අපි නොදන්න කණු දහයක්
ඔරලෝසු කණු වලින් දැන් එච්චර සේවයක් වෙන්නේ නැති වුනත් කාලෙකට ඉස්සර මේ ඔරලෝසු කණු ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වුනා. දැන් නම් වෙලාව බලන්නේ ඔරලෝසුවෙන් නෙවෙයි අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන්. මේ නිසා යන යන තැන අරං යන ඔරලෝසු කණුවක් වගේ ෆෝන් එක අතේ තියෙන නිසා ඔරලෝසු කණුවලින් සතේක වැඩක් නෑ කියලා තමයි ගොඩාක් අය කියන්නේ. හැබැයි අද වගේ නෙවෙයි ඉස්සර කාලේ හැමෝම අතේ ඔරලෝසු තිබ්බේ නෑ වෙලාව බලාගන්න. කෝට් සාක්කුවේ දාන ඔරලෝසු පාවිච්චි ප්‍රභූ පන්තියේ අය නිසා එයාලගෙන් වෙලාව අහන්නත් සාමාන්‍ය ජනතාවට පුළුවන් වුනේ නෑ. ඒ නිසා තමයි අද වගේ ඔරලෝසු බහුල නැති කාලෙක මෙම දැවැන්ත ඔරලෝසු කණු ජනතාවට උපරිම විදිහට සේවය කළේ.
මේ මෑතක හදපු ඔරලෝසු කණු වගේ නෙවෙයි ඉස්සර ප්‍රධාන නගර වල හදපු ඔරලෝසු කණු එක්ක බැඳුන කතා වෙනමම තියෙනවා. දැනට ලංකාවෙ තියෙන පැරණිම ඔරලෝසු කණු විදිහට යාපනය, කුරුණෑගල, කොටුව, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර සහ බදුල්ල වගේ නගර වල ඉදිකරපු ඔරෙලෝසු කණු හඳුන්වන්න පුළුවන්. මේ ඒ පැරණි ඔරලෝසු කණු ගැන රසවත් කථා ටිකක්.
හයිබ්‍රිඩ් ඔරලෝසු කණුවමේ මෑතක හදපු ඔරලෝසු කණු වගේ නෙවෙයි ඉස්සර ප්‍රධාන නගර වල හදපු ඔරලෝසු කණු එක්ක බැඳුන කතා වෙනමම තියෙනවා. දැනට ලංකාවෙ තියෙන පැරණිම ඔරලෝසු කණු විදිහට යාපනය, කුරුණෑගල, කොටුව, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර සහ බදුල්ල වගේ නගර වල ඉදිකරපු ඔරෙලෝසු කණු හඳුන්වන්න පුළුවන්. මේ ඒ පැරණි ඔරලෝසු කණු ගැන රසවත් කථා ටිකක්.
කොළඹ කොටුව ජනාධිපති මන්දරය ළග පිහිටුවලා තියෙන ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන් ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය විදිහට හදුන්වනවා. මේ ඔරලෝසු කණුවේ ප්‍රදීපාගාරය අද වෙනකොට අක්‍රිය වුනත් අදටත් ඔරලෝසු කණුවක් විදිහට මේක ප්‍රයෝජනයට ගන්නවා. මෙම ප්‍රදීපාගාර ලාම්පුව සහිත ඔරලෝසු කණුව, ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය විදිහටත් සලකනවා. ඒ වගේම කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල දුර මනින්නේ මෙතන ඉඳල බව තමයි කියන්නේ.
1860 වසරේදී මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගන්න තමයි මේ කුළුණ ඉදිකරලා තියෙන්නේ. පස්සේ 1865 දී ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කලා කියලා කියනවා. හැබැයි ඇත්තටම මේක ඔරෙලෝසු කණුවක් වෙලා තියෙන්නේ කණුව ඉදිකරලා අවුරුදු 58කට පස්සේ. ඒ කියන්නේ 1913 වසරේ තමයි මුලින්ම ඔරලෝසුවක් සවි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 50 ක් විතර මේක ප්‍රදීපාගාරයක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි පස්සේ කාලේ මේ කුළුණට වැඩිය උසින් ගොඩනැගිලි හැදුන නිසා ප්‍රදීපාගාරයේ ආලෝකයට බාධාවක් වෙන නිසා 1952 දි මේක ප්‍රදීපාගාරයක් විදිහට ලාම්පුව භාවිත කරන එක නතරකරලා ඒ වෙනුවට අළුත් ප්‍රදීපාගාරයක් ගල්බොක්ක ආශ්‍රිතව ඉදිකරලා තියෙනවා.
ඉතිරි සල්ලි වලින් හදපු යාපනේ ඔරෙලෝසු කණුව1860 වසරේදී මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගන්න තමයි මේ කුළුණ ඉදිකරලා තියෙන්නේ. පස්සේ 1865 දී ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කලා කියලා කියනවා. හැබැයි ඇත්තටම මේක ඔරෙලෝසු කණුවක් වෙලා තියෙන්නේ කණුව ඉදිකරලා අවුරුදු 58කට පස්සේ. ඒ කියන්නේ 1913 වසරේ තමයි මුලින්ම ඔරලෝසුවක් සවි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 50 ක් විතර මේක ප්‍රදීපාගාරයක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි පස්සේ කාලේ මේ කුළුණට වැඩිය උසින් ගොඩනැගිලි හැදුන නිසා ප්‍රදීපාගාරයේ ආලෝකයට බාධාවක් වෙන නිසා 1952 දි මේක ප්‍රදීපාගාරයක් විදිහට ලාම්පුව භාවිත කරන එක නතරකරලා ඒ වෙනුවට අළුත් ප්‍රදීපාගාරයක් ගල්බොක්ක ආශ්‍රිතව ඉදිකරලා තියෙනවා.
අවුරුදු 135 ක් විතර පරණ යාපනය ඔරලෝසු කණුව ගැන හරි අපූරු කථාවක් තියෙනවා. 1875 ලංකාවට ආපු ඒ කාලේ වේල්සයේ කුමාරයා වෙච්ච ඇල්බර්ට් කුමාරයාට තෑග්ගක් දෙන්න එකතු කරපු සල්ලිවලින්ෙ ඉතිරි වුන මුදලින් තමයි මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. වේල්ස් කුමාරයා ලංකාවට එනකොට ඒ වෙනුවෙන් යාපනය වෙනුවෙන් කොළඹදි වෙනම පිළිගැනීමක් සංවිධානය කරලා තියෙනවා. මේකේ සංවිධායක කමිටුව මේ පිළිගැනීමේ උත්සවයට රුපියල් 10,000.00 ක ආධාර මුදලක් එකතු කරලා ඒ මුදල් වලින් වේල්ස් කුමාරයාට තෑගි කරන්න රිදී මංජුසාවක් සහ ආභාරණ කට්ටලයක් අරං රුපියල් 4000 කට.මේ තෑග්ග 1875 දෙසැම්බර් 1 වෙනිදා වේල්ස් කුමාරයාට පිළිගන්වලා තියෙනවා.
පස්සේ මේ පිළිගැනීම් කමිටුව යාපනයට ගිහිං කල්පනා කරලා තියෙනවා ඉතිරි රුපියල් 6000 ට මොකද කරන්නේ කියලා. මේ ගැන තීරණයක් ගන්න 1880 ජුලි 1 වෙනිදා යාපනය කච්චේරියේ තිබුණ සාකච්ඡාවකදී තිරණය වෙලා තියෙනවා වේල්ස් කුමාරයාගේ ලංකා ගමන සිහිවෙන්න ස්මාරකයක් ඉදිකරන එක හොඳයි කියලා. ඒ අනුව මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. ඔරලෝසු කණුවෙහි ආකෘතිය නිර්මාණය කිරීම, රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් කරලා තියෙන්නේ .ඒ කාලේ බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයා වූ ජේම්ස් රොබට් කණුව සඳහා ඔරලෝසුව ලබා දුන්නා කියලා තමයි කියන්නේ. හැබැයි දැන් තියෙන්නේ ඩිජිටල් ඔරලෝසුවක්.
මාතර ලන්දේසි ඔරලෝසු කණුවපස්සේ මේ පිළිගැනීම් කමිටුව යාපනයට ගිහිං කල්පනා කරලා තියෙනවා ඉතිරි රුපියල් 6000 ට මොකද කරන්නේ කියලා. මේ ගැන තීරණයක් ගන්න 1880 ජුලි 1 වෙනිදා යාපනය කච්චේරියේ තිබුණ සාකච්ඡාවකදී තිරණය වෙලා තියෙනවා වේල්ස් කුමාරයාගේ ලංකා ගමන සිහිවෙන්න ස්මාරකයක් ඉදිකරන එක හොඳයි කියලා. ඒ අනුව මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. ඔරලෝසු කණුවෙහි ආකෘතිය නිර්මාණය කිරීම, රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් කරලා තියෙන්නේ .ඒ කාලේ බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයා වූ ජේම්ස් රොබට් කණුව සඳහා ඔරලෝසුව ලබා දුන්නා කියලා තමයි කියන්නේ. හැබැයි දැන් තියෙන්නේ ඩිජිටල් ඔරලෝසුවක්.
මාතර බළකොටුවේ කොටුපවුර මැද තියෙන ඔරලෝසු කණුව ලංන්දේසින් විසින් ඉදිකරපු ඔරලෝසු කණුවක්. මේක ඉදිකරන්නේ 1765 දී.හැබැයි සමහර මූලාශ්‍ර කියනවා මේක හදලා තියෙන්නේ 1883 කියලා. කොහොම වුනත් වරින් වර විවිධ පාලකයින් විසින් ප්‍රතිසංස්කරණය කළත් මේ ඔරලෝසු කණුවේ මුල් ආකෘතිය කිසිම වෙනස්කමක් කරලා නෑ. අද වෙනකල් මාතර නගරයේ නගර සලකුණක් වෙච්ච මේ ඔරලෝසු කණුව නගරයට අලංකාරයක් එකතු කරනවා.
රත්නපුරේ ඔරලෝසු කණුවට රුපියල් 300ක තෑග්ගක්
රත්නපුරය නගරය මැද පිහිටුවා තිබෙන රත්නපුරය ඔරලෝසු කණුව තවත් පැරණිතම ඔරලෝසු කණුවක්. මේ ඔරලෝසු කණුවේ ඉතිහාසය බැලුවොත් යුධ අනුස්මරණයක් සඳහා තමයි මේ කණුව හදලා තියෙන්නේ. 1920 මුල් ගණන් වලදී දේශිය යුධ අණුස්මරන කමිටුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ මේ ඔරලෝසු කණුව හැදුවා කියලා තමයි කියන්නේ.
ඔරලෝසු කණුවට සුදුසු ආකෘතියක් තෝරා ගැනීමට, එම කාලයේදී නිර්මාණ තරඟයක් පවත්වලා ඒ තරඟයේ ජයගත්ත නිර්මාණය තමයි මේ ඉදිකරලා තියෙන්නේ. මේ ජයග්‍රාහී නිර්මාණයට ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනමලා තියෙනවා. මේ තරඟයට ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් හොඳම ත්‍රිත්වයක් තෝරා, ඒ අතරිනුත් වඩා සුදුසු ආකෘතිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් තෝරා ගත්තා කියලා තමයි කියන්නේ. මේ ඔරලෝසු කණුවේ ඔරලෝසුව ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සියෙන් ගෙනාවා කියලයි කියන්නේ.
සුදු දොස්තරට සැම්සන් මුදලි උපහාර දැක්වූ හැටිඔරලෝසු කණුවට සුදුසු ආකෘතියක් තෝරා ගැනීමට, එම කාලයේදී නිර්මාණ තරඟයක් පවත්වලා ඒ තරඟයේ ජයගත්ත නිර්මාණය තමයි මේ ඉදිකරලා තියෙන්නේ. මේ ජයග්‍රාහී නිර්මාණයට ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනමලා තියෙනවා. මේ තරඟයට ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් හොඳම ත්‍රිත්වයක් තෝරා, ඒ අතරිනුත් වඩා සුදුසු ආකෘතිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් තෝරා ගත්තා කියලා තමයි කියන්නේ. මේ ඔරලෝසු කණුවේ ඔරලෝසුව ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සියෙන් ගෙනාවා කියලයි කියන්නේ.
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව ලන්දේසි නිර්මාණයක් කියලා තමයි ගොඩාක් දෙනෙක් හිතන්නේ. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ගාලු කොටුව ඉදිකරලා අවුරුදු බර ගාණකට පස්සේ තමයි කොටු පවුරේ ඔරලෝසු කණුව ඉදිකරලා තියෙන්නේ.
19 වන සියවසේ විතර ගාල්ලේ හිටපු ජනප්රසාදය දිනාගත්ත ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් වුන පීටර් ඩැනියෙල්ස් ඇන්ටනීස් මහතාගේ ස්වා කාලය නිමා කරමින් සමුගන්න අවස්ථාවේ ඒ මහතාට උපහාරයක් විදිහට මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. මුලින් ගාල්ලේ නාගරික ජනතාවගෙන් මුදල් එකතු කරලා මේ ඔරලෝසු කණුව හදන්න කියලා සැලසුම් කලත් ඒක සුදු දොස්තරට කරන අපහසායක් කියලා හිතපු වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්ෂ මහතා තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් තුන්දහස් පන්සීයක් වැය කරලා මේ ඔරලෝසු කණුව හැදුවා කියලයි කියන්නේ. ඒ විදිහට ගාලු කොටුවේ ඉදිවූන මේ ඔරලෝසු කණුව වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා අතින් 1883 වසරේදී විවෘත වුනා.
බදුලු ගිය සුද්දාට වෙලාව කිව්ව ඔරලෝසු කණුව19 වන සියවසේ විතර ගාල්ලේ හිටපු ජනප්රසාදය දිනාගත්ත ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් වුන පීටර් ඩැනියෙල්ස් ඇන්ටනීස් මහතාගේ ස්වා කාලය නිමා කරමින් සමුගන්න අවස්ථාවේ ඒ මහතාට උපහාරයක් විදිහට මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. මුලින් ගාල්ලේ නාගරික ජනතාවගෙන් මුදල් එකතු කරලා මේ ඔරලෝසු කණුව හදන්න කියලා සැලසුම් කලත් ඒක සුදු දොස්තරට කරන අපහසායක් කියලා හිතපු වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්ෂ මහතා තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් තුන්දහස් පන්සීයක් වැය කරලා මේ ඔරලෝසු කණුව හැදුවා කියලයි කියන්නේ. ඒ විදිහට ගාලු කොටුවේ ඉදිවූන මේ ඔරලෝසු කණුව වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා අතින් 1883 වසරේදී විවෘත වුනා.
බදුල්ල නගරයේ තියෙන ඔරලෝසු කණුව යටත් විජිත සමයේ ඒ කියන්නේ සුද්දාගේ කාලේ ඉදිකරපු පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක්. ඔරලෝසු කණුවහි මූලික හැඩය හතරැස් ස්වරූපයක් ගන්නවා., එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලියට හදලා තියෙන්නේ. මේ ඔරලෝසු කණුව ක්‍රි.ව. 1932 දී ඉදිකරපු එකක් කියලා එහි දැක්වෙන පුවරුවක තියෙනවා.
විශේෂයෙන් වතු වගාව බදුල්ල ආශ්රිත කඳුකර පළාතේ ව්‍යාප්ත කරවු සුදු ජාතිකයින් උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා අරං ගියේ ඒ පැත්තේ වවෙන කෝපි, සහ තේ වගේ දේවල් කොළඹ ගේන්න. මේ කටයුතු නිසා ඒ කාලෙත් බදුල්ල කාර්ය බහුල නගරයක් වෙන්න ඇති. ඒ නාගරික කලාපයේ වැඩකරපු මිනිස්සුන්ට වෙලාව කියන්න තමයි මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ.
හදිසි අනතුරක් නිසා මහනුවරට ලැබුන දායාදයවිශේෂයෙන් වතු වගාව බදුල්ල ආශ්රිත කඳුකර පළාතේ ව්‍යාප්ත කරවු සුදු ජාතිකයින් උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා අරං ගියේ ඒ පැත්තේ වවෙන කෝපි, සහ තේ වගේ දේවල් කොළඹ ගේන්න. මේ කටයුතු නිසා ඒ කාලෙත් බදුල්ල කාර්ය බහුල නගරයක් වෙන්න ඇති. ඒ නාගරික කලාපයේ වැඩකරපු මිනිස්සුන්ට වෙලාව කියන්න තමයි මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ.
මහනුවර නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මැද තියෙන ඔරලෝසු කණුව 1950 තමයි ඉදිකරලා තියෙන්නේ. මේක ඉදිකරන්න හේතුවෙලා තියෙන්නේ හදිසි අනතුරක්. 1947 දී කඩුගන්නාවේදි සිදුවුන හදිසි අනතුරකින් හාජි මොහොමඩ් ඉස්මයිල් නම් පුද්ගලයාගේ පුතා මියයනවා. ඔහුගේ නම මොහොමඩ් සාකි ඉස්මයිල්. පස්සේ තමන්ගේ පුතා සිහිවෙන්න මේ තාත්තා විසින් 1950දී මහනුවර නගරය මැද මේ ඔරලෝසු කණුව ඉදිකරනවා. මේ සඳහා ඉඩම ඔහු මිලදී අරං තියෙන්නේ මහනුවර නගර සභාවෙන්.ඒ වගේම මේ ඔරලෝසු කණුව හදන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ උපකරන ගෙනල්ලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඒකාලේ ලංකාවේ අගමැති වුන ඩී එස් සේනානායක මහතා අතින් තමයි මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ.
ලෝක යුද්දේ මතක් කරන ඔරලෝසු කණුව
පළවෙනි ලෝක යුද්දෙදි මියගිය වයඹ පලාතේ භටයින් සහ ඉංග්‍රිසි භටයින් සිහිපත් කරන්න තමයි මේ කුරුණෑගල ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. මේ ඔරලෝසු කණුවේ පළමු යුද්ධයේදී මියගිය භටයින් 11 දෙනෙකු ගේ නම් සඳහන් වෙලා තියෙනවා. මේ නම් 11 අතර ශ්‍රී ලාංකික සෙබලුන් තුන්දෙනෙකුගේ නම් තියෙනවා.අනිත් නම් ඔක්කොම ඉංග්‍රීසි ජාතික සෙබලුන්ගේ. මේ නම් එක්ක සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් “ක්‍රි.ව. 1914 – 1918 මහ යුද්ධයේදී අධිරාජ්‍ය උදෙසා වයඹ පළාත වෙනුවෙන් ගොස් ජීවිත දානය කළ වීර පුරුෂයන් සිහිවීම පිණිසයි.“ කියලා සඳහන් කරලා තියෙනවා. මේක ඔරලෝසු කණුවකට අමතරය යුද ස්මාරකයක් විදිහටත් වැදගත් කමක් උසුලනවා.මොකද කොළඹ තියෙන යුධ ස්මාරකයකට වැඩිය මේ ඔරලෝසු කණුව පරණයි.
සම්පූර්ණයෙන් වාගේ සිමෙන්ති හා කළු ගලින් නිර්මාණය කොට තිබෙන මෙම ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාරයි. එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඔරලෝසු කණුවහි ඇතුළත, එහි ඉහළට නැඟීම වෙනුවෙන් ඉදිකරන ලද පඩිපෙළක් වන අතර, ඉන් පඩි 4ක් කොන්ක්‍රීට් වලින්ද, ඉතිරි පඩි 29ක් ලී වලින්ද සකස් කරලා තියෙනවා.
ගත්තෙ මෙතනින්..
සම්පූර්ණයෙන් වාගේ සිමෙන්ති හා කළු ගලින් නිර්මාණය කොට තිබෙන මෙම ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාරයි. එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඔරලෝසු කණුවහි ඇතුළත, එහි ඉහළට නැඟීම වෙනුවෙන් ඉදිකරන ලද පඩිපෙළක් වන අතර, ඉන් පඩි 4ක් කොන්ක්‍රීට් වලින්ද, ඉතිරි පඩි 29ක් ලී වලින්ද සකස් කරලා තියෙනවා.
ගත්තෙ මෙතනින්..
Last edited:

