අපිපොල් වලිනුත් ලෝකේන්ම එක

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අප නැවතත් ලෝකෙට ලොක්කා වී තිබේ. රටවල් 142 ක් සම්බන්ධ කරගනිමින් 2020 වසරේදී ප‍්‍රසිද්ධියට පත්කළ වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම පොල් කන මිනිසුන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේය. වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය කිලෝග‍්‍රෑම් 72.5 ක් වශයෙන් එහි සඳහන්ව තිබුණි. දෙවැනියට ෆීජි දූපත් ඇති අතර තුන්වෙනියා වන්නේ ගයනාවයි. මෙහි ඇති අපූර්වත්වය වන්නේ ගයනාවේ පරිභෝජනය ලෝකයේ තුන්වෙනි තැන ගත්තද, එහි වාර්ෂික ඒකපුද්ගල පරිභෝජනය කිලෝග‍්‍රෑම් 30 ක් වැනි අඩු අගයක් ගැනීම වේ. අනෙක් රටවල් 139 ක්ම සිටින්නේ මෙයට වඩා පහළිනි. ලාංකික අනුභවය මේ සමග සසඳන්නේ නම් දැන් කිවහැකි වන්නේ ලෝකයේ තුන්වෙනි පොල් පාරිභෝජකයා කන ප‍්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා බරක්, පළවෙනියා වන අප විසින් අනුභව කරනා බවය. හදිසියේ කඩා පාත්වූ කොරෝනා වසංගතය හමුවේ රටවැසියාගේ සිතුම් පැතුම් පමණක් නොව හැසිරීම පවා ලොකුවට වෙනස්වී ඇති අද වැනි දවසක මේ සංඛ්‍යාලේඛනයන් එලෙසම වලංගුදැයි නිශ්චිතව පැවසීම සැක සහිත නමුත්, කොරෝනාවේ බලපෑම පසෙකින් තැබුවද වර්තමානයේ පවතින පොල් මිල හේතුවෙන් ද යම් තරමක පරිභෝජන බිඳවැටීමක් සිදුව ඇති බව නම් ස්ථිරය. අප එසේ කියන්නේ පොල් ගෙඩියේ සිල්ලර මිල ඉලක්කම් තුනක රුපියල් අගයක් පසුකර ඇති නිසාත්, පොල්තෙල් බෝතලයක් ඉලක්කම් හතරක අගයක් පසුකරන්නට දත කට මැදගෙන සැරසී සිටිනා නිසාත්ය.
    ”ලංකාවේ මිනිසුන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 20% ක් දක්වා ප‍්‍රමාණයක් පොල් නිසා ලැබෙනවා. පොල් ගෙඩියේ මිල වැඩිවීමෙන් සිදුවෙන පොල් භාවිතයේ අඩුවීම නිසා ශ‍්‍රී ලාංකික පෝෂණ තුලිතතාවයේ සැලකිය යුතු වෙනසක් මේ නිසා සිදුවෙන්න පුළුවන්. අපි කොහොමද මේ තත්ත්වය සමනය කරගන්නේ. දැනට පුරුදුවෙලා තිබෙන සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ට වඩා වෙනස් විධියකට පොල්වල තිබෙන පෝෂණ පදාර්ථයන් උකහා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ වගේම පොල් නිෂ්පාදන ශරීරයට වඩාත් ගුණදායී ලෙස නිවසේදීම පිළියෙල කරගන්නා ක‍්‍රමවේදයන් පිළිබඳ කරුණු අවබෝධ කරගත යුතුයි. නිරෝගී දිවිපෙවෙතකට අවශ්‍ය ආහාරයේ ගුණාත්මය තහවුරු කරගැනීමේ වගකීම ඇත්තේ පාරිභෝගිකයාටම බව අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා තමා මිලදී ගන්නේ මොනවාද, අනුභව කරන්නේ මොනවාද, කොහොමද කියන කරුණු තීරණය කිරීමත් ක‍්‍රියාත්මක කිරීමත් ජනතාවගේ වගකීම. අපි කරන්නේ සමාජයට පිළිගත හැකි ආකාරයට විද්‍යාත්මකව ඒවා පෙන්වාදීම පමණයි.”
    එසේ පවසන්නේ සම්මානිත මහාචාර්ය උපාලි සමරජීව ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය වෙනුවෙන් ආහාර තාක්ෂණ අංශයක්ද, ඒ ඇසුරෙන් උපාධි පාඨමාලාවක්ද ආරම්භ කළ හෙතෙම මේ වනවිට විශ‍්‍රාම ලබා ජීවත්වන්නේ කැනඩාවේ ය. එහෙත් ඔහුට පොල් සම්බෝලය අමතක නැත. ගොනුන් බැඳි සෙක්කුවේ දමා කොප්පරා අඹරා තෙල් හිඳි ආකාරය තවමත් හොඳට මතකය. තම ගවේෂණයන් තුළින් නිස්සාරණය කරගත් දැනුමේ හරය ඇසුරෙන්, දිලිසෙන පොල් කැබැල්ල ඔස්සේ ලාංකිකයාගේ බත්පතෙහි හැඩරුව සුසර කරන්නට හෙතෙම උත්සාහ ගන්නේ ජනතාව නොදකින ගුණාංගයන් පවා පෙන්වා දෙමිනි. ඔහු වාර්තා කරන ආකාරයට හිරමනයේ ගාන ලද පොල් වල 44% ක්ම ඇත්තේ තෙතමනයයි. 38% ක් තෙල්, 10% ක් පිෂ්ඨ ද්‍රව්‍යය හා 3.6% ක් ප්‍රෝටීන් අන්තර්ගත වේ. ජලය හැරුණුවිට මේ කියනලද අනෙකුත් ඒවා තුලිත ආහාරයක තිබිය යුතුම අත්‍යවශ්‍ය සංඝටකයන්ය. එහෙත් අපගේ පොල් අනුභවකිරීමේ ක‍්‍රමවේදයන් හරහා මින් සැලකිය යුතු කොටසක් අපතේ යන බවද පෙන්වා දෙන ඔහු පොල් සම්බෝලය හෝ මැල්ලූම හැරුණුවිට අන් බොහෝ ව්‍යංජන පිළියෙළ කිරීමේදී මෙම අඩුපාඩුව අප අතින් සිදුවෙන බව සඳහන් කරයි.
    ”අතින් මිරිකූ පොල්කිරි තුළ 85% ක් විතරම තියෙන්නේ වතුර. 10% ක් තෙල්, 4% ක් පිෂ්ඨ ද්‍රව්‍ය සහ 2% ක් පමණ ප්‍රෝටීනත් තියනවා. හැබැයි සෑහෙන පෝෂ්‍ය ද්‍රව්‍ය ප‍්‍රමාණයක් අපි අපතේ යවනවා පොල්කුඩු තුළ රැඳි ද්‍රව්‍ය වශයෙන්. පැරණි උදවිය නම් මේ ටික නැවතත් මිරිස් ගලේ තියල අඹරලා තව සැරයක් පොල්කිරි හදන්න ගත්තා. ඒත් දැන් ගෘහණියට ඒකට වෙලාවක් නෑ, බොහොමයක් තැන්වල මිරිස් ගලූත් නෑ.”
    මහාචාර්යවරයාගේ නෝක්කාඩුවට උත්තර බඳින්නට, කුස්සියක් අහිමි නිවසේ පෑන්ටි‍්‍රය තුළට මේ වනවිට බ්ලෙන්ඩරය පැමිණ තිබේ. ගෘහණිය දැන් පොල් මිරිකන්නේ බ්ලෙන්ඩරයේ දමාගෙනය. අනතුරුව මිශ‍්‍රණය පෙරහනකට හලා කිරි ටික පමණක් බේරා ගන්නීය. ඒ සඳහා මිශ‍්‍රණය අතින් මිරිකද්දී ඇඟිලි අතරින් පැනයන තරමට සිහින් වනසේ මිශ‍්‍රණය ඇඹරී ඇති බවත් ඇයට නොදැනෙනවාද නොවේ. සීරුමාරු කළ යුත්තේ මෙතැනයි. තව සුළුවෙලාවක් ඉදිරියට ඇඹරුවේ නම් සියල්ල මනාව ඇඹරී ගොස් උකු දියරයක් බවට මේ මිශ‍්‍රණය පත්වෙනවා ඇත. මිශ‍්‍රණයට ලූණු ස්වල්පයක් එක්කර අඹරුවේ නම් අතිරේක ප්‍රෝටීන ප‍්‍රමාණයකුත් පොල්වලින් ඉවත් කරගෙන ජලය හා මුසුකරගැනීමට හැකිවීමද අතිරේක වාසියකි. පොල් තුළ අන්තර්ගත සියලූ පෝෂ්‍ය පදාර්ථයන් මෙම අවසන් මිශ‍්‍රණයේ අන්තර්ගතවන අතර, දැන් කළ යුත්තේ මින් ස්වල්පයක් දමා ව්‍යාංජනය පිස ගැනීමයි. නිමැවුම වඩාත් රසවත් බවත්, පොල් වැයවීම අවම නිසා ක‍්‍රමය වඩාත් වාසිදායක බවත්, අත්දැකීම ලද කීප දෙනෙක්ම මා හා පවසන්නට යෙදුනි. ඔවුනගේ පියවි ඇසට නොපෙනුනත්, පෝෂණීය අගය පැත්තෙනුත් මෙසේ පිසින ලද ආහාරයේ වටිනාකම තවත් වැඩි බව දන්නා අප නිහඬව සතුටු විය යුතුවේ.
    නව පරපුරට අරුමයක් සේ පෙනුනත්, පැරණි සූපවේදය තුළ නම් මෙවැනි වට්ටෝරු ඇතිතරම් අඩංගු වූ බව මා හට මතක් කර දුන්නේ කලකට ඉහතදී යහමින් ගොවි කාන්තා වැඩසටහන් මෙහෙයවූ දැනට විශ‍්‍රාමික කෘෂිකර්ම උපදේශිකාවක් වූ යසෝමැණිකේ විමලරත්නයි. ඇය පවසා සිටියේ ‘නියඹලා’ නමැති වට්ටෝරුවක් ගැනය. තම දරුපැටියන්ට එළවළුත් එක්ක බත් කටක් කවාගැනීම, රූප පෙට්ටියේ දඟලන තරුණ අම්මලාට වර්තමානයේදී නම් ලොකු ට‍්‍රබල් එකක් වුවත්, අර්බුදය සමනය කරගැන්මට පුංචිපහේ කැටයක් එහෙමත් අවශ්‍ය බව අපට පවසා සිටියත්, මිරිස් ගලේ පොල් අඹරා සෑදූ ‘නියඹලාව’ හමුවේ දරුවන් තලූගැසූ හඬ යසෝමැණිකේ මහත්මිය නිහඬවම සිහිපත් කළාය. අමු දිවුල් ගෙඩි දෙකට පලා හිරමනයෙන් ගාගෙන තැම්බූ මදයට, මිරිස් ගලේ ඇඹරූ පොල් හා අනෙක් කළමනා එකතුකර පිසගත් ‘දිවුල් නියඹලාව’ ගැනත්, අනුරාධපුරය පැත්තේ පැරණි ගොවි ගෙදරකින් කෑමට ලැබුණු ‘තල නියඹලා’ වේ සුවඳත් මතක්වී ඇය යුහුසුළුව තොල්පට තෙත් කරගත්තාය.
    පොල් අනුභවය එලෙසින් විධිමත් කරන්නට යෝජනා ඉදිරිපත් කරන අප, පොල්තෙල් ගැනත් යමක් නොකිවහොත් බලවත් අඩුපාඩුවකි. පසුගිය සියවසෙහි දෙවන භාගයේදී විදේශයන්හි ගොඩගැසුණු සෝයාතෙල් අතිරික්තය විකුණා ගැනීමට යෙදූ උපක‍්‍රමයක් ලෙසින් පොල්තෙලෙහි අගුණ ගායනාව විදෙස් රටවල මූලිකත්වයෙන් තැන තැන ආරම්භ වුණි. පොල්තෙල් තුළ සංතෘප්ත මේද අම්ල 90% කටත් වඩා පැවතීම සත්ව තෙලට ලංවීමක් සේ පෙන්වාදුන් මේ ව්‍යාපාරික කපටියන් විසින් සත්ව තෙල් වල තිබෙනා කොලෙස්ටරෝල් ලේබලය ද පොල් තෙල් බෝතලය මත අලවමින් ජනතාව බය කරන ලදී. කොලෙස්ටරෝල් යනු සත්ව සිරුරේ තිබෙනා සංයෝගයක් බවත්, ශාක දේහයන් තුළ මේවා නැති බවත් මෙරට සිටිනා ඇතැම් උගතුන්ටවත් තේරුම් ගියේ නැත. ප‍්‍රමාදවී හෝ යථාර්ථය තේරුම්ගත් ජනතාව හමුවේ මෙම විපරිත මතවාද පතුරුවන්නන් ඊළඟට ප‍්‍රචාරය කර හැරියේ පොල්තෙල් තුළ කොලෙස්ටරෝල් නැති බවත්, මිනිස් සිරුර තුළ එය නිපදවීමේ ආරම්භක ද්‍රව්‍යයක් ලෙස හැසිරිය හැකි සංයෝගයන් පොල්තෙල් දරනා බවත්ය. ජනතාව තවත් බයවී පන්සල් යනවිට පමණක් පොල්තෙල් බෝතලය අතට ගන්නට පුරුදු විය. මෙයට සමපාතව පිටරටින් ගෙනෙනා විවිධාකාර ආහාර පිසීමේ තෙල් වර්ග අලෙවිය ඉහළ නැංවුනි. පොල් පවුලේම
    කෙනෙකුගෙන් සිඳගන්නා කටුපොල් තෙල් (පාම් ඔයිල්* වලට පවා එළවළු තෙල් යන අනවර්ථ නාමයක් යොදා සමාජය තුළට මුදා හැරුණි. නොදන්නා උදවිය මුලාවීමේ වරදක් නැත. දන්නා උදවියවත් කතා කෙරුවේ නැත. ඒ අපේ රටේ ස්වභාවයයි. තවමත් සමාජය මේ බව හරියට දන්නේ නැති බව පෙනෙන්නේ අලෙවියට තබා ඇති ශාක තෙල් බෝතල් ලේබල්වල
    ”කොලෙස්ටරෝල් නැත” යනුවෙන් මුද්‍රණය කර තිබීමෙනි. 90% කට වඩා වැඩියෙන් සංතෘප්ත මේද අම්ල තිබුණත් ඉන් වැඩි හරියක් සත්ව තෙල්වල තිබෙන්නාක් මෙන් දිගු දාම සහිත ඒවා නොවේ. පොල්තෙල්වල තිබෙන සංතෘප්ත මේද අම්ලවල ඇත්තේ මධ්‍යම හා කෙටි ප‍්‍රමාණයේ දාමයන්ය. මේවා පහසුවෙන් සිරුරට උරාගන්නා අතර රෝගකාරී ලෙස ඇඟ තුළ ගබඩා වන්නේද නැත. එවන් තෙලක් ලාංකික ආහාර සලාකයේ ශක්ති නිෂ්පාදක ප‍්‍රභවයක් වී තිබීම පවා සොබදහමෙන් අප ලැබූ වරප‍්‍රසාදයකි.
    ”තෙල් හිඳින්න භාවිතා කරන්නේ දුම්ගසා හෝ අව්වේ වේලපු කොප්පරානේ. පොල් වේලූවහම තෙල් හිඳින්නත් පහසුයි, කල් තියා ගන්නත් පුළුවන්. නමුත් ප‍්‍රශ්නේ තියෙන්නේ හරියට වේලූනේ නැතිනම් පුස් හැදෙනවා. පොල් මදයේ හැදෙන මේ පුස්, දවස් 3 කින් පමණ කහපාට වෙලා සතියක් වෙත්දී කොළපාටට හැරෙනවා. මේ පුස් වර්ග තමයි අස්පර්ජිලස් ෆ්ලේවස් (Aspergillus flavus) හෝ අස්පර්ජිලස් පැරසිටිකස් (Aspergillus parasiticus) මේවයින් හැදෙනවා ඇෆ්ලටොක්සින් කියල විෂ ද්‍රව්‍යයක්. අක්මාවේ පිළිකා හදන්න එය මුල් වෙන්න පුළුවන්. පොල්තෙල් රත් කෙරුවාට මේ විෂ විනාශ වෙන්නෙත් නෑ.”
