අපි නොදන්නා අපේ ජාතික වීරයෝ
අපිට අමතකවුණු අපේ ජාතික වීරයෝ
මේ ලිපියෙන් අපි ඔයාලට ගෙන එන්නෙ අපි කවුරුත් වැඩිය අහල නැති වීරයො, වීරවරියො කිහිප දෙනෙක් පිළිබඳ වීමයි. මේ අය අතරින් සමහරක් දෙනා සේනා රැස් කරගෙන පරසතුරන් එක්ක හැප්පුණු අය නෙමෙයි. ඒත් තමන්ගේ හැකි පමණින් මවුබිම වෙනුවෙන් එඩිතර තීරණ ගත්ත මිනිස්සු.
වීසිංගෙදර කුඩාරාළ
1803 ඉංග්‍රීසි ආක්‍රමණ කාලවලදී උඩරට රජු හැටියට හිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමායි. ඉංග්‍රීසි ආක්‍රමණ වලින් ආරක්ෂා වෙන්න කියල ඒ වෙද්දි රජතුමා හඟුරන්කෙත ප්‍රදේශය තමයි වාසස්ථානය කරගෙන ඉඳල තියෙන්නෙ. කොහොමින් හරි අවසානයේදි රජතුමා හඟුරන්කෙත ඉන්න බවට ඉංග්‍රීසීන්ට දැන ගන්නට ලැබෙනව. ඒ ඔත්තුවත් එක්ක ඉංග්‍රීසි හමුදා සේනාවක් රජතුමා හොයාගෙන හඟුරන්කෙතට එනව. දෙල්තොට, පට්ටියගම, නවනැලිය හරහා හඟුරන්කෙතට එන මේ ගමන ඔවුන් එන්නෙ මග දිගට හමුවන ගම්බිම් විනාශ කර ගිනි තබමින්, මිනිසුන් මරමින් සහ ස්ත්‍රීන් දූෂණය කරමිනුයි. මේ විදිහට මිනිසුන් බිය වද්දමින් ඉංග්‍රීසීන් එන ආරංචිය උනන්තැන්න කියන ගමේ එක පුද්ගලයෙකුටත් ආරංචි වෙනවා. ඔහු නමින් වීසිංගෙදර කුඩාරාළ.
නිර්භීත ගතිගුණ වලින් හෙබි පුද්ගලයෙක් වෙච්ච කුඩාරාළ මේ ආරංචියත් එක්ක ඉංග්‍රීසීන්ගෙන් පළිගන්න මගක් හොයමිනුයි ඉන්නෙ. හඟුරන්කෙත දක්වා විහිදෙන ඉංග්‍රීසීන්ගෙ ගමන අතරතුර පිහිටන එක් විශේෂ ස්ථානයක් ගැන ඔහුගේ සිහියට එන්නෙ මේ වෙලාවෙදියි. ඒ තමයි පනිනාගල කියන ස්ථානය. ඉංග්‍රීසීන්ගේ ගමන අතරතුර හමුවන මා ඔයෙන් එතෙර වෙන්න නම් ඔවුන්ට මේ පනිනාගල උඩින් තමයි එහා ඉවුරට පනින්නට සිද්ධ වෙන්නෙ. ගලායන ජලකඳට ඉහලින් නෙරා ආපු මේ පනිනාගල හරහා පනින පැනිල්ල එක වරකට එකා බැගින් තමයි කරන්නට වෙලා තිබ්බෙ. ඉතින් මේ සුවිශේෂ පිහිටීම තමන්ගෙ වාසියට අරගන්න හිතන කුඩාරාළ කරන්නෙ දිග හෙල්ලෙකුත් අරගෙන මේ ගල යට සැඟවිලා ඉන්න එක. ඉංග්‍රීසීන් එකා දෙන්නා මේ ගල උඩින් පනින්න ගනිද්දි කුඩා රාළ කරන්නෙ ඔවුන්ට හෙල්ලෙන් ඇන මරුමුවට පත් කරමින් ජලකඳට වැටෙන්න සලස්සන එකයි. මේ විදිහට ඉංග්‍රීසි සොල්දාදුවො එකෙක් දෙන්නෙක් නෙමෙයි, මුලු බලඇණියක්ම විනාශ කරන්න කුඩා රාළට හැකි වෙනව.නමුත් මේ සියල්ල අවසානයේ සීතලෙනුත්, වෙහෙසෙනුත් ශරීර ශක්තිය හීන වෙලා ගිය කුඩා රාළත් පය ලිස්සා වැටී ජල කඳට බිලිවෙන්නෙ අවාසනාවන්ත විදිහටයි.
ඉතිහාස පොත්වල ලොකු අකුරින් ලිය උනේ නැති, කුඩා රාල නම් නිර්භීත පුද්ගලයා කරපු ඒ මහා වීර ක්‍රියාව ගැන දන්නේ කීයෙන් කී දෙනාද?
හඟුරන්කෙත ඩිංගිරාළ
1848 නිදහස් සටනේදී වීර පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා යන වීරවරුන් සමග එක්ව, ඔවුන්ට නොදෙවෙනිව සටන් වැදුනත් ඉතිහාස කතා තුල වැඩිපුර ඇහෙන්නේ නැති නමක් තමයි මේ හඟුරන්කෙත ඩිංගිරාළ හෙවත් වීදියපැල්ලේ බණ්ඩාර රජතුමා කියන්නෙ. තරුණ ජවයෙන් පිරි පුද්ගලයෙක් නොවූ මේ වීර සිංහලයා වයසින් පරිණත අවධියක රට ජාතිය වෙනුවෙන් ඉදිරියට පැමිණි පුද්ගලයෙක් වනවා.
ඩිංගිරාළගේ සොයුරන් දෙදෙනෙක්ම ඉංග්‍රීසීන්ට එරෙහි සටනේදී ජීවිතය පිදූ අය වනවා. මැණික් හාමි නම් එක් සොයුරෙක් දිවි පුදන්නේ 1803 හඟුරන්කෙතට එල්ල වූ ඉංග්‍රීසි ආක්‍රමණ අතරතුරදීයි (අපි කලින් කියුව වීසිංගදර කුඩා රාළ දිවිපිදූ සමයේදී). ඉන් පසුව 1818 කාල වකවානුව වෙනවිට ඔහුගේ තවත් සොයුරෙක් වූ පුංචි අප්පු ඉංග්‍රීසි වෙඩි පහරකට ලක්ව මියයනවා. තව දුරටත් ඉංග්‍රීසීන්ගේ කුරිරු පාලනය ඉවසාගත නොහැකි ඩිංගිරාළ තම දේපොල දූදරුවන්ට පවරමින් 1848 වර්ෂයේදී රට ජාතිය වෙනුවෙන් සටනට ඉදිරියට එනවා. වීදියපැල්ලේ බණ්ඩාර නමින් සත්කෝරළයේ රජු හැටියට කිරුළු පළඳින ඩිංගිරාළ එම වසරේම ජූලි මාසයේදී ඉංග්‍රීසීන්ගේ ප්‍රධානම මධ්‍යස්ථානය වූ කුරුණෑගලට ප්‍රහාරයක් අරඹනව. 1500ක පමණ සේනාවක් සමග කුරුණෑගල වටලන ඩිංගිරාළගේ නායකත්වයෙන් යුතු ප්‍රහාර හමුවේ ඉංග්‍රීසි උසස් නිළධාරීන්ට සහ සේනාවන්ට සිද්ද වෙන්නේ හිස්ලූලූ අතේ දුවන්නටයි. කුරුණෑගල ඉංග්‍රීසි කච්චේරිය සහ උසාවිය විනාශ කර දමන සිංහල සේනාව ඒ නගරයේ සිරබත් කමින් සිටි සිරකරුවන්වද නිදහස් කර ගන්න සමත් වනවා. නගරයේ පාලනය ඉංග්‍රීසීන්ගේ අතින් මුදාගනු ලබනවා. ඩිංගිරාළගේ නායකත්වයෙන් සිදුවූ ප්‍රහාරයේ බලපෑම ඉංග්‍රීසීන්ව කොතෙක් සලිත කලාද කිවහොත් මාෂල් ලෝ නම් යුධ නීතිය පනවා ඉන්දියාවෙන් අතිරේක හමුදාව ගෙන්වීමටද බ්‍රිතාන්‍ය පාලකයන්ට සිදුවනවා.
