මට නං හිතෙන්නෙ රටකට අවුරුදු 2500 නෙවේ අවුරුදු ලක්ෂයක ඉතිහාසයක් තිබ්බත් වැඩක් නෑ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේනුයි උන්ගේ ක්‍රියාකාරකම් වලිනුයි එක පෙන්නේ නැත්තන්. බලපන් මැදපෙරදිග අද තනිකරම අපායක් හැබැයි ලෝකේ තිබිච්ච හොඳම ශිෂ්ටාචාර බිහිවුනේ එහෙන්. හැබැයි ඒ ඉතිහාසෙන් උන්ට තඹ සතේක වැඩක් තියෙනවද අද නන්නත්තාර වෙලා උන් උන්ම කෙලගන්නව. ඇමරිකාවට ඔය කියන කිසි ඉතිහාසයක් නෑ එත් අද උන් ඉන්න තැන කොහොමද
කොච්චර වංශේ කබල් ගෑවත් ඇති වැඩක් නෑ වර්තමානේ අපි අනාත වෙලා නං.
හරියටම හරි. අපි මේ ඉතිහාසෙ ගැන ඉගෙන ගන්ඩ ඕනෙ පම්පෝරි ගහන්ඩ නෙවේ. අනික , එක එක රජවරු ගැන කතා අහන්ඩ විතරකුත් නෙවේ. අනික ඉතිහාසෙ හදාරනව කියන්නෙ, කතා ගොඩක්, අවුරුදු ගොඩක්, නම් ගොඩක් මතක තියාගන්න එක නෙවේ. අපි හරි විදියට ඉතිහාසෙ අධ්‍යයනය කරනව කියන්නෙ ඉතිහාසයෙ අපි සතුව තිබ්බ දැනුම, ආකල්ප, සිරිත් විරිත් සහ ඒවායෙ තේරුම්, තාක්ශනය, අපි රටක්, ජාතියක් විදියට මුහුන දුන් දේශපාලන අත්දකීම්, එක එක රටවල්, අතීතයේ අපි සමග තිබ්බ ගනුදෙනුවල ස්වරූපය සහ ඔවුන්ගෙ යටි අරමුනු මොනවද කියන එක.
අනේ බන් අපි ගොඩක් " බලපන් , ඇමරිකාව ඉන්න තැන. ඒත් අපි ඉන්න තැන මොකක්ද? " වගේ කතා කියල හූල්ලනව. ඒක නෙවේ, නවීන විදියට හිතනව කියන්නෙ. ඕඉකට කියන්නෙ හීනමානය කියල.
නිකමට ස'ච් කරල බලපන්, ඇමරිකා වල නිවසක් නැති ජනගහනය, ලමා හා කාන්තා දූෂන ප්‍රතිශතය (නිකමට කීවොත් ගැහනු ලමුන්ගෙන් 20% ක්), මත්ද්‍රව්ය වලට ඇබ්බැහි උනු ප්‍රතිශතය, ගෘහස්ත ප්‍රචන්ඩත්ව දත්ත, විරැකියා ප්‍රතිශතය වගේ දේවල්. ලෝකයෙ සතුටින්ම ඉන්න රට ස්විස්ටර්ලන්තය කියල කියනවනෙ, ඒ හින්ද සසඳල බලපන්, අපේ රටෙ සියදිවි නසාගන්න රේට් එකයි, ඔය දියුනුයි කියන රට්වල ඒ රේට් වලයි වෙනස කොච්චර පොඩියි ද කියල. ඔය ආශ්‍රිතව අදාල තවත් විස්තරත් හොයල බලපන්.
උඹ ඔය කියන වගේ දියුනුවක් අපිට ලබාගන්ඩ අමාරුවක් නෑ. ඒත් අපි මහන්සි වෙන්ඩ ඔඊනෙ ඒත් එක්කම පුද්ගල සතුට, තිරසාර සන්වර්දනය, ලමා කාන්තා අයිතිවාසිකම් වගේ දේවල් දියුනු කරගන්ඩ.ඒක තමයි ඔය දියුනුයි කියන ගොඩක් රටවලට බැරි වෙලා තියෙන්නෙ. නිකමට හොයල බලපන් දකුනු කොරියාව සියදිවි නසා ගැනීම් අතින් ඉන්න රෑන්ක් එක. ඔන්න ඔය වගේ සුරන්ගනා කතා වලට රැවටිල, ඇමරිකාව වගේ රටක් හදා ගන්ඩ තමයි අපේ රටේ සමහරක් අවුරුද්දකට කලින් වෙනසක් කරෙත්. ඒත් ඒව යටින් තියෙන ඇත්ත කවුරුත් හොයන් නෑ. අපි හරි විදියට ඉතිහාසෙ හොයන්ඩ ඕඉනෙ, ඔන්න ඔය කියන දියුනුව කොහොමද කියන අපි ඉතිහාසෙදි ලබාගත්තෙ කියන් එක හොයන්ඩ. විවිද කර්මාන්ත ඇති කර ගන්ඩ අපිට පුලුවන් උනේ බටහිරෙන්, ඒ හින්ද වත්මන් දියුනුව ඇති කරගන්ඩ අපි බටහිර දනුව ගන්ඩ ඕනෙ, අපි දියුනු වෙන්ඩ ඔඊනෙ එහෙමයි කියල සමහරු කියනව. ඒක වැරදි නෑ. ඒත් අපි ඒක කරන්නෙ ඉතිහාසෙ අමතක කර්ල. ඒත් උබ ඔය කියන දියුනු රටවලින් ඇවිත් අපි ඉස්සර යකඩ උනු කරපු තාක්ශනය මොකක්ද? අපි දේශගුන වෙනස් වීම් මැනේජ් කරගත්තේ, තිරසර විදියට පරිසර කලමනාකරනය, වාරිමාර්ග කලමනාකරනය කරගෙන ගියෙ කොහොමද කිඅල හොයාගෙන ගිහින්, ඒ රටවල ප්‍රතිපත්ති ව්ලට ඇතුල් කරනව, පශ්චාත් උපාදි වලට ඇතුලත් කරනව.
උන්ට ලබා ගන්ඩ බැරි ශාරීරික සුවය, මානසික සුවය ලබන්ඩ, පිලිකා, දියවැඩියා වගේ රෝඉග ව්ලට බෙහෙත් හොයාගෙන යනව මෙහෙන්. ඒ කරල ඒවගෙ අයිතියත් අපෙන් උදුර ගන්නව. ඒ අතරෙ අපේ උන් අපේ ඉතිහාසය කන්ඩද? අපේ ඉතිහාසික දැනුම කන්ඩද කියල හිතල බටහිර විද්යාව සරන යනව. ඉතින් මෙලෝ සම්මජ්ජාතියෙ දියුනුවක් ලබන්ඩ බෑ. මේක කියවල ගොඩක් උන් මට බනී. ඒත් ඇත්ත නම්, සුද්ද කියල දීපු, සුද්ද අපිට දීපු සබන් කෑල්ලෙ, ශැම්පු එකේ, පොලිතින්, ප්ලාස්ටික් එකේ ඉඳන්, ෆෝන් එකේ, බෙහෙත් කරලෙ ඉඳන්, මනුශ්‍ය ශරීරයට අහිතකරයි කියන එක. නිකමට හිතල බලපල්ල, වැඩ ඇරිල කාර් එකෙන් ගෙදර ඇවිත්, ගෙදර හයි ෆයි සෙට් අප් එකෙන්, මියුසික් අහල, ෆිල්ම් බලල නිදාගන්ඩ ගිය වෙලාවක හරි, හිත අනිත් ඔක්කොම දේවල් වලින් නිදහස් කරල, අපි ගන, අපේ ජීවිත් ගැන කල්පනා කර්ල බලද්දි ඔය කියන දේවල් වලින් අපිට ඇත්තටම සතුටක් ලැබෙන්නෙ මොනවගෙන්ද කියල.
කියන කරුනු බෝරින් වෙන්ඩ පුලුවන් හින්ද එක දෙයක් කියල නවතින්නම්. පහුගිය කාලෙ අපේ රටේ වෙනසක් කරන්ඩ ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ රටවල් සෑහෙන මහනි උනානෙ. එයින් නතර වෙන්නෙ නැතුව, දැන් තියෙන වෙනස මාරයි කියලත් ප්‍රකාශ නිකුත් කර්නවනෙ. ඉතින් ඒ වෙනස මාරද? මාර උනේ කාටද කියල කල්පනා කරනකොට ස්වාදීනව හිතන ඕඉනෙම මිනිහෙක්ට හිතෙනව මේ එක රටක්වත් අපිට ආදරේකට මේක නොකරපු බව. එහෙනම් ඒ ඒ අයගෙ රටවල් වල ජාතික අබිලාශයන් ඉටු කරගන්ඩ බව පැහැදිලියි. ඒ වගේම උඹලට මතකෙට එයි සදාකාලික කියමනක්. ඒ " මේ අද දින අපි දකින දේශපාලන, රජ්‍ය තාන්ත්‍රිඅක් ඩේවල්, අලුත් දේවල් නොව, ඉතිහාසෑඉ පුනර් ප්‍රකාශනයක් කියන එක.
අපි ඉතිහාසෙ ඉගෙන ගන්ඩ ඔඊනෙ අනිත් වැදගත්ම කාරනය ඒකයි. අපි, ජාතික වශයෙන්, ජ්යාතන්තර වශයෙන් ඉස්සර මුහුන දීපු ප්‍රශ්න මොනවද? ඒවට අපි ගත්ත ක්‍රියාමාර්ග හරිද? වැරඩ්ගිද? වැරදිනම් අපි හදාගන්ඩ ඔඊනෙ ප්‍රතිපත්ති මොනවද වගේ දේවල් දේශපාලන විද්යාවට සමගාමීව පාවිච්චි කරන්ඩ ඕඉනෙ. එහෙම නැතුව, සුද්ද කියල දීපු දේශපාලන විද්යාවෙන් ආචාර්ය කප් ගහල මේ රටට මුහුන දෙන්ඩ වෙන ප්‍රශ්න, මෙලෝ සම්මජ්ජාතියෙ විසඳන්ඩ බෑ.
ඔය ඔක්කොටම ඉතින් සුද්ද කියල දීපු විදියට නිකන් ඉතිහාස කතන්දර ටිකක් කියවල, ඒ ඔක්කොම අමතක කරල පී එච් ඩී එකෙන් ගත්ත දෙයින් විතරක් රට කරවල බෑ. එහෙම කරනකන් රට ඇත්තටම දියුනු කරන්ඩත් බෑ