හරියටම අවුරුද්දකට කලින්,
පැතුම්ගෙ ගෙදරට පොළිසිය එනවා.
පැතුම් Immediately
“The Leadership Group” එකෙන්
පණිවිඩයක් දුන්නා.
Guys,
Stay low, Stay Safe.
"සමිත් තමයි ඒ ක්ෂණිකව කිව්වේ
Tharuka ගෙදර ඉන්න එපා.
අනුරුද්ධ උඹත්.. "
"අපේ ගෙදරට පාන්දර 5ටත්
පහුවදා දවල් වෙනකොට
ව්‍යාපාරික ස්ථානයටත් පොළිසිය ආවා.
ඒ එනකොට මම ගෙදර නෑ"
ඒ සමාන්තරවම පොළිසිය ඇවිත් අනුරුද්ධව
පාන්දරම අරන් ගිහින්.
ඇත්තටම නුවරට එයි කියල අපි හිතුවෙත් නෑ.
එක මොහොතින්
අපි පුලුවන් උපරිම ශක්තිය දරලා
නීතීඥයෝ හැමෝටම කතා කරලා
කොල්ලව හොයන්න ගත්තා.
ලෝයර්ස්ලා IG Office එකට පවා
හොයාගන ගියා.
නමුත් අන්තිම මොහොතෙත්
පොළිසිය අනුරුද්ධගේ තාත්තට කියල තිබ්බේ,
"මේක පිටට යවන්න එපා, දරුවව දෙන්නම් කියලා"
කරගන්න දෙයක් නැති අනුරුද්ධගෙ අහිංසක තාත්තා
අපිට එවපු පණිවිඩයත් එහෙමයි.
නමුත් ඒකට අවනත වෙලා
අපිට ගොඩක් වෙලා ඉන්න බැරි උනා.
හොයල බැරිම තැන සඳමාලි අක්කා කෝල් කරා.
"මල්ලි, කොල්ලා නෑ කොහේවත්, මුන් දෙන්නේ නෑ එළියට.."
මොකද කරන්නේ උඹ කියපන්..'
රයිට්,
අක්කේ මම පෝස්ට් කරනවා වෙන විසදුම් නෑ.
පැතුම්,
අනුරුද්ධගේ තාත්තා ඇහුවොත්,
"තාරුක දන්නෙ නැතුව දාලා කියන්න" Chapter Close.
සමිත් පීරිස් කෝල් කරපු
විනාඩි කීපයට මේ පෝස්ට් එක හැදුව.
අපි පැය කීපයක් තුළ දෙන්න
පුලුවන් හැම තැනටම නිවුස් එක යැව්වා.
අචල මානව හිමිකම් කතා කරලා තිබුනා.
ගොඩනැගුනු සමාජ පීඩනය එක්ක
පොළිසියට අනුරුද්ධ ඉන්න තැන එළියට දෙන්නම උනා.
පොළිසිය ඇතුලට මුලින්ම අනුරුද්ධ හම්බෙන්න ගිහින්
ඉන්න මහත කළු කබාකරු, චමීර අයියා.
ඒ අතරේම වැඩේ ගොඩදාන්න
නීතීඥ ප්‍රසාද් ලා මාර මහන්සියක් උනා.
"මගෙන් ඇහුවේ අපේ එකෙක් නේද තාරු කියල විතරයි..."
ප්‍රසාද්ට අනුව තරුණ නීතීඥයෝ 100ක්
120ක් අනුරුද්ධගේ
නඩුව ගන්නකම් නිදිමරාගන හිටියා.
පොළිසිය ගම්පොළත් යවලා
නීතීඥයෝ සෙට් එකව මාර රස්තියාදුවක් කලා.
කෝල්, මැසේජ් එනවා මාර තොගයක්.
කොල්ලට මොකද? අහලා..
"පොලිස් වාර්ථාවේ තිබ්බේ
ජනාධිපතිට විරුද්ධව මුහුණුපොතෙන් කැරැල්ලක් නිර්මාණය කළ ප්‍රධාන නිර්මාතෘ පැතුම් සංකල්පන කර්නර්
වෙනුවෙන් ශ්‍රීලංකාව තුළ කැරැල්ල මෙහෙයවීම"
වගේ සාරාංශයක්.
පාන්දර නඩුව ගත්තා.
අපි එදා මිරිහානට පස්සේ දෙවනි ජය!
අනුරුද්ධ බණ්ඩාර නිදහස්.
එදාට පස්සේ එළියට ඇවිත්
ඔහුගේ නිදහසේ ඉදලා
කිසිම මොහොතක අපිට කතා කලේ නෑ තමයි.
"අපිට විරුද්ධව දිගටම ලිව්වා තමයි.
ඒකට හේතුව මම තවම දන්නෙ නෑ තමයි."
අද ආයෙත් ඔහුව, ධානිශ්ව තව කීපදෙනෙක්
අත්තඩංගුවට අරන්.
ඔව්, එදා අරගලයට තිබුනු මහජන සහය අද නෑ. අඩුයි.
මිනිස්සු පිළ් බෙදිලා.පක්ෂ වලට කැඩිලා.
සතුරා ශක්තිමත්.
වීදිසටන ගැන හදාරලා ඉවරයි.
මොනවා උනත්
මනුශ්‍යත්වය වෙනුවෙන්,
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්
අපි අතර බෙදීමක් නෑ.
මට හිතෙන්න්නේ මෙහෙම,
"රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වියරුව
ඔහුගේ ජීවිතයේ ලස්සනම කාලය සහ අදුරුම කාලය
ඔහුට උදා කරාවි"
ඕනෑම මොහොතක
අපි මේ ඒකාධිපති වියරුවට විරුද්ධව ඉන්නවා!
ජය!
#ReleaseSocialActivists
#Mirihana
TR
NGF
පැතුම්ගෙ ගෙදරට පොළිසිය එනවා.
පැතුම් Immediately
“The Leadership Group” එකෙන්
පණිවිඩයක් දුන්නා.
Guys,
Stay low, Stay Safe.
"සමිත් තමයි ඒ ක්ෂණිකව කිව්වේ
Tharuka ගෙදර ඉන්න එපා.
අනුරුද්ධ උඹත්.. "
"අපේ ගෙදරට පාන්දර 5ටත්
පහුවදා දවල් වෙනකොට
ව්‍යාපාරික ස්ථානයටත් පොළිසිය ආවා.
ඒ එනකොට මම ගෙදර නෑ"
ඒ සමාන්තරවම පොළිසිය ඇවිත් අනුරුද්ධව
පාන්දරම අරන් ගිහින්.
ඇත්තටම නුවරට එයි කියල අපි හිතුවෙත් නෑ.
එක මොහොතින්
අපි පුලුවන් උපරිම ශක්තිය දරලා
නීතීඥයෝ හැමෝටම කතා කරලා
කොල්ලව හොයන්න ගත්තා.
ලෝයර්ස්ලා IG Office එකට පවා
හොයාගන ගියා.
නමුත් අන්තිම මොහොතෙත්
පොළිසිය අනුරුද්ධගේ තාත්තට කියල තිබ්බේ,
"මේක පිටට යවන්න එපා, දරුවව දෙන්නම් කියලා"
කරගන්න දෙයක් නැති අනුරුද්ධගෙ අහිංසක තාත්තා
අපිට එවපු පණිවිඩයත් එහෙමයි.
නමුත් ඒකට අවනත වෙලා
අපිට ගොඩක් වෙලා ඉන්න බැරි උනා.
හොයල බැරිම තැන සඳමාලි අක්කා කෝල් කරා.
"මල්ලි, කොල්ලා නෑ කොහේවත්, මුන් දෙන්නේ නෑ එළියට.."
මොකද කරන්නේ උඹ කියපන්..'
රයිට්,
අක්කේ මම පෝස්ට් කරනවා වෙන විසදුම් නෑ.
පැතුම්,
අනුරුද්ධගේ තාත්තා ඇහුවොත්,
"තාරුක දන්නෙ නැතුව දාලා කියන්න" Chapter Close.
සමිත් පීරිස් කෝල් කරපු
විනාඩි කීපයට මේ පෝස්ට් එක හැදුව.
අපි පැය කීපයක් තුළ දෙන්න
පුලුවන් හැම තැනටම නිවුස් එක යැව්වා.
අචල මානව හිමිකම් කතා කරලා තිබුනා.
ගොඩනැගුනු සමාජ පීඩනය එක්ක
පොළිසියට අනුරුද්ධ ඉන්න තැන එළියට දෙන්නම උනා.
පොළිසිය ඇතුලට මුලින්ම අනුරුද්ධ හම්බෙන්න ගිහින්
ඉන්න මහත කළු කබාකරු, චමීර අයියා.
ඒ අතරේම වැඩේ ගොඩදාන්න
නීතීඥ ප්‍රසාද් ලා මාර මහන්සියක් උනා.
"මගෙන් ඇහුවේ අපේ එකෙක් නේද තාරු කියල විතරයි..."
ප්‍රසාද්ට අනුව තරුණ නීතීඥයෝ 100ක්
120ක් අනුරුද්ධගේ
නඩුව ගන්නකම් නිදිමරාගන හිටියා.
පොළිසිය ගම්පොළත් යවලා
නීතීඥයෝ සෙට් එකව මාර රස්තියාදුවක් කලා.
කෝල්, මැසේජ් එනවා මාර තොගයක්.
කොල්ලට මොකද? අහලා..
"පොලිස් වාර්ථාවේ තිබ්බේ
ජනාධිපතිට විරුද්ධව මුහුණුපොතෙන් කැරැල්ලක් නිර්මාණය කළ ප්‍රධාන නිර්මාතෘ පැතුම් සංකල්පන කර්නර්
වෙනුවෙන් ශ්‍රීලංකාව තුළ කැරැල්ල මෙහෙයවීම"
වගේ සාරාංශයක්.
පාන්දර නඩුව ගත්තා.
අපි එදා මිරිහානට පස්සේ දෙවනි ජය!
අනුරුද්ධ බණ්ඩාර නිදහස්.
එදාට පස්සේ එළියට ඇවිත්
ඔහුගේ නිදහසේ ඉදලා
කිසිම මොහොතක අපිට කතා කලේ නෑ තමයි.
"අපිට විරුද්ධව දිගටම ලිව්වා තමයි.
ඒකට හේතුව මම තවම දන්නෙ නෑ තමයි."
අද ආයෙත් ඔහුව, ධානිශ්ව තව කීපදෙනෙක්
අත්තඩංගුවට අරන්.
ඔව්, එදා අරගලයට තිබුනු මහජන සහය අද නෑ. අඩුයි.
මිනිස්සු පිළ් බෙදිලා.පක්ෂ වලට කැඩිලා.
සතුරා ශක්තිමත්.
වීදිසටන ගැන හදාරලා ඉවරයි.
මොනවා උනත්
මනුශ්‍යත්වය වෙනුවෙන්,
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්
අපි අතර බෙදීමක් නෑ.
මට හිතෙන්න්නේ මෙහෙම,
"රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වියරුව
ඔහුගේ ජීවිතයේ ලස්සනම කාලය සහ අදුරුම කාලය
ඔහුට උදා කරාවි"
ඕනෑම මොහොතක
අපි මේ ඒකාධිපති වියරුවට විරුද්ධව ඉන්නවා!
ජය!
#ReleaseSocialActivists
#Mirihana
TR
NGF