අපි ඉල්ලුවේ වතුර ලැබුණේ වෙඩි - තෙරිපැහැ සි#
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකරන ලද මිලේච්ජ ක්‍රියාවන් දෙස බැලීමේදී ඔහුට මේ රට භාර දිය යුතුයිද කියන ප්‍රශ්නය පවතින බව වැලිවේරිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරවාසී හෙළයේ මහා ජන පවුර සංවිධානයේ සභාපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.
ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගත යුතුව ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.
2013 වසරේ ජූලි 27 වැනි දින වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වතුර වෙනුවට වෙඩි වරුසාවක් ලැබුණු ආකාරය අමතක නැති බවයි සිරිධම්ම හිමියෝ පැහැදිලි කළේ.
එවකට ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂටද එම ස්ථානයට පැමිණ ජනතාවට විසඳුමක් දීමට නොහැකි වූ බව උන්වහන්සේ කියා සිටියහ.
රතුපස්වල එම ඛේදජනක සිදුවීමෙන් තරුණ ජීවිත තුනක් අහිමි වූ බවත් එවැනි පාලකයන්ව යළිත් ඉල්ලා සිටින ජනතාව සම්බන්ධයෙන් තමන් වහන්සේ කණගාටු වන බවද පැවසූහ.
තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මෙම අදහස් පළ කළේ අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
රතුපස්වල සිදුවීමට මුහුණ දුන් තවත් තිදෙනෙකුද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
https://www.lankanewsweb.net/sinhal...කරළියට---අපි-ඉල්ලුවේ-වතුර-ලැබුණේ-වෙඩි--VIDEO-

Usual reaction eka wenne government eken loku fine ekak factory ekata gahana eka ho factory eka seal thiyana eka.