කෙසේ වෙතත් නිදහස් සටන් අතරතුර හැමවිටම අපේ ජාතික සටන් පහලට ඇද දැමූ දේශද්‍රෝහී පාවාදෙන්නන්ගේ කුමන්ත්‍රණ නිසා ඩිංගිරාළ විරුවාගේ අවසානයත් තීරණය වෙනවා. ඒ දොරටියාවේ රටේ රාළගේ ජාතිද්‍රෝහී කුමන්ත්‍රණය නිසාවෙන්. ඉංග්‍රීසීන්ගේ කියුම් බහට සිංහල සේනාවත් සමග එකතුවන දොරටියාවේ රටේ රාළ උපක්‍රමශීලීව ඩිංගිරාළව ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඉංග්‍රීසීන් වෙත පාවාදෙනවා. ඉංග්‍රීසීන් ඩිංගිරාළ කෙරෙහි කොතරම් වෛරයකින් පසුවුනාද කිවුවොත් ඔහුව වෙඩිතබා මරාදැමීමෙන් අණතුරුව සිරුර හතරට පලා මුත්තෙට්ටුගල නම් ස්ථානයේ නුග ගසක දින හතරක් එල්ලා තැබූ බව සඳහන් වනවා.
වාගොල්ලේ වීර තරුණයා
1803 වාගොල්ල සටන කියන්නෙ සිංහලයන් හට විශිෂ්ට ජයක් හිමිවූ අවස්ථාවක්. සටන මෙහෙයවූ මේජර් ඩේවිව අත්අඩංගුවට ගන්නටත්, ඉංග්‍රීසි හමුදාව සමග ආ මුත්තුසාමි කුමරාව මරා දැමීමටත් මේ සටනින් අණතුරුව හැකියාව ලැබෙනවා. වාගොල්ල සටන විජයග්‍රාහී විදිහට ඉතිහාස පොතට ඇතුලු වුණත් මේ සටන අතරතුර නමක් ගමක් නොදන්නා තරුණයෙක් විසින් කල අප්‍රකට වීර ක්‍රියාවක් ගැන ඩී.පී වික්‍රමසිංහ මහතාගේ මග දිගට ජනකතා කෘතියේ සඳහන් වනවා. ඒ මේ විදිහටයි.
