අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අපේ කට්ටියට ඕකෙ රඟේ තේරෙන්නේ ඉන්දියාවේ උන් මෙහේ ඇවිත් දෙකයි පණහේ පඩියට වැඩ කරන්න ගත්තාම තමා....:(

    ඔන්න ඔහේ මෝඩිවයි, සොනියාවයි ගෙනැල්ලා පක්ෂ විපක්ෂ දෙකට නායක කරමුද බන් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ජොබ් වලටත් කෙලවෙලාම යන්න...........??!:frown::angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මාරගේ ආණ්ඩුව කාලෙත් ඉන්දියාවෙන් ගෙවල් 5000 ක project එකක් අවා අපි වැඩ කරපු කම්පනියේ ආකියට. එත් තියන වැදගත්ම මූලික documents හරියට හදලා තිබ්බෙත් නැහැ මම දන්න විදිහට. ඉන්දියන් කාරයන්ට ඕනෙකම තිබ්බේ පුළුවන් තරම් ඉක්මනට project එක අමාත්යන්සෙට කියලා pass කර ගන්න. මට ඒ දවස් වල නොතෙරුනේ මොකද්ද ඉන්දියන් කාරයට තිබ්බ ගිනි පුක ගාය කියල. මට හොදටම තේරුණා දෙයක් තමා හදන documents අවශ්‍යතාවයට හදනවා මිසක් pass කරගන්න උවමනාවෙන් කරන දේවල් නෙමෙයි කියලා. මොකද කොහොමත් pass වෙන බව දන්නා නිසා. මොනවා උනත් මේ දාලා තියන ලිපියත් එක්ක හිතෙනවා ඉන්දියන් කාරයට ගොඩක් යටි අරමුණු තියනවා කියල.. හැබැයි පටන් ගෙන තියෙන්නේ අද ඊයෙක නෙමෙයි. :(
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මාරගේ ආණ්ඩුව කාලෙත් ඉන්දියාවෙන් ගෙවල් 5000 ක project එකක් අවා අපි වැඩ කරපු කම්පනියේ ආකියට. එත් තියන වැදගත්ම මූලික documents හරියට හදලා තිබ්බෙත් නැහැ මම දන්න විදිහට. ඉන්දියන් කාරයන්ට ඕනෙකම තිබ්බේ පුළුවන් තරම් ඉක්මනට project එක අමාත්යන්සෙට කියලා pass කර ගන්න. මට ඒ දවස් වල නොතෙරුනේ මොකද්ද ඉන්දියන් කාරයට තිබ්බ ගිනි පුක ගාය කියල. මට හොදටම තේරුණා දෙයක් තමා හදන documents අවශ්‍යතාවයට හදනවා මිසක් pass කරගන්න උවමනාවෙන් කරන දේවල් නෙමෙයි කියලා. මොකද කොහොමත් pass වෙන බව දන්නා නිසා. මොනවා උනත් මේ දාලා තියන ලිපියත් එක්ක හිතෙනවා ඉන්දියන් කාරයට ගොඩක් යටි අරමුණු තියනවා කියල.. හැබැයි පටන් ගෙන තියෙන්නේ අද ඊයෙක නෙමෙයි. :(
    ප්‍රශ්නේ නම් ගොඩක් පරණයි තමයි මචන්! :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියාව යනු අනාදිමත් කාලයේ සිටම මගේ රටට කචල් දැමූ රටකි. විටින් විට ඉන්දියාවෙන් මෙහි පැමිණි ආක්‍රමනිකයෝ මේ රට විනාශ කලහ. මහාවංශය ලියැවෙන විජය රජු පවා මෙරටට පැමිණ සිදු කලේ සංහාරයක් මිස භාවනාවක් නොවේ. එතැන් පටන් සේන-ගුත්තික වැනි අස් වෙළෙන්දෝද, දාඨිය,පීඨිය,පණය මාර,පිළය මාර වැනි දෙමෙල්ලු ද, මහා විහාරය නට කොට එම බිම සී සා, උදු වැපුරූ කාලිංඝ මාඝ වැනි කාලකන්නියෝ ද, මේ රටට පැමිණ කලේ සහපතක් නොවේ.

    ආසන්න අතීතයේ දී ජූනියස් රිචඩ් ජයවර්ධන තාප්පයට හේත්තු කොට ගැසූ කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුමෙන් කෑ පරිප්පුව අපි තවම කමින් සිටිමු. ළගදි ගැසූ ඉන්දු-ලංකා නිදහස් වෙළෙද ගිවිසුමෙන් අපහට උරුම වී ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන රිලවුන් හට වූ දේය.

    දැන් ඉක්ටාවය.

    ජනවාරි 8 මහින්දව ගෙදර යවා සිරිසේන බලයට ගෙන ඒමේ කුප්‍රකට කුමන්ත්‍රණය මෙහෙයෙවුයේ ඉන්දියානු බලල් අණ්ඩ වන රෝ ප්‍රමුඛ නඩය බව සාක්ෂි සහිතව පෙන්වා දිය හැකිය. එයට ආසන්නම හේතුව ලෙස අප දකින්නේ යුද්ධය නිම කිරිමෙන් පසු මහින්ද ගේ ආන්ඩුව ගෙන ගිය අතිශය රාජතාන්ත්‍රික නොවන ගොං විදේශ ප්‍රතිපත්තිය සහ දිගින් දිගටම තමිල්නාඩු සාධකය මගින් ඉන්දීය මධ්‍ය රජය වෙත කල බලපෑමය. එපමණක් නොව මහින්ද සිපා ගිවිසුම අත්සන් තැබීම අනන්තය දක්වා කල් තැබීම ද, ඉන්දියානුවන් ගේ මළ ට හේතු වී තිබේ. මහින්ද චීනය සහ පකිස්ථානය වෙත හැරීම ද, කොටින් ම කියනවා නම් ඉන්දියන් මෘදංගයේ පදයට මහින්ද නටන්නේ නැති වීමත් ඉන්දියාව මේ පියවර ගැනීමට හේතු වූ අනිත් කරුණුය.

    මහින්ද ගියේය. ආ මිනිසුන් වහාම ඉන්දියාව පිණවීම පිණිස සිහ නද නංවමින් චීනය සමග කල මහා පරිමාන වෙළෙද ගණුදෙනු අත්හිටවීය. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ගරු අගමැතුතුමා ලෝක වෙළද සමුළුවට සහභාගී වී කියන්නේ කුමක් ද, අපි චීනයේ ආයෝජන වඩාත් බලාපොරෝත්තු වෙමු කියාය. මේ කතා කරන්නේ එතුමන් ගේ ශ්‍රී මුඛයෙන් ද?

    කෙසේ වෙතත් දැන් ඉන්දියන් ලකටු හෝහපුට්ටන් හට ලංකාවේ රැකියා අවස්ථා දීමට රජය සැරසේ. ඉන්දියානුවන් ගේ වැඩ ගැන අන්තර් ජාලයේ ස්වාධින මෘදුකාංග නිර්මාණය කරන ෆ්‍රී ලාන්සර්වරුන් තරම් දන්නා කොටස් කොහේවත් නැත. ඉන්දියානුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කාළකන්නි බව උන් සාක්ෂි දරනවා ඇත. ඉන්දියානුවන් මේ ක්ෂේත්‍රය කන ආකාරය ගැන වෙන පැහැදිළි කිරීම් අවශ්‍ය නැත.

    මේ ගැන කතා දමන්නේ ආර්ථිකය ගැන මෙලෝ රහක් නොදන්නා සුජීව සේනසිංහ වැනි පකඩයන්ය. අඩුම තරමේ අර ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ප්‍රාමානික වියතුන් පවා මේ ගැන කට ඇර නැත. සේනසිංහලා කරන්නේ ආණ්ඩුවේ කුනු රෙදි සේදීමට එහා ගොස් හොරි කඩ කැහීම බව ද පැහැදිළිය.

    මොකා මොනවා කිව්වත්, මේ අවජාතක ගිවිසුම තීරනාත්මක ලෙස පරාජය කළ යුතුය. ඒ මගේ රටේ මිනිසුන් ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් සහ මගේ රටේ මිනිසුන් ගේ පරිගනක හැකියාවන් බල්ලාට යාම වැළැක්වීම සදහාය. ඒ සදහා සියළු ම ක්ෂේත්‍රවල සියළු ම වෘත්තිකයන් වහා එක් විය යුතුය. නැතිනම් පසුවට ප්‍රමාද වැඩි වනු ඇත.
     
