අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

අපි අද සම්මතයෙන්

  • හරියටම හරි

    Votes: 7 8.0%
  • ටිකක් නිවැරදි විය යුතුයි

    Votes: 19 21.8%
  • විශාල වශයෙන් නිවැරදි කරගත යුතුයි

    Votes: 52 59.8%
  • සම්පූර්ණයෙන්ම වැරදියි

    Votes: 9 10.3%

  • Total voters
    87

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියට සිතීමට කරුණු කිහිපයක් කියන්නම් මචන්.
    1. බුද්ධ චරිතය සම්බන්ධ ස්ථාන අතර දුර ගැන පොඩ්ඩක් හිතපන්. උදාහරනෙකට, මහමායා දේවිය ගැබ් ගත් පසු පිළිසිඳ ගැනීමට කෝසලයට ගියානෙ. බඩදරු අම්ම කෙනෙක් ඔය කියන කි.මී. දහස් ගනනක දුර යන ආකාරය, ගිලන්වූ බුදු හාමුදුරුවො පිරිනිවන සඳහා මල්ල රටට වැඩම වීම.
    ඇරත් පළමු දරුවා බිහිවීමට මව ගාවට යන සිරිතක් තියෙන්නෙ ඉන්දියාවෙ නෙවේ, මෙහෙ.

    2. බුද්ධත්වය සඳහා බවුන් වඩන අතරතුර මාර සේනාව ආවා කියනවනෙ ඊක නවත්වන්ඩ. ඒ වෙලාවෙ ලඟ හිටපු දෙවිවරු පළා යද්දි බෝසතුන් අසල ඉතුරු උනේ දැඩිමුණ්ඩ විතරයි. ඒක කෝල්මුර කවි වල තියනව හොඳට. නමුත් එතුමගෙ උපන් ගම උග්ගල් නුවර හෙවත් අලුත් නුවර, මාවනැල්ලට කිට්ටුව.

    එතකොට, මෙහෙ ඉපදුනු දැඩිමුණ්ඩ, ප්‍රවාහනයාවත් දියුනු නැති ඒ කාලේ බුද්ධගයාවට ගියාද බෝසතුන් රකින්ඩ?

    3. බුදුසිරිතේ සඳහන් වන නායකයින් රැසකගෙ නම් සඳහන් සෙල් ලිපි කිසිවක්, ඉන්දියාවෙන් හමු නොවන මුත් මෙහි හමු වීම.

    4. බුදුවරු ඉපදුනා කියන මධ්‍ය මණ්ඩලයක් ගැන කියවෙනවනෙ. ඉතින් ඒ ප්‍රදේශය කොහෙ නමුත් මධ්‍ය ප්‍රදේශයක තිබිය යුතු නේද? රාජාවලියෙ දීර්ඝව විස්තර කරනව බුදුවරු ඉපදෙන තැන් සහ ඉපදෙන්නෙ නැති ප්‍රදේශ මොනවද කියන එක. ඒ ගැන පොඩ්ඩක් හොයපන්. ඒ වගේම ඔය කියන මධ්‍ය මණ්ඩලය සඳහන් වෙන්නෙ, මෙහෙ ඉපදිලා දේවත්වයෙන් අදහපු ප්‍රාදේශීය දෙවිවරු වෙනුවෙන් තනපු කෝල්මුර කවි සහ සැහැලි වල.

    5.තපස්සු භල්ලුකත් කේශ ධාතු අරන් ඉන්දියාවෙ ඉඳන් ඇවිත් දාගැබ් හැදුවෙ මෙහෙලු. සර්වඥ ධාතු බහුතරයක් වැඩ වසන්නෙත් මෙහෙලු. බුදු සසුනෙ කෙලවර සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එක්ව පෙළහර පාන්නෙත් මෙහෙලු. දැනට රෝහිනී ගඟේ ජල ප්‍රශ්නය පැත්තකින් තිබ්බත් බුදු හාමුදුරුවො විසඳපු සිවිල් ගැටලු සියල්ල ඇතිවෙල තියෙන්නෙත් මෙහෙලු. බුදුන් පිරිනිවන් පාල වසර දෙතුන් සියයක් යද්දි ඉන්දියාවෙ සාශනය විනාශ වෙලා යද්දි ඉතුරු උනෙත් මෙහෙලු. ඉන්දියාවෙ ඉපදුනත් අතීත හැම බුදුවරයෙක්ම වැඩම කරල තියෙන්නෙත් , සාශනය පිහිටල තියෙන්නෙත් මෙහෙලු.
    දැන් ඉන්න අපේ අය භාරත වන්දනාවෙ වසරකට වරක් ගියත්, බෞද්ධ සිද්ධස්තාන නරඹන්ඩ විදේශිකයො ආව කියලත් දේශාටන වාර්ථා තියෙන්නෙ ලන්කාව ගැන විතරලු. ඒ විතරක් නෙවේ, අපේ රජවරු සිරිපා කරුණා කරා කියල මිසක් ඉන්දියාවෙ වන්දනා ටුවර් ගියාද කියලත් හොයපන්.

    6. බෝසතුන් සිහිය පිහිටුවාගෙන භාවනා කරපු මැයි මාසේ, බුද්ධගයාවෙ උශ්නත්වෙත් පොඩ්ඩක් හොයල බලපන්. ඒ වගේම සසර කලකිරිල රජවරු භාවන කරන්ඩ හිමාලය කන්දට ගිහින් කොහොම භාවනා කරන්ඩ ඇත්ද?

    7.බුදු වීමට පිට දුන්න කියන ඉන්දියාවෙ තිබ්බ බෝ ගස ලොකු කාලයක් යන්ඩ කලින් විනාශ වුනේ කොහොමද?

    8. පස්මහ බැලුම් වලදි බැලුවෙ දීපයයි. අර්ධද්වීපයක් හෝ මහද්වීපයක් නෙවෙයි. අනික බුදුවරයෙක් බලන්නෙ සිය දහම අවබෝධ කරගන්ට පුලුවන් පිරිසක් මිස මහා ලොකු ජනගහනයක් නෙවේ. එහෙම නම් උන්වහන්සේ ඉපදෙන්ඩ ඕනෙ ඉන්දියාවෙඩ? චිනයෙද?

    කරුනු නම් එමටයි මචන්, උබලම හොයාගනිල්ල.

    අනේ මන්දා? බහුබූත කියවලා ඇයි බන් මොලේ කුරැවල් කර ගන්නෙ? උඹ හිතාන ඉන්නේ ලෝකෙම ඉන්න ඉතිහාඥයෝ මෝඩයෝ නැත්තන් කුමන්ත්රණ කාරයෝ කියලද බුදුන් උපන් දේශය වරද්ද ගන්න. බෞද්ධකමටත් නිග්රහ නොකර මේවගේ වල්පල් දාන්න එපා බන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Howtomussie_zpsqnpui3mn.jpg

    අපි අනුන්ට මෙහෙම කිව්වට බලාගෙන යද්දි අපෙයි උන්ගෙයි වැඩි වෙනසක් නෑ වගේ. එකම වෙනස කුරානෙ වෙනුවට අපේ ඔලුවට දාල තියෙන්නෙ මහාවන්ශෙ. එච්චරයි. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි අනුන්ට මෙහෙම කිව්වට බලාගෙන යද්දි අපෙයි උන්ගෙයි වැඩි වෙනසක් නෑ වගේ. එකම වෙනස කුරානෙ වෙනුවට අපේ ඔලුවට දාල තියෙන්නෙ මහාවන්ශෙ. එච්චරයි. :D

    කුරානේ වෙනුවට ත්‍රිපිටකේ දාගෙන බලන්නකෝ ඔතනට. එත් ගැලපෙනව. :yes:
     
    suduboothaya

    Junior member
  • Apr 5, 2010
    54
    8
    8
    කොහොමද එහෙම කියන්නේ? ඉන්දියාවේ තිබ්බේ නෑ කියන්නේ කොහොමද?

    දැඩි මුණ්ඩ කියන්නේ කවුද? දෙවියෙක් ද මිනිහෙක් ද?
    කොහෙද සඳහන් වෙන්නේ දැඩි මුණ්ඩ කියලා කෙනෙක් එතන හිටි බවක්? ත්‍රිපිටකයේ සඳහන් ද?

    කෝල්මුර කවි කියන්නේ මොනවද? එකෙන් ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන් ද?

    "එතුමගෙ උපන් ගම උග්ගල් නුවර හෙවත් අලුත් නුවර, මාවනැල්ලට කිට්ටුව" කියන්න කොහොමද?

    බුදු රජාණන් වහන්සේ බුද්දත්වය ලබන අවස්ථාවේ වුනේ මොකද්ද කියලා සඳහන් වෙන්නේ කොහෙද?
    බුද්ද චරිතයේ අවස්ථා අරන් තියෙන්නේ කොහෙන්ද?
    කවි වලින්ද? ත්‍රිපිටකයෙන් ද? වෙනත් තැනකින් ද?

    මොකද මට මතක නෑ බුදු රජාණන් වහන්සේ බුද්දත්වය ලබන අවස්ථාවේ බුදු රජාණන් ව්හස්න්සේ ඇරෙන්න වෙනත් මිනිහෙක් එතන හිටි බවක්.

    "ජෝන්" කියන ඉංග්‍රීසි නම තියන මිනිස්සු ලෝකේ ඉන්නේ එක තැනක විතරද?
    ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ..... etc කොච්චර ඇද්ද? නමුත් ඉංග්‍රීසින් ඒ රටවලට ගියේ එංගලන්තේන් නේද?

    කාගේ නම් ගැන ද කියන්නේ?
    සෙල්ලිපි විනාශ වෙන්න හේතු ඕන තරම්.
    හේතුව - ඉන්දියාව. ලෝකේ වැඩිම ආගමික, භාශා... etc විවිදත්වයක් තියන රට.
    අන්යාගමිකයන් ගෙන්, කොච්චර හානි බුදු දහමට වෙලා තියනවද?
    ඔය කාලය තුල කොච්චර යුද්ද.... etc වගේ දේවල් සිද්ද වෙලා තියනවද?

    අනික උඹ මෙහෙ කැනීම් කලාට ඉන්දියාවේ වටේට කැනීම් කලේ නැ නේ?

    බුදු කෙනෙක් ඉපදෙන පරිසරය මොකද්ද කියන එක ගන්න පුළුවන් බුදු රජාණන් වහන්සේ නමක් දේශනා කල බුද්ද දේශනාවකින් ම විතරයි.
    මොකද බුදු කෙනෙක් ගේ දේවල් බුදු කෙනෙකුට වඩා කෙනෙක් දැනගෙන ඉන්න විදිහක් නැති නිසා.
    මට බුද්ද දේශනාවක් පෙන්නපන්.
    බුද්ද දේශනාවක ඒ සම්බන්දව යමක් නැත්තම්, වෙන කිසි තැනක තියන කිසි දෙයක් පිළිගන්න බෑ.

    හේතුව මම දන්නා විදිහට ඉන්දියාවේ ඉතිහාසය ලියවිච්ච පොතක් නෑ ලංකාවේ වගේ.
    පොත් තියෙන්නේ ලංකාවටයි, යුදෙවුවන්ටයි විතරයි කියලයි මම අහලා තියෙන්නේ.
    ඉන්දියාවේ ඉතිහාසය ගලපන්නෙත් මහාවංශය අනුව කියලයි මම මොකද්ද දේශනයකින් ඇහුවේ.
    ඒක එහෙම නං ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේ?
    ලංකාවේ මහාවංශයත් නැති වුනා නං බලාගන්න තිබ්බා.

    උඹ ට එහෙනං පැහැදිලි කරන්න පුලුවන් වෙයි ඉන්දියාවේ තියන චයිත්‍ය, බුදු පිළිම, ...etc එහාට ගිය විදිහ ගැනත්?

    අපේ රටේ තිබ්බ ආගම් ගන්නයි ඉන්දියාවේ තිබ්බ ගන්නයි වෙන් වෙන් ව අරන් බලන්න බුදු දහමේ දෙයක් වැඩිපුර රැකෙන්නේ ඉන්දියාවේ තිබ්බොත් ද මෙහෙ තිබ්බොත් ද කියලා.
    මෙහෙ වැඩි සාක්ෂි තිබ්බ පලියට කිසි දෙයක් කියන්න බෑ.

    උඹ කොහොමද කියන්නේ මිට අවුරුදු 2600 කට කලින් තිබ්බ දේශගුණය තමයි දැනුත් තියෙන්නේ කියලා?
    ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත් වල දේශගුණය අවුරුදු 30 40 ක් ඇතුලත් වෙනස් වෙලා නැද්ද?

    අනික හිමාලයා කියන්නේ ඉතාම විශාල වපසරියක් තියන ප්‍රදේශයක්.
    හිම වැටෙන කෑල්ලට ගිහින් භාවනා කල බවක් කිසි තැනක කියවිලා නෑ නේ?
    අනික ඒ කාලේ හිමාලයා කියලා නම් කල කොටසට අයිතිව තිබ්බේ මොනාද නැත්තේ මොනාද කියලා කොහොමද දන්නේ? ඒ ගැන 100% නිවැරදි ව සටහනක් තියනවද?

    අන්යගමිකන් ගේ ආක්‍රමණ වලින්!
    දර්මශෝක රජුගේ බිසවක් නේ ගිනි තිබ්බේ!
    මොනවද බං මේ අහන ප්‍රශ්න?
    අඩු ගානේ දැන් ISIS කතෝලික පල්ලි විනාශ කරන හැටි වත් පෙන්නේ නැද්ද?

    "බුදුවරයෙක් බලන්නෙ සිය දහම අවබෝධ කරගන්ට පුලුවන් පිරිසක් මිස මහා ලොකු ජනගහනයක් නෙවේ" කියලා උඹ උපකල්පන ඉදිරිපත් කරන්නේ කොහොමද?
    ඒක තීරණය කරන්නේ බුදු වෙන්න ඉන්න කෙනෙක්.
    පස් මහා බැලුම් බලන්නේ නිකන් නෙවේ දහසක් හේතු ඇතිව.
    මොකද යම් තැනක ඉපදීමට අදාළ හේතු කර්මනුරුපව පටන් සකස් වෙන නිසා.

    අනික වසර 2600 කට කලින් චිනේ ජනගහනය ඉන්දියාවට වඩා තිබ්බා කියලා උඹ කියන්නේ කොහොමද?
    ඉන්දියාවේ දේශසීමා චිනේ දේශ සිමා.. .විදිහට ලෝකේ රටවල දේශ සිමා තිබ්බේ මේ විදිහට කියලා උඹ කියන්නේ කොහොමද?
    චිනේ කොතෙන්ට එනකන් තිබ්බද ඉන්දියාව කොතෙන්ට එනකන් තිබ්බද කියලා කියන්නේ කොහොමද?
    ඒවා පැහැදිලිව සඳහන් වෙච්චි සටහන් තියනවද?

    :) :)

    ඉන්දියාවේ වෙලාතියන දේවල් වල හැටියට ඇති ඔය ගානට වත් බුදු දහම ඉතුරු උනා.

    samaweyan machan reply nokarata. mekata mata dakwanda thiyena adahas pala karanda ilaga sathiya wenakan kal diyan. godakma busy me tike
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    සිංහල ඉන්න උන්ගෙන් ටිකක් මරාගන්නව මහාවංශය හරි කියල. තව ටිකක් මරා ගන්නව වැරදි කියල. තව ටිකක් මරාගන්නව බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල.
    හරි තව මොකක් හරි හොයපන්.

    කවදාක හරි මේ ලොකෙට ඉතුරු වෙන එකම උප්පැන්නෙ උබේ කියල හිතපන් එතකොට ඒකාලෙ ඉන්න උන් හිතාගත්තොත් උබට කලින් ඉතිහාසයක් තිබ්බෙ නෑ කියල උන් කොච්චර ගොන්ද?

    නිකමට හිතපන් කවුරු හරි සමීකරණයක් විසදන හැටි හොයනව කියල සාහිත්‍ය පොතක් ඇතුලෙ එතකොට ඌ කොච්චර මැටිද?

    මුලින් කිව්ව එක වගේ තමා අපි මහාවංශෙ විතරක් හරිමයි කියන එකයි එක වැරදීමයි කියන එකයි. ඒක හරි ලියපු දවසෙ ඉදල. ඒකෙන් කියන්නෙ නෑ ඊට කලින් ඉතිහාසයක් තිබ්බෙ නෑ කියල.

    දෙවනියක කිව්ව එක වගේ තමා බුදු හාමුදුරුවො ඉපදුනෙ කොහෙද කියල හොයන එක. අවුරුදු 2500ක් සිංහලයට ප්‍රශ්නයක් උනේ නෑ කොහෙද ඉපදුනෙ කියල. ඉපදීම දුකක් කියල දෙශනා කරපු උත්තමයගෙ උපන් තැන හොය හොයා මරා ගන්න එක තමා මේ ලෝකෙ කරන්න තියෙන මී හරක්ම වැඩේ.

    ඔය එකි මෙකී නොකී සියලුම කාරණා වල ගැටලුවක් ඇති කරල ලෝක ජනගහනයෙන් සීයෙන් පංගු කීපයක් වෙන සිංහල ජනතාව බිංදුවටම නැති කරල දාන්න හදන්නෙ කියල මොලෙන් හිතපන්.
    බලපන් මේ නූලෙම සිංහල උන් කෑලි කෑලි වලට බෙදිල මරාගන්න කොට ඌරු හැත්ත නටන හැටි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    ඉතිහාසය ලියවෙන්නේ ඇත්ත විදියටම නෙමයි බන් නිතරම ඇත්ත තමයි. එත් ඉතිහාසය ලියවෙන්නේ බලයේ ඉනන බලවත් පිරිසගේ ඕනි එපා කම් වලට. ගොඩක් වෙලාවට වීරයෝ වෙන්නේ ඒ මිනිස්සු,

    හිට්ලර් පරාද වෙච්ච නිසා නිකම්ම නිකම් මිනිමරුවෙක්. එත් දිනුවානම්, ලෝකේ ඉන්න බලවත්ම උතුම්ක්. බලය තියන මිනිසා අනුව අතිහසය වෙනස් වෙනවා
    මාක්ස්වාදින් කියනව අහල තියෙනව ගොඩක් වෙලාවට සිංහල රජාණ්ඩුව බටහිර රටවල රාජාණ්ඩුවට සමානයි කියල.

    රාජාණ්ඩුවක් අදුරගන්නෙ කොහොමද?
    රජාට ඉහලින් කවුරු හරි ඉන්නවද උපදෙස් දෙන්න. ඉන්නව නන් එයාලත් ඇතුලත්ව සැකිල්ල ගැන දළ අදහසක් දෙන්න පුළුවන්ද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හෙළයෙක්;19435476 said:
    සිංහල ඉන්න උන්ගෙන් ටිකක් මරාගන්නව මහාවංශය හරි කියල. තව ටිකක් මරා ගන්නව වැරදි කියල. තව ටිකක් මරාගන්නව බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල.
    හරි තව මොකක් හරි හොයපන්.

    කවදාක හරි මේ ලොකෙට ඉතුරු වෙන එකම උප්පැන්නෙ උබේ කියල හිතපන් එතකොට ඒකාලෙ ඉන්න උන් හිතාගත්තොත් උබට කලින් ඉතිහාසයක් තිබ්බෙ නෑ කියල උන් කොච්චර ගොන්ද?

    නිකමට හිතපන් කවුරු හරි සමීකරණයක් විසදන හැටි හොයනව කියල සාහිත්‍ය පොතක් ඇතුලෙ එතකොට ඌ කොච්චර මැටිද?

    මුලින් කිව්ව එක වගේ තමා අපි මහාවංශෙ විතරක් හරිමයි කියන එකයි එක වැරදීමයි කියන එකයි. ඒක හරි ලියපු දවසෙ ඉදල. ඒකෙන් කියන්නෙ නෑ ඊට කලින් ඉතිහාසයක් තිබ්බෙ නෑ කියල.

    දෙවනියක කිව්ව එක වගේ තමා බුදු හාමුදුරුවො ඉපදුනෙ කොහෙද කියල හොයන එක. අවුරුදු 2500ක් සිංහලයට ප්‍රශ්නයක් උනේ නෑ කොහෙද ඉපදුනෙ කියල. ඉපදීම දුකක් කියල දෙශනා කරපු උත්තමයගෙ උපන් තැන හොය හොයා මරා ගන්න එක තමා මේ ලෝකෙ කරන්න තියෙන මී හරක්ම වැඩේ.

    ඔය එකි මෙකී නොකී සියලුම කාරණා වල ගැටලුවක් ඇති කරල ලෝක ජනගහනයෙන් සීයෙන් පංගු කීපයක් වෙන සිංහල ජනතාව බිංදුවටම නැති කරල දාන්න හදන්නෙ කියල මොලෙන් හිතපන්.
    බලපන් මේ නූලෙම සිංහල උන් කෑලි කෑලි වලට බෙදිල මරාගන්න කොට ඌරු හැත්ත නටන හැටි.

    දකුණු ඉන්දියානු දෙමලෙක් වන මහානාම නැමැත්තා විසින් සිංහල මහාවංශය පාලියට හරවීම මගින් තමයි සිංහලයාගේ ඉතිහාසය විනාශ කර සිංහලයා සදාකාලික ඉන්දීය ගැති ජාතියක් බවට පත්කලේ. ඒ කාලෙ අවුරුදු විසි ගනනක් දෙමල සම්භවයක් සහිත රජවරු රට පාලනය කරපු නිසා තමයි අපේ ජාතියට මේ අපරාදය උනේ. මේ වැඩ වලට පූර්න රාජ්‍ය අනුග්‍රහය ලැබුන.අපේ හාමුදුරුවරු ඒ කාලෙ කැලේට රින්ගගෙන ඉඳල තමයි යන්තම් පන බේර ගත්තෙත්. ත්‍රිපිටකය පාලියට හැරෙව්වෙත් ඒ කාලෙමයි. ඒත් ගෝෂ(බුද්ධගෝෂ ) කියන දෙමල විසින්.ඊට පස්සෙ අපිට ලැබුනෙ සුරංගනා කතා වලින් පිරුණු දෙමලුන් විසින් විකෘති කල ඉතිහාසයක්. අවාසනාවට අදත් අපි පිලිගන්නෙ අපේ හතුරො විසින් අපි ගැන ලියපු දේවල් මිසක් අපේ සැබෑ ඉතිහාසය නෙමෙයි. හෙල මහාවන්ශය සම්පූර්නයෙන් විනාශ කලාට පස්සෙ අපේ රටේ අවුරුදු දස දහසකටත් එහා පැවති ස්වර්නමය යුග වැසීගොස් ජාතිය අවුරුදු 2500යකට සීමා උනා.

