අපි දෙන්නා හමුවුනේ ඉන්ටර්නෙට් ඩේටින් සයිට් එකකින් - සසන්ති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,629
    56,171
    113
    sasanthi-jayasekara-uk-speaks

    එක්සත් රාජධානියේ වාසය කරන ප්‍රකට රංගන ශිල්පිණී සසන්ති ජයසේකර මේ දිනවල ශ්‍රී ලංකාවේ කාලය ගතකරමින් සිටින අතර සුදු ජාතික ආදරණීය සැමියා ස්ටීව් රික්ෂන් සමග ඇය රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වී තිබුනේ ප්‍රථම වරටය.



    රංගන ශිල්පිනී සසන්ති ජයසේකර 1990 දශකයේ හා 2000 මුල ටෙලි නාට්‍ය තුළ ජනප්‍රිය වූ නිළියකි. ඇයගේ ටෙලි නාට්‍ය රංගනය සම්මානයට පවා ලක්ව තිබුණි.

    "මම ඉස්සලම ආවේ ටීවී කොමර්ෂල්ස් වලින් ඊට පස්සේ තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍ය වලට තෝරගත්තේ. මම රෝහණ වීරසිංහ ලක්ෂ්මන් විජේසේකර සර් ලාගේ 'කලා භූමි' ආයතනයේ තමයි හිටියේ. අපි ඒ අයගේ පළවෙනිම ශි්‍ෂ්‍ය ශිෂ්‍යාවෝ පොඩිම තැනින් පටන් අරගෙන අන්තිම වෙනකම් හිටපු කට්ටිය.. ඉතින් මියුසික් ඉගෙන ගත්ත රෝහණ සර්වයි දැනට ජීවතුන් අතර නැති මගේ ආදරණීය ලක්ෂ්මන් විජේසේකර සර්වයි මං ආදරෙන් මතක් කරනවා.
    ඒගොල්ලො තමයි මට කිව්වෙ රඟපාන්න තිබෙන අවස්ථා ගැන. ඩී බී. නිහාල්සිංහ මහත්මයාගේ එකාලේ ස්ක්රීන් ටෙස්ට් වලට යන්න කියලත් උදව් කරා. ටෙලි සිනේ ආයතනය ඒ කාලේ තිබ්බ ආයතනයක් මං ඒකට ගියා.


    ගෙදරින් මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒක නිසා කොහොම හරි ගියා. ඊට පස්සේ රඟපාන්න ගියා.
    මේ කාලෙ වගේ නෙමෙයි ලොකේෂන් වල තත්වය අලුත් එක්කෙනෙක් එක්ක රඟපාන්න කිව්වම කවුද කවුද කියලා අහනවා. ලේසි නෑ තැනකට යන්න.එහෙම තමයි මම ක්ෂේත්‍රයට ආවේ.
    මට කුසලතා සම්මානයක් හම්බුනා 'එක් මෘගාංගනාවියක්' කතාවට. සුමති ටෙලි සම්මාන වලදී. ඊට පස්සේ හොඳම නිළිය සම්මානය හම්බුනා. 'හදවිල සක්මන' නාට්‍යයට ප්‍රසන්න ජයකොඩි තමයි ඒක කළේ 2003 විතර. කොමර්ෂල් චිත්‍රපට ගණනාවකත් මං රඟපෑවා.
    මං ආස වුනේ නම් ෆිල්ම්ස්වලට. ඒකේ හරි ගැම්මක් තියෙනව.නමුත් ෆිල්ම් සුළුවෙන් කරේ. මට කරන්න හරි ගැඹුරු චරිතයක් හම්බ උනේ නෑ එකයි හම්බවුනේ 'ජුලියා' එකේ.

    මේ ආදරණීය සැමියා ගැන කතාව මෙහෙමයි. එයාට තේරෙන් නෑනේ සිංහල .ඒ වුනාට මාත් එක්ක ඉද්දි ෆිල්ම් බලන්නත් එනවා හින්දි ෆිල්ම් බලනකොට හෝල් එකේ . ෂාරුක් ඛාන්ගේ එකක් තිබ්බොත් යනවා. ගිහින් ඉතිං කියනවා 'මයි ගෝඩ් මේ බලන්න මං විතරයි සුද්දෙක් ඉන්නෙ' කියලා.
    සබ්ටයිටල් දාලා තියන ඒවා බලනවා.
    අපි දෙන්නා හමුවෙලා වසර 13 ක් වෙනවා.
    ඔහුත් මාත් හමුවුනේ අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් 'ඩේටින් සයිට්' එකකින්. ඔහුට මට වඩා වයස 5 ක් වැඩියි. මගෙන් මුලින් ඇහුවාම. දැනට බැහැ කියල කිව්වා.

    ඇත්තමයි ඒ කාලෙ වෙන කෙනෙක් හිටියා ඒ ගැන හිතුවා. පස්සෙ පස්සෙ මෙයා ලියපු වාක්‍ය කියවලා මට හිත ඇදුණා. අපි මුණගැහෙන්න තීරණය කලේ ඊට පස්සෙ.

    අපි දෙන්නා ආදරේ කරා මාස 6 ක් විතර. අපි අඳුනගන්න කථා කරා ගොඩක් කල් යාළුවො වගේ. මෙහෙමයි දැක්කහම ආදරේ වෙනයි ඉන්න ගිහාම වෙනයි. ඒ නිසා දැන් කාලෙ කෙරෙන ඒව වගේ නෙමෙයි අපි අතර සම්බන්ධය ගොඩ නැගුනේ.

    අපි එකට ආදරේ කරනවා නම් අපිට සහකරුවෙක් හෝ සහකාරියකගෙ බලාපොරොත්තු වෙන දේවල් අප තේරුම් ගැනීම සහ ඒවාට මානසික වදයක් නැතිවීම වැදගත්.

    මගේ පවුල හිටපු අවාසනාවන්තම වෙලාවෙදී මෙයා මං ළඟ හිටපු විදිය හරි වටිනවා. ඒ වෙලාවෙ වෙන මනුස්සයෙක් නම් ලංකාවේ කෙනෙක් නම් ඇත්තටම දාල ගිහින් සුද්දෙක් වුණත්. නමුත් මෙයාගෙ ඉවසිලිවන්තභාවය විශිෂ්ටයි.
    කොච්චර මම ඇඬුවද.. සද්ද නැතිවම මෙයා අත අල්ලගෙන මගේ. මෙයා මගෙත් ඇස් දිහා බලං ඉන්නවා විතරයි කතාවත් කරන් නැතිව සැනසීමක් දුන්නා. මොකද එයාට දුක් වෙන වෙලාවට එයා ළඟ ඉන්නවා හැඟීම දෙන එක විතරයි වටින්නෙ.මං තාත්තා මල්ලිලා දෙන්නා ගාවට හොඳම ගතිගුණ දැක්ක මහත්මයා මෙයා."
     
    • Love
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,924
    6,757
    113
    ඉඉස්සර මන් ආසම නිලියක්
    හිච්චි එකා කාලේ

    දැන් අයියෝ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,653
    15,904
    113
    ඉඉස්සර මන් ආසම නිලියක්
    හිච්චි එකා කාලේ

    දැන් අයියෝ

    මේකි මහරගම හිටියෙ..මේකිගෙ මල්ලි අපිත් ඵක්ක ක්‍රිකට් ගහන්නේ..උෟ මැරුණා ළගදී..මේකි ගොඩක් අප්සට් ඵකෙන් හිටියේ මාස ගාණක්ම උෟ මැරුණ නිසා..


     
    • Like
    • Sad
    Reactions: vito and pasansnoop

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,336
    9,642
    113
    Kotte
    එක් මූර්ගඟනවියක් ද මොනවද එකක් බලලා අත මැරුව මතකයි හිච්චි කාලේ
    චන්ද්රිකාගෙ මල්ලි ඒකාලෙ තියාගෙන ගැහුවෙ මේකිව. පස්සෙ චන්ද්රිකා ගෙදර ගිහින් මේකිට ගහලා පැන්නුවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,838
    18,440
    113
    33
    Hell
    මල් කැකුලක් ඉකි බින්ද tele drama එකේ මමයි සසන්තිගෙයි සීන් කෝන් එකක් තියෙනවා 🥴 kingswood එකේ ගැහුවේ ඒක
    මං 6 වසරේද කොහෙද
    ෆට්ට ඒ කාලේ සසන්ති
     
    • Wow
    Reactions: Asmodeus