    • Like
    Reactions: tharakanilupul

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ
    යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත් කර ගැනීමට ඉඩදෙනවාද?
    සීපා යනු -
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යන වෙළඳ හා සේවා ගිවිසුමයි. මෙය පෙබරවාරි මස අත්සන් තැබීමට යන බව ඔබ දන්වාද ?
    මෙම ගිවිසුම මගින් අවාසි සිදුවන්නේ කාහටද ?
    • වතු කම්කරුවන් ● සන්නිවේදන සේවා
    • සාමාන්‍ය කම්කරුවන් ● ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා
    • පෙදරේරුවන් ● ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා
    • වඩු කාර්මිකයන් ● නැවත ගොඩනැගීම්
    • ත්‍රී රෝද රථ රියදුරන් ● බෙදා හැරීමේ සේවා
    • සංචාරක සේවා ● තොග හා සිල්ලර වෙලඳාම
    • ක්‍රීඩා සේවා ● අධ්‍යාපන සේවා
    • කරණවෑමියන් ● සෞඛ්‍ය සේවා
    • ගුරුවරුන් ● හෙදියන්, සාත්තුසේවකයින්

    ලංකාවට යහපතක් සිදුවේද ?
    නැත
    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ තිබුණු ගිවිසුම් තුලින් අපහට වාසි සිදුවුනිද?
    ඉන්ධන සම්බන්ධ හෙජින් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 60,000 ක් අහිමි වු බව ඔබ දන්නවාද?
    වෙනත් රටවල් සමග මෙන් නොව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?
    මින් පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කල ඉන්දු ලංකා සාම ගිවිසුම ඔබ සැමට මතක ඇතැයි සිතමු. එයින් ලැබුනු සාමයක් නොමැත. එයින් ලැබුනේ පළාත් සභාව නැමැති විනාශකාරී සුදුඅලියා පමනි.
    මෙවැනි තත්වයක් යටතේ සේවා සඳහා ගිවිසුමක් අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට සිදුවන හානිය ඉතා විශාලය.

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අසමානතාවයන්
     ඉන්දියාවේ ජනගහනය කෝටි 125 ක් වැනි විශාල අගයකි
     රැකියා විරහිත භාවය ලංකාවේ ජනගහනය මෙන් දෙගුනයකි
     ළදරු මරණ අනුපාතය ඉතා ඉහලය
     මාතෘ මරණ අනුපාතය ඉතා ඉහලය
     සාක්ෂරතාවය ඉතා පහල අගයකි.
     ඒකපුද්ගල ආදායම ඉතා පහල අගයකි.
    මෙවැනි විශාල අසමානතාවයක් ඇති රටක් සමග සේවා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අප රටට ආරථික වානිජ්‍ය, සමාජීය අතින් කිසිදු වාසියක් ලැබෙතැයි ඔබ සිතන්නේ ද?
    ඉහත ගිවිසුමේ බරපතල සාධකය වන්නේ ඕනෑම ඉන්දියානු පුරවැසියකුහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයෙකුට හිමි වරප්‍රසාද සියල්ල හිමි වීමයි.
    1. නිදහස් අධ්‍යාපන පහසුකම් - ඔබගේ දරුවා පහසුකම් සහිත පාසලකට ඇතුලත් කිරීමට අපහසුවනු ඇත.
    2. නිදහස් සෞඛ්‍ය පහසුකම් - ඔවුන්ගේ බරපැන ද ඔබහට දැරීමට සිදුවේ.
    3. ප්‍රමිතියෙන් තොර නිසි පුහුනුවක් නැති සේවකයින් සේවයෙහි යොදවනු ඇත.
    ඉහත ආකාරයෙන් ඉන්දීය සේවාවන් ශ්‍රී ලංකාව ආක්‍රමනය කිරීමේදී ඔබට සිදුවන්නේ කුමක්ද ?
    ඉන්දීය කම්කරුවන් ඉතා අඩු වැටුපකට සේවා සැපයීමට පෙළබෙන විට එහිදී ශ්‍රී ලාංකික කම්කරුවාගේ රැකියාව අහිමිවනු ඇත. සංචාරක වීසා රැගෙන පැමිනි ඉන්දීය කම්කරුවන් මේ වන විටත් ඉතා අඩු වැටුපකට ඇතැම් ප්‍ර දේශවල රැකියාවේ යෙදී සිටි.
    මදක් සිතා බලන්න
    ඔබ භාවිතාකරණ ත්‍රී රෝද රථ සියල්ලම ඉන්දියාවේ නිශ්පාදිතයන් වේ. භාණ්ඩ ආනයන යටතේ ඉතා අඩුමිලකට ත්‍රී රෝද රථ ලබාගෙන ඔබගේ රැකියාව ආක්‍රමනය කරනු ඇත. ඉන්දියානුවන් තෙල් සහ අනෙකුත් භාණ්ඩ සමග ඉතා අඩු මිලකට ප්‍රවාහන සේවා සැපයීමෙන් ඔබගේ රැකියාව උදුරාගනු ඇත. මේ වන විට ඉන්දියානු සමාගමක් මගින් දකුණු හා බස්නාහිර පළාත්වල ගිලන් රථ සේවාව ආක්‍රමණය කර ඇත. අනෙකුත් වෘත්තීන් ද මේ සමගම ඉතා සීග්‍රයෙන් ආක්‍රමණය කරණු ඇත.
    ගිවිසුම මගින් ඇති කරණ අහිතකර ප්‍රතිපල
    ඉහත ගිවිසුම යටතේ ලංකාවට පැමිනීමට නියමිත අති විශාල ජනතාව නිසා ලංකාවෙන් තුරන් කරඇති හා තුරන්වෙමින් පවතින හා මෙතෙක් ලංකාවෙන් වාර්ථා නොවූ භයානක රෝග ඔබට ඔබගේ දරුවාට වැළදෙනු ඇත. ඒවා පාලනය කිරීමට ඔබගේ මුදල් වැයවෙනු ඇත.
    • දැනට හොර රහසේ ඉන්දියාවේ සිට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම එලිපිටම සිදුවනු ඇත.
    • ළමා ගනිකාවන් ලංකාවට පැමිනෙනු ඇත. එමගින් ඔබේ දරුවාද මෙයට ගොදුරුවිය හැක.
    • යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත්කර ගනු ඇත.
    • ඔබගේ ඔබගේ දරුවාගේ රැකියාව නිවස ඔබට අහිමිවනු ඇත.
    • ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත.
    මෙම විනාශය වැලක්වීමට ඔබට කලහැක්කේ කුමක්ද?
    ඔබ මේ ගැන දැනුවත් වී අන් අයද දැනුවත් කරන්න.
    මේ පිළිබඳ ඔබගේ මහජන නියෝජිතයාගෙන් විමසා සිටින්න. අවාසනාවනම් ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනී. මන්ද මෙය පුද්ගලික වාසි තකා කරුණු වසන්කර සිදුකරන ගිවිසුමක් බැවිනි.
    මෙයට ඇති එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් සකස්කර ඒ අනුව ක්‍රියාත්මක වීමයි. මේ සඳහා ඔබගේ මහජන නියෝජිතයන් හට බලකර සිටින්න. ඔවුන් අවදිකරන්න.

