අපි නොදන්නා කෝලන

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අපි නොදන්නා කෝලන


    අපිනොදන්න කෝලෝන්න...


    ලියන්න හිතාගන හිටිය එකක් වෙන එකෙක් ලියල ...


    "ගෝටාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා"
    කියල අජිත් කොලොන්නේ කෙනෙක් කල එලි බැහැල තියන කොට මටත් පොඩ්ඩක් හිතුන පුද්ගලයා කාගේ කවුද කියල පොඩ්ඩක් හොයන්න. ගූගල් සර්ච් එකකින් එන ප්‍රතිපල අතරේ, මනුස්සයට අදාලයි කියල තියන එකම වැදගත් ලින්ක් එක තමයි බුවා ගේ LinkedIn ප්‍රොෆයිල් එක. මේ තියෙන්නේ ඒක:
    https://www.linkedin.com/in/dr-ajith-colonne-5780a358/…

    LinkedIn ප්‍රොෆයිල් එක ගැන මගෙත් ලොකු උනන්දුවක් නැහැ . නමුත් අජිත් කොලොන්නේ විෂයයෙහි ඕක වෙනස් හේතු කීපයක් නිසා:

    1. මේ ප්‍රොෆයිල් එකට අනුව අජිත් කොලොන්නේ අද self-employed. තැන තැන උගන්නන කතා පවත්වන කෙනෙක්. එහෙම අයට, කන්සල්ටන්ට්ල ට, LinkedIn ප්‍රොෆයිල් එක අප්ඩේට් කරලා පවත්වන යන එක සෑහෙන වැදගත්.

    2. මේ ප්‍රොෆයිල් එක ෆේක් එකක් නම්, ඒක පැහැදිලිවම නියම අජිත් කොලොන්නේ වගේ පෙනී සිටින්න හදපු එකක්. ගූගල් වල උඩින්ම ඉන්ඩෙක්ස් වෙන්නෙත් ඒක. ඉතින් ඔච්චර මහා ප්‍රාඥ, ඉන්ටෙලිජන්ස් පකීර් අජිත් දන්නේ නැද්ද තමන්ගේ නමින් වෙන එකෙක් ප්‍රොෆයිල් එකක් හදාගෙන ගේමක් ගහන්න හදනවා කියන එක. ගූගල් සර්ච් එකකින් හම්බ වෙන Identity theft එකක් වත් අල්ල ගෙන තමන්ගේ බැක්යාඩ් එක පරෙස්සම් කර ගන්නත් බැරි එකෙක් ද ප්‍රභාකරන් ගේ මනස කියවල තියෙන්නේ? මම හිතන්නේ මේ "ෆේක් ප්‍රොෆයිල්" ඔප්ෂන් එක අපිට නිකන්ම කපා හරින්න පුළුවන්.

    නිකන් ඔහේ ඉස්කෝල වල කම්පැනි වල කතාවක් දෙකක් පවත්වන යන බිස්නස් එකක් කරන මනුස්සයෙක්ට නම් LinkedIn ප්‍රොෆයිල් එකක් නැතුවට ලොකු පාඩුවක් නැතුව ඇති. හැබැයි එහෙම නම් ඒකෙන් කියන්නේ, හමුදාවේ ඊනියා උපදේශක කමෙන් අස් වුනාට පස්සේ, අජිත් කොලොන්නේ ස්වයං රැකියාවක් හැටියට වත් හරි හමන් ක්ලයන්ට් කෙනෙක් හිටියේ නැහැ කියන එක. මෙයා ඔය කියන තරම් පොරක් නම්, ලංකාවේ නෙවෙයි පිට රට වල වුනත් ඔය යුද්දේ credentials වලින් විතරක් උනත් සුපිරි ජොබ් එකක් හොයා ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. එහෙම වෙලා නැත්තේ ඇයි?

    එතකොට මොකක්ද අජිත් ඇත්තටම හමුදාවේ කරලා තියෙන්නේ? "Advisor, Directorate of Internal Intelligence, 2002 – 2006". වෙනත් වචන වලින් කියනවා නම් රනිල් වික්‍රමසිංහ සාමය කියල කරපු විහිළුව කාලේ, මොකක් හරි විකාරයක්. අපි කවුරුත් දන්නවා රනිල් තමන්ගේ හිතේ ප්‍රභාකරන් ගැන ක්‍රෝධ සිතුවිල්ලක් පහල වුනත් ඒකත් නොර්වේ කාරයට කියල පව් සමා කර ගන්න විදියටයි ඊනියා "සාම වැඩ පිළිවෙල" ගෙනිච්චේ කියල. ඒ කාලේ සල්ලිත් දීල ඉන්ටෙලිජන්ස් ඇඩ්වයිසර් ල පත් කරාවී ද? ඇත්තටම වෙන්න ඉඩ තියෙන්නේ අර කිෂානි ජයසිංහ මැඩම් ගෙන්නලා දන්නෝ බුදුන්ගේ කියෙව්වා වගේ, රනිල් ගේ මොකක් හරි කනෙක්ෂන් එකකට බුවා ඔහේ පිං පඩියක් ගන්න ඇති හමුදාවෙන්. ගෝටා/ෆොනී දෙන්නට බලේ ආවම පොරට ශරීරයේ කොහෙට හරි පයින් ගහල එලියට දාන්න ඇති. දැන් පැහැදිලි නේ පොර ගේ නියුට්‍රල් සයන්ටිෆික් මැතමැටිකල් ඇනලිසිස් එකෙන් කොහොමද ගෝට පරදින්නේ කියල.

    අජිත් කොලොන්නේ ගෙ මහා ඉන්ටෙලිජන්ස් ජොබ් එකේ භාරදූර කම කියන්නේ, ඒ කාලෙම පොර තව Chairman Vocational Training Authority (VTA) සහ Chairman NAITA කියන වැදගත් ජොබ් දෙකමත් කරලා තියනවා. කොටින්ම ආමි ජොබ් එක පාර්ට් ටයිම් එකක්! (පොර ඔය ජොබ් දෙක කරපු හැටි ගැන Wishwa Chinthana ලියල තියන නිසා ආයෙත් ලියන්න අවශ්‍ය නැහැ.)

    2006 ඉඳන් අද වෙනකම් අජිත් කොලොන්නේ කරන්නේ මොකක්ද?

    ඔය මිලිටරි ඉන්ටෙලිජන්ස් වගේ වැදගත් රෝල් එකක් නම් පේන්න නැහැ. එතුමා පේන හැටියට කරන්නේ ආර්ථික විද්‍යා/පරිපාලනය ට සම්බන්ධ ඉගැන්වීම් වැඩ. වෙන දෙයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. LinkedIn එකට අනුව නම් (ඒක සමහර විට අප්ඩේට් නැතුව ඇති, නමුත් මේක ටිකක් අමුතු දෙයක් මේ ලයින් එකේ)

    Educator for the Corporate Sector
    Conducted the complimentary guest lecture titled "The Norms of 21st Century Management" over 150 times

    Educator for the General Public (Large Audiences)
    In excess of 500 locations in 150 different cities / towns / villages covering 22 districts in Sri Lanka at an honorary capacity.

    මෙතුමා මැනේජ්මන්ට් කන්සල්ටන්සි ලේක්චරර් කෙනෙක් හැටියට යම් තරමක් සාර්ථක ඇති. මෙතුමා අර ඩිෆෙන්ස් රෝල් එකේ විස්තර එක්ක, මිලිටරි ඇනලිසිස් වල එතුමාගේ අත් දැකීම් ගැන ඉතින් සමහර විට රස කතා කියනවා ඇති ,මේ තැන් වල. 2006-2019 කියන දශකයටත් වැඩි කාලයේ එතුමාගේ ඇත්ත achievements ගැන, PhD එක ගැන, විස්තර ටිකක් එලියට දානවා නම්, අපිට පුළුවන් එතුමා ගේ ටැලන්ට් ගැන තවත් ටිකක් හිතන්න.

    දැන් බලමු ආචාර්ය අජිත් කොලොන්නේ ගේ PhD එක. "International University of America". මේක කොහොම විශ්ව විද්‍යාලයක් ද?

    මේ තියෙන්නේ යුනිවසිටි වෙබ්සයිට් එක: http://www.iua.ac, යන්න බැහැ ඩවුන්! අනික බොරුවට ඇකඩමික් වගේ පේන්න රෙජිස්ටර් කරපු .ac ඩොමේන් එකත් ඇමරිකාවට වත් අයිති එකක් නෙවෙයි. වෙන කිසිම සයිට් එකක රෙෆරන්ස් එකක් ගූගල් වලින් එන්නෙත් නැහැ. ගඳේ හැටියට නම් පින්වතුනි, මර්වින් සිල්වාගේ PhD එක ට වඩා වෙනසක් නැහැ. ඒක දීපු යුනිවසිටි එක මීට වඩා ප්‍රසිද්දයි.

    අනික අර කුමාර කළුආරච්චි කිව්වා වගේ, පොර පබ්ලිෂ් කරපු දෙයක්, කරපු රිසර්ච් එකක්, ලොකුවට හොයා ගන්න නැහැ Google Scholar එකේ වත්, මෙච්චර අලුත කරපු PhD එකක් වෙලත්. ගණිතය PhD එක ඉවර කරන්නේ 2014: අවුරුදු 7ක් ම තිබ්බත් ඒක කරන්න, ඒක පටන් ගන්නත් ඇත්තේ 2007, ඒ කියන්නේ පොරගේ ඉන්ටෙලිජන්ස් ජීවිතේ ඉවර උනා ටත් පස්සේ. ඒක ඉතින් අදාළ නැහැ, ඔය කියන වකවානුවේ පොර ගේ උපාධි ටික:

    - භෞතීය විද්‍යා BSc එකක් කොළඹ කැම්පස්
    - ආර්ථික විද්යාව MA කොළඹ කැම්පස්
    - ව්‍යාපාර පරිපාලනය MBA එකක් PIM එකෙන්

    මේ එකක් වත් ඉන්ටෙලිජන්ස් සහ මිලිටරි ග්‍රේඩ් සයිකෝ ඇනලිසිස් වලට මිනිස්සු පුරුදු කරන ඒවා නෙවෙයි, වෙන වෙන සිල්ලර දේවල්. තුන් මුල්ල හන්දියේ පඳුරකට පයින් ගැහුවොත් මේ සුදුසුකම් තියන මිනිස්සු 20ක් විතර දුවාවි.

    එතුමා ඔය පෙන්නන තරමේ භාරදූර සයිකෝ ඇනලිසිස් ජොබ් එකකට අවශ්‍ය අධ්‍යාපනය සහ එක්ස්පීරියන්ස් ගත්තේ කවදා ද කොහේ දී ද කියන එක පින්වතුනි අනේ LinkedIn එකේ නම් නැහැ.

    මිනිස්සු කියනවා "ගම් වල මිනිස්සු මෝඩයි අහිංසකයි ඕනෙ කෙනෙක්ට රවට්ටන්න පුළුවන්" කියල. ඒත් මේ අජිත් කොලොන්නේ වගේ අය ගෙන් ඇඳ ගන්නේ වැඩියම උගත්තු කියා ගන්න උන්. විශේෂයෙන්ම ඔය NIO වගේ ඒවා අටවන් ජෙප්පන්ට කඩේ යන උබුජ. එතුමන් ලා ට පොදු අපේක්ෂකයෙක් ගැන තිබුණු එකම හීනය තමයි මහා ඉන්ටෙලිජන්ස් ප්‍රාඥ අජිත් කොලොන්නේ ගේ ටක්කෙටම හරි යන අනාවකිය. දැන් ඉතින් අජිත් කොලොන්නේ අනාගත වක්තෘ තුමා ගේ කැරැට්ටුව පැහැදිලියි. ඉතින් අර "225 ම එපා" කියල, පස්සේ "කමක් නැහැ ඔන්නොහෙ 225න් දූෂණ නැති 6ක් වගේ බලමු" කියල, තව ටිකකින් "ඔය 6 කියනවා නම් හාමු උනත් හාමුගේ රූකඩයක් උනත් අවුලක් නැහැ වාස්තවික තත්ත්ව මත" කියල, කොහෙන් හරි උස්සන් ඇවිල්ල නෙලුම් මලෙන් උපන් කුමාරයෙක් බාන්නත් කලින්ම ඒ කුමාරයා ට නියත විවරණ දෙන්න ගියපු වැඩේ ටිකක් විතර අමාරුයි.

    අජිත් කොලොන්නේ මහිමය මෙතෙකින් නිමියේ යැ.

    -Upali Kolomban
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    හරි බන්, ගෝටා තමයි එන්නේ.. දැන් පලයන්.. :lol::lol:

    අදාල නැත ... කොල්ලොන්න ගැන ප්‍රශ්න තියනවනම් අසනු මැනවි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    අදාල නැත ... කොල්ලොන්න ගැන ප්‍රශ්න තියනවනම් අසනු මැනවි


    කොල්ලෝ ගැන ප්‍රශ්න තියනවනම් මංගලගෙන් හරි UNP පිරිමි ගණිකාවක්ගෙන් අහපන්.. :lol::lol::lol:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    චන්දෙ කාලේ හිට්උන චරිතයක් ..යක්ක පුතුන්ගේ විරයේ දැන් අමතකවෙලා ගිහින්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    Ada Ajith Colonne ge lecture ekakata attend una. LinkedIn eke liyala tiyena okkoma dewal tika miniha kiwwa. Mata porage kathawa ahan hitiyama oluwata awe ekama eka charithayai. E thama Koombiyo eke “Jehan”. Pora e widiyema wada karapu dial ekak. Me dawas wala mans ge mission eka DIGP Nilantha Jayawardena ge pasku prhare chodanawa ain karala porawa IGP karana eka