අපි ගිනිසිරිය වවමු

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    අපි ගිනිසිරිය වවමු


    මොකද්ද මේ ගහ ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන බොහෝ ප්‍රයෝජන තියෙන කවුරුත් දන්නා ගහක්‌.

    * ගිනිසීරියා * මකුලත

    * ලාඩප්පා * නන්චි

    * වැටහිරියා * වැටමාර

    * ඇල්බීසියා * සෙවන * කොළ පොහොර

    මේ කොයි නමින් කිවුවත් මේ එකම ගහ, එහි උද්හිද විද්‍යාත්මක නාමය- ග්ලිරිසීඩියා සේපියම් (Gliricidia Sepium) දන්නවද?

    ලංකාවට වසරකට යූරියා පොහොර මෙටි්‍රක්‌ ටොන් 400,000 කට වඩා ගෙන්වයි. එසේම ගල්අඟුරු ආනයනය සඳහාද විශාල මුදලක්‌ වැය කරයි. මෙම හානිය ගිනිසීරියා ගසින් වළක්‌වා ගත හැක.

    යූරියා නිසා,

    * වගාවට ලෙඩ රෝග ඇති වීමේ අවදානම වැඩි කරයි.

    * විශාල විදේශ විනිමයක්‌ පිටරටට ගලා යයි.

    * යූරියා තුළ ඇති බයියුරට්‌ පිළිකා කාරකයකි.

    * ජලය හා පස විනාශ කරයි.

    * ප්‍රයෝජනවත් ක්‌ෂුද්‍ර ජීවීන් හා ගැඩවිලුන් විනාශ කරයි.

    අක්‌කරයකට ගිනිසීරියා කොළ කිලෝ ග්‍රෑම් 5,000 ක්‌ පමණ යෙදීමෙන් නයිට්‍රජන් අවශ්‍යතාවය පමණක්‌ නොව පොස්‌පරස්‌ හා පොටෑසියම් අවශ්‍යතාවයන්ද සම්පූර්ණ වේ.

    ගිනිසීරියා කොළ යොදා සාදා ගන්නා කොම්පෝස්‌ට්‌ හෝ දියර පොහොර ඔබේ ඵලදාව වගේම ඔබේ පසුම්බියත් තර තරයි.

    ගිනිසීරියා වගාවෙන් හෙක්‌ටයාරයකට රු. 30,000 ක්‌ පමණ වසරකට අමතරව ලබා දෙන අතර රුපියල් 15,000 ක්‌ පමණ වටිනා පොහොර සපයා දෙයි.

    ඇයි ගිනිසීරියා?

    * යූරියා පොහොර වෙනුවට නයිට්‍රජන්- කුඹුරු අක්‌කර 100 කට ගිනිසීරියා ගස්‌ 100,000 ක්‌

    * පසේ කාබනික ද්‍රව්‍ය 40% කින් වැඩිවේ.

    * පසේ පෙනෙන නොපෙනෙන ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

    * පස සෝදා යාම වළක්‌වනවා.

    * පොළොවට අධික ලෙස හිරු එළිය පතිත වීම අඩු කර පසේ උෂ්ණත්වය අඩු කරයි.

    * වැසි ජලය පස තුළට වැඩිපුර උරා ගෙන පසේ තෙතමනය 50% කින් වැඩිවේ.

    * පොළවට වැටෙන හිරු එළියෙන් ලැබෙන ප්‍රයෝජනවත් ජීව ශක්‌තිය 50% කින් වැඩිවේ.

    * වැටට ගන්න.

    * දරට ගන්න.

    * විදුලිය- කිලෝ වොට්‌ 100 කට ගිනිසීරියා ගස්‌ ලක්‌ෂ 2 ක්‌

    * ප්‍රොaටීන් බහුල සත්ත්ව ආහාර ලෙස

    * එළවළු වගාවේදී ආධාරකවලට

    * බෝගවලට සෙවණ දෙනවා.

    * හොඳ සුළං බාධකයක්‌

    * හොඳ ගිනි බාධකයක්‌

    ගිනිසීරියා ගස මුහුදු මට්‌ටමේ සිට මීටර 1,200 දක්‌වා ඕනෑම ප්‍රදේශයක හොඳින් වැවේ. ලෙහෙසියෙන් පැළවේ. ඉඩෝරයට ඔරොත්තු දෙයි. නිතර නිතර කප්පාදු කරන්න හැකියාව ඇත. වේගයෙන් නැවත නැවතත් ලියලයි. දරුණු රෝග හා පළිබෝධ උවදුරු ඇති නොවේ. පොත්තේ කටු නැති නිසා පාවිච්චියට ලෙහෙසියි. මෙම ප්‍රජා වන වගා සඳහා කදිම බෝගයකි.

    ඉලක්‌කය ගම් ලක්‌ෂයකි

    හැම ගමකම තවත් ගිනිසීරියා ගස්‌ 100,000 සිටවමු. අපේ ඉලක්‌කය ගම් 10,000 ක්‌. ඒ කියන්aනේ මේ මහ කන්නේදී වැස්‌සත් එක්‌ක අපට පිළිවන් ගිනිසීරියා ගස්‌ බිලියනයක්‌ අලුතින් හිටවන්න.

    බිලියනයක්‌ හිටවන්න පැළ කෝ?

    හුඟක්‌ ගම්වල දැනටමත් ගිනිසීරියා ගස්‌ 50,000 ක්‌ විතර තියනවා. අවුරුදු පහක්‌ වයසැති එක ගහක රිකිලි 5 ක්‌ වත් තියනවා. මෝරපු ගස්‌වල රිකිලි 20-40 තියනවා. ඒ නිසා හිsටවන්න ඕනෑ තරම් දඬු හොයාගන්න පුළුවන්.

    කවුද හිටවන්නේ?

    අපිම තමයි. කොළ ටික පොහොරවලට ගන්න. කෝටු ටික විකුණන්න පිළිවන් විදුලිය නිපදවන්න.

    කවද්ද පටන් ගන්නේ?

    පළමු පැළය සිටවෙන්නේ ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින්, ඔක්‌තෝබර් මාසේ 21 වනදා ත්‍රිකුණාමලයේදී.

    වගා කරන හැටි

    ගිනිසීරියා පැළ කරගන්න හරිම පහසුයි. සිටුවීම කළ යුත්තේ ඉතා හොඳින් මෝසම් වර්ෂාව ඇති කාලවලයි. අප්‍රේල්- ජූනි හෝ ඔක්‌තෝබර්- නොවැම්බර් කාලය වඩාත් සුදුසුයි. ප්‍රමාණවත් තෙතමනයක්‌ ඇති නම් වසරේ ඕනෑම කාලයක සිටුවිය හැකියි.

    * හොඳින් මේරූ ගිනිසීරියා කෝටු උස අඩි 4 ට පෙත්තට කපා, පහත කෙළවර ඇළ කැපුමක්‌- ඉහළ කෙළවර හරස්‌ කැපුමක්‌ වන පරිදි අලවංගුවකින් හදා ගන්නා වළක කෝටුව අඟල් 8 ක්‌ නැතිනම් ඇස්‌ තුනක්‌ පසෙන් යට වන සේ සිටුවා, දෙපසින් තද කළ යුතුයි.

    * බිජ මඟින් පැළ ලබා ගන්නේ බඳුන් ගත තවානක්‌ සකසා ගැනීමෙනි..

    අක්‌කරයකට ගස්‌ කීයක්‌ද?

    මුඩු ඉඩමක නම් ගස්‌ අතර පරතරය මීටර් 1 ක්‌ සහ පේළි අතර පරතරය මීටර් 2 ක්‌ ලෙස අක්‌කරයකට ගස්‌ 2000 ක්‌ සුදුසු වේ. පොල් වගාව යටතේ පොල් පේළියක්‌ හැර පේළියක්‌ ලෙස ගස්‌ 1000 ක්‌, සොල්ට්‌ වැටිවල- ගස්‌ 1500 ක්‌, ගෙවත්තක වැටට- ගස්‌ 600 ක්‌, සාමාන්‍ය වගා බිමක- අතර මැද වැටවල් කීපයක ගස්‌ 1800 ක්‌, තේ වත්තක- ගස්‌ 600 ක්‌, ගම්මිරිස්‌ වගාවක- ගස්‌ 600-700 ක්‌, වැනිලා වගාවක- ගස්‌ 900 කෝපි වගාවක- ගස්‌ 200 බුලත් වගාව- ගස්‌ 1200 ක්‌ සිටුවිය හැකියි.

    කොළ හා දර සඳහා ගිනිසීරියා ගස්‌ කප්පාදු කිරීම

    * කප්පාදු උස මීටර 1 ත් 1.5 ත් අතර

    * පළමු අස්‌වැන්න සිටුවා මාස 12 කින්

    * කොළවලට නම් මාස 4 කට වරක්‌

    * දරට නම් මාස 12 කට වරක්‌

    කොළවලින් පොහොර දඬුවලින් විදුලිය

    කුඹුරු අක්‌කරයකට අවශ්‍යතාවය- ගස්‌ 1,000 කි.

    නයිට්‍රජන් පොහොර- කිලෝ 90 ක්‌, ගිනිසීරියා කොළ- කිලෝ 5,000-6,000 ක්‌ ලබාගත හැකිය. (ගස්‌ 100,000 ක්‌ අක්‌කර 100 ක ගමක්‌ සඳහා)

    පොස්‌පරස්‌- පොහොර කිලෝ 20 (ගිනිසීරියා කොළ- කිලෝ 5,000 ක්‌)

    පොටෑසියම්- පොහොර කිලෝ 20 (ගිනිසීරියා කොළ- කිලෝ 1,800 ක්‌) මඟින් සැපයේ.

    (වස විස නැති රටක්‌- වැඩසටහන ඇසුරෙනි.)


    ගිනිසීරියා

    කොළ යොදා සාදා ගන්නා කොම්පෝස්‌ට්‌ හෝ දියර පොහොර ඔබේ ඵලදාව වගේම ඔබේ පසුම්බියත් තර තරයි. ගිනිසීරියා වගාවෙන් හෙක්‌ටයාරයකට රු. 30,000 ක්‌ පමණ වසරකට අමතරව ලබා දෙන අතර රුපියල් 15,000 ක්‌ පමණ වටිනා පොහොර සපයා දෙයි.




    http://www.divaina.com/2016/11/01/feature02.html
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගිනිසීරියා මල් අපේ පරිසර පද්ධතියට අහිතකරයි නේද? මී මැස්සෝ වදවෙනවා මේ මලේ රොන් වලට.... ගමේ ගෙවල්වල මීයෝ කැරපොත්තො වද කරන්නත් ගන්නව මේ මල්....
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    bump
    me dala thiyena ewa aththa nam pattai ne oi

    ඕක මචන් ඉස්සර ඉදන් කරපු දෙයක් දැන් හැමෝම පෝර වලට මාරු වෙලා සෙි නිසා. මට මතකයි ඉස්සර අපේ සියට එළවළු කොටුවක් තිබුන. සීය පාත්ති හදල පැල හිටවන්න කලින් අල්බීසියා කොල වලින් වහනව. ඒකාලේ ඕව ගැන වැඩි දැනුමක් නෑ


    මේ තියෙන්නේ ගහ
    gliricidia.png
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    සජිත් ගොන් පකයා, unp වෙසාවෝ

    කොහේ ගියත් මේ වගේ ප*කු ඉන්නවම තමයි. දේශපාලනේ ඇදල ගන්න හරක් :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    'ඔවට කියන්නෙ අතීසාරයට අබුඩය ගහනව වගේ' කියල, 2018 ඇතිවෙන විදුලි අර්බුධයට දැම්ම තියා හොද තාප බලාගාරයක් හදන්නෙ නැතුව රටේ මිනිස්සුන්ට ගිනිසීරියා හිටවන්ඩ කියන එක නිවට කමක්, නොහැකියාවෙන් පෙලෙනව වද පාන්ඩුවෙ ගොන් කම තමයි මේවගෙන් එලියට එන්නෙ.