අපි ඉන්නේ සුරක්ෂිත තැනක- පාඨලී

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
අපි ඉන්නේ සුරක්ෂිත තැනක- පාඨලී

නාස්‌තිය අඩු කරනවා කියන්නේ
සුඛවිහරණය කප්පාදු කිරීමට නොවේ!

- විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක

විදුලිය අඩු කරන්න කියලා ඔබ ජනතාවගෙන් ඉල්ලනවා. නමුත් අද විදුලිය අත්‍යාවශ්‍ය භාණ්‌ඩයක්‌. සෑම නිවසකම විදුලි උපකරණ, පරිගණක තියෙනවා. මේ තත්ත්වය යටතේ මේ ඉල්ලීම සාධාරණද?

අපි කියන්නේ නෑ සුඛවිහරණය කප්පාදු කරන්න කියලා. කියන්නේ නාස්‌තිය අවම කරගන්න කියලයි. අද විදුලි බලය 86% ක්‌ම ජනනය වන්නේ තාප විදුලියෙන්. ජල විදුලියෙන් 14% යි. ඛනිජ තෙල් මිල ඉහළ යනකොට තාප විදුලිය ඉහළ යනවා. ඩීසල්වලින් නිපදවන විදුලි ඒකකයකට රුපියල් 60 ක්‌ යනවා. නමුත් අපි දෙන්නේ 16 ටයි. විශාල මූල්‍ය පාඩුවක්‌ තියනවා. අපි කියන්නේ විදුලි උපකරණ කාර්යක්‍ෂමව පාවිච්චි කරලා සෑහෙන විදුලියක්‌ ඉතිරි කරගන්න කියලා. ඉදිරියේදී තෙල් මිල අඩුවෙන්නේ නැහැ. තවත් වැඩි වෙනවා. තෙල් සම්පත අවුරුදු 30 කින් අවසන් වෙනවා. තෙල්, ගල් අඟුරු මිල තවත් ඉහළ යනවා. විදුලි ඒකකයක්‌ අඩු මුදලට දීම හීනයක්‌. එය ආණ්‌ඩුවේ ප්‍රශ්නයක්‌ හෝ ඇමැතිවරයාගේ ප්‍රශ්නයක්‌ නොවේ. අද ඇමරිකාවේ තියන වාදය තෙල් ගැලුම ඩොලර් 02 ට දෙනවාද 04 ට දෙනවා ද කියන එකයි. මේ නිසා අපේ ඇවතුම් පැවතුම් වෙනස්‌ කර ගන්න අවශ්‍ය බවයි අප කිව්වේ.

ඇත්තෙන්ම විදුලි බිල අඩු කරන්න කියලා විදුලිබල අමාත්‍යාංශය ව්‍යාපෘතියක්‌ අරඹලා සම්මන්ත්‍රණ තියාගෙන යන්නේ මේ විදුලි අර්බුදය උග්‍රවී ඇති නිසාද?

විදුලි අර්බුදය කියන්නේ අපට විදුලිය සපයන්න බාධාවක්‌ නැහැ. ඉහළ කොත්මලේ ආවාට පස්‌සේ අපේ ධාරිතාව මෙගාවොට්‌ 1300 යි. සැපයීමේ ප්‍රශ්නයක්‌ නැහැ. 2011 අප්‍රේල් හා 2012 අප්‍රේල් අතර මෝසම් වැසි දෙකම අසාර්ථකයි. වෙන කාලයක නම් විදුලිය කපන්න වෙනවා. දැන් තාප බලාගාර ශක්‌තිමත් නිසා විදුලිය දෙන්න පුළුවන්. නමුත් විදුලිය ගණන්. චෙන්නායි නගරයේ පැය 2 ක්‌ විදුලිය කපනවා. නගරයෙන් පිට පැය 8 ක්‌ විදුලිය කපනවා. කර්මාන්තවලට දවස්‌ දෙකක්‌ විදුලිය දෙන්නේ නැහැ. පකිස්‌තානයේ පැය 16 ක්‌ විදුලිය කපනවා. බංගලිදේශයේ පැය අටක්‌ විදුලිය කපනවා. කලාපයේම අපි තමයි පැය 24 ක්‌ විදුලිය දෙන්නේ. නමුත් විශාල මුදලක්‌ යනවා. මෙය අඩු කළේ නැත්නම් විශාල මුදලක්‌ යනවා. මේ නිසා තමයි විදුලිය අරපිරිමසින්න කියන්නේ.

හෙට අනිද්දා වන විට නොදන්වා විදුලිය කැපීමක්‌ එන බව ප්‍රකාශ වෙනවා. මේ ගැන ඔබේ අදහස?

කවුද කියන්නේ? ඕක අමූලික බොරු. ඉංජිනේරුවන්ගේ වර්ජනය නිසා සමහර වෙබ් අඩවි බොරු ප්‍රචාර යෑව්වා. කැමැති අයට අපේ ක්‍රියාවලිය හා ඉන්න පුළුවන්. අකමැති අයට යන්න පුළුවන්.

කලක්‌ ඔබ විදුලිබල මණ්‌ඩලය ලාභ කළා යෑයි පැවසුවා. අද ඒ ලාභ තත්ත්වය කෙසේ වෙතත් ජනතාවට පටි තද කරගන්න වෙලා. තියන ලයිට්‌ එකත් නිවාගෙන ඉන්න කියනවා. මේ වැරැද්ද ඔබගේ ද විදුලිබල මණ්‌ඩලයේද? නැත්නම් තෙල් බැරලයේද? නැත්නම් ඔබ කියන ආකාරයට ශිෂ්ටාචාරයේ අර්බුදයක්‌ද?

තෙල්වලින් විදුලිය නිපදවන තාක්‌ මම නෙවෙයි විශ්වකර්මයා විදුලිබල ඇමැති වුණත් ප්‍රශ්නය එහෙමමයි. 2010 ජනන වියදම බිලියන 82 යි. 2012 බිලියන 163 යි. වියදම 100% කින් වැඩි වෙලා තියනවා. ඊට සාපේක්‍ෂව ගාස්‌තු වැඩි වූවේ නැහැ. ගාස්‌තු වැඩි වුණේ 23% කින්. කාටත් තේරෙනවා තෙල් බැරලය දෙගුණයකින් වැඩි වුණා කියලා. මේක පාලනය කරන්න බැහැ. අපි උපරිම කාර්යක්‍ෂමතාව යොදවලා 2010 දී බිලියන 15 ක්‌ ඉතිරි කළා. 2011 දී බිලියන 11 ක්‌ ඉතුරු කළා. 2012 දී බිලියන 20 ක්‌ ඉතිරු කරන්නයි බලන්නේ. අපි කාගෙන්වත් ණය ගන්නේ නැහැ. තෙල් මිල ඉහළ ගිය ප්‍රමාණයට ගාස්‌තු වැඩි නොකර සහන ලබාදීලා විදුලිබල මණ්‌ඩලයේ ලාභ පෙන්නන්න බැහැ. අපිට මැජික්‌ පෙන්නන්න බැහැනේ. කාර්මාන්තවලට ආගමික ස්‌ථානවලට වීදි ලාම්පුවලට අපි බිලියන 40 ක්‌ විතර සහනාධාර දෙනවා. මණ්‌ඩලයේ පාඩුව වෙනත් ආයතනයක ලාභයක්‌ වෙනවා. රට පුරා අපි සෑම ගමකටම විදුලිය දෙනවා. ලක්‍ෂ 2 ක්‌ යනවා විදුලිය දෙන්න. නමුත් අපි ගන්නේ පනස්‌දාහයි. මෙහෙම කරලා ලාභ උපයන්න බැහැ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය ගැන ඔබේ අදහස කුමක්‌ද?

මේ පරාජය කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවත් බලපානවා. ආයෝජනවලටත් බලපෑමක්‌ එල්ල වෙනවා. ලංකාව මානව හිමිකම් කඩපු රටක්‌ය යන මතය ලොව පුරා යනවා. ආයෝජකයින් බිය වෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් බලන්නේත් නැවත සංවිධානය වෙන්න මෙයින් ඔවුන්ට තල්ලුවක්‌ ලැබෙනවා. දිගුකාලීනව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමතරව අන්තර්ජාතික නීතිය කඩ කළා කියන චෝදනාවත් ලංකාව යුද අපරාධ චෝදනා ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය කළේ නැහැ කියන එකත් එල්ල වෙනවා. ඒ අනුව මෙය අනාගතයේ ලංකාවේ දේශපාලන ස්‌ථාවරත්වයට අටවපු ජාත්‍යන්තර බිම් බෝම්බයක්‌ වෙනවා. ඇමරිකාව ඕනෑම අවස්‌ථාවක ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගන්න විවෘත වරමක්‌ ලැබිලා තියනවා. ලිබියාවට ගුවන් ප්‍රහාර එල්ල කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂික ආධාර ලබාදීමේ යෝජනාවට මුවාවෙලා. ඉරානයට ඇමරිකාව ආර්ථික සම්බාධක පැනෙව්වේ කිසිම යෝජනාවක්‌ නැතිවයි.

ඇමරිකන් ජනාධිපතිවරයාට එරෙහිව කොළඹ තාප්පවල අසභ්‍ය වචන ලියා මේ අර්බුදයෙන් ගොඩඒමට සිතීම විහිළුවක්‌ නේද?

අපි රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බොහොම බුද්ධිමත් විය යුතුයි. කලහකාරී වංචාකාරී, කප්පම්කාරී දේශපාලනයෙන් අප මිදිය යුතුයි. අපි මේ ප්‍රශ්නය බොහොම සැලසුම් සහගත රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමකින් තමයි විස¹ගත යුත්තේ. අපි ප්‍රකෝපකාරී වුවහොත් වාසිය ඇමරිකාවටයි. අපේ විරෝධතා මගින් උත්සාහ කළයුතු වන්නේ ලෝකයේ ගෞරවය දිනා ගැනීමටයි. ඔවුන්ට පුළුවන් අපේ භාණ්‌ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා ඉන්න ආයෝජකයන්ව එයින් ඉවත් කරන්න. අපේ රජය ඇමරිකාවේ ආයෝජනය කරලා තියන වත්කම් තහනම් කරන්න. සිරියාවේ ජනපතිගේ ඇමරිකානු වත්කම් තහනම් කර දැම්මා. අපේ අපනයනවලින් 56% ක්‌ යවන්නේ උතුරු ඇමරිකාවට හා යුරෝපයටයි. අපිට ආර්ථික ප්‍රහාරයකට ඔරොත්තු දෙන්න බැහැ. ඒ නිසා අපි බුද්ධිමත් විය යුතුයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට බස්‌නාහිර පළාත් සභාවේ යෝජනාවක්‌ සම්මත වුණා. ඔබේ පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් ද එහි ඇමැතිවරයෙක්‌. උගත් පාඩම් කොමිසමෙන් උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ දෙන්න කියනවා නේද? මෙයට හෙළ උරුමය එකඟ ද?

බස්‌නාහිර පළාත් සභාවේ මේ යෝජනාව සම්මත වූයේ සංශෝධන සහිතවයි. උගත් පාඩම් කොමිසමේ යෝජනා දෙකක්‌ තියනවා. අපි කියන්නේ අපේ හමුදා මෙහෙයුම් කටයුතු ගැන විමර්ශනයක්‌ කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සිදු නොවිය යුතු බවයි. යුදමය කාරණා ගැන තීරණ ගත යුත්තේ ආරක්‍ෂක අංශ විසින්. ඒකට පිටරැටියන්ට මැදිහත් වෙන්න බැහැ. නීතිමය හා ව්‍යවස්‌ථාව සම්බන්ධව ගන්නා තීරණ පිළිබඳ අවසන් වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඇත්තෙන්ම උගත් පාඩම් කොමිසම තමන්ගේ වරම ඉක්‌මවා ගොස්‌ තියන බව කියන්න ඕනෑ.

සාකච්ඡා කළේ චතුර පමුණුව
 

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
මෙන්න විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව

නාස්‌තිය අඩු කරනවා කියන්නේ
සුඛවිහරණය කප්පාදු කිරීමට නොවේ!

මෙන්න විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කිරීම පිණිස පුංචි ටිප්ස්
ඉර බහින්නට පෙර සියලු කටයුතු නිමවා වේලාපහින් නිදා ගන්න. රෑ මිද අවදි වුණොත් බිරිඳ සමග සංසර්ගයේ යෙදෙන්න. බිරින්දෑවරු නැතිනම් ස්වයං වින්දනයේ යෙදෙන්න. එවිට නැවත නින්ද යනු ඇත.


ඉර උදා වූ පසු අවදි වන්න. ළිප් බැඳ ගිනි මොළවා උයා කන්න. රෙදි පෙරෙදි ගඟට ගොස් සෝදා ගන්න.


හැබැයි නො වරදවා ම ජාතික හා ස්වාධීන රූපවාහිනී නම් බලන්න. ආසියාවේ ආශ්චර්යය ඔබ දෑස් ඉදිරිපිට මැවෙනු ඇත.