“යම් දෙයක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවන් වැඩි බුදුරජාණන් වහන්සේගේ අබ ඇටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකදු පුදන්නේ නම්, චිත්තප්‍රසාදය සම වූ කල්හි පිනද සමානය. මහත් බවට ගියේද වෙයි. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් වහන්සේ පුදනු මැනව” මෙලෙස වදාළේ සසරේ ධාතුන් වහන්සේ නමට පස් වසරක් උපස්ථාන කොට ඒ පිනෙන් අරහත්වයට පත් වූ “පච්වුපට්ඨාන සඤ්ඤක” රහත් මුනිඳුන් විසිනි. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ යැයි සලකා ධාතුන් වහන්සේ වන්දනාමාන සත්කාර යමෙක් කරන්නේ නම්, ඔහුට අපමණ පින්ඵල රැස්වේහාමුදුරු කෙනෙක්ගෙ ජොබ් එක හතරවටෙන් ඩොනේශන් ඉල්ලලා කොන්ක්‍රීට් ගොඩවල් ගගහා හැම තැනම යන එකද? මමනං දන්න විදිහට තමන් වීර්‍යයෙන් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරලා මාර්ගඵල
ලබලා නිරවාණය අවබෝධ කරන්න උත්සහා කරන ගමන් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ධර්මය හොදට නිරවුල්ව තේරෙන්න දේශනා කරලා ඒ මිනිස්සුන්වත් සත්‍ය අවබෝධ කරන මාර්ගයේ ගමන් කරවන්න සලස්වලා මාර්ගඵල ලබලා සසර දුකින් මුදවගන්න උත්සාහා කරන එක කියලා? දැන් හාමුදුරුවො මිනිස්සු ඕගනයිස් කරලා ආධාර ඉල්ලලා සිමෙන්ති කොට්ට කරෙන් උස්සලා කොන්ක්‍රීට් ගොඩවල්
ගහන්න පටන් ගත්තම මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරන්න ධර්ම දේශනා කරන්න ඕන සිවිල් ඉංජොද?![]()
මනුස්ස ආත්මයක් ලැබුවේ මන්ද?
මේ විස්තරය සටහන් තබන්නේ බොහෝ දෙනෙක් ධාතු වන්දනාවේ යෙදුනාට ඒ ගැන මහත් පී‍්‍රති ප්‍රමෝදයෙන් යෙදෙන බවක් දකින්නට නො ලැබේ. සමහර අයට පින ගැන කිසිදු නිනව්වක් නොමැත. සිදුවන්නේ කාබී මේ ජීවිත්වීම පමණි. මිනිසත්බව නො දැනීම නිස්කාරණයේ ගෙවී යයි. මෙතැනින් චුත වූ කළ ඉපදෙන්නේ කොහිද? ඒ ලෝකයේ පින ගැන කුසල් ගැන නිවන ගැන අසා දැනගන්න ලැබේද? මේ හැම දේම අද ඔබට අසන්න ලැබේ. වුවමනාව සහ නුවණ තිබේනම් මේ මනුස්ස ජීවිතේ සඵල කර ගන්න පුළුවනි. එයට විශාල ලෙස පැති විවෘතව ඇත.
අප මේ කතා කරන්නේ තුන් ලෝකයේ අසහාය මහා නිකෙලෙස් මුනිවරයාට වන්දනා කිරීමෙන් රැස්වෙන පින ගැනය. පින කියන දේ දෑසට නොපෙනේ. එනිසා මිනිසුන් පිනට ආසා කරන්නේද නැත. පව කියන එකත් නොපෙනේ. නමුත් පවු සිදු කරති. සසරේ භයංකාර බව දන්නා බුද්ධිමතා සැප විපාක දෙන පින කරති. දුක් විපාක දෙන පාපය බැහැර කරති.
පින මෙයයි
පින කියන්නේ පුදුම සුන්දර දෙයකි. අද්භූත දෙයකි. සිතා ගත නොහැකි දෙයකි. ධම්මපදයේ “ජෝතික” සිටාණන්ගේ කතාව එයට උදාහරණයකි. සාමාන්‍යය මනුස්සයකුට සිතා ගන්නටවත් නොහැකි තරමට පින බලවත් වේ. පින කියන්නේ සැපයට කියන නමකි. “සුකස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං” ඒ පිනේ සැප විපාක අරුමය.බුදුරජාණන් වහන්සේ ස්තූප තනවන්න වදාළේ කිම?
පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ ස්තූප තනවා පිදීමට සුදුසු වේද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපය” යැයි ඔවුහු එහි සිත පහදවා ගනිති. මේ චිත්ත ප්‍රසාදයෙන් කය බිඳී මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදී. මේ කරුණෙන් තථාගතයන් වහන්සේගේ ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්.
මෙහිදී තථාගතයන් වහන්සේ වදාළේ සිත පහදවා ගැනීමම සුගතියට හේතුවන බවකි. යමෙක් මලින්, පහනින්, සුවඳින් පුදා වන්දනා මාන කරනවිට කොතරම් නම් පිනක් රැස්වේවිද? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ස්තූප කරවීම බොහෝ දෙනාට බොහෝ කල් හිතසුව පිණිස පවතින බව. ඒ වගේම ධම්මපදයේ සඳහන් වෙන්නේ කෙලෙස් බැහැර කළ නිකෙකෙලස් උතුමනට වන්දනා කිරීමෙන් රැස්වන පින මෙපමණයි කියා මැන සංඛ්‍යාවකට ගත නොහැකි බවය. ඒ වගේම චේතිය පූජාවෙන් රැස්වන පින පුණ්‍ය නිධානයකි. ඒ පිනෙන් විශ්්මිත සැප උපදී. මේ පිළිබඳව අපූරු විස්තරයක් අපදානයේ සඳහන්.
අරුම පුදුම වැලි සෑය
හිමාලයේ යමක කියන පර්වතය අසල “අමෙරිකා” නමින් නදියක් තිබුණි. ඒ නදිය අසල අසපුවක ශිෂ්‍යයන් තුන් දහසකට ගුරුහරුකම් දෙන “නාරද” නම් තාපසයා ජීවත් විය. හැම දෙනාම ඔහුට වන්දනා කරති. මේ තාපසයා දිනක් කල්පනා කරන්නේ සියලු දෙනා වන්දනා කරන්නේ මටය. මම කාටද වන්දනා කළ යුත්තේ කියා. ඔහු සම්බුදුවරු ගැන අසා තිබුණි. ගඟ අසලට ගොස් වැලිවලින් සෑයක් තනවා මේ වැඩ සිටින්නේ අසමසම ඇති බුදුරජාණන් වහන්සේ යැයි සිතා උදේ සවස වන්දනා කරති. මේ තාපසයාට අකුසල විතර්ක ආ විට “මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා නෙව. මෙහෙම සිතිවිලි මට යහපත පිණිස නොවේ” හිතා ඒ අකුසල් බැහැර කරති. කාලයකට පසු මොහු මියගොස් සෑය පිදූ පිනෙන් වැඩූ ගුණයෙන් බඹලොව ඉපදුණි. බොහෝ ජීවිතවල සක් දෙවිඳු විය. සක්විති රාජ පදවි ලැබුණි. බොහෝ සැප සම්පත් ලැබුණි.ස්තූප පිරිසුදු කිරීමේ විපාක
කැලෑවේ ඇවිදිමින් යන මිනිසෙකු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයක් දුටු අතර, එය ගරා වැටී තණ, ගස් ආදිය වැවී තිබෙන අයුරු දුටුවේය. ජරාවාස වී කටුඅකුල් වැවී ඒ ගරා වැටී තිබුණු සෑය දුටු මොහුට බුද්ධ ගෞරවය ඇතිවුණි. අර කටු කොහොල සුද්ධ පවිත්‍ර කොට, සෑය පවිත්‍ර කෙරිණ. සෑයට අටවතාවක් වන්දනාමාන කොට පිටු නොපා ගෞරවයෙන් එතැනින් පිටත් විය. ඔහු මියගොස් තව්තිසාවේ තිස් යොදුන් විමානයක ඉපදුණි. තනි රත්තරං මාළිගාවකි. බොහෝ වාරවල සක් පදවියත්, සක්විති රාජ්‍යයත් හිමි විය. ඉපදෙන ඉපදෙන ජීවිතවල මහාභෝග ලැබුණි. ඒවා අඩු වූයේ නැත. මෙය ස්තූප පිරිසුදු කිරීමේ විපාකයි. කිසිදින කැලයක අතරමං වූයේ නැත. යන යන තැන පිහිටට යමක් ලැබුණි. කිසිදිනක කුෂ්ඨ, ගඩු, දද, කැසිලි, අපස්මාර ආදී ලෙඩ නොවූ බව සඳහන්. මේ සියල්ල චෛත්‍යය පිරිසුදු කිරීමේ විපාකය. ඔහු අපගේ බුදු සසුනේ ඉපදුණි. ධර්මය ගැන පැහැදුනි. භාවනා කිරීම පිණිස සිත යොමු කෙරිණි. එක අසුනේම අරහත්වයට පත්වුණි. මේ ස්තූප පිළිසකර කිරීම, පිරිසුදු කිරීමේ විපාකය. “පභංකර” කියන රහතන් වහන්සේයි මේ විස්තරය වදාළේ.
