අපි නොදන්න රුසියාව-11
රුසියානු හමුදා පොලිසියේ සාමාජිකයින් සිරියාවට එවූ බව මෙම ෆෝරමේ කලින් පළ කල ලිපියකදී සඳහන් කලා ඔබට මතක ඇති.රුසියාවේ මෙම භට පිරිස් කැඳවූයේ පසුගිය දෙසැම්බර් මාසයේදී මුදාගත් ඇලැපෝ නගරයේ නීතිය රැකීම සහ මානුෂීය ආධාර සැපයීමේ වැඩපිළිවෙල සඳහා යොදාගැනීමටය.මෙම කටයුත්ත සිරියානු හමුදාවටම භාර දුන්නා නම් එය වඩාත් පහසු කාර්යයක් වනු ඇතැයි සමහරෙකුට සිතෙන්නට පුළුවනි.එසේ කරන්නට තරම් හැකියාවක් දැන් