අපිත් එළවලු මස් මාළු තෝරමු

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අපිත් එළවලු මස් මාළු තෝරමු

    ගොඩක් වෙලාවට අපි එළවලු මස් මාළු මිලදී ගන්නකොට කඩේ මුදලාලි මත විශ්වාසය තියමින් ඔහු කියනා දේ ගැන සිතමින් බඩු මිලදී ගන්න අපි මැලි වෙන්නේ නැහැ. ඒත් ඔබ මේ දේවල් දැනගෙන සිටියොත් ඔබට ඊළඟ වතාවේ බඩු ගන්නකොට තත්වයෙන් හොඳ එළවලු මස් මාළු මිලදී ගන්නට හැකිවේවි.

    1. මිලදී ගැනීමේදී

    veg-01-768x403.jpg


    අපි එළවලු පලතුරු මිලදී ගන්න වෙලාවක් කලාවන් නැති වුනාට ඒකටත් වෙනම වෙලාවක් තියාගන්න එක හොඳයි. නිදසුනක් විදිහට ගොඩක් වෙලාවට එළවලු උදේට ගිහින් ගන්න පුළුවන් නම් නැවුම් එළවලු පලතුරු මිලදී ගන්න අවස්තාව ලැබෙනවා.
    හැබැයි අපි මිලදී ගන්නේ සති පොළකින් හෝ ආර්ථික මධ්‍යස්ථානයකින් නම් මේ තත්ත්වය වෙනස්. පුලුවන්නම් පාන්දර හෝ කලින් දින රාත්‍රියට යන්න. එතකොට තමා ලොරි වලින් ඇවිත් තොග ගෙනත් බාන්නේ., මේ බව දන්නා අනික් ගැනුම් කරුවොත් එතෙන්ට ඇවිල්ල සිටින නිසා වෙළඳාම එවෙලේම පටන් ගන්නවා. ඔබ වාසනාවන්තයි නම් මේ වගේ වෙලාවට තොග මිලටම ඔබේ එලවලුත් මිලදී ගන්න බැරි වෙන එකක් නැහැ.

    2. බණ්ඩක්කා

    veg-02-768x403.jpg


    මිලදී ගන්න කලින් නැටි අගින් පොඩ්ඩක් කඩා බලන්න, එවිට එය එකවරම කැඩෙනවා නම් මෝරලා නැති බව අපිට දැනගන්නට පුළුවන්, කරල් මෝරලා නම් එසේ නැවුවිට කැඩෙන්නේ නැහැ.

    3. අල වර්ග

    veg-03-768x403.jpg


    අල වර්ග මිලදී ගන්නකොට පොඩ්ඩක් ඒ අල වර්ග වල දිය ගතියක් තියෙනවාදැයි බලන්න. එසේ තියනවා නම් බොහෝ වෙලාවට ඒවා ඉක්මනින් නරක වෙන අතර එසේ වන්නේ වැස්සට හෝ ගංවතුරකට හසුවූ අස්වැන්න බව මතක තබා ගන්න. අල ස්වභාවයේන් ම වියලි විය යුතුයි.
    අල මිලදී ගන්නවා නම් ඉන්දියානු අල වලට වඩා ලංකාවේ අල රසින් සහ ගුණයෙන් වැඩි බවත් මතක තබා ගන්න.

    4. වම්බටු

    veg-04-768x403.jpg


    ඔබ ගන්නා වම්බටු කරල් වල තැනින් තැන හිල් තියෙනවා නම් මිලදී ගන්නකොට දෙපාරක් හිතන්න. ඒ වම්බටු වලට පනුවෝ ගහලා තියෙන්න පුළුවන්.

    5. කැරට්

    veg-05-768x403.jpg


    කැරට් ගන්නා විට ඒවා මඳක් නැවෙනවා නම් ගන්න එපා. දිලිසෙමින් තියෙන නැවුම් පෙනුමක් අනිවාර්යයෙන් කැරට් වලට තිබිය යුතු මයි.

    6. මාළු මිරිස්

    veg-06-768x403.jpg


    අව පහ ගන්වෙලා තියෙනවා නම් ගන්න එපා.
    මාළු මිරිස් මිලදී ගන්නකොට සිහින් දිගු මාළු මිරිස් සැරෙන් වැඩි අතර මහත කුඩා ප්‍රමාණයේ මාළු මිරිස් සැර අඩු බව මතක තබා ගන්න. වෙළඳ මහතාගෙන් විමසා ඔබට අවශ්‍ය කුමක්දැයි ඉල්ලා සිටින්න.

    7. කොළ වර්ග (කංකුන්, නිවිති, ගොටුකොල, මුකුණුවැන්න, සාරණ, කතුරු මුරුංගා)

    veg-07-768x403.jpg


    කොළ වර්ග මිලදී ගන්නා විට ඔබ ඒවා මැලවී ඇතිදැයි හොඳින් බලන්න. එසේනම් ඒවා කලින් දවසේ හෝ අධික රස්නයකට නිරාවරණය වූ ඒවා විය හැකියි. හොඳින් නැවුම් ගතියෙන් යුතු කොළ මිටි මිලදී ගෙන ආහාරයට ගන්නා තුරු ශීතකරණයක නොදා වතුර මඳක් පිරවූ භාජනයක බහා තබන්න.

    8. කැකිරි, පිපිඤඤා සහ වට්ටක්කා

    veg-08-768x403.jpg


    මේවා මිලදී ගන්න විට කෑලි වශයෙන් මිලදී ගන්නේ නැතුව කෙලින්ම ගෙඩිය පිටින්ම මිලදී ගන්නට පුලුවන්නම්, ගොඩක් වාසි වේවි. කෑලි කපා මිලදී ගන්න විට අවට වාතයේ ඇති විෂබීජ/ අපද්‍රව්‍ය ගෑවෙන්නට හෝ ඇතුළු වෙන්නට ඇති හැකියාව ඉහල නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
    9. පොලොස්

    veg-09-768x403.jpg


    ඔබ පොලොස් මිලදී ගන්නකොට ඔබ ගන්නා ගෙඩියේ කටුව කළු වී ඇතිනම් ගන්න එපා. ඒවා නරක වෙන්නට ආරම්භ වී ඇති බව කියන්න නිමිත්තකුයි ඒ .

    10. මස් වර්ග

    veg-10-768x403.jpg


    ග්‍රොසරි කඩ වලින් මිලදී ගන්නේ නැතුව ෆාම් ශොප්ස් වලින්ම ගන්න පුලුවන්නම් අයිස් නැති අලුත් මස් මිලදී ගන්න පුළුවන්. සමහර ග්‍රොසරි කඩ වල අධිශීතකරණයේ ඇති මස් වර්ග බර වැඩි වෙන්නේ අයිස් නිසා තමයි. තව දෙයක් තියෙනවා ඔබ දන්නවද මස් වර්ග වල මේදය තැම්පත් වෙලා තියෙන්නේ සම මතුපිට බව? ඒ නිසා ඔබ මස් තෝරන විට මතුපිට සම රහිත එසේත් නැතිනම් skinless මස් තෝරන එක සෞඛ්‍ය අතින් ඔබට වාසිදායක වෙනවා. හැම විටම එළුමස්, ගව මස් සහ ඌරු මස් මිලදී ගන්න විට හැම විටම වගකීමක් ඇති තැනකින් (ෆුඩ් සිටි, ආපිකෝ සුපර් මාර්කට්ස් හෝ අනුමත මීට් ශෝප්ස්) ගන්න එක ඔබව රැවටෙන්නට තියෙන ඉඩ දශමයකින් හෝ අඩු කරාවි.

    11. මාළු

    veg-11-768x403.jpg


    මිලදී ගන්නකොට අමුතු ගඳක් ඇති නම් ගන්න එපා. ඒ වගේම කරමල් රතු පැහැති නම් ඒවා මිලදී ගන්න. සුදු වී ඇති නම් ඒවා මිලදී ගන්න එපා. අනික තමා නරක් වෙමින් පවතින මාළු වලට නිල මැස්සෝ වහනවා. මිලදී ගන්න කලින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
    ඔබ පාරේ ගමන් කරන විට, පාර අයිනේ මුහුදු දැල් වල පටලලා මාළු විකුණන්න තියෙනවා සමහර විට ඔබ දැකලා ඇති. ඔවුන් කියන්නේ මේ දැන් අල්ලපු මාළු කියලයි, ඔවුන් තරාදියට මාළු දානකොටත් දාන්නේ මාලුදැලෙන් පැටලිලා ඇති මාළු ඉවත් කරගෙන. මේ මාළු ගන්න එපා. දිගු කාලයක් අවට වාතයට නිරාවරණය වී තිබීම නිසා මේ මාළු ආසාදනයට ලක්වී තියෙන්නට පුළුවන් ඒ වගේම මේ මාළු ඇත්තටම දැලේ පැටලුනු මාළු නෙවෙයි, එය අප ගමනේ යෙදෙන විට අපව ආකාර්ශනය කරන්නට යොදා ඇති බොහොම දුර්වල වෙළඳ උපක්‍රමයක් පමණයි.

    12. ඉස්සෝ

    veg-12-768x403.jpg


    ඔබට කලපු ඉස්සන් මිලදී ගන්නට පුළුවන් නම් බොහොම වාසි දායකයි. ඒ මොකද ඔවුන් ඉතාම විශාලයි. ඒ වගේම ඔබ පිසින ආහාරය ඉතා රසවත්ව උයා ගන්නට මේ ඉස්සන් ගෙන් පුළුවන්, තවද මේ ඉස්සා හඳුනා ගන්න හරිම ලේසියි. අනෙක් සාමාන්‍ය ප්‍රමාණයේ ඉස්සන්ට වඩා ප්‍රමාණයෙන් මේ කලපු ඉස්සන් විශාලයි.
    කඩවල් වල ඇති වෙලුනු ඉස්සන් සහ කුනිස්සන් කියන්නේ මේ ඉස්සන් වර්ග වලම කුඩා සහ වේලපු ඉස්සන් වර්ග. ඔබ මිලදී ගන්නා විට කඩේ මුදලාලි ගෙන් හෝ සමහර විට ඔබම හෝ ඒ ඉස්සන් වියලි තත්වයේ පවතිනවද කියලා බලලා මිලදී ගන්න. එහෙම නැති නම් ඒ ඉස්සන් වැස්සට නිරාවරණය වී ජලය හොඳින් වේලි නැතිව පෙට්ටි වලම තැම්බිලා ගිය ඉස්සන් වෙන්නට ගොඩක් ඉඩ තියෙනවා.


    http://www.aniwa.lk/2016/06/21/12-tips-to-pick-the-best-veges-fish-meat-for-your-family/