    අපේ ජාතියේ පණනල බඳු වූ බුදුවරු පසේ බුදුවරු සක්විති රජවරු අපි අද මහ මුහුදෙන් එහාට තල්ලු කරල දාල තියෙන්නෙ අපේම අවාසනාවට.
     
    ඔය මත වල ඇත්ත නැත්ත හමබ වෙනකොට සිංහල උන් එකෙක් විතර ඉතුරු උනොත් ඌ ඔක අනිත් උන්ට කියයි.එදාට උබලගෙ මේ කරන කාර්ය ගැන ඉහලින් වර්ණනා කරයි අනික් උන්. මොකද හරි ඉතිහාසයක් හොයාගත්තත් ඒක පෙන්නන්න එකෙක්වත් ඉතුරු වෙන එකක් නෑ මේ තියෙන බෙදීම් වල හැටියට.:lol::lol::lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හෙළයෙක්;19436468 said:

    බොරුවෙම ඉපදිල බොරුවෙම ජීවත් වෙලා අනාගත පරම්පරාවටත් මේ බොරුවම දායාද කරල මැරිල යන එකද හරි කියන්නෙ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දකුණු ඉන්දියානු දෙමලෙක් වන මහානාම නැමැත්තා විසින් සිංහල මහාවංශය පාලියට හරවීම මගින් තමයි සිංහලයාගේ ඉතිහාසය විනාශ කර සිංහලයා සදාකාලික ඉන්දීය ගැති ජාතියක් බවට පත්කලේ. ඒ කාලෙ අවුරුදු විසි ගනනක් දෙමල සම්භවයක් සහිත රජවරු රට පාලනය කරපු නිසා තමයි අපේ ජාතියට මේ අපරාදය උනේ. මේ වැඩ වලට පූර්න රාජ්‍ය අනුග්‍රහය ලැබුන.අපේ හාමුදුරුවරු ඒ කාලෙ කැලේට රින්ගගෙන ඉඳල තමයි යන්තම් පන බේර ගත්තෙත්. ත්‍රිපිටකය පාලියට හැරෙව්වෙත් ඒ කාලෙමයි. ඒත් ගෝෂ(බුද්ධගෝෂ ) කියන දෙමල විසින්.ඊට පස්සෙ අපිට ලැබුනෙ සුරංගනා කතා වලින් පිරුණු දෙමලුන් විසින් විකෘති කල ඉතිහාසයක්. අවාසනාවට අදත් අපි පිලිගන්නෙ අපේ හතුරො විසින් අපි ගැන ලියපු දේවල් මිසක් අපේ සැබෑ ඉතිහාසය නෙමෙයි. හෙල මහාවන්ශය සම්පූර්නයෙන් විනාශ කලාට පස්සෙ අපේ රටේ අවුරුදු දස දහසකටත් එහා පැවති ස්වර්නමය යුග වැසීගොස් ජාතිය අවුරුදු 2500යකට සීමා උනා.

    අපේ ජාතියේ පණනල බඳු වූ බුදුවරු පසේ බුදුවරු සක්විති රජවරු අපි අද මහ මුහුදෙන් එහාට තල්ලු කරල දාල තියෙන්නෙ අපේම අවාසනාවට.

    මහාවංශය ඇත්තද බොරුද කියල කවුරුත් හරියටම දන්නේ නෑ. එත් පදනමක් නැතුව ඕක සම්පුර්ණයෙන් වැරදි කියන්නත් බෑ, මොකද අපිට ඔච්චරයි තියෙන්නෙ. මහාවංශය වත් තිබුනේ නැත්තන් සිංහලයට අවුරුදු 2500 තියා අවුරුදු 500 ක වත් ඉතිහාසයක් තිබුන කියල හොයාගන්න විදිහක් නැතිවෙනව. දෙමල මිනිස්සුම ඇවිත් කියයි ඔය වෙහෙර විහාර ඔක්කොම උන් හදපුව කියල. මුස්ලිම් මිනිස්සුත් කියයි උනුත් මේකේ හිටිය කියල අපිට කලින්. අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් හම්බෙන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් උනේ මහාවංශය නිසා. ඒව සිංහල බෞද්ධ රජවරු කරපුව කියල කියන්න හරි පුළුවන් උනේ ඕක හින්ද. නැත්තන් අදටත් ඔය ගඩොල් ගොඩවල් දිහා බලාගෙන කාගේ කවුරු කරපු වැඩද කියල නොදැන උඩ බලන් ඉන්න තමා වෙන්නෙ. ඉස්කෝල වල ඉතිහාසෙට උගන්නන්න වෙන්නෙ සුරංගනා කතා තමයි ඉතිහාසය කියල.

    විජයට කලින් ඉතිහාසය අපි හොයාගමු හැබැයි එකට දැනට දන්න ටික විසි කරන්න ඕනේ නෑ. විජයගෙන් මහාවංශය පටන් ගත්ත කියල ඊට කලින් ඉතිහාසයක් නැහැයි කියල කවුරුත් කියන්නේ නෑ. වෙලා තියෙන්නේ විජයගෙන් අලුත් රජ පරම්පරාවක් පටන්ගත්ත එක විතරයි.
     
    මහාවංශය බොරුයි කියල මම කොතනකවත් කියල නෑ(නමුත් සමහර නිවැරදි විය යුතු තැන්ද නැතුවා නොවේ). මම කියන්නෙ මහාවන්ශයෙන් සමහර දේවල් අයින් කරල දාල ඒ වෙනුවට ඒ හිඩැස පුරවන්න සුරංගනා කතා ගොතල තියෙනව කියන එක.ඒ සුරන්ගනා කතා වල එල්ලිල ඉන්නෙ නැතුව 2500න් එහා තිබ්බ අපේ දේවල් හොයාගන්න ඕනෙ කියන එක මම කියන්නෙ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහාවංශය බොරුයි කියල මම කොතනකවත් කියල නෑ. මම කියන්නෙ මහාවන්ශයෙන් සමහර දේවල් අයින් කරල දාල ඒ වෙනුවට ඒ හිඩැස පුරවන්න සුරංගනා කතා ගොතල තියෙනව කියන එක.ඒ සුරන්ගනා කතා වල එල්ලිල ඉන්නෙ නැතුව 2500න් එහා තිබ්බ අපේ දේවල් හොයාගන්න ඕනෙ කියන එක මම කියන්නෙ.

    අයින් කළා කියන එකක් සහ ඒ වෙනුවට ඇතුල් කල දෙයක් සඳහා කෙටි උදාහරණයක් දෙන්න පුලුවන්ද. :) සමහර දේ රචකයාගේ උවමනාවට වෙනස් වෙන්න පුළුවන්. එක ස්වාභාවිකයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අයින් කළා කියන එකක් සහ ඒ වෙනුවට ඇතුල් කල දෙයක් සඳහා කෙටි උදාහරණයක් දෙන්න පුලුවන්ද. :) සමහර දේ රචකයාගේ උවමනාවට වෙනස් වෙන්න පුළුවන්. එක ස්වාභාවිකයි.

    අයින් කරල තියෙන්නෙ 2500න් එහා හිටපු රජවරු. ලොකුම සුරංගනා කතාව පල්ලෙහා තියෙනව බලන්න.

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දකුණු ඉන්දියානු දෙමලෙක් වන මහානාම නැමැත්තා විසින් සිංහල මහාවංශය පාලියට හරවීම මගින් තමයි සිංහලයාගේ ඉතිහාසය විනාශ කර සිංහලයා සදාකාලික ඉන්දීය ගැති ජාතියක් බවට පත්කලේ. ඒ කාලෙ අවුරුදු විසි ගනනක් දෙමල සම්භවයක් සහිත රජවරු රට පාලනය කරපු නිසා තමයි අපේ ජාතියට මේ අපරාදය උනේ. මේ වැඩ වලට පූර්න රාජ්‍ය අනුග්‍රහය ලැබුන.අපේ හාමුදුරුවරු ඒ කාලෙ කැලේට රින්ගගෙන ඉඳල තමයි යන්තම් පන බේර ගත්තෙත්. ත්‍රිපිටකය පාලියට හැරෙව්වෙත් ඒ කාලෙමයි. ඒත් ගෝෂ(බුද්ධගෝෂ ) කියන දෙමල විසින්.ඊට පස්සෙ අපිට ලැබුනෙ සුරංගනා කතා වලින් පිරුණු දෙමලුන් විසින් විකෘති කල ඉතිහාසයක්. අවාසනාවට අදත් අපි පිලිගන්නෙ අපේ හතුරො විසින් අපි ගැන ලියපු දේවල් මිසක් අපේ සැබෑ ඉතිහාසය නෙමෙයි. හෙල මහාවන්ශය සම්පූර්නයෙන් විනාශ කලාට පස්සෙ අපේ රටේ අවුරුදු දස දහසකටත් එහා පැවති ස්වර්නමය යුග වැසීගොස් ජාතිය අවුරුදු 2500යකට සීමා උනා.

    අපේ ජාතියේ පණනල බඳු වූ බුදුවරු පසේ බුදුවරු සක්විති රජවරු අපි අද මහ මුහුදෙන් එහාට තල්ලු කරල දාල තියෙන්නෙ අපේම අවාසනාවට.

    Mahawanshaya liuwe mahanama hamuduruwo neweida....:oo:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Mahawanshaya liuwe mahanama hamuduruwo neweida....:oo:

    මහාවන්ශය ඊට පෙර කල සිටම රචනා කරගෙන පැමිණි හෙල ඉතිහාස ග්‍රන්තයක්. නමුත් සිවුර දාගත්ත දකුණු ඉන්දියානු දමිලයෙක් වන මහානාම නැමැත්තා කලේ එය පාලියට පරිවර්තනය කරන එක.එතනදි ඔහුගෙ අවශ්‍යතා අනුව තමයි ඒක කලේ. පරයෙකුට අපේ ඉතිහාසය ලියන්න තිබිච්ච කැක්කුම මොකද්ද කියන එකත් ටිකක් හිතල බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහාවන්ශය ඊට පෙර කල සිටම රචනා කරගෙන පැමිණි හෙල ඉතිහාස ග්‍රන්තයක්. නමුත් සිවුර දාගත්ත දකුණු ඉන්දියානු දමිලයෙක් වන මහානාම නැමැත්තා කලේ එය පාලියට පරිවර්තනය කරන එක.එතනදි ඔහුගෙ අවශ්‍යතා අනුව තමයි ඒක කලේ. පරයෙකුට අපේ ඉතිහාසය ලියන්න තිබිච්ච කැක්කුම මොකද්ද කියන එකත් ටිකක් හිතල බලන්න.

    රටක ඉතිහාසය නැති කරන්න ඕන කෙනෙක් ඒ රටේ ඉතිහාස ග්‍රන්ථ ගිනි තියල විනාශ කරනව මිසක් මහන්සිවෙලා පරිවර්ථනය කරන රටක් අහල තියෙනවද ? හෙළ භාෂාවෙන් ලියපු ඉතිහාස ග්‍රන්ථ මොනවත් නැත්තේ ඒවා අපිට ඉරිසියාවට විනාශ කරපු නිසා නං අලුතෙන් ආය මහාවන්ශයක් ලියන එකේ තේරුම මොකද්ද ? මහාවන්ශේත් නොලිය හිටියනං ඉවරනෙ ආය කිසිම ඉතිහාසයක් අපිට නෑනේ එතකොට ?

    "පරයෙකුට අපේ ඉතිහාසය ලියන්න තිබිච්ච කැක්කුම මොකද්ද කියන එකත් ටිකක් හිතල බලන්න"

    මේකම තමා මටත් අහන්න තියෙන්නෙ. ටිකක් තර්කානුකුලව හිතන්න.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රටක ඉතිහාසය නැති කරන්න ඕන කෙනෙක් ඒ රටේ ඉතිහාස ග්‍රන්ථ ගිනි තියල විනාශ කරනව මිසක් මහන්සිවෙලා පරිවර්ථනය කරන රටක් අහල තියෙනවද ? හෙළ භාෂාවෙන් ලියපු ඉතිහාස ග්‍රන්ථ මොනවත් නැත්තේ ඒවා අපිට ඉරිසියාවට විනාශ කරපු නිසා නං අලුතෙන් ආය මහාවන්ශයක් ලියන එකේ තේරුම මොකද්ද ? මහාවන්ශේත් නොලිය හිටියනං ඉවරනෙ ආය කිසිම ඉතිහාසයක් අපිට නෑනේ එතකොට ?

    "පරයෙකුට අපේ ඉතිහාසය ලියන්න තිබිච්ච කැක්කුම මොකද්ද කියන එකත් ටිකක් හිතල බලන්න"

    මේකම තමා මටත් අහන්න තියෙන්නෙ. ටිකක් තර්කානුකුලව හිතන්න.

    මේව ගැන හොඳට හොයල බලල ඇවිල්ල කතා කරන්න .නිකං මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව.
     
    Similar threads