අපි දන්න "කබරගොයා" ගැන අපි නොදන්න දේවල්
ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කළාපීය ප්‍රදේශ වල හා මධ්‍යම කඳුකරයේ ජලාශ ආශ්රිත ප්‍රදේශ වල වන වදුල් අසබඩ ජීවත් වන කබරගොයා, විවිධ මිනිස් ක්‍රියාකාරකම් මත වඳවීමේ තර්ජනයට මුහුණදී ඇති උරග ජීවියෙකි. කබරගොයා කණ්ඩායම් වශයෙන් හෝ යුගල වශයෙන් ජීවත්වන සතෙකු නොව හුදකළා සතෙකි.
නිරන්තරයෙන්ම දඩයම් කිරීමෙන් යැපෙන කබරයින් හසුවන ඕනෑම සතෙකු ගිල දමන්නට රුසියෝය.මියගිය සතුන්ගේ කුණු මස් උවද රස මසවුලක් සේ ගිජුව ගිල දමති.
වසරේ මුල් කාර්තුවේ වැසි සමය මොවුන්ගේ ප්‍රජනන කාලයයි.කබරයින් දෙදෙනෙකු සමගියෙන් එකට වසනු දක්නට ලැබෙන්නේ ඉතා කෙටි වූ මේ ප්‍රජනන සමය තුල පමනි. අනතුරුව නැවත හුදකලා වෙන මේ සතුන් අතර ගැහැනු සතා මාස එක හමාරක් පමණ ඇවෑමෙන් පොළව යට ගැඹුරු ගුලක් හාරා ඒ තුල බිත්තර 10 හෝ 12 ක් පමණ දමා වසා තබයි. වසන්ත සමයේ තෙත් පොළව මතට වැටෙන දැඩි හිරු රශ්මිය මේ උරග බිත්තර මෝරා පැටවුන් උපද්දවන්නට සමත් වෙයි. අන් උරග බිත්තර මෙන්ම කබර බිත්තර වලටද කටුවක් නොමැත් වුවද තරමක් ගොරෝසු සැවක් සහිත බිත්තර තුල මේරූ පැටවුන් ගුල අසලින් පොළව හාරා ගෙන පැමින මෙලොව එළිය දකී. කටුස්සන් තරම් කුඩා අලංකාර පෙනුමැති මේ කුඩා කබර පැටවුන් විලෝපිතයින් ගෙන් බේරී වහ වහා කොළ රොඩු හෝ දිරා ගිය ගස් කොටන්, මුල් , ගුල්, බෙන අස්සේ සැඟවෙමින් සිය ජීවන යුද්ධය ආරම්භ කරති. පළඟැටියන් , පනුවන් , වැනි කුඩා සතුන් සොයා ආහාරයට ගනිමින් ක්‍රමයෙන් වැඩෙද්දී විලෝපිතයින්ගේ ගොදුරු බවට පත් නොවී සිටීමට නම් ඉතා අපහසු කාරණයකි. විශේෂයෙන් වැඩුණු කබරයින් විසින් මේ ළදරු කබර පැටවුන් සොය සොයා ගිල දමනු ලබයි.
තද දුඹුරු කළු මිශ්‍ර ගොරහැඩි සම පුරා කහ පාට මල් රටාවක් ලෙස පුල්ලි පිහිටා තිබේ.කබරයින් ක්‍රමයෙන් මෝරා වැඩෙද්දී ඒ අලංකාර පුල්ලි තරමක් අව පැහැ ගැන්වෙයි.
මිනිසුන් ඇතුළු සත්ව ලොකයේ කිසිම සතෙකු කබරගොයාට කිසිදු ප්රියයක් නොදක්වති. කබරගොයෙකු නිතර නිවෙස් අසල ගැවසීම වුවද අසුභ ලකුණක් යැයි මිත්‍යා සිතුවිලි ගැමි ජනතාව තුල පවතින්නේ මේ සතා කෙරෙහි දක්වන පිලිකුල නිසා විය යුතුය.මිනිස් ආශ්‍රයේ ජීවත්වෙන , මිනිසාට ප්‍රයොජනවන් බලු පැටවුන් , කුකලන්, එළු පැටවුන් , කුඩා වසු පැටවුන් පවා කබරගොයා විසින් පැහැරගෙන ගොස් ගිල දමයි.
මල් කබරයා යැයි හඳුන්වන තරුණ වයසේ කබරයින් නම් මිනිසෙකු දුටුතැන ඉතා වේගයෙන් පලායයි. පරිනත වූ වැඩුනු කබරයෙක් නම් මිනිසුන්ව එතරම් මායිම් කරන්නේ නැත. මිනිසෙකු විසින් ඌ එලවා දමන්නට සිතා යමකින් පහරක් ගැසූ විට හුළං පුම්බා පිඹිමින් සිය ශක්තිමත් බාවෙන් (වලිගයෙන්) වේගයෙන් පහර දෙයි. (කබරබාව) උගේ ආත්මාරක්ෂක අවියයි. එය කොතෙක් ශක්තිමත්ද , තියුණුදැයිකිවහොත් ( කබරගොයෙකු ට බුරාගෙන පනින ලද බල්ලෙකුට කබරයා එල්ල කරණ ලද බා පහරින් ඒ බල්ලා දෙකට කැපී මැරී තිබූ ආකාරය මා දැක ඇත.
දිය, ගොඩ, පමනක් නොව ඇතැම් විට ගස් උඩ පවා කබරයා සැරි සරයි.
බොහෝ විට නගරාසන්නයේ මස්, මාළු කඩ අසල ගැවසෙන කබරයින් ඔබ දැක ඇත.
ඒවායෙන් ඉවතලන සතුන්ගේ කොටස් ගිල දමමින් සුවෙන් ජීවත් වන කබරයින්ට කෑමෙන් කිසිදු අඩුවක් නොමැති නිසා ඉතා විශාලව වැඩී සිටින කබරයින් මා මෙන්ම ඔබද දැක ඇත.හිසේ සිට බාවේ කෙලවර දක්වා අඩි හයක් හතක් පමන දිගට වැඩෙන අතර හැඩි දැඩි මිනිසෙකුගේ ශරීරය තරම් උගේ කඳ කොටස වැඩී ඇති කබරයින් මා දැක ඇත
කබරගොයා ට මිනිසුන් එතරම් කැමැත්තක් නොදැක්වුවත් උගෙන් මිනිසාට කිසිදු හානියක් නැත. ( ඇතැම්විට කුඩා ළදරුවන් පැහැරගත් අවස්ථාද වාර්තාවී ඇති මුත් , ඒ මිනිසාගේම දුර්වලතායි.)
කබරගොයා ගෙන් මිනිසාට සහ පරිසරයට සිදුවන සේවය ගැන දන්නේ කීයෙන් කීදෙනාද .පරිසරයේ වෙසෙන ඉතා විෂඝෝර සර්පයින් සහ සර්ප බිත්තර සොය සොයා ගිල දමන නිසා විෂඝෝර සතුන්ගේ බොවීම පාලනය කිරීම,සහ මැරුණු සතුන්ගේ සිරුරු ගිල දැමීම තුලින්ද පරසරයට වන සේවය අප තේරුම් ගත යුතුය .
මිනිසුන්ට සපා නොකෑවද උගේ දත් විෂ සහිතය.නිතර විෂ ඝෝර සතුන් ගිලින බැවින් උගේ මලපහ පවා විෂය.කබරගොයා ගේ මලපහ නොහොත් කබර බෙටි අන් සතුන්ගේ මළපහ වලට වඩා වෙනස්ය. දිය කරණ ලද හුණුඅළු බිම හැලුවාක් මෙන් උෟ මලපහ හෙලූ තැන දිස්වෙයි. ඌ මලපහ කර දින දෙක තුනක් ඇතුලත නිරුවත් මිනිස් පයකට පෑගුනහොත් ඒවා ගෑවුනු තැන කැසීම්, තුවල වීම්, වනවීම් දක්වා ආසාදිත විය හැකිය.
කබරගොයා පලිබඳව මා ලියන මේ ලිපියේ මෙතෙක් ඔබ කියවූ විස්තර ඔබ දන්නා කරුණු විය හැක. නමුත් දැන් මම කියන්නට සැරසෙන්නේ කබරගොයා පිලිබඳව බොහෝ දෙනෙක් නොදන්නා ඉතා දුර්ලභ අභිරහසකි. මෙය මා පුද්ගලිකව නිරීක්ෂනය කළේ මීට වසර ගනනාවකට ඉහතදීය. මේ දුර්ලභ අභිරහස බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක.
*****************
උරග ලෝකයේ ජන්මාන්තර සතුරන් දෙදෙනෙකු වන නයා, සහ පොළඟා එකිනෙකාට මුණගැසීම ඉතා දුර්ලභය.මන්ද නයා සහ පොළඟාට ආහාර සොයා හෝ වෙනත් අවශ්‍යතාවයකට එකම වෙලාවේදි එළිමහනේ ගැවසෙන්නට සොභාදහම විසින් අවසර දී නොමැත.මේ දෙදෙනාට දවසේ කාලච්ඡේද වෙන වෙනම නියමකර ඇත.
පෙර වරුවේ 9 -10 පැය සහ සවස් වරුවේනම් 2- 3 අතර පැය නයාගේ වෙලාවයි. මේ කාළඡේද පොළඟාට සපුරා තහනම් වුවත් හිතුවක්කාර පොළඟෙකු මේ කාළය තුල සංක්‍රමණයේ යෙදුනොත් නයෙකු හා මුහුනට මුහුන මුන ගැසුනොත් ජන්මාන්තර සටන ඇරඹෙයි. පොළඟාට දී ඇති වෙලාව සැන්ඳෑ 6 සිට රාත්‍රී 10 දක්වායි. රාත්‍රියට කිසිම විටක නයෙක් නම් එළි මහනේ සැරිසරන්නේ නැත. කලාතුරකින් හෝ නයෙකු රාත්රියේදී එළිමහනේ සිටියානම් එය අහඹු සිදුවීමකි.ඒ වේලාවේදී ඌ ඉතා අසරණය. දශ්ඨ කරන්නේද නැත.රාතුියේදී නයෙකු මිනිසෙකුට දශ්ඨ කලේ නම් ,එය මිනිස් ක්‍රියාකාරකමක ප්‍රථිපලයක් යැයි, ( යක්ෂාරූඩ දිශ්ඨියක් නොහොත් නාග පිල්ලියක් යැයි පැරැන්නන්ගේ අදහසකි. )
නයා සහ පොලඟාගේ ද්වන්ධ සටනේදී බොහෝ විට නයා ජයග්‍රහනය කරයි.අනතුරුව නයා විසින් පොළඟාව ගිල දමයි. පොළගාගේ දැඩි පුහාර හා උග්‍ර විෂ නයාටද දරාගත නොහැකිව අවසානයේ දෙදෙනාම මියගිය අවස්ථා මා දැක ඇත.මෙම දුර්ලභ සිදුවීමෙන් අනතුරුව මේ සටනිින් හෙම්බත් වූ හෝ මැරුනු සතුන් දෙදෙනා එතැනම කුණුවී යන්නට සොභාදහම ඉඩ නොතබා ඇත. වල් ඌරන් සිටින පලාතක නම් ඌරෙකු හෝ නැත්නම් කබරගොයෙකු මේ මලකුණු සොයා පැමින ඒවා ගිල දමයි. උග්‍ර විෂ සහිත සතුන් ගිල දමා ජීරණය වන්නට තරම් ප්රථිශක්තියක් හිමි කබරගොයාට වුවද මේ නයි පොළගුන් දෙදෙනාගේ උග්‍ර විෂ දරාගත නොහැකි වෙයි. මේ මළකුණු ගිලදැමූ කබරගොයාද ඒ විෂෙන් මත්වෙයි. අනතුරුව කබරයා වහාම කළල් වූ මඩ වගුරක් වැනි ස්ථානයක් සොයා ගොස් ඒ තුල කිමිදෙයි. පසුව උෟ ක්ලාන්ත වූ ස්වභාවයෙන් මාස තුනක් පමන නිරාහාරව එම ස්ථානයේ නිසොල්මන්ව ගත කරයි. ඒ කාලය තුල උගේ මස් කුණුවී දියවෙයි.දකින ඕනෑම කෙනෙකු සිතන්නේ කබරගොයෙකු මැරී කුණුවී ඇති බවයි.