    extracted for your knowledge...............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    knna denawa nam, apita bonna denawa nam...

    jayalalitha janadhipathi unath mokada appaaa.. :(
    ඒක නං ඇත්ත.....
    ජෙයලලිතා තල තෙල් ගද ගහන අර තඩි පස්ස අපේ මූනෙ උලද්දී කොච්චර ආතල් ද නැද්ද මචං???????:dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,504
    113
    රූකඩ රාජ්ජේ
    සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!



    48985591.jpg


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,504
    113
    රූකඩ රාජ්ජේ


    හොද ගුරුන්නාන්සේ කෙනෙක් අල්ලගෙන කොඩි විනයක් කරන්න බැරිද බන් මුන් දෙන්නව ඉවරයක් වෙලා යන්න.පවු නෑ යකෝ මේ වගේ එවුන්ට එහෙම කරාට.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    හොද ගුරුන්නාන්සේ කෙනෙක් අල්ලගෙන කොඩි විනයක් කරන්න බැරිද බන් මුන් දෙන්නව ඉවරයක් වෙලා යන්න.පවු නෑ යකෝ මේ වගේ එවුන්ට එහෙම කරාට.

    එච්චර ඕන නෑ........
    මේක කලොත් ඇති....

    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සකල එළකිරියන් ගේ දැන ගැනීම පිණිස අවජාතක CEPA-ECTA ගිවිසුම් වලට විරෝධය පළකෙරෙන සියළු ම ත්‍රෙඩ් උඩින් ම තබා ගන්නා ලෙස ඉල්ලමි!!!!!!
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ආර්ථික මර්මස්ථාන -කොටස් වෙළෙද පොල සහ බැංකු, විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් සහ අනිත් දුරකථන ජාල මෙහෙයුම් පද්ධති, ගුවන් තොටුපල, වරාය කියන තැන් වල ඉන්න අයිටී වැඩ්ඩො ටික පැය 24ක සංකේත වර්ජනයක් කරත් ඇති මේ අවජාතක ගිවිසුම් වලට විරෝධය දක්වන්න..............
     

    Similar threads