මොන පශ්චාත්බාගවල්ද බං මුන් මේ කියන්නෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මාලනී: "අපි ආයෙත් හමුවුණා."

    විජය: "මං ගොඩක් කල් බලං හිටියා ඔයා එනතුරු"

    මාලනී: "හ්ම්" ... මං හිතුවා මාව අමතක ඇති කියලා.

    විජය: "නෑ මයෙ මැණික.." ඔයාව මට කොහොම අමතක වෙන්න ද.."

    මාලනී: "මිනිස්සු හැමෝම තාමත් ඔයාට ආදරෙයි.. ඒ ගොල්ලන්ගෙ ලෝකෙ අපි දෙන්නා සදාකාලික ආදරවන්තයො.."

    විජය: "මගේ ලෝකෙත් එහෙම තමයි මාලිනී..දැං අපිව වෙන් කරන්න කාටවත් බැහැ"

    මාලිනී: "ආයෙත් මාව තනිකරනව ද.."

    විජය: "මට මාව නැතිවුණා මැණික. දැං ආයෙත් මං මාව හොයාගනීවි...මං පුරහඳේ සුන්දරත්වය හොයන්න ගිහින් අඩසඳේ ලස්සන මට මඟහැරුණා. ඒ අඩසඳ පුරහඳක් වෙන්න නම් මං ඉන්නෝන කියලා මට වැටහුණා.."

    මාලිනී: "ගැහැණු කවදත් ඇහෙන දේට රැවටුණා. ඒ නිසා පිරිමි බොරු කිවුවා."

    විජය: "පිරිමි කවදත් දකින දේට රැවටුණා..ඒ නිසානෙ ගැහැණු මේකප් දාන්නෙ""

    මාලනී-විජය: හිහී..හහා..

    මාලිනී: "ඉතින් කියන්නකො මෙච්චර කල් මොකද කළේ.."

    විජය: "හදිසි නෑනෙ..අපි හෙමීට කතා කරමු.."

    මාලනී: "ආදරෙයි කියන්න"

    විජය: "කියන්නෙ නෑ...බයයි මට ආයෙත් මගෙ මැණික මට නැතිවෙයි කියලා..මං ළඟින්ම ඉන්නම්..මේ ඇස් දෙකේම තියාගෙන..ඔයාට ආදරේ දැනෙයි..."

    මාලනී: "හ්ම්.."

    ✍️ Ruwani Thalagala (රුවී)
    උපුටාගැනීමකි











     
    Last edited: