කලවම් නොවූ ජාන සහිත අපේ බළල් පරපුර!! Ceylon Cats with Unmixed Genes!! CEYLON CAT (CELONESE)

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    269854908_2812420299050688_4757573677635690373_n.jpg


    CEYLON CAT (CELONESE)
    ===================
    බළලුන් කීවාම සමහරුන්ට නම් ඇලජික්!! ඒත් මට නම් ඉතින් මගේ ජීවිතේම කොටසක්!! ඔවුන් සමග ජීවත් වීම අපූරු අද්දැකීම් සහිත ආස්වාදයක්!!

    ලෝකයේ බළල් කුලයේ සාමාජිකයන් 40 ක් ඉන්නවා! මෙයින් 33 ක්ම කුඩා බිළාලයන් (small wild cats) කොටසට අයිතියි! විශාල ගණයේ බිළාල සාමාජිකයන් 7 ක් අතරින් ව්‍යාඝ්‍රයා, සිංහයා, ජගුවරයා , කොටියා මූලිකයි!

    බළලුන් විද්යාත්මකව ක්ෂීරපායි වර්ගයේ, කානිවෝරා ගෝත්ර යේ, ෆෙලීඩේ කුලයට අයත්! ශ්රීලංකාවේ මේ කුලයේ සාමාජිකයන් 4 දෙනකු ස්‌වාභාවිකව වාර්තා වනවා!

    ශ්‍රී ලංකාාවේ මේ බිළාල පවුලේ සිටින විශාලතම සාමාජිකයා කොටියා (Leopard). එයා ලංකාවට ආවේනික (Endemic) වෙනවා. මීට අමතර ව තවත් කැළෑ බළලුන් වර්ග 3ක්‌ සිටිනවා!.

    හදුන් දිවියා, බළල් දිවියා (වල් බළලා) සහ කොළ දිවියා ශ්රීලංකාවේ ස්‌වාභාවිකව දැකගත හැකි වල් බළලුන් වේ. වල් යන්නෙන් සදහන් වන්නේ කැලේ ආශ්රිතව ජීවත් වනවා යන්නයි!

    හදුන් දිවියා යම්තාක්‌ දුරකට දන්නවා උනත් අනෙකුත් වල් බළලුන් දෙදෙනා පිළිබදව අවධානය ඉතා ම අඩු යි.

    මේ සම්භවයට කැලෑ බළල් උප විශේෂයක් වන ෆෙලිස් චවුස් කෙලාර්ටි (ෆෙලිස් චවුස් ඇෆිනිස්) ඇතුළත් වන බව සොයාගෙන ඇත.

    Ceylon Cat (Celonese)
    =============
    සිලොන් කැට් කියලා කියන්නේ ශ්රීලංකා දූපතට ආවේණික ගෘහාශ්රිත බළල් විශේෂයක්! අපේ රටට පමණක් ආවේණික වෙනවා.. ඇත්තටම නොයිදුල් ජාන සහිත බළල් පරපුරක් අපිට ත් උරුම බව ඉන් කිවහැකියි!

    අපේ රටට ආවේනික මේ බළල් වර්ගය කෘතීම වරණ සංයෝජනයකින් තොරව ශ්රීලංකා දූපතේ ස්වභාවිකව වර්ධනය වූ බව තමා පිලිගැනීම.

    ලංකාව මුහුදෙන් වටව තිබීමත්, මේ හුදකලාවත් එහි පෙනුම සහ ස්වභාවය අපේ බළලාට මේ ස්ථාවර පෙනුම සහ වර්ණය ලැබීමට පිටුවහලක් උනා කියලයි විශ්වාසය!.

    ඉතාලියේ පශු වෛද්යවරයකු වන පාවුලෝ (Dr. Paolo) 1984 ජනවාරි මාසයේ ලංකාවට පැමිණ කල සංචාරයකින් පසු තමා මෙම සුන්දර ගෘහාස්රිත ස්වභාවික ලාංකීය බළල් ජානයන් ගැන මුලු ලෝකයේම අවධානයට පත්උනේ! එය සැබැවින්ම අගයකලයුතු කාරණාවක්!.

    ඔහු පෙරදිගරටවල්වල දිගු සංචාරයක යෙදී සිටින අතර, ශ්රී ලංකාවේ නතර වී සිටි කාලය තුල සාම්ප්රදායික සංචාරක පිලිවෙතින් ඈත්ව ගෘහ ආශ්රිත ගම්බද ප්රදේශ නැරඹීමට වැඩි කැමැත්තක් දැක්වූවා!

    ඒ අතර තමා ඔහුට අපේ පරිසරයේ නිදහසේ සැරිසරන කුඩා බළලුන් හමුඋනේ! ඇත්තටම එවුන් අර්ධ වල් සතුන් වුවද, ඔවුන් කලබලයකින් තොරව ඔහුට ප්ර තිචාර සහ ආචාර කිරීමට තරම් හිතේෂීවන්තු උනා!.

    ඔහු ඉන් එකෙක් සමග සමීපව ඇසුරු කලා!. මේ විදේශීකයා අපේ, ස්වදේශික බළලුන්ට වශී වූ අතර , එහි ප්රතිඵලයක් ලෙසට ඔහු වර්ග කීපයක් ඉතාලියට ගෙන යාමට තීරණය කලා!!

    කොළඹ සත්වෝද්යානයේ වෛද්ය Mehemaduna මේ ක්රියාවලියට සහ නීතිමය ලියකියවිලිවලට සහය වූ අතර ස්විස් එයාර් ගුවන් ගමනකින් අපේ බළලුන් ඉතාලියට පියාසර කලා!!.

    පළමුව ඔහු විසින් ||තිසා සහ සෙරන්ඩිබ්|| යන පිරිමින් සතුන් දෙදෙනෙකු සහ ||තරංගා සහ අරලියා|| යන ගැහැනු සතුන් යුවල ඉතාලියට රැගෙන ගියා.

    Ceylon Cats ඉතාලි දේශගුණ විපර්යාසයට සහ සීතල කාලගුණයට හොදින් අනුවර්ථනය උනා!!

    ඇත්තටම මේ ඉතාලි ජාතිකයා අපේ බළල් පරපුර සංරක්ෂණය කලා! සෙලෝනිස් නොවන බළලුන් හා , ඉතාලි බලලුන් අතරට මේ ජාන යාමේ අවධානම වැළැක්වීම සඳහා ශ්රී ලංකාවෙන් ආනයනය කරන ලද අතිරේක බළලුන් වැඩි කරමින් ඔහු තම අධ්යයන වැඩිකලා! 1984 දී, Ceylon Cat Lovers Club (Club Amatori del Gatto di Ceylon) ආරම්භ කරන ලද අතර පළමු අභිජනන ප්රමිතිය 1988 දී සකස් කලා!

    වඩාත් ගැඹුරු පර්යේෂණ මත පදනම් වූ මේ පර්යේෂණ වලින් පසුව ලංකා බළලාගේ පැවැත්ම ඇත්ත වශයෙන්ම පැරණි ඊජිප්තුවෙන් ආරම්භ වූ බවටද මත පලඋනා. ඒ සදහා හේතු සාදක ලෙස ශ්රී ලංකාවේ බළලුන් සහ චාවුස් නම් ඊජිප්තුවේ බළලා අතර ඇති සමානතාවය ගැන කරුනු රැස් උනා!. ඊජිප්තු පිරමිඩ් වල පවා මේ බලලුන් ගැන සදහන්!

    අද වන විට ලංකා බළලා ඉතා දුර්ලභ විශේෂයක් ලෙස සලකනු ලබන්නේ ඒ නිසායි! නමුත් ශ්රී ලංකාවේ ඉතා පුළුල් ලෙස ව්යාප්ත වුවද යුරෝපයෙන් පිටත එය හඳුනාගෙන නම් නැහැ!. අපේ ලංකාවෙත් මේ ගැන දන්නේ අල්ප වශයෙන්!

    ඇත්තටම Ceylon Cat අභිජනන සමාජයේ ප්රධාන අරමුණ වූයේ යටත් විජිත සමයේ ශ්රී ලංකාවේ බලලුන් සඳහා බ්රිතාන්යයින් විසින් දී තිබූ නාමය වූ “සිලෝන් කැට්” (හෝ සෙලෝනිස්) යන නාමය යටතේ මෙම බළලුන්ගේ මුල් ජානමය උරුමය ආරක්ෂා කිරීමයි.

    ඒ නිසා යුරෝපයට ගෙනියන ලද ලියාපදිංචි වී ඇති සියලුම ලංකා බළලුන් ද වෙනත් අභිජනන හෝ ප්රභේදවලට සම්බන්ධ නොවී ශ්රී ලංකාවේ දේශීය ලංකා බළලුන්ගෙන් සෘජුවම පැවත එන්නන් ලෙසින් ලෝකයට එක්උනා!

    මිනිස් මැදිහත්වීමකින් හෝ තෝරා ගැනීමකින් තොරව වර්ධනය වූ අභිජනනයක් යනු, සැබැවින්ම පිරිසිදු ජාන ආරක්ෂාකිරීමක් හා සංරක්ෂණයක්!

    ජාන වෙනස්වීම් සහ වෙනත් රටවල විශේෂ සමගින් කලවම් වීමේ ප්රවණතාවයට එරෙහිව සහ අභිජනනය වැළැක්වීම සඳහා, Ceylon Cat Lovers Club විසින් සෑම පරම්පරා 4කට හෝ 5කට වරක් දේශීය ශ්රී ලංකා බළලුන් ඒ ඒ රටවල් සදහා ආනයනය කිරීමට ද නිර්දේශ ඇතුල් කරගත්තා!.

    මෙම Ceylon Cat ප්රදර්ශනය නිසා ඇත්තටම අපේ බළල් පරපුර නොයිදුල් එකක් ලෙසින් ලෝකයට එක්උනා! ශ්රී ලංකාවෙන් ආනයනය කරන ලද බළලුන් සඳහා සමාජයතුල හොද ඉල්ලුමක් සහ කැමැත්තක් ද ඇති උනා!

    නමුත් සුරතල් සතුන් ලෙස ශ්රීී ලංකාවට ගෙන එන බටහිර බළලුන් නිසා නම් දේශීය අභිජනනයේ සංශුද්ධතාවයට සහ පෙනුමට තර්ජනයක් වන බව නම් සැබැවින්ම සත්යයක්!

    Ceylon Cat කියන්නේ අලංකාර, කඩිසර සහ ආදරනීය බළල් වර්ගයක්! මධ්යම ප්රමාණයේ සහ සිහින් පෙනුමක් ඇති නමුත් ඇත්ත වශයෙන්ම තරමක් සංයුක්ත හා සමගාමී සමානුපාතිකයන් සහිත මාංශ පේශින්ගෙන් සමන්විතයි!

    පැහැදිලිවම ලිංගික ද්විමානතාවයක් තියනවා! පිරිමින් ගැහැණු සතුන්ට වඩා විශාලයි!, නමුත් ස්ත්රී පුරුෂ දෙපාර්ශවයටම හොදින් වර්ධනය වූ, නමුත් සිහින් නොවන, අස්ථි ව්යුහයක් ඇති අතර හොඳින් මාංශ පේශී සහිත සහ අලංකාර පෙනුමක් සහිතයි!

    සම්භාව්ය වර්ණය වන්නේ කහ-කොල මිශ්ර රන්වන් පැහැයක් වන අතර එය "මැනිලා" (ලියුම් කවර වර්ගයක වර්ණය) ලෙස හැඳින්වේ. අපි කියන්නේ සම්බෝල පූසන් කියා!! එය බෙන්තොට වර්ණය කියා ද හදුන්වනවා!

    මේ වර්ගයේ වෙනත් රටවල අයගේ වර්ණය ශරීරය පූරාම ඒකාකාරීයි , අත් පා මත හොඳින් පැල්ලම් ආකාරයක් දක්නට තියනවා!. වලිගය ඒකකාරියි හා ඒ අයගේ නළලෙහි M-හැඩැති සලකුණක් ද තියනවා!

    ලංකාවේ අපේ Ceylon Cat හි මේ සියල්ල තරමක් වෙනස් !! අර එම් හැඩය අපේ අයගේ නලලේ "නාගයා" ගේ ආකාරයකින් පෙන්වනවා! බෞද්ධ සම්ප්රදායට මේ නාගයා සම්බන්ධයක් පවතින බව විස්වාස නිසා ශ්රීක ලංකාවේ මෙම සලකුණු තිබීම වාසනාවන්ත ලෙස අතීත ඉතාලි හා ඊජිප්තු පූස් ලෝලයින් නම් විශ්වාස කරනවා!!

    සියලුම ස්වභාවික වර්ණ යන් ගෙන් අපේ මේ බළල් පරපුර සමන්විතයි! පිට මත පිහිටන රන්වන් දුඹුරු රටා තුනක් හඳුනාගෙන ඇති අතර ඒවා සියල්ලම පරම්පරාවෙන් පරම්පරාවට පැටව් තුළ ඇති විය හැකියි!

    බෙන්තොට වර්ණය කියන්නේ ශ්රී ලංකාවේ බෙන්තොට ගම්මානයේදී ඉතාලි වෛද්ය වරයා විසින් නිරීක්ෂණය කරන ලද පළමු රටාවයි. මුළු පිටුපසම ඒකාකාර මවිල් වලින් ආවරණය වී ඇති අතර අත් පා මත හොඳින් පැහැදිලි ඉරි තියනවා!

    උදරයේ කුඩා ලප ඇති අතර වලිගයේද රවුම් සලකුණු තියනවා. නළලේ "නාගයා" සලකුණ සුවිශේෂයි.

    Continental හෝ Tabby (CON) කියන්නේ මැකරල් වර්ණ රටාවක්! මෙම රටාව ආසියාව පුරා සිටින බළලුන්ට ආවේණික යි!.

    අපේ සිලෝන් බළලා මිහිරි හා ආදරණීය වන අතර පවුලේ සාමාජිකයන් හා ආගන්තුකයන් සමඟ ඉතාමත් මිත්රශීලී යි!

    ඔවුන්ගේ මේ ආක්රමණශීලී නොවන, නිහතමානී ස්වභාවය ඇත්තටම දරුවන් සිටින පවුල් සඳහා ඉතාමත් සුදුසු යි.

    මහල් නිවාසයක උවත් ජීවත් විය හැකි වුවද , ඔවුන් ඉතා සෙල්ලක් කාර හා ජවසම්පන්න වන බැවින් ඔවුන්ට ශක්තිය දහනය කළ හැකි බාහිර ප්රදේශයකට ප්රවේශය වීම නම් අත්යාවශ්යයි!.

    සිහින් දැති සහිත පනාවකින් ආකාරයෙන් දිව පිහිටන නිසා ඒ ආදාරයෙන් කෙල ගා ගනිමින් පීරමින් තම ශරීරය පිරිසිදු කරගැනීම ට ඔවුන් වඩා ප්රිය කරනවා!

    තරුණ බලලුන් ගැහැනු සතුන් සමග සංවාසයට පෙර ඔවුන් එකිනකා ගැන ප්රේමයෙන් පසුවනවා! මාස හයේදී දෙදෙනා එකිනකා හා සාකජ්ජා කරනවා!

    මාස 12 ක් සම්පූර්ණ වන තෙක් බලා සිට සංවාසයට එක්කරන්නේ නම් වඩා හොඳයි. භෞතිකව වර්ධනය වීම අත්යාවශ්ය්යි. ලාංකීය බළල් විශේශයේ ගැහැනු සතුන් සාමාන්යයෙන් විශිෂ්ට මව්වරුන් වන බව කියැවෙනවා.

    එය සත්යක් බව බලලුන් සමග වසර 40 ක් අසුරැ කරන මා හොදින් දන්නවා! තමන්ගේ පරම්පරා 3කට පෙර පැටවුන්ට පවා බළල් මව කිරිදීම සිදුකිරීම සැබැවින්ම ආදරනීයයි..

    ලංකාවේ අපේ වර්ගයේ පැහැදිලි තවත් සුවිශේසී බවක් තමා පසුපස කකුල් ඉදිරිපසට වඩා තරමක් දිගු වීම. එය හරියට කැන්ගරැවාගේ වගේ..ගොදුරක් දෙසට වේගයෙන් යොමුවීමට එය ආදාරකයක් වනවා!

    අපේ වැඩිහිටි සිලෝන් කැට්, කිලෝ 3-6 ත් අතර බරින් යුක්ත වනවා! උස සෙන්ටිමීටර 30 ත් 35 ත් අතර වෙනවා.

    ලංකා බළලා ඉතා විචක්ෂණශීලී, ඔවුන් ඇවිදින විට ඇසෙන්නේ නැති තරමටම පරිසරය හා ඒකාත්මික වනවා.

    ඔවුන් ඉතා සමාජශීලී වන අතර නිවසේ සිටින අනෙකුත් සතුන්ට හා බල්ලන්ට හොඳින් අනුගත වෙනවා. ඔවුන් තම ස්වාමිවරුන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත යි. පවුලේ සාමාජිකයින් හා තද ඇසුරක් පැවැත්වීමට කැමති අතර තම නිවසින් බොහෝ දුර බැහැරට යාම ඔවුන් අප්රිරය කරනවා!.

    ලාංකීය බළලා රෝගාබාධවලට ගොදුරු වීම අවම වනවා!

    සෞඛ්ය සම්පන්න භාවය රදා පවත්වා ගැනීමට තමුන් විසින්ම ක්රියා කරනවා! කුප්පමේනියා සුවද, විවිධ ශාක කොටස් සහ පොල් ඔවුන්ගේ ආසම දේවල් අතරින් ප්ර‍මුකයි!

    Ceylon cat ගේ සාමාන්ය ආයු කාලය අවුරුදු 15 ක් වනවා.

    සියලූම බළලුන් අපේ මිනිස් ක්රියාකරකම් අධ්යායනය කරනවා! එයා අපිට හිතවත් වෙන්න වෙන්න අපි ආස දේවල් කිරීමට උත්සාහ ගන්නවා!

    අපේ භාෂාව හොදින් තේරැම් ගැනීමට කාලයක් යද්දි හුරුවෙනවා! අපි සමග කතා කිරීමට උත්සාහ ගන්නවා! .අපි කන කෑම, අපි අදින විදිහ, අපේ සිතුම් පැතුම් පවා කාලයක් යද්දි එයාගේ හිතට ගන්නවා!

    අපිට කරදරයක් ආවම එයා ඒක එයාගේ කරගන්නට උත්සාහ ගන්නවා! ඇසුරු කරන ස්වාමියාගේ මානසික ව්යා්කූලත්වය තේරැම් ගැනීමට තරම් සමත් වෙනත් සත්වයෙක් නැති තරම්!

    ඒ අනුව අපිට සමීපව හිදිමින් කරදරවලදී අපිව සනසවන්නට උත්සාහ ගන්නවා! අපේ කරදර ඔවුන්ගේ කරදරයක් ලෙසින් සිතමින් අපිව තනි නොකිරීමටත්, අප අසල නිදා ගනිමින්, දැවටෙමින් අපි වටා ඇති අධෘශ්ය මාන බලවේගයන් ගෙන් අපිව ආරක්ෂා කිරීමට ඔවුන් සමත්වනවා!

    එහෙත් බොහෝ අය බලලුන් ඇති කිරීම පිලිකුල් කරනවා! ඔවුන් සැම තැනම ජරා කරනවා හොරෙන් කනවා,මවිල් අප ශරීරයට යනවා යැයි කියා!!

    නමුත් මා ඔබට එකක් ඉදුරාම පවසනවා! කිසිදු බළලෙක් හේ බල්ලෙක් නියමාකාරයෙන් ආදරය කරමින් ඔබගේ සමීපතමයෙක් ලෙසින් සිතා කටයුතු කර, හදා වඩා ගන්නේ නම් ඇතිකරන්නේ නම් කිසිදිනක ඔබගේ වත්තේ තැන් තැන් වල කැත නොකිරීමටත්, ඔබගේ ආහාර හොරෙන් කෑමටත් හුරැවන්නේ නෑ!!

    ඔබ ඔවුන්ව දින 5කට වරක් වත් නෑවීම කරන්නේ නම් මවිල් යෑම අවම වෙනවා! බළලා කියන්නේ පිරිසිදුව සිටීමට 100%ක්ම කැමති සතෙක්... ඔවුන් සෑම ආහාර වේලකින් පසුවම නෑමත් මූන සේදීමත් සිදුකරගන්නවා...

    සැමවිටම ඔබගේ නිවසේ ඇතිකරනා තිරිසන් සතාගෙන් ඔබගේ පවුලේ අභ්යන්තර ජීවන රටාව , ඔබගේ කතා විලාශය, ආදාරනීයවන්ත භාවය ලොවට කියා පානවා!

    ඔබ දරුණු අයෙක් නම් ඔබේ නිවසේ සිටිනා තිරිසනුන්ද ඒ ගති පැවැත්ම අනුගමනය කරනවා මයි! එය මා දලද අද්දැකීමක් වන බව ඔබට කියන්නේ සතුටින්!

    ස්තුතියි!
    රුවන් ගමරාළගේ!
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සැමවිටම ඔබගේ නිවසේ ඇතිකරනා තිරිසන් සතාගෙන් ඔබගේ පවුලේ අභ්යන්තර ජීවන රටාව , ඔබගේ කතා විලාශය, ආදාරනීයවන්ත භාවය ලොවට කියා පානවා!

    ඔබ දරුණු අයෙක් නම් ඔබේ නිවසේ සිටිනා තිරිසනුන්ද ඒ ගති පැවැත්ම අනුගමනය කරනවා මයි! එය මා දලද අද්දැකීමක් වන බව ඔබට කියන්නේ සතුටින්!
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    සැමවිටම ඔබගේ නිවසේ ඇතිකරනා තිරිසන් සතාගෙන් ඔබගේ පවුලේ අභ්යන්තර ජීවන රටාව , ඔබගේ කතා විලාශය, ආදාරනීයවන්ත භාවය ලොවට කියා පානවා!

    ඔබ දරුණු අයෙක් නම් ඔබේ නිවසේ සිටිනා තිරිසනුන්ද ඒ ගති පැවැත්ම අනුගමනය කරනවා මයි! එය මා දලද අද්දැකීමක් වන බව ඔබට කියන්නේ සතුටින්!
    sirama scene ekak:yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    කලවම් නෑ කියන්නේ ලෙඩ අඩු අැති..බල්ලෝ වුනත් බලපං වල් උන් වැඩි කල් ජීවත් වෙනව ලෙඩත් අඩුයි ඒකට කලවම් බල්ලෝ පුදුම ලෙඩ ගොඩක් ඵන්නේ.ගොඩක්ම කැන්සර්.ජීවත් වෙන කාලෙත් අඩුයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ewwww puuso :sick:

    No Way Do Not Want GIF by MOODMAN


    සැමවිටම ඔබගේ නිවසේ ඇතිකරනා තිරිසන් සතාගෙන් ඔබගේ පවුලේ අභ්යන්තර ජීවන රටාව , ඔබගේ කතා විලාශය, ආදාරනීයවන්ත භාවය ලොවට කියා පානවා!

    ඔබ දරුණු අයෙක් නම් ඔබේ නිවසේ සිටිනා තිරිසනුන්ද ඒ ගති පැවැත්ම අනුගමනය කරනවා මයි! එය මා දලද අද්දැකීමක් වන බව ඔබට කියන්නේ සතුටින්!


    This is true
    ------ Post added on Jun 23, 2024 at 8:35 AM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කලවම් නෑ කියන්නේ ලෙඩ අඩු අැති..බල්ලෝ වුනත් බලපං වල් උන් වැඩි කල් ජීවත් වෙනව ලෙඩත් අඩුයි ඒකට කලවම් බල්ලෝ පුදුම ලෙඩ ගොඩක් ඵන්නේ.ගොඩක්ම කැන්සර්.ජීවත් වෙන කාලෙත් අඩුයි.

    මේක නම් 💯 අැත්ත..අපේ හිටපු ලැබඩෝර්ලා දෙන්නම මළේ ලෙඩ හැදිලා..ඵකෙක්ට අාතරයිටීස් අනිකට kidney cancer ඵකක්..දැන් ඉන්‍නේ ලංකාවේ වල් බව්වෙක්..උෟට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නේ නෑ..පට්ට healthy..යකා වගේ තමා ඵකෙක්ට ඵන්න දෙන්නේ නෑ ගේට්ටුවෙන් මෙහාට..❤️
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    සැමවිටම ඔබගේ නිවසේ ඇතිකරනා තිරිසන් සතාගෙන් ඔබගේ පවුලේ අභ්යන්තර ජීවන රටාව , ඔබගේ කතා විලාශය, ආදාරනීයවන්ත භාවය ලොවට කියා පානවා!

    ඔබ දරුණු අයෙක් නම් ඔබේ නිවසේ සිටිනා තිරිසනුන්ද ඒ ගති පැවැත්ම අනුගමනය කරනවා මයි! එය මා දලද අද්දැකීමක් වන බව ඔබට කියන්නේ සතුටින්!
    TRUE :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    තනි සිංහල කියලා ඉන්නේ ඤාව්වෝ විතරයි. අනිත් හැම පරයම කවලං
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේක නම් 💯 අැත්ත..අපේ හිටපු ලැබඩෝර්ලා දෙන්නම මළේ ලෙඩ හැදිලා..ඵකෙක්ට අාතරයිටීස් අනිකට kidney cancer ඵකක්..දැන් ඉන්‍නේ ලංකාවේ වල් බව්වෙක්..උෟට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නේ නෑ..පට්ට healthy..යකා වගේ තමා ඵකෙක්ට ඵන්න දෙන්නේ නෑ ගේට්ටුවෙන් මෙහාට..❤️
    R.6beafe640d2a7f0d8ec239310c1405be