    ලෝකයේ තිබෙනා බරපතල ‘පොල් රෝග‘ මෙරටට පැමිණිය හැකියයි නිලධාරීන් විසින් අනතුරු හඟවත්දී පවා පාලකයින් පසුගිය සමයේදී උත්සාහ දැරුවේ පොල් මිල අඩුකිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පොල් ගෙනෙන්නටය. නිරෝධායන පනත නිසා එය කරන්නට බැරියයි පවසා නිලධාරීන් ඉවත බලාගන්නට උත්සාහ දරත්දීත් ඇතැම් පාලකයින් කියනු ඇසුනේ පනත වෙනස් කර හෝ පොල් රැුගෙන ආ යුතු බවය. ගොඩබානා පොල් තොගවලට පීසීආර් කර රට තුළට වැද්දගැනීමට යෝජනා සම්මත නොවුනේ ඒ කාලයේදී අදමෙන් දිව අගිස්සේ පීසීආර් වචනය නොතිබුණ නිසා විය හැකිය. කනගාටුවට කරුණක් වන්නේ ඉතිහාසයේ නොවූවිරූ ආකාරයකට පොල් මිල මෙසේ ඉහළ යන පරිසරයක් තුළ හිඳිමින් පවා, තිබෙන පොල් ටිකවත් අපතේ නොයවා භාවිතා කරන අයුරු කියා දෙන්නට දැනුම් තේරුම් ඇත්තන් වුවද පෙන්වන හෝන්දුමාන්දු ස්වභාවයයි. මහාචාර්ය සමරජීව පවසන දෑ විමසිල්ලෙන් බලන අපට පෙනීයන්නේ නාගරිකයා පොල් තුළ අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් පරිහරණයේදී අපතේ යවන අතරවාරයේ, ගම්බද වැසියන්ගේ දෛනික ආහාර වේලට අපිරිසිදු පොල්තෙල් හරහා නැවත සිතා බැලිය යුතු තරමින් ‘වසවිස’ එකතුවෙන බවකි. ග‍්‍රාමීය මට්ටමෙන් පවත්වාගෙන යන කුඩා පරිමාණයේ මෝල්වල හිඳින තෙල්වලට මේ වසවිස එකතුවීමේ ප‍්‍රවනතාවය වැඩිය. ගමේ ගොඬේ වේලන කොප්පරාවල පුස් අන්තර්ගතයත්, ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණයත් අධිකව වාර්තාවී තිබේ. මේ නිසා ‘වසවිස‘ නැති ආහාර සොයමින් නාගරිකයා තරමට හති දමමින් දුවන්නේ නැති පිටිසරයා වුවද, දන්නෙම නැතුව පිළිකා කාරකයන්ට නිරාවරණය වන්නේය. ඇති පමණට වසවිස වළඳන සිදාදියේ උදවිය නම් මෙතැනදී යම් තරමක ආරක්ෂාවක් සලසාගෙන තිබේ. මන්දයත් ඔවුන් වැඩිපුර මිලදී ගන්නේ බෝතල් තුළ අසුරා වෙළඳ නාමයක් සහිතව අලෙවිකරණ පොල්තෙල් නිසාය. සැලකිලිමත් වන්නේ නම් එතැනදී ඔවුනට ප‍්‍රමිති සහතිකය ගැන සොයාබැලීමට අවස්ථාව තිබේ. කිසිදු ලේබලයක් නොමැතිව, තෙලෙහි ගිලී
    මියගිය කැරපොත්තන් දෙතුන් දෙනෙක්ද සහිතව, ගමේ කඬේ මුල්ලක තබා ඇති බූලියෙන් පොල්තෙල් කාලක්, බාගයක් ගෙදර ගෙනියන ගැමියාට අනතුර අත වනන්නේ මේ ආකාරයටය.


