චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ධූරයෙන් ඉවත්ව යනවිට ජනාධීපති වරයා සතුව තිබූ රුපියල් තුන්කෝටි නව ලක්ෂයක (රු. 30,900,000) වාහන සංචිතය පසුගිය වසර අවසාන වනවිට රුපියල් තුන්සිය හතලිස්කෝටි හයලක්ෂය (රු. 3,400,600,000) දක්වා ඉහළ දමාගන ඇත.
විශේෂයෙන්ම ත්‍රස්තවාදය අවසන්කර ඇති අවස්ථාවක වෙඩි නොවදින වාහන මිලදීගැනීමේ අවශ්‍යතාවයක් නොමැතිව තිබියදී පසුගිය වසර තුළ රුපියල් තිස් එක් කෝටි පනස් තුන් ලක්ෂ පනස් හතරදහසක් (රු. 315,354,000) වටිනා වාහන මිලදීගෙන ඇත.
මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගෙවී ගිය වසර අටක පාලන කාලය තුල මිලදීගෙන ඇති වාහනවල වටිනාකම රුපියල් තුන්සිය හතලස් එක්කෝටිය ඉක්මවයි. මෙය 11005% ඉහළ යාමක්ය.
මුදල් අමාත්‍යංශයේ 2013 වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය වේ.
- lankatruth.com


