අපි නොදන්න අනුර..
මම බිල් ගේට්ස්ගෙ ජීවිත කතාව කියවලා තියෙනවා
දේශපාලනය නමැති ක්‍රීඩාවේ තවත් දක්ෂ තරගකාරයෙක් ලෙස සැලකිය හැකි දේශපාලන නායකයෙක් වශයෙන් අනුර කුමාර දිසානායක අවිවාදයෙන්ම හැඳින්විය හැකිය. මෙම තරගකරුවා ඔහුටම සුවිශේෂ වූ අනන්‍යතාවක් මේ වන විට ගොඩනඟාගෙන තිබෙන නිසා අනුර කුමාර ඡන්ද මැෂිමක් බවට පත්වෙන්න ඉඩකඩ බොහෝ දුරට තිබේ. එහෙත් ඔහුට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන් නිතරම පවසන්නේ අනුර කුමාර යනු සිහින මාලිගා තනන්නෙකු පමණක් බවටයි. මේ සියලු දේවල් පිළිබඳ කෙළින්ම කතා කරන්න මෙවර සම්බන්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතාය.
ද ඔබතුමා දේශපාලනය නොකර බිස්නස් කළා නම් මොන වගේ ව්‍යාපාර ක්ෂේත්‍රයක් තෝරගන්න ඉඩකඩ තිබුණාද?
බොහෝ දුරට එහෙම වුණා නම් කෘෂිකර්මාන්තය හෝ සත්ත්ව පාලනයට සම්බන්ධ ව්‍යාපාරයකට මම සම්බන්ධ වෙන්න ඉඩ තිබුණා.
ද තරුණ සමයේදී සමීපතම නායකයෙක් ලබාදුන්න අමතක නොවන අවවාදයක් මතකද?
1994දී අපි නැවත දේශපාලන කටයුතු පටන් ගනිද්දී සෝමවංශ සහෝදරයා මල්ලි දැන් සියල්ල වෙනස් කරලා මේ ගමන යළිත් අපි ආරම්භ කළ යුතුයි කියලා කිව්ව ප්‍රකාශය මට තදින් බලපෑවා.
ද විශ්වවිද්‍යාල කාලේ දේශපාලනය කළාද?
(සිනා) මම බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා.
ද ඒ කාලයේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය තිබුණද?
ඔව් තිබුණා. නමුත් මම ඒවායේ නිලතල දැරුවේ නැහැ. නමුත් බොහෝ වැඩකටයුතුවලදී නායකත්වය අරගෙන කටයුතු කළා. පසුකාලයේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කළා.
ද මම අහලා තියෙනවා එස්.බී. දිසානායක මහත්මයා එහි ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළා කියලා. ඔහු එහෙම කියනවා ඒක ඇත්තද?
එස්.බී. එහෙම කියනවා. මේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කතා කරන්නේ එස්.බී. නායකයා වෙලා හිටපු අන්තරය නෙවෙයි. ඔහු ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ හිටියේ. ඒ කාලේ සරසවිවල බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයට. ඔවුන් කතා කළේ තමන්ගේ ජීවිතය කොහොම හරි ගොඩ දාගන්න ක්‍රම ගැන පමණයි. නිදහස් අධ්‍යාපනය සහ සමාජ පොදු සාධක පිළිබඳ අවධානය යොමු කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය පුළුල් පරිවර්තනයකට ලක්වුණේ 1970 දශකයේදී.
ද ලිංගිකත්වය සහ බලය අතර අනුලෝම සම්බන්ධතාවක් තිබෙන බවට මනෝවිද්‍යාව පවසනවා. බලය රැස් කරගන්න වෙර දරන කෙනෙක් වශයෙන් එම තත්ත්වය දකින්නේ කොහොමද?
මම හිතන්නේ අපේ රටේ ගත්තොත් ලිංගිකත්වය පමණක් නොවෙයි, මේ බලය පොලිසියට, කුඩු වෙළෙ¼දාමට, ව්‍යාපාරවලට වගේ බොහෝ දේවලට අනිසි ලෙස බලපෑම් කරනවා. අපේ රටේ මෙම බලයේ අනිසි අත පෙවීම් නිසා අව සංස්කෘතික මට්ටමක් තියෙන්නේ. බලයට කළ නොහැක්කක් නොමැත කියන ඉතාම පහත් මතයක තමයි අපේ රටේ පාලකයෝ ඉන්නේ.
ද ඔබ ව්‍යාපාරිකයන් අගය කරනවාද? එහෙම අධ්‍යයනය කළ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ගේ නම් පැවැසුවොත්?
එහෙම විශේෂත්වයක් නැහැ. මම බිල් ගේට්ස්ගේ ජීවිත කතාව, ජර්මනියේ මිචෙලින් ටයර් නිර්මාතෘගේ ජීවිත කතාව, ටොයෝටා නිර්මාතෘගේ ජීවිත කතාව එහෙම කියවලා තියෙනවා. ඔවුන් ව්‍යාපාර වර්ධනය කරන්න ලොකු කැපවීමක් කරලා තියෙනවා. නමුත් ඔවුන් පවා පවතින නීති රාමුවෙන් පිට පැනලා ව්‍යාපාර කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් කළ ශ්‍රම සූරාකෑම වගේ දේවල්ද දකින්නට ලැබෙනවා. ධනවාදය තුළ ඔවුන්ට එහෙම කරන්න වෙලා තියෙනවා.
ද ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබුණොත් ව්‍යාපාර කරලා ලාභ ලබන්න පුළුවන් වෙයිද?
පළමු දේ තමයි අපි ව්‍යාපාරිකයන්ට මේ පොළොව පිරිසුදු කරලා දෙන්න ඕන. අපි ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගත්තේ වරායෙන් බඩු නිදහස් කරගැනීම. නමුත් අද වෙන්නේ වරායෙන් බඩු පැන්නීම. අපි ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගත්තේ මුදල් පොත. එහෙත් අද තියෙන්නේ ඇත්ත මුදල් පොත සහ බොරු මුදල් පොත කියලා මුදල් පොත් දෙකක්. අද සියලු ව්‍යාපාරිකයන්ට නෛතික රාමුවෙන් පැනලා බිස්නස් කරන්න කියලා බල කරනවා. මොකද මේ තියෙන නීති රීති අණපනත්වලට අනුව ව්‍යාපාර කරන්න ගියොත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න වෙන්නේ නැහැ. දෙක තමයි දේශපාලනය අපේ රටේ සියලු ව්‍යාපාර ගිලගෙන තියෙන්නේ. අද බොහෝ ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට ගිහින් ඩීල් කරන මට්ටමට ඇවිත් තියෙන්නේ. අනිත් කාරණය තමයි අපි ව්‍යාපාරිකයන්ට රටේ අනාගත ආර්ථික සැලැස්ම පෙන්වන්න ඕන. ඒ සඳහා උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයාට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය කුමක්ද ඔවුන්ට රජයෙන් ලබාදෙන සහාය කුමක්ද වගේ පැහැදිලි මඟ පෙන්වීමක් කරන්න අවශ්‍යයි. ඒ වගේම අද මේ ආර්ථිකයත් සමඟ ලාභය ස්ථාවර නැහැ. මේ වසරේ ලාභ ලබන ව්‍යාපාර ඉදිරි වසරේ අලාභ ලබනවා. නමුත් අපි ව්‍යාපාරිකයාගේ ලාභය ස්ථාවර කරන්න සැලසුම් කරනවා. නමුත් එහිදී ලාභ පංගුව අවම වෙන්න පුළුවන්. නිතර වෙනස් වෙන ලාභයට වඩා ස්ථාවර ලාභය තුළ දිගුකාලීනව වාසි ලැබෙනවා.
ද නායකයෙක් සාමාජිකයන් සමඟ යා යුතුයිද? සාමාජිකයන්ට පසුපසින් යා යුතුයිද? සාමාජිකයන්ට ඉදිරියෙන් යා යුතුයිද?
නායකයා සාමාජිකයන් සමඟ ඉදිරියෙන්ම යා යුතුයි.
ද දේශපාලනයේදී රැවටිලා නැද්ද?
කිසිසේත්ම නැහැ
ද එතකොට 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබලා රවට්ටලා වැඩේ කරගත්තා වගේ දෙයක් වුණා කියලා කියන අයට දෙන්න තියෙන උත්තරේ මොකක්ද?
අපි ඔහු සමඟ එකඟතාවට ආවේ මහින්ද යනු කවරෙක්දැයි දැනගෙන මිසක් නොදැන නෙවෙයි. 2000දී ධීවර අමාත්‍යංශයේ විවාදය බලන්න. මම ඔහු මෙහෙයවූ ධීවර ක්ෂේත්‍රයේ සිදුවුණු අකටයුතුකම් කෙළින්ම කිව්වා. විපක්ෂය පවා මහින්ද වර්ණනා කරන ඒ කාලේ පවා අපි මහින්ද කවුද කියලා දැනගෙන හිටියා. එදා ගත්ත දේශපාලන තීරණය වැරැදීමක් නෙවෙයි. නමුත් එම තීරණයේ යම් යම් අඩුපාඩු තිබුණා.
ද ජනතා විමුක්ති පෙරමුණ තුළ තරු බිහිවෙන්න ඉඩක් නැද්ද?
තරු ගොඩනැඟීම හෝ තරු නිවා දැමීම යන දෙකම අපේ ක්‍රමය නෙවෙයි. සමාජයේ පුළුල් පරිවර්තනයක් සිදුකළ හැකි වන්නේ තනි තනිව වැඩ කිරීමෙන් නොව සාමූහිකව වැඩ කිරීමෙන්. අපි ඒක දැඩිව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්.
ද තමන්ගේ අතේ තියෙන තුරුම්පු තමන්ට එරෙහි සතුරු පාර්ශ්වයන්ට පිළිගැන්වීම සුදුසුද? මම අහන්නේ ජවිපෙ කණ්ඩායමේ හිටපු හොඳම තුරුම්පුවක් වුණු විමල් වීරවංශට ඇයි එදා යන්න දුන්නේ කියලා.
අපි යන්නේ පුළුල් සමාජ කාර්යයක් වෙනුවෙන්. ඒ සඳහා හොඳ විනයක් සහ එකමුතුවක් තිබිය යුතුයි. විමල් හෘදයංගම මිනිසෙක් වෙනවා වෙනුවට ඔහු ව්‍යාජයක් බවට පත්වුණා. ඔහු අපගේ සාමූහිකත්වයට බාධා වුණා.
ද ඔබගේ නායකත්වය යටතේ වරදට සමාව නැද්ද?
පැහැදිලිවම තියෙනවා. අපි තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වනවා. ඒ සෑම කෙනෙක්ටම යළිත් පක්ෂයේ ඉහළටම යන්න ඉඩකඩ තියෙනවා. නමුත් විමල් වීරවංශ ඊට මුහුණ දෙන්නේ නැතිව පැනලා ගියා.
ද ජනතා විමුක්ති පෙරමුණට හොඳ ප්‍රචාරක ඇහැක් තියෙනවා. එම නිර්මාණශීලීත්වයෙන් උකහා ගත්ත දේවල් භාණ්ඩ හා සේවා අලෙවිකරණයට පවා අලෙවිකරුවන් යොදාගත්තා. මෙම නිර්මාණශීලීත්වය එන්නේ කොතැනින්ද?
අපිට තිබුණු අභියෝග තමයි අපිව නිර්මාණශීලී කළේ. අභියෝග වැඩිවෙන වැඩිවෙන තරමට අපි වෙනස් දේවල් කරන්න පෙලඹුණා. ඒක නිසා තමයි ලංකාවේ ප්‍රබලතම ප්‍රචාරණ යාන්ත්‍රණය අපි සැකසුවේ. අපි තමයි ලස්සනම වේදිකා හැදුවේ. අපි තමයි වෙනස් පෝස්ටර් ආකෘතියක් ගෙනාවේ. මේ සියල්ල වෙත අපිව මෙහෙයවූවේ අපිට තිබුණු අභියෝග.
ද ජේවීපී කාරයෝ කුහකයි කියන මතවාදයට එකඟද?
කිසිසේත්ම නැහැ.
ද කවුද එහෙනම් මේ මතය ප්‍රචාරය කරන්නේ?
මම කිව්වේ අපිට එරෙහි විශාල සතුරු බලවේග රැසක් ඉන්නවා. ඔවුන් මෙම මතය ගෙනියනවා. අපි කුහකයි නම් එදා චන්ද්‍රිකාට අපේ මන්ත්‍රි ධුර 41න් මන්ත්‍රි ධුර දෙකක් පිරිනමන්න කටයුතු කරයිද? එහෙම මන්ත්‍රිධුර පිරිනමන දේශපාලන පක්ෂ අපේ රටේ ඉන්නවාද? රාජපක්ෂ ජනපතිගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් අවදානමක් දරමින් ඔහුට සහයෝගය දෙන්න අපි කුහකයි නම් පුළුවන් වෙයිද?
ද එජාපයේ ඊළඟ නායකයා කවුරු විය යුතුද?
මම හිතනවා එජාපයේ නායකයා වෙන්න ඕන එහි දුබලයා. එජාපයට තවදුරටත් රට එක අඩියක්වත් ඉදිරියට ගෙනියන්න බැහැ. ඒක නිසා ඒකට තවත් නායකයන් හදලා වැඩක් නැහැ. දුබලයෙක් නායකයා වීම ප්‍රමාණවත්.
ද නාමල් මන්ත්‍රිතුමා මුණගැසුණොත් දෙන්න තියෙන අවවාදය කුමක්ද?
තව ඉගෙනගන්න කියලා කියනවා.
ද මෑතකදී කියවපු මතක හිටින පොත කුමක්ද?
සෙංකොට්ටං. ඇත්තටම සමහරු අපිව දකින්නේ රැස්වීම්වල ආවේගශීලීව කතාකරන, පාරවල් අයිනේ උද්ඝෝෂණ කරන පිරිසක් හැටියට. ඒ දේවල් එහෙම වුණාට අපි පක්ෂයක් ලෙසත් සාහිත්‍යයක් ගොඩනඟලා තියෙනවා. හැකි සෑම අවස්ථාවකම සාහිත්‍ය ඇසුරු කිරීම අපි කරනවා. එය පුද්ගල සංවර්ධනයට ඉතා වැදගත් දෙයක් වෙනවා.
ද මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ඔබ දකින ආකාරය ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
ආර්ථික සැලසුම්කරණයේදී අපේ ඉදිරි ආර්ථික උපායමාර්ග කුමක්ද. ඒවා ජයගන්න නම් අපට තිබිය යුතු අවම යටිතල පහසුකම් මොනවාද කියන දේ මුලින්ම තීරණය කරන්න ඕන. නමුත් මහින්ද රාජපක්ෂ අනාගත මැතිවරණ ජයග්‍රහණ අපේක්ෂාවෙන් අපේ රටේ ආර්ථික උපායමාර්ගයන්ට නොගැළපෙන යටිතල පහසුකම් ඉදිකරන්න කටයුතු කළා. ඒවායේ ප්‍රතිඵල වේළෙන වරායන් සහ වේළෙන ගුවන්තොටුපොළවල් දැක්කම මනාව පෙනෙනවා. රාජපක්ෂට තියෙන්නේ තොරන් ආර්ථිකයක්. තැන් තැන්වල වතුර මල් පේන, පාට පාට ලයිට් පෙනෙන තොරන් ආර්ථිකයක් තමයි ඔහුගේ සිහිනය. නමුත් ඒවායින් බහුතර ජනතාවගේ සිහින සැබෑ වෙන්නේ නැහැ.
කියලා කිව්වොත් ඒක විශ්වාස කරන්න අමාරුයි. මන්ද යත් තම ප්‍රතිවාදීන්ගේ ශක්තීන් සහ දුර්වලතා විශ්ලේෂණය කරන්න ඕන.
ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ශක්තිය කුමක්ද?
(සිනා) පත්තරවලට මේවා කියන්න බැහැ. ඇත්තටම රනිල්ගේ ශක්තිය තමයි දරා ගැනීමට ඇති හැකියාව.
ද ඔහුගේ ප්‍රධාන දුර්වලතාව
රනිල් තාමත් ලංකාවත් මේ සමාජයත් හරියට තේරුම් අරගෙන නැහැ. ඔහුගේ ඔළුව තියෙන්නේ නිව්යෝර්ක්වල. රනිල්ගේ තව දුර්වලතාවක් තියෙනවා. ඒක පත්තරේ දාන්නේ නැතිව ඉඳිමු. (සිනා)
ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ශක්තිය කුමක්ද?
මහින්ද බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ඒක ඔහුට ශක්තියක්. ඔහුට කිසිම සීමාවක් නැහැ. ඔහු තමන්ට බෝම්බ ගැහුව මිනිහා වුණත් බලය ගන්න ළං කරගන්නවා. බලය වෙනුවෙන් ප්‍රතිපත්තියක් නැතිව එහෙම ඕනෑ දෙයක් කරන්න හැකිවීම ලොකු ශක්තියක්.
ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධාන දුර්වලතාව කුමක්ද?
ඔහු මේ රටේ දරුවන්ට හදවතින්ම ආදරය කරන්නේ නැහැ.
ද චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රධාන ශක්තිය සහ දුර්වලතාව කුමක්ද?
ඇත්තටම ඔහුව විශේෂයෙන් අධ්‍යයනය කරලා නැහැ.
ද ඔබතුමා ලැම්බෝගිනි, බෙන්ස් වගේ මෝටර් රථ භාවිත කරන්න කැමැතිම නැද්ද?
නවීන තාක්ෂණය සහ විද්‍යාව මිනිසාගේ පහසුව වෙනුවෙන් හඳුන්වා දුන්න උපකරණ, යාන වාහන භාවිත කළ යුතුයි. එහි කිසිම විවාදයක් නැහැ. එහෙත් කිසියම් කෙනෙක් නැති තත්ත්වයක් පෙන්වන්න වාහනයක් භාවිත කිරීම සුදුසු නැහැ. මිනිසා තත්ත්වය පෙන්වන්න ඕන මිනිස්කමින් මිසක් යාන වාහනවලින් නෙවෙයි.
ද ප්‍රභාමත් පෞරුෂය එහෙමත් නැත්නම් කැරිෂ්මාව නායකයෙක්ට ආභරණයක්. එය එන්නේ නායකයාගේ පෞරුෂයෙන්. ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ හොඳ කැරිෂ්මාවක් තිබෙන නායකයෙක් මතක් කළොත්?
රෝහණ විජේවීර සහෝදරයා.
ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැරිෂ්මාවක් නැහැ කියලාද ඔබ කියන්නේ?
මහින්ද කරන්නේ පැහැදිලි ව්‍යාජයක්. ඔහුගේ හැසිරීම මනා පුහුණුවකින් ලද දෙයක් මිසක් හෘදයාංගමව ගොඩනැඟුණු දෙයක් නෙවෙයි.
ද කණ්ඩායමක් මෙහෙයවද්දී ඔබ යොදාගන්නා බාධක හමුවේදී සාමාජිකයන් අභිප්‍රේරණය කරන්නේ කොහොමද?
දුබලතාවක් හෝ ඇතිවෙලා තියෙන පසුබෑම මුලින්ම තේරුම් අරගන්න ඕන. ඉන්පසුව එය සාමාජිකයන්ට හොඳට තේරුම් කරලා දෙන්න ඕන. එම දුබලතාව හෝ පසුබෑමට ඔරොත්තු දෙන්න ඔවුන්ට ධෛර්යය සපයන්න ඕන. එසේම ඉදිරි ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය ගොඩනඟන්න ඕන. එය කෙටියෙන් කියනවානම් පසුබෑම තේරුම් ගැනීම, පසුබෑමට ඔරොත්තුදීම, ජයග්‍රහණ පිළිබඳ විශ්වාසය ගොඩනැඟීම.
ද දේශපාලන කැම්පේන් දැන් මාර්කටින් කැම්පේන් වෙලා. ජවිපෙත් දැන් ලොකු ලොකු වෙළෙඳ දැන්වීම් ආයතනවල උපදෙස් ගන්නවාද?
සමහර නායකයන් තම තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරන්න පිටරටවලින් උපදෙස් ගන්න ලොකු ලොකු වියදම් කළා. දරුවන් වඩා ගන්න ඕන විදිය, වේදිකාවට දුවලා යන්න ඕන ක්‍රමය පවා එම පෞරුෂ සංවර්ධන සමාගම් කියලා දුන්න බව අපි පැහැදිලිවම දන්නවා. එහෙත් මහ පාරට බැහැලා වැඩ කරන නිසා අපි ජනතාවගේ හද ගැස්ම දන්න නිසා අපිට මිනිස්සුන්ට ළංවෙන්න ඇඩ්වර්ටයිසින් ඒජන්සීස්වල උපදෙස් අවශ්‍ය වන්නේ නැහැ.
ද ඔබගේ ප්‍රතිරූපය මෑතකදී ජනමාධ්‍ය මඟින් ගොඩනැඟුණා. එය ඔබ වටහාගන්නේ කෙසේද?
නීතිය කඩන කෙනත් අවනීතියට විරුද්ධයි. හොරකම් කරන කෙනත් හොරකමට විරුද්ධයි. අපි නියෝජනය කරන්නේ ජනතාවට කියන්න බැරි ඔවුන්ගේ හිතේ හිරවුණු අදහස්. අපි කතා කරන්නේ ඔවුන් වෙනුවෙන් කියලා සමාජයට දැනෙනවා. මේ කතා කරන්නේ අපේ කෙනෙක් නේද කියලා ඔවුන්ට හිතෙනවා. ඒක නිසා අපිට ඡන්දේ නොදෙන කෙනත් අපිට කැමැතියි. ඡන්දවලින් ප්‍රකාශ නොවන කැමැත්තක් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. මම හිතන්නේ ඒ කැමැත්ත තමයි මේ ප්‍රකාශ වෙන්නේ.
ද අවසාන වශයෙන් ජනතාවට කියන්න තියෙන්නෙ කුමක්ද?
මේ රටට වෙනසක් අවශ්‍යයි කියලා හැමෝම කියනවා. ව්‍යාපාරිකයන් කියනවා මෙහෙම බිස්නස් කරලා වැඩක් නැහැ කියලා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අහනවා මෙහෙම ඉගෙනගෙන හෙටක් තියෙයිද කියලා. ඒ වගේ හැමෝම වෙනසක් අපේක්ෂා කරනවා. නමුත් ඒ වෙනස මොකක්ද කියලා ඇහුවොත් ඒ වෙනස ගැන ඔවුන් තුළ තියෙන්නේ විවිධ අදහස්. එම වෙනස ගැන පොදු අදහසක් සමාජය තුළ ඇති කරන්න අපි උත්සාහ කරනවා.