    * සනත් එම්. බණ්ඩාර
    https://divaina.com/.../vishesh.../16803-2021-02-24-09-20-75
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පොල් කියන්නෙ හොද කෑමක්... මෙන්න කනවා නම් කෑම

    පොල් සම්බල් එක්ක බත් / කලින් දවසෙ හොදි පොඩ්ඩක් තිබ්බා නම් ඉතින්
    පොල් සම්බල් බත් එක්ක මාමයිට් පොඩ්ඩක්
    පොල් සම්බල් එක්ක පරිප්පු සහ බත්
    පොල් සම්බල් එක්ක අල තෙල් දාලා වම්බටු තෙල් දාලා
    පොල් සම්බල් එක්ක පාන් සහ කලින් දවසෙ හොදි.
    පොල් සම්බල් පාන් එක්ක ඌරු මස් කරිය

    ඕවා තමා ඉතින් රජ බොජුන්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    පොල් සම්බෝලයක් තරන් ආතල් කෑමක් තවත් නෑ ඉතින්
    අපෙ ගෙදර උදෙට සම්බොලෙ නැත්තෙ කිරිබත් හදන දවසට විතරයි
    සිරාවට ආසම කෑම.. 😍😍😍

    පොල් කියන්නෙ හොද කෑමක්... මෙන්න කනවා නම් කෑම

    පොල් සම්බල් එක්ක බත් / කලින් දවසෙ හොදි පොඩ්ඩක් තිබ්බා නම් ඉතින්
    පොල් සම්බල් බත් එක්ක මාමයිට් පොඩ්ඩක්
    පොල් සම්බල් එක්ක පරිප්පු සහ බත්
    පොල් සම්බල් එක්ක අල තෙල් දාලා වම්බටු තෙල් දාලා
    පොල් සම්බල් එක්ක පාන් සහ කලින් දවසෙ හොදි.
    පොල් සම්බල් පාන් එක්ක ඌරු මස් කරිය

    ඕවා තමා ඉතින් රජ බොජුන්..

    අම්මෝ කටට කෙළ උනනවා.. 😍😍😍😍
    ------ Post added on Mar 8, 2021 at 3:49 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කොරෝන වලින් ලෝකෙම එක උනා විතරයි.

    එකත් @N A K A M U R A වගේ එවුන්ට පින් සිද්ද වෙන්න තමයි. අපි හිතුවේ මුන් රටේ කරුමෙට උපන්න අපතයෝ කියල නේද ඒ දවස් වල. දැන් තමයි තේරෙන්නේ මුන්ගේ අගේ. අපරාදේ, කොරෝන හැදිලා පවුල් පිටින් වලකජ්ජ ගහලද දන්නේ නැහැ 😍.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පොල් කියන්නෙ හොද කෑමක්... මෙන්න කනවා නම් කෑම

    පොල් සම්බල් එක්ක බත් / කලින් දවසෙ හොදි පොඩ්ඩක් තිබ්බා නම් ඉතින්
    පොල් සම්බල් බත් එක්ක මාමයිට් පොඩ්ඩක්
    පොල් සම්බල් එක්ක පරිප්පු සහ බත්
    පොල් සම්බල් එක්ක අල තෙල් දාලා වම්බටු තෙල් දාලා
    පොල් සම්බල් එක්ක පාන් සහ කලින් දවසෙ හොදි.
    පොල් සම්බල් පාන් එක්ක ඌරු මස් කරිය

    ඕවා තමා ඉතින් රජ බොජුන්..

    Koooo Hu***** Karawala thel baduma???
    ekane polsamboleth ekaka 10000% set wenne.