අපි කව්ඩගල ආවෝ ♥️♥️♥️♥️

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හාමුදුරු කෙනෙක්ගෙ ජොබ් එක හතරවටෙන් ඩොනේශන් ඉල්ලලා කොන්ක්‍රීට් ගොඩවල් ගගහා හැම තැනම යන එකද? මමනං දන්න විදිහට තමන් වීර්‍යයෙන් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරලා මාර්ගඵල
    ලබලා නිරවාණය අවබෝධ කරන්න උත්සහා කරන ගමන් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ධර්මය හොදට නිරවුල්ව තේරෙන්න දේශනා කරලා ඒ මිනිස්සුන්වත් සත්‍ය අවබෝධ කරන මාර්ගයේ ගමන් කරවන්න සලස්වලා මාර්ගඵල ලබලා සසර දුකින් මුදවගන්න උත්සාහා කරන එක කියලා? දැන් හාමුදුරුවො මිනිස්සු ඕගනයිස් කරලා ආධාර ඉල්ලලා සිමෙන්ති කොට්ට කරෙන් උස්සලා කොන්ක්‍රීට් ගොඩවල්
    ගහන්න පටන් ගත්තම මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරන්න ධර්ම දේශනා කරන්න ඕන සිවිල් ඉංජොද? 🤣
    “යම් දෙයක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවන් වැඩි බුදුරජාණන් වහන්සේගේ අබ ඇටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකදු පුදන්නේ නම්, චිත්තප්‍රසාදය සම වූ කල්හි පිනද සමානය. මහත් බවට ගියේද වෙයි. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් වහන්සේ පුදනු මැනව” මෙලෙස වදාළේ සසරේ ධාතුන් වහන්සේ නමට පස් වසරක් උපස්ථාන කොට ඒ පිනෙන් අරහත්වයට පත් වූ “පච්වුපට්ඨාන සඤ්ඤක” රහත් මුනිඳුන් විසිනි. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ යැයි සලකා ධාතුන් වහන්සේ වන්දනාමාන සත්කාර යමෙක් කරන්නේ නම්, ඔහුට අපමණ පින්ඵල රැස්වේ

    මනුස්ස ආත්මයක් ලැබුවේ මන්ද?​


    මේ විස්තරය සටහන් තබන්නේ බොහෝ දෙනෙක් ධාතු වන්දනාවේ යෙදුනාට ඒ ගැන මහත් පී‍්‍රති ප්‍රමෝදයෙන් යෙදෙන බවක් දකින්නට නො ලැබේ. සමහර අයට පින ගැන කිසිදු නිනව්වක් නොමැත. සිදුවන්නේ කාබී මේ ජීවිත්වීම පමණි. මිනිසත්බව නො දැනීම නිස්කාරණයේ ගෙවී යයි. මෙතැනින් චුත වූ කළ ඉපදෙන්නේ කොහිද? ඒ ලෝකයේ පින ගැන කුසල් ගැන නිවන ගැන අසා දැනගන්න ලැබේද? මේ හැම දේම අද ඔබට අසන්න ලැබේ. වුවමනාව සහ නුවණ තිබේනම් මේ මනුස්ස ජීවිතේ සඵල කර ගන්න පුළුවනි. එයට විශාල ලෙස පැති විවෘතව ඇත.
    අප මේ කතා කරන්නේ තුන් ලෝකයේ අසහාය මහා නිකෙලෙස් මුනිවරයාට වන්දනා කිරීමෙන් රැස්වෙන පින ගැනය. පින කියන දේ දෑසට නොපෙනේ. එනිසා මිනිසුන් පිනට ආසා කරන්නේද නැත. පව කියන එකත් නොපෙනේ. නමුත් පවු සිදු කරති. සසරේ භයංකාර බව දන්නා බුද්ධිමතා සැප විපාක දෙන පින කරති. දුක් විපාක දෙන පාපය බැහැර කරති.

    පින මෙයයි​

    පින කියන්නේ පුදුම සුන්දර දෙයකි. අද්භූත දෙයකි. සිතා ගත නොහැකි දෙයකි. ධම්මපදයේ “ජෝතික” සිටාණන්ගේ කතාව එයට උදාහරණයකි. සාමාන්‍යය මනුස්සයකුට සිතා ගන්නටවත් නොහැකි තරමට පින බලවත් වේ. පින කියන්නේ සැපයට කියන නමකි. “සුකස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං” ඒ පිනේ සැප විපාක අරුමය.

    බුදුරජාණන් වහන්සේ ස්තූප තනවන්න වදාළේ කිම?​


    පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ ස්තූප තනවා පිදීමට සුදුසු වේද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපය” යැයි ඔවුහු එහි සිත පහදවා ගනිති. මේ චිත්ත ප්‍රසාදයෙන් කය බිඳී මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදී. මේ කරුණෙන් තථාගතයන් වහන්සේගේ ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්.

    මෙහිදී තථාගතයන් වහන්සේ වදාළේ සිත පහදවා ගැනීමම සුගතියට හේතුවන බවකි. යමෙක් මලින්, පහනින්, සුවඳින් පුදා වන්දනා මාන කරනවිට කොතරම් නම් පිනක් රැස්වේවිද? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ස්තූප කරවීම බොහෝ දෙනාට බොහෝ කල් හිතසුව පිණිස පවතින බව. ඒ වගේම ධම්මපදයේ සඳහන් වෙන්නේ කෙලෙස් බැහැර කළ නිකෙකෙලස් උතුමනට වන්දනා කිරීමෙන් රැස්වන පින මෙපමණයි කියා මැන සංඛ්‍යාවකට ගත නොහැකි බවය. ඒ වගේම චේතිය පූජාවෙන් රැස්වන පින පුණ්‍ය නිධානයකි. ඒ පිනෙන් විශ්්මිත සැප උපදී. මේ පිළිබඳව අපූරු විස්තරයක් අපදානයේ සඳහන්.

    අරුම පුදුම වැලි සෑය​

    හිමාලයේ යමක කියන පර්වතය අසල “අමෙරිකා” නමින් නදියක් තිබුණි. ඒ නදිය අසල අසපුවක ශිෂ්‍යයන් තුන් දහසකට ගුරුහරුකම් දෙන “නාරද” නම් තාපසයා ජීවත් විය. හැම දෙනාම ඔහුට වන්දනා කරති. මේ තාපසයා දිනක් කල්පනා කරන්නේ සියලු දෙනා වන්දනා කරන්නේ මටය. මම කාටද වන්දනා කළ යුත්තේ කියා. ඔහු සම්බුදුවරු ගැන අසා තිබුණි. ගඟ අසලට ගොස් වැලිවලින් සෑයක් තනවා මේ වැඩ සිටින්නේ අසමසම ඇති බුදුරජාණන් වහන්සේ යැයි සිතා උදේ සවස වන්දනා කරති. මේ තාපසයාට අකුසල විතර්ක ආ විට “මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා නෙව. මෙහෙම සිතිවිලි මට යහපත පිණිස නොවේ” හිතා ඒ අකුසල් බැහැර කරති. කාලයකට පසු මොහු මියගොස් සෑය පිදූ පිනෙන් වැඩූ ගුණයෙන් බඹලොව ඉපදුණි. බොහෝ ජීවිතවල සක් දෙවිඳු විය. සක්විති රාජ පදවි ලැබුණි. බොහෝ සැප සම්පත් ලැබුණි.

    ස්තූප පිරිසුදු කිරීමේ විපාක​


    කැලෑවේ ඇවිදිමින් යන මිනිසෙකු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයක් දුටු අතර, එය ගරා වැටී තණ, ගස් ආදිය වැවී තිබෙන අයුරු දුටුවේය. ජරාවාස වී කටුඅකුල් වැවී ඒ ගරා වැටී තිබුණු සෑය දුටු මොහුට බුද්ධ ගෞරවය ඇතිවුණි. අර කටු කොහොල සුද්ධ පවිත්‍ර කොට, සෑය පවිත්‍ර කෙරිණ. සෑයට අටවතාවක් වන්දනාමාන කොට පිටු නොපා ගෞරවයෙන් එතැනින් පිටත් විය. ඔහු මියගොස් තව්තිසාවේ තිස් යොදුන් විමානයක ඉපදුණි. තනි රත්තරං මාළිගාවකි. බොහෝ වාරවල සක් පදවියත්, සක්විති රාජ්‍යයත් හිමි විය. ඉපදෙන ඉපදෙන ජීවිතවල මහාභෝග ලැබුණි. ඒවා අඩු වූයේ නැත. මෙය ස්තූප පිරිසුදු කිරීමේ විපාකයි. කිසිදින කැලයක අතරමං වූයේ නැත. යන යන තැන පිහිටට යමක් ලැබුණි. කිසිදිනක කුෂ්ඨ, ගඩු, දද, කැසිලි, අපස්මාර ආදී ලෙඩ නොවූ බව සඳහන්. මේ සියල්ල චෛත්‍යය පිරිසුදු කිරීමේ විපාකය. ඔහු අපගේ බුදු සසුනේ ඉපදුණි. ධර්මය ගැන පැහැදුනි. භාවනා කිරීම පිණිස සිත යොමු කෙරිණි. එක අසුනේම අරහත්වයට පත්වුණි. මේ ස්තූප පිළිසකර කිරීම, පිරිසුදු කිරීමේ විපාකය. “පභංකර” කියන රහතන් වහන්සේයි මේ විස්තරය වදාළේ.

    ධාතු ස්තූපවලට ආලෝක පූජා කිරීමේ විපාක​

    දිවැස් ලැබූ භික්ෂූන් අතර, අග්‍ර වූ “අනුරුද්ධ” මහරහතන් වහන්සේත්, භික්ෂුණින් අතර අග්‍ර “සකුලා” නම් රහත් භික්ෂුණියත් ඒ හැකියාව උපදවා ගත්තේ අතීතයේ පහනක් අතට ගෙන රැය පහන්වනතුරු ධාතු ස්තූපයක් ප්‍රදක්ෂිණා කිරීමේ විපාක නිසයි. අනික පහන් පූජාවෙන් තියුණු ඇස් තිබේ. ප්‍රඥාවටත් උපනිශ්‍රය කාරණා සකස් වේ. පුදුම සහගත විපාක පහන් පූජාවෙන් රැස්වෙන විස්තර රහතන් වහන්සේගේ ජීවිත කතාවල සඳහන්.

    ස්තූප පූජාවට ගරහන්නා පේ‍්‍රත ලෝකයේ​

    ධාතු විවණ්නක පේ‍්‍රත වස්තුවේ විස්තර වන්නේ ධාතු වන්දනාවට ගැරහු බොහෝ පිරිසක් පේ‍්‍රත ලෝකයේ ඉපදුන කතාවකි. ශරීරය ඉතා ගඳය. කුණු ගඳ හමති. කටේ පණුවෝ පිරී ඇත. කට ආයුධ වලින් කප කපා ලුණු ඉසිති. කස පහර ගසති. එක පේ‍්‍රතයෙක් කියන්නේ එසේ වූයේ ඔහු මනුස්ස ලෝකයේදී ඔහුගේ බිරිඳ සහ ලේලිය මල් අරගෙන ස්තූපයක් වන්දනා කිරීමට යද්දී යන්න නොදී බැණ නවතා දැමූ නිසා බවයි. ඒ විපාක ඒ ආකාරයටම විඳවති. ඒ වගේම ධාතු ස්තූප පිළිම වහන්සේ කඩා දමන අයට වෙනම නිරයක් තිබෙන බව පැරැණි පොත්වල සඳහන්. අප්‍රමාණ දුක් විඳින්න වේ. හිත පහදවාගෙන කරන පුංචි දෙයින් විශාල පිනක් රැස් වේ. ඒ වගේම නපුරු සිතින් ධාතුන් වහන්සේට නිග්‍රහ කළොත් ස්තූප වලට අගෞරව කළොත්, දීර්ඝ කාලයක් කටුක දුක් විඳිති. ඒ වගේම විමාන වස්තුවේ සඳහන් වන්නේ සුජාත කියන කුමාරයාට කර්මානුරූපීව නිරයේ උපතක් සකස් වී තිබුණි. කච්චායන මහරහතන් වහන්සේ ඒ කුමාරයාට ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන්න දී මාස තුනෙන් ඒ කුමාරයා මියගොස් දෙව්ලොව ඉපදී ඇත.

    ධාතු පූජාවේ අග්‍රතම ප්‍රාර්ථනාව​

    ධාතු පූජාවේ අතීත විස්තරයි අප සාකච්ඡා කළේ. ප්‍රාර්ථනා කළත්, නැතත් පිනේ සැප විපාක උපදී. අපට ඉපද ඉපිදී මැරි මැරී යන හිස් සංසාරයක් අවශ්‍යද? නැතිනම් ආපු සසර කෙළවරක් අවශ්‍යද? වින්ඳ සැපත්, දුකත් අනිත්‍යමට අයිතිය අතීතයේ දැරූ සැප දැන් නැතිවා මෙන්ම අනාගතයේ යම් සැපක්, දුකක් විඳිනවානම් එයටත් එසේමය. ඒ නිසා මේ රැස්කරන පින් බලයෙන් ප්‍රඥාව පහළව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා සිතන්න. අග්‍ර දෙයක් පිදීමේදී අග්‍ර විපාක සැලසීම ඒකාන්තය.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් හදාපං මම අල්ල ගත්තයි?
    කොහමත් උඹලාවගේ පිම්පියෝ පුක ඉරාගෙන කෑගැහුවට පන්සල් හදන එක මිනිස්සු නතර කරලත් නෑ , කරන්නෙත් නෑ .. බල්ලන්ට උඩු බුරන්න පුලුවන් උනාට හද පායන්නේ නැතුව ඉන්නවා දැකලා තියෙනවාද බන් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මම කතෝලික වුණාට
    බුද්ධාගමට පුල් සපෝට් :love2:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොහමත් උඹලාවගේ පිම්පියෝ පුක ඉරාගෙන කෑගැහුවට පන්සල් හදන එක මිනිස්සු නතර කරලත් නෑ , කරන්නෙත් නෑ .. බල්ලන්ට උඩු බුරන්න පුලුවන් උනාට හද පායන්නේ නැතුව ඉන්නවා දැකලා තියෙනවාද බන් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉතින් හදාපං මම අල්ල ගත්තයි? 😫 😫
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් හදාපං මම අල්ල ගත්තයි? 😫 😫
    ඒක තමයි හදන්නේ . උඹට අදොනා කියවෙන්නේ අල්ලගන්න බැරි දුකට වෙන්න ඇති .. :lol: :lol: :lol:
    Untitled.jpg


    මේ දෙන්නා අතර රේස් එකක් තියෙන්නේ..තරගෙට පන්සල් හදන.... ඕක තේරෙන්නේ සිංහලුන්ට තව කල් ගියාම.... එක නිසා ඕවා ට රචනා ලියලා කාලේ නාස්ති කර ගන්න එපා උබලගේ...
    :rofl::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    අර අම්බානෙකට බෞද්ධ චෛත්‍යය තියෙන ඉන්දුනීසියාවත් දැන් පට්ට මුස්ලිම් රටක්. දර්මය ප්‍රචාරය නොකර concrete ගොඩවල් ගහල වැඩක් නෑ.
    උන්ට නන් උනේ ආක්‍රණයට බයේ ආගම අත අරෙපු එක. පරම්පරාවක් දෙකක් පාගාගෙන හිටියාම ඇති නෙ. කොහොම උනත් උබ කියන පොයින්ට් එකේ වැරද්දකුත් නෑ දෙකම බැලන්ස් එකේ ඉස්සර තියාගත්තේ ඒකයි.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒක තමයි හදන්නේ . උඹට අදොනා කියවෙන්නේ අල්ලගන්න බැරි දුකට වෙන්න ඇති .. :lol: :lol: :lol:

    :rofl::rofl::rofl:
    ඉතින් හදාපං මම අල්ල ගත්තයි? 😫 😫
     
    • Haha
    Reactions: gamerlk

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    ඉතින් හදාපං මම අල්ල ගත්තයි? 😫 😫

    Untitled.jpg


    මේ දෙන්නා අතර රේස් එකක් තියෙන්නේ..තරගෙට පන්සල් හදන.... ඕක තේරෙන්නේ සිංහලුන්ට තව කල් ගියාම.... එක නිසා ඕවා ට රචනා ලියලා කාලේ නාස්ති කර ගන්න එපා උබලගේ...
    තව කල්ගියාම තේර‍ෙයිද ?

    Excuse Me Wow GIF by Mashable
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මෙතන ඡන්ද කැම්පේන් එකක් තියන එක වෙනම කතාවක්. ඒත් ලංකාවේ මිනිස්සු පන්සලක් හදන්න, පිළිසකර කරද්දි තමයි පයර් වෙන්නෙ. බයිබල් කාරයෝ කිය්ලා ජේසුගේ ආගමත් විකෘති කරගෙන සල්ලි විසිකරලා මන්දිර වගේ බිල්ඩීන් ගහගෙන ඔඩීටෝරියම් ගහගෙන දේශන කරද්දි තොපි එකෙක්වත් මීක් නෑ.

    හොරකම් කරන එකා හොරකම් කරයි. තොපිත් කුහක නොවී පන්සලක්, පල්ලියක්, කෝවිලක්, හදද්දි රු 100ක්වත් දීලා සම්මාදම් වෙයන්. එතකොට ඒ ගොඩනැගිල්ල හැදිලා ඒක මිනිස්සු පාවිච්චිකරනකොට මමත් මේක හදන්න පුංචි මුදකින් හරි දායක වුනා කියලා හිතට සතුටක් දැනෙයි. ඊට අමතරව පොදු වැඩවලදිත් , මේවා රජයෙන් ක්ලරන්න ඕනි වැඩ කියලා බයිලා ගහන්නෙ නැතුව ඒවතත් සල්ලි කීයක් හරි දීලා සම්මාදම් වෙයන්. පාරක බස් හෝල්ට් එකක වහලේ නැත්නම් ටකරම් දාලා හරි අටවලා දීපන්. වහින කාලෙක මිනිස්සු නොතෙමී ඉන්නවා දකිද්දි උබට මාර ආත්ම තෘප්තියක් ලබා ගනන් පුළුවන්. හොරා කන උන්ට රිටන් එක මෙලවදිම ලැබෙයි. තොපි මොන ආගමක් ඇදහුවත් දෙන දෙයක් හිතින්ම අත් හැරලා ශද්ධාවකින් දීපන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    “යම් දෙයක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවන් වැඩි බුදුරජාණන් වහන්සේගේ අබ ඇටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකදු පුදන්නේ නම්, චිත්තප්‍රසාදය සම වූ කල්හි පිනද සමානය. මහත් බවට ගියේද වෙයි. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් වහන්සේ පුදනු මැනව” මෙලෙස වදාළේ සසරේ ධාතුන් වහන්සේ නමට පස් වසරක් උපස්ථාන කොට ඒ පිනෙන් අරහත්වයට පත් වූ “පච්වුපට්ඨාන සඤ්ඤක” රහත් මුනිඳුන් විසිනි. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ යැයි සලකා ධාතුන් වහන්සේ වන්දනාමාන සත්කාර යමෙක් කරන්නේ නම්, ඔහුට අපමණ පින්ඵල රැස්වේ
    ශ්‍රද්ධාවෙන් අන්ධ වෙච්ච කැරිම මෝඩ හැත්තක් තොපි. බුදුහාමුදුරුවො අද හිටියනං තොපිටයි හොර ගණයන්ටයි එලව එලව ගහන්නෙ වටිනා දර්ශනය කාලා බ්‍රේන් වොශ් වෙච්ච තලෙයිබාන්ලා වගේ සෙට් එකක් හදන එකට. යකෝ පොතේ තිබ්බා කියලා ඒක ඔලුවෙ තියාගෙන හැමිනෙන්නෙ නැතුව මොලේ පොඩ්ඩක් හරි කල්පනා කරලා බලපන්කො? ඒ කියන්නෙ දැන් ඔය කියන ඩයල් එක අවුරුදු 5ක් දාතූන් වහන්සේලාට උපස්තාන කරලා ඒ පිනෙන් රහත් වෙලා කියලා 🤣🤣 ට්‍රැක්ද උට්ටො තොපිට? බුදුහාමුදුරුවො දහදුක් විදලා සත්‍ය අවබෝධ කරලා ඊටපස්සෙ ගම් නියංගම් වල ආමාරුවෙන් ගිහිං මිනිස්සුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය , චතුරාර්‍ය සත්‍ය එහෙම ගැන දේශනා කරලා තියෙන්නෙ ආතල් එකටද එතකොට? ඔච්චර නහින්න දෙයක් නෑනෙ එහෙනං "පිංවත්නි මා පිරිනිවන් පෑ පසු සියලු දෙනා එක්වී ධාතූන් වහන්සේලාට අවුරුදු 5ක් උපස්ථාන කරව. ඒ පිනෙන් නුබලාට නිර්වානය අවබෝධ වනු ඇත" කිව්වනං ඉවරනෙ එහෙනං? 🤣 වීර්‍ය කරලා තමන්ම දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය තේරුම් අරගෙන සත්‍ය අවබෝධ කරගෙන සියලු කෙලෙස් නසලා අරහත් භාවයට පත්වෙන්නෙ නැතුව ඔහොම කරලා රහත් වෙන්න පුලුවන්නං මොනවා කරන්න බැරිද http? 🤣 හරියට නිකං රස්සාවට අවශය සුදුසුකම් නැති ලොන්ත බයියොන්ට ඇමතියාගාව කැන්වසින් ගියාම
    ඇමති දෙන ලියුම පෙන්නලා රජයෙ කම්කරු රස්සාවකට යනවා වගේ ඕවා කරලා ශෝට් කට් එකෙන් නිවන් යන්න පුලුවන් කියලද තෝ හිතුවෙ 🤣🤣
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ශ්‍රද්ධාවෙන් අන්ධ වෙච්ච කැරිම මෝඩ හැත්තක් තොපි. බුදුහාමුදුරුවො අද හිටියනං තොපිටයි හොර ගණයන්ටයි එලව එලව ගහන්නෙ වටිනා දර්ශනය කාලා බ්‍රේන් වොශ් වෙච්ච තලෙයිබාන්ලා වගේ සෙට් එකක් හදන එකට. යකෝ පොතේ තිබ්බා කියලා ඒක ඔලුවෙ තියාගෙන හැමිනෙන්නෙ නැතුව මොලේ පොඩ්ඩක් හරි කල්පනා කරලා බලපන්කො? ඒ කියන්නෙ දැන් ඔය කියන ඩයල් එක අවුරුදු 5ක් දාතූන් වහන්සේලාට උපස්තාන කරලා ඒ පිනෙන් රහත් වෙලා කියලා 🤣🤣 ට්‍රැක්ද උට්ටො තොපිට? බුදුහාමුදුරුවො දහදුක් විදලා සත්‍ය අවබෝධ කරලා ඊටපස්සෙ ගම් නියංගම් වල ආමාරුවෙන් ගිහිං මිනිස්සුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය , චතුරාර්‍ය සත්‍ය එහෙම ගැන දේශනා කරලා තියෙන්නෙ ආතල් එකටද එතකොට? ඔච්චර නහින්න දෙයක් නෑනෙ එහෙනං "පිංවත්නි මා පිරිනිවන් පෑ පසු සියලු දෙනා එක්වී ධාතූන් වහන්සේලාට අවුරුදු 5ක් උපස්ථාන කරව. ඒ පිනෙන් නුබලාට නිර්වානය අවබෝධ වනු ඇත" කිව්වනං ඉවරනෙ එහෙනං? 🤣 වීර්‍ය කරලා තමන්ම දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය තේරුම් අරගෙන සත්‍ය අවබෝධ කරගෙන සියලු කෙලෙස් නසලා අරහත් භාවයට පත්වෙන්නෙ නැතුව ඔහොම කරලා රහත් වෙන්න පුලුවන්නං මොනවා කරන්න බැරිද http? 🤣 හරියට නිකං රස්සාවට අවශය සුදුසුකම් නැති ලොන්ත බයියොන්ට ඇමතියාගාව කැන්වසින් ගියාම
    ඇමති දෙන ලියුම පෙන්නලා රජයෙ කම්කරු රස්සාවකට යනවා වගේ ඕවා කරලා ශෝට් කට් එකෙන් නිවන් යන්න පුලුවන් කියලද තෝ හිතුවෙ 🤣🤣
    ගොන් පැටියෝ ඔතන කියන්නේ ඒ පින හේතුවක් උනා කියලා සංසාර ගමනේදී රහත් භාවයට පත් වෙන්න අවශ්‍ය කුසල් වර්ධනයට . නැතුව ඒක නිසා රහත්වුනා කියලා නෙවෙයි .. අන්ධ ගොලු බිහිරි මන්දබුද්ධික නොවී ඉන්න පුලුවන් උනොත් තමයි නිර්වාන අවබෝධය ලබන්න දහම වඩන්න පුලුවන් වෙන්නේ .. අන්න ඒ සාධක නැති කරන්න පුලුවන් පින් කරලා .. දැන් තේරුනාද උට්ටෝ ? දැන් පොතේ නැතුව වෙන කොහේ හරි තිබිලද උඹ වීර්‍ය කරලා තමන්ම දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය තේරුම් අරගෙන සත්‍ය අවබෝධ කරගෙන සියලු කෙලෙස් නසලා අරහත් භාවයට පත්වෙන්න ඕනේ කියන්නේ ? නැතිනම් උඹම අවබෝධය කරලා රහත් වෙලාද ?


    ඔතන කෙටියෙන් කියලා තියෙන්නේ මේ ටික -

    ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සැට යොදුන් උස තිස් යොදුන් පලළ රන් විමනක් පහළ විය. ඔහු කල්ප ලක්ෂයක් ඒ පිනෙන් දෙව් මිනිස් ලොව දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස් ලොව ඉපද අප බුදුසස්නෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා රහත් විය. උන්වහන්සේ විසින් ඒ පිනෙන් අතීතයේ ලත් ඵල මෙසේ ප්‍රකාශ කර තිබේ.


    කුට්ඨං ගණ්ඩො කිලාසොච අපමාරො විතච්ඡිකා

    දද්දු කච්ඡුච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං

    කුෂ්ඨ ගඩු සුදු කබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟ කැසීමද යන මේ රෝග මට නැත. මෙය චෛත්‍ය එළි කිරීමේ ඵලය ය.


    අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපස්ස සොධනෙ

    නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං

    බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මාගේ කයෙහි තල කැලැල් හටගත් බවක් නො දනිමි.


    අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

    ද්වෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ

    බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ම සැරිසරමි.


    අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

    සුවණ්ණවණ්ණො සබ්බත්ථ සප්පහාසො භාවාමහං

    බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම සෑම භවයක ම රන්වන් ශරීර ඇත්තෙමි. ප්‍රහාවත් වෙමි.


    අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

    අමනාපං විවජ්ජති මනාපං උපතිට්ඨති

    බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් අමනාප අප්‍රිය දෑ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රියමනාප දෑ මා කරා එළඹෙයි.


    අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

    විසුද්ධං හොති මෙ චිත්තං එකග්ගං සුසමාහිතං

    බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මාගේ සිත පිරිසිදු වෙයි. එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි.


    අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

    එකාසනෙ නිසීදිත්වා අරහත්ටමපාපුණි

    බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මම ඒකාසනයෙහි හිඳ අර්හත්වයට පැමිණියෙමි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් වූ බවය.


    සතසහස්සිතො කප්පෙ යං කම්මමකරිං තදා

    දුග්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං

    මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.
     
    Last edited:
    • Haha
    Reactions: pavithra_uk