ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම
:ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම
විද්‍යාත්මක නාමය Gliricidia sepium - Wikipedia (https://en.wikipedia.org/wiki/Gliricidia)
ගිනිසීරියා කියන්නේ ඉක්මනින් වැවෙන ශාකයක්. මේවා අපි නම් දැකල තියෙන්නේ වැටවල් වලට හිටවනවා. වැටහිරියා කියලත් කියනව ඒ නිසා. මට මතකය් මීට කාලෙකට කලින් මේවා අතුරු වගාවක් විදියට හදල අතු කප්පාදු කරල වේලලා දහනය කිරීමෙන් විදුලිය නිපදවනවා වැඩසටහනක් ගියා.
YouTube එකේ කරක් ගහනකොට මේ videos ටික හම්බුනේ. බැලින්නම් මේ ලංකාවෙනෙ.
මේ ළඟදිත් News වල ගිය හෙන පැල තොගයක් හිටවනවා කියල දැම්ම. හරියට වෙන්ව නම් වැඩේ හොඳය් මම හිතන්නේ.
මේ Gliricidia ගැන තවත් ලිපි වගයක්. උපුට ගත්ත තැන් දාල තියෙන්නේ
"රට පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් අද ඇරඹේ"
===========================================
අදට (2016-10-21දා) යෙදී තිබෙන ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් ගිනිසීරියා පැළ (ග්ලීරිසිඩියා) බිලියනයක්
(කෝටි 100ක්) සිටුවීමේ
ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි. 'වස විස නැති රටක්' ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා නයිට්‍රජනීය කොළ පොහොරක් ලෙස ගිනිසීරියා ශාකය බහුලව භාවිත කිරීමේ අරමුණෙන් මේ වැඩසටහන ක්‍රියාවට නැඟේ.ෙ
රුක් රෝපණ දිනයට සමගාමීව එක් ගමක ගිනිසීරියා පැළ ලක්ෂයක් බැගින් ගම් 10,000ක පැළ බිලියනයක් සිටුවීම වැඩසටහනේ අපේක්ෂාවයි.
Edit
Link removed)
පොළොව සුවපත් කරන ගිනිසීරියා
===================
පරිසර හිතකාමී ජාතික ආර්ථිකයක් ගොඩනඟන්නේ කෙසේද යන ප්රශ්නය මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේ. බොහෝදෙනා සිංගප්පූරුව ආදර්ශයට ගෙන ලංකාවේ ආර්ථිකය පිළිබඳ විවිධ මතවාද පළ කරති. මෙවැනි වැරැදි අර්ථකථන කොතෙකුත් තිබුණත් පරිසර හිතකාමී තාක්ෂණයකට යාමට නම් තවත් පමා විය යුතු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම රටවල් පරිසර හිතකාමී සංවර්ධනයකට යාමට මේ වන විටත් සූදානම්ය. මේ අනුව හැඩ ගැසීමට ලංකාවටත් සිදු වී ඇත. මේ නිසා පරිසර හිතකාමී තාක්ෂණයකට අවනත වීම සඳහා ගිනිසීරියා වගා කිරීම සුදුසු බව සනාථ විය.
මේ අනුව කාලාන්තරයක් පර්යේෂණ කර හඳුනාගෙන තිබූ ගිනිසීරියා හතරවෙනි වැවිලි භෝගය ලෙස ප්‍රචලිත විය. මේ අනුව පරිසරයට සහ තාක්ෂණයට වඩාත් යහපත් ප්රතිලාභ සලසා ගත හැකි වගාවක් ලෙස ගිනිසීරියා හඳුනාගැනිණි.
මේ වැවිලි භෝගය ලංකාවට ආවේණික නොවූවකි. මේ වන විට ලංකාවට පැමිණ අවුරුදු හාරසීයකටත් අධික කාලයක් ගතවී ඇත. වැට මාර, ගිනිසීරියා, ග්ලිරිසීඩියා යනුවෙන් හඳුන්වන මේ ශාකය දකුණු පළාතේ මකුළත ලෙස ව්‍යවහාරයේ පවතී. අධික නයිට්රජන් ගුණයෙන් යුතු ගිනිසීරියා වර්තමානයේ කාබනික පොහොර සෑදීමේ කාර්යය සඳහා බහුලව යොදාගැනේ. සිහින් දිගැටි තද කොළ පැහැති ගිනිසීරියා කොළ භෝග වගාවේ අස්වැන්න සරු කරන්නේ ඉහළ පෝෂණ ගුණයක් ලබා දෙමිනි. මේ නිසාම අතීතයේ තේ වතු සංස්කෘතියත් සමඟ බැඳීමට ගිනිසීරියා ගසට හැකිවිය.
අතීතයේ සිටම මුතුන් මිත්තෝ ගිනිසීරියාවල වටිනාකම වටහා ගත්හ. මේ අනුව වර්තමානයේ ද වස විසෙන් නැති ගොවිතැනට ගිනිසීඩියා වඩාත් වැදගත් බව රජය හඳුනාගෙන ඇත. වර්තමානයේ රනිල කුලේ භෝගයක් වන ගිනිසීඩියා දඬු සහ කොළ ගැනීම වෙනුවෙන් වගා කරයි. මේ වන විටත් බොහෝදෙනා ගිනිසීරියාවල වැදගත්බව හඳුනාගෙන හමාරය.
වගාවට යොදන යූරියා පොහොරවල නයිට්රජන් සීයයට පනහකටත් අඩු ප්‍රතිශතයක් තිබේ. අනිත් සියල්ල බාහිර ද්‍රව්‍යයන් ලෙස සැලැකිය හැකිය. එහෙත් ගිනිසීරියා කොළ පොහොර ලෙස වගාවන්ට එක් කළ විට කොළ දිරා යාම සිදුවෙන්නේ සෙමෙන් නිසා ගසට නයිට්රජන් මූල ද්‍රව්‍යය සෙමින් ලැබේ. මෙය සරු අස්වැන්නක් ලැබීමට බෙහෙවින්ම හේතු වේ.
වර්තමානයේ ගිනිසීරියා කොළ නයිට්රජන් පොහොර සෑදීමට මෙන්ම ගිනිසීරියා දර ඩෙන්රෝ පවර් විදුලිය නිෂ්පාදය යොදා ගනියි. මේ නිෂ්පාදනය කරන විදුලි පරිසර හිතකාමී විදුලි යෝජනා ක්රමයකි. මේ අනුව ගොවීන් ගිනිසීරියා වැවීමට හුරු කරවීමට රජය තීරණය කරයි. මේ අනුව ගිනිසීරියා විප්ලවය අරඹා ඇති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. මේ නිසා යුරියා ගෙන්වීමට යන මුදල පවා ඉතිරි කරගැනීමට හැකි බව හිමිපාණෝ පවසති. අක්කරයට පඳුරු පන්සීයක් වගා කළහොත් රුපියල් විසිදාහක මුදලක් උපයා ගැනීමට ගොවියන්ට හැකියාව ලැබේ.
ගිනිසීරියා වගාවේ වාසි
•පසේ තෙතමනය ආරක්ෂාවීම
•සුළං බාධකයක් ලෙස යොදාගත හැකිවීම
•ජෛව ස්කන්ධය සුරක්ෂිතවීම. (මෙයට හේතුව ගිනිසීරියාවල මූල පද්ධතිය පස ඇතුළට ගමන් කිරීමෙන් පස තදින් අල්ලා ගැනීමක් සිදු වෙයි.)
තෙල්වලින් හෝ ගල් අඟුරුවලින් බලශක්ති නිපදවීමේදී කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය වුවත්, ගිනිසීරියා දරවලින් බලය නිෂ්පාදනයේ දී වායුව දූෂණයක් සිදු නොවේ.මේ අනුව සෑම පුරවැසියෙක්ම ගිනිසීරියා වගා කිරීම සඳහා දායක වියයුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
පොල් පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ ජයන්ත ගුණතිලක මහතා අදහස් දක්වමින් ගිනිසීරියා වගාව මීට වසර කීපයක සිට වැදගත් බව හෙළි කළේය. මුළු ලෝකයේ කෘෂිකර්මය රඳා පවතින්නේ රනිල ශාක මත බව පැවැසූ ඒ මහතා රනිල ශාකවලින් කෘෂිකර්මයට දක්වන හිතකර බව වචනයේ පරිසමාප්ත අර්ථය සීමානොවෙන බව ද පැවැසුවේය.
කෘෂිකර්මයෙන් කිසි විටකත් බලශක්තිය වෙන් කළ නොහැකිය. කිසියම් විටක කෘෂිකාර්මික අර්බුදයක් පැන නඟන විට බලශක්ති අර්බුදයක් ඇතිවේ. ඒ අනුව බලශක්තිය සහ කෘෂිකර්මය අතර ඇත්තේ සමගාමිය සම්බන්ධයකි. මේ නිසා ගිනිසීරියා වගාවට හැකි පමණ දායක වීම ඔබේ යුතුකමකි.
රූපාන්ති බුලත්සිංහල
http://www.silumina.lk/2016/11/13/_art.asp?fn=af16111311

Link removed)පොළොව සුවපත් කරන ගිනිසීරියා

Last edited: