අපි නොදන්න උතුරු කොරියාව-3

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න උතුරු කොරියාව-3

    IVuvmpM.png

    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කාර්යාලය මගින් එරට කොන්ග්‍රසයට නිකුත් කරන උතුරු කොරියාවේ යුද බලය සහ ඒ සම්බන්ධව සිදුකල සොයාගැනීම් වාර්තාව මෙම වසරේත් එලිදක්වා තිබේ.එහි ඉදිරිපත් කර තිබූ පහත දැක්වෙන සිතියම් තුනෙන් උතුරු කොරියාව සතු යුද ශක්තිය කොපමණ දැයි හෙළිවේ.




    Q2gs1NG.png

    යුද හමුදාව​

    උතුරු කොරියාවේ යුද ශක්තිය විශාල වශයෙන් යැපෙන්නේ යුද හමුදාව මතයි.පාබල හමුදාවන්ගෙන් 70%ක් පමණ දකුණු කොරියානු දේශසීමාවේ සිට කි.මී.100(සැතපුම් 62) දුරින් ස්ථානගත කර තිබේ.ගොඩබිම් සේනාංක නිත්‍ය සහ සැහැල්ලු පාබල ඒකකවලින් සමන්විතය.මෙම සේනාංක රඳවා සිටින්නේ දකුණු කොරියාව දෙසට වූ භූගත ගොඩනැගිලිවලය.පාබල හමුදාව විශාල සන්නාහ සන්නද්ධ රථ සහ කාලතුවක්කු බලකායන්ගෙන් සමන්විතය.කෙසේවුවත් මෙම හමුදා යොදාගන්නේ පැරණි තාක්ෂණයයි.නමුත් ඔවුන්ගේ ශක්තිය දකුණු කොරියාවට තර්ජනයකි.උතුරු කොරියාව සතු දිගු දුර ප්‍රහාරක කාලතුවක්කු සහ රොකට් දකුණු කොරියා අගනුවර වන සෝල් වෙත ප්‍රබල තර්ජනයකි.

    692xM4P.jpg
    උතුරු කොරියාව සතු දැවැන්ත ජංගම කාලතුවක්කු රථ​

    නමුත් උතුරු කොරියා විශේෂ බලකා දුර්වල පුහුණුවක්,ප්‍රමාණවත් අවි නොමැති ඒවා බවයි ඇමෙරිකානු වාර්තාවේ සඳහන් වන්නේ.





    iZrxDRi.png

    ගුවන් හමුදාව

    උතුරු කොරියානු හමුදාවේ දෙවන විශාලතම ශාඛාව වන්නේ ගුවන් හමුදාවයි.ඔවුන්ගේ පාබල හමුදාව මෙන්ම ගුවන් හමුදාවත් දකුණු කොරියාව ඉලක්ක කරගෙන ස්ථානගත කර තිබේ.එනම් ගුවන් හමුදාවෙන් 50%ක් දකුණු කොරියානු දේශසීමාවේ සිට සැතපුම් 62ක් දුරින් පිහිටුවා ඇත.උතුරු කොරියානු ගුවන් හමුදාව ගුවන් යානා 1,300කින් පමණ සමන්විත බව ඇස්තමේන්තු ගත කර තිබේ.ඉන් සාතිශය බහුතරයක් සෝවියට් ගුවන් යානාය.ඔවුන් සතු දියුණුතම ප්‍රහාරක යානය වන්නේ සෝවියට් දේශයේ මිග්-29 (MiG-29s)යානයයි.එය 1980 දශකයේ හඳුන්වා දුන්නකි.

    LgthONT.jpg
    මිග් -29 යානයක් අසල සිටින කිම් ජෝන් උන් සහ හමුදා නිලධාරීන් පිරිසක්​

    එක්සත් ජනපදයේ නිෂ්පාදිත හෙලිකොප්ටර් යානා කිහිපයක්ද MD-500 උතුරු කොරියාව සතුව තිබේ.මේවා උතුරු කොරියාව ලබාගෙන තිබෙන්නේ නීතිවිරෝධීව බවයි සැලකෙන්නේ(1980 දශකයේදී).මෙම හෙලිකොටර් යානා පාබල මෙහෙයුම්වලදී සමීප ගුවන් ප්‍රහාරක සහාය දීමට යොදාගැනේ.

    ZlQXHhV.jpg
    උතුරු කොරියාව සතු ඇමෙරිකානු MD-500 හෙලිකොප්ටරයක්​

    කෙසේ වෙතත් උතුරු කොරියානු ගුවන් හමුදාව වර්තමානයට නොගැලපෙන අවිවලින් යුක්තය.නමුත් එරට සිය ගුවන් හමුදාව නවීකරණය කිරීම වෙනුවට සිදුකරන්නේ පාබල හමුදා ශක්තිය වැඩිකර ගැනීමයි.





    XazfkuK.png

    නාවික හමුදාව

    උතුරු කොරියානු හමුදාවේ කුඩාම ශාඛාව වන්නේ නාවික හමුදාවයි.නාවික හමුදාවත් විශාල වශයෙන් දකුණු කොරියාව ඉලක්ක කරගෙන යොදවා තිබේ.ඉන් 50%ක් පමණ දකුණු කොරියානු දේශසීමාවේ සිට සැතපුම් 62ක් දුරින් රදවා තිබේ.පැරණි මුර සංචාරක යාත්‍රා,සබ්මැරීන,වායුපා යානා සහ උභයචර යාත්‍රාව;ඉන් නාවික හමුදාව සමන්විතය.

    C03MX0I.jpg

    මේවා අතරින් සබ්මැරීන බල ඇණිය වඩාත් අන්තරායකාරී වේ.පැරණි ඩීසල් සබ්මැරීනවලින් සමන්විත මෙම බලඇණිය සබ්මැරීන 70කින් සමන්විත ලොව විශාලතම සබ්මැරීන හමුදාව ලෙස සලකයි.මේවාට වෙරළාශ්‍රිතව සැඟවී සිටිමින් දකුණු කොරියානු නෞකාවලට පහරදීමේ හැකියාව තිබේ.ඊට අමතරව 2015 වසරේදී ඔවුන් ප්‍රදර්ශනය කල නවතම සබ්මැරීනයට බැලස්ටික් මිසයිල දියත් කිරීමේ හැකියාව තිබෙන බව සඳහන්ය.





    mShjcDW.png

    මිසයිල සංචිතය

    ඉහත සිතියම්වලින් උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් ගැන සඳහන් කර නොමැත.ඉහත දැක්වෙන්නේ උතුරු කොරියාව සතුව තිබෙනවා යැයි ඇස්තමේන්තු කර තිබෙන මිසයිල සංචිතයන්ය.

    22oWNRY.jpg

    උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ප්‍රබලම මිසයිල තර්ජනය වන්නේ KN-08 මිසයිලයයි.ඊට එක්සත් ජනපදයේ බටහිර වෙරළ ඉලක්ක කල හැකිය.ඊට අමතරව කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ඨික අවි ශීර්ෂ මෙම මිසයිලය ඔස්සේ දියත් කල හැකිය.



    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පට්ට මචෝ මේ ටිකෙම පට්ටම ලිපි ටිකක් දානවා නෙහ්
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    :P

    Thanks

    Thanks

    පට්ට මචෝ මේ ටිකෙම පට්ටම ලිපි ටිකක් දානවා නෙහ්
    Thanks
    පහුගිය මාස 2-3 මොකුත් දැම්මෙත් නෑනේ ,ඒ හින්දා මේ ටිකේ මොනවා හරි දාන්න හිතුනා බන්.

    එල. තව ලිපි දාපන්. rep දෙන්න බැලු.
    Thanks
    බලමුකෝ මචන් ඉස්සරහට..

    Thanks