම්ලේච්ඡ ජාතියක් ලෙස නැවත වතාවක් ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වනු ඇත. LTTE ත්‍රස්තානුකම්පිකයන් දත කට මැදගෙන ඉන්නේ ඒ ටික වෙනකල්ය.

    බකපණ්ඩිත බයියන්

    අපේ බයියන් නොදන්නා මගුලකුත් නැත. නමුත් දන්නා ඉටිගෙඩියකුත් නැත. ඔවුන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය මේ විනාශකාරී ආණ්ඩුව හෝ ත්‍රස්තවාදීන් හෝ නොව මුස්ලිම් ගැහැණුන්ගේ බුර්කාවයි. යම්කිසි මුස්ලිම් විද්වතුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත. මහින්ද මහතා හමුවීමට වැල නොකැඩී විවිධ අය එති. ඒ මනුස්සයා කාවවත් හරවා යවන්නේ නැත. මහින්ද යනු ජනරජයේ මෙතෙක් බිහි වූ වඩාත් ජනතාවාදී සහ වඩාත්ම සංවේදී නායකයාය.

    ඒ රැස්වීම අවසානයේ ඒ මුස්ලිම් පූජකවරයෙක් මාධ්‍යට දැක්වූ තම පෞද්ගලික අදහස් වලින් එකක් විතරක් අල්ලාගෙන “අන්න මහින්ද බුර්කා තහනම නැති කරනවා කියලා” කියමින් මහින්දට බනිති අපේ බයියෝ. මුලින්ම අපේ බයියන් දැනගත යුත්තේ කිසිදු බුර්කා තහනමක් පනවා නැති බවය. පනවා ඇත්තේ මුහුණ ආවරණය නොකරන ලෙසයි. අපේ බයියන්ට මෙන් ගෑණුන්ගේ ඇඳුම් ගැන කතා කර කර ඉන්න වෙලාවක් මහින්දට නැත. ඒ මනුස්සයා කතා කරන්නේ මේ වෙලාවේ සියලු ජනතාව ආරක්ෂා කරගන්නා ආකාරයයි.

    මෙවැනි ඔලමොට්ටල බයියන් රොත්තක් සමග ඒ මනුස්සයා අර මහා යුද්ධයකුත් කර, ආර්ථිකයත් සංවර්ධනය කර, ආරක්ෂාවත් තහවුරු කර දීම වෙනුවෙන් මහින්දට වෙනම තෑග්ගක් දිය යුතුය. අන්තිමට ඒ මනුස්සයගෙ පිටට පිහියෙන් ඇන්නේත් බයියෙක්ම නොවැ.

    ටොයියන් vs බයියන්

    ටොයියන් යනු බයියන්ට ඉඳුරා වෙනස් ජාතියකි. ඔවුන් කිසිදිනෙක කිසිම හේතුවක් නිසා එජාපයේ නායකයන්ට විරුද්ධ වන්නේ නැත. මොන වැරැද්ද කළත් ටොයියෝ ටොයියන්ව ආරක්ෂා කරති. ඔක්තෝම්බර් විප්ලවයේදී අගමැති නිලනිවස වටලාගෙන මාසයක් අල්ලාගෙන සිටියේ ටොයියන්ය. හදිසියේවත් එවැනි තත්ත්වයක් මහින්දට අත්වුණා නම් අපේ බයියෝ ගෙවල්වලට වී මහින්දට බැන බැන ඉන්නවා මිස ඔහු වෙනුවෙන් එන්නේ නැති බවට මෙන්න කැට.

    එදා මහින්දට වැඩිපුරම බැන්නෙත් ටොයියන්මය. “අපරාදේ.” “මොකටද ගත්තේ.” වගේ ගොන් කතා කිය කියා වැඩිපුරම රැඟුවේ අපේ බයියන්මය. එහෙම බැලුවම ඇත්තටම බයියන්ට “වහලුන්” යැයි කීම උචිත නොවේ. ටොයියන් නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වහලුන්ය. තම මාස්ටර්ව කිසිදාක ඔවුන් අත්හරින්නේ නැත.

    එමෙන්ම ටොයියන් යනු ලෙහෙසියෙන් රැවටිය නොහැකි කපටියන්ය. රනිල් කියන්නේ පට්ටපල් බොරු බව දැන දැනත් ඔවුන් ඒවා ඇත්ත ලෙස පිළිගනී. ඒවා ඇත්ත ලෙසට අපේ බයියන්ට කෙසේ හෝ ඔප්පු කරත් පෙන්වයි. බයියොත් ඒවා පිළිගනිති. 19 වැනි සංශෝධනය යනු මහා වැරැද්දක් බව ටොයියන් නොදැන සිටියා නොවේ. නමුත් මැරුවත් එය වැරදි යැයි ඔවුන් පිළිගන්නේ නැත.

    දැනට ඇති. බයියො ගැන පොතක් ලියන්න පුළුවන්.

    copied
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    The most stupid and incorrect political analysis I ever read in my life. Bayyo and toyya are not different at all. Both are gullible . The only difference is whose lies they believe in .( BTW UNP is not liberal)

    " ඔක්තෝම්බර් විප්ලවයේදී අගමැති නිලනිවස වටලාගෙන මාසයක් අල්ලාගෙන සිටියේ ටොයියන්ය. හදිසියේවත් එවැනි තත්ත්වයක් මහින්දට අත්වුණා නම් අපේ බයියෝ ගෙවල්වලට වී මහින්දට බැන බැන ඉන්නවා මිස ඔහු වෙනුවෙන් එන්නේ නැති බවට මෙන්න කැට."

    :lol: :lol: :lol: the writer must be from out of the solar system to write something like this.
     
    • Like
    Reactions: ComanMan and shenat