අපිට රට පෙරළන්න ඕනෙ නෑ..
මීට විනාඩි කිහිපයකට පෙර ලත් හදිසි තොරතුරක් මත මගේ කාර්යය මණ්ඩලයේ මාධ්‍යවේදීන් වන ප්‍රභාත් මාතරගේ,යසිත බාලසූරිය සහ රුවන් හෙට්ටිගොඩ සමග හනි හනික කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලට ගියෙමි.
පොලිස් බලඇණි කිහිපයක් විශාල සෙබළුන් පිරිසක් ද සමග එහි වූ අතර කැරළි මර්දන ඒකකය මෙන් ම ජල ප්‍රහාරක ඒකකයේ රථ හතරක් ද එහි විය. මුළු ප්‍රදේශය ම මහා වැස්සක් වට කළ මෙන් ජලයෙන් තෙමී පෙඟී තිබිණි.
පොලිස් කොස්තාපල්වරුන් මෙන් ම නිලධාරීන් රැසකි. රථවාහන ඒකකයේ නිලධාරීන් ද රැසකි.
එහෙත්,ජලයෙන් පෙඟී කපුටන් මෙන් තෙතබරිත වී පයේ පාවහන් හෝ නොමැති තරුණන් වූයේ විසි පහකට හෝ තිහකට ආසන්න පිරිසක් පමණි. මා පෙර කී සමස්ත පොලිස් ශක්තිය ඔවුන් මර්දනයට බැව් පෙනිණි.
''...අපිට රට පෙරළන්න ඕනෙ නෑ..අවුට් වෙන්න තව මාස දෙකයි..එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම කරන්නේ?අපිට ඕනේ ඉක්මණට මේකෙන් එළියට එන්න..අපේ අහිංසක අම්මලා තාත්තලාගේ දුක් නිවන්න..''එක් තරුණයෙක් දිවෙන රථවාහන මැදට පැන මොර ගායි..
ඔහු අප දෙස බලයි..ඒ පැනය පෙරළා අපෙන් ද විමසයි..කුමක් කියන්න ද?මම මුනිවත රැකීමි.මට එහෙම වුණානම්...මට සිතිණි..
සටහන- තිළිනි අතුකෝරල (Asian Mirror (pvt) ltd)
ඡායාරූපය - යසිත බාලසූරිය
Me 4to tikath Balalama Yanna
ගත්තෙ බුකියෙන්