ඉංග්‍රීසීන් හා පක්ෂව සිටි පිළිමතලාවේ අදිකාරම පසුව තම පාක්ෂිකත්වය වෙනස් කරන්නට කටයුතු කරනවා. හඟුරන්කෙතට ඉංග්‍රීසි සේනාවක් එවුවොත් සිංහලේ රජුව අල්ලා දියහැකියැයි කියමින් ඔහු මහනුවර සේනාපතියාට ව්‍යාජ තොරතුරක් දෙනවා. මේ තොරතුරු අනුව කර්නල් බාර්බූට් නැමැති සෙනවියෙක් යටතේ ඉංග්‍රීසි සේනාවක් හඟුරන්කෙත බලා එවුවත්, රජතුමාව අල්ලා දෙනවායැයි කියූ පිළිමතලාවේ අදිකාරම් හෝ කිසිවෙක් එහි නොසිටි නිසා බලාපොරොත්තු කඩවූ ඉංග්‍රීසීන් නැවත මහනුවර වෙත පිටත්වී තිබෙනවා. කෙසේ නමුත් මේ එන ගමන අතරමගදී සැඟවී රැක සිටි සිංහලයන්ගේ වෙඩි පහරවල් වලට සහ ඉහල කඳුමුදුන් වල සිට පෙරළන ලද ගල් පහරවල් වලට ලක්වන ඉංග්‍රීසි හේවායන් බොහෝ දෙනෙක් මරු වැළඳ ගන්නවා. ඉතිරි ඉංග්‍රීසි සේනාවත් සදහටම එලොව යවන්නට තීරණය කරන සිංහල වීරයන් ඒ සඳහා තෝරාගන්නේ වාගොල්ලේ වාරුප්පය නම් ගිමන් හරින ස්ථානයක්. ඉංග්‍රීසි හමුදාව මේ ස්ථානය ගිමන් හරින්නට යොදා ගන්නා බව දැන සිටි සිංහලයින් කරන්නේ ඒ ගිමන්හල යටින් උමගක් හාරා වෙඩි බෙහෙත් පුරවා තැබීමයි. ඉංග්‍රීසීන් මේ ස්ථානයේ කඳවුරු බැඳගත් පසු මේ වෙඩි බෙහෙත් පුපුරුවා හැරීමට ඉදිරිපත් වන්නේ අදටත් නම් ගම් හෙලි නොවූ වීර ගැමි තරුණයෙක්. මේ සැලසුම ක්‍රියාත්මක වීමෙන් පසු තමාටද ඉංග්‍රීසීන් සමග පරලොව යන්නට සිදුවෙන බව දැන දැනත් ඒ තරුණයා මේ ක්‍රියාව සාර්ථකව ඉටු කරන්නේ මුලු ඉංග්‍රීසි සේනාවම පාහේ විනාශ කර දමමින්.
හාමාපොල රංකිරි
අප්‍රකට වීරයන් සොයා යාමේදී තම ජීවිතය කැපකල තවත් වීර මාතාවක් ගැන අපිට තොරතුරක් සොයාගන්නට හැකියාව ලැබුණා. ඈ නමින් හාමාපොල රංකිරි. වෙල්ලස්ස කැරැල්ලේ දිවි පරදුවට තබා සටන් කල නායකයෙක් වූ හාමාපොල දුරයා නම් වීරයාගේ මව තමයි මේ හාමාපොල රංකිරි නම් තැනැත්තිය. සටනේ නායකයන් සොයාගෙන ගම් බිම් පීරාගෙන ඉංග්‍රීසීන් එද්දි රංකිරි මාතාවත් ඔවුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. අතපය බැඳ දමා කස පහර දෙමින් ඉංග්‍රීසීන් ඇගෙන් ප්‍රශ්න කරන්නේ ඇගේ පුතා ඇතුලු අනෙකුත් සටන්කරුවන් සැඟවී සිටින ස්ථාන දැනගැනීමටයි. ඔවුන් සැඟවී සිටින ස්ථාන තමන් දන්නා බවත්. එසේ වුවත් කිසිවිටෙක ඒ තැන් ගැන හෙළි නොකරන බවත් ඈ පවසා තිබෙන්නේ ඉංග්‍රීසීන්ව තවත් කෝපාවිෂ්ට කරමින්. ඉන්පසු ඔවුන් කර තිබන්නේ ඇගේ කනක්ද, නාසයද කපා දැමීමයි. ඒ මගිනුත් ඈගෙන් පරුෂ වචන මිස වෙන කිසිදු තොරතුරක් ඉංග්‍රීසීන්ට ලබාගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වීර මාතාව කොතරම් වද බන්ධනයට ලක්කලත් තමන්ගේ පරමාර්ථ ඉටු නොවන බව වටහාගන්න ඉංග්‍රීසි සෙබලුන් ඈව ගෙල සිඳ මරණයට පත්කොට තිබෙනවා.
ඇත්තම කිව්වොත් මම දැනන් හිටියෙත් නැ මේ කට්ටියව
උපුටා ගත්තේ
http://www.aniwa.lk/2017/02/04/1702042-lesser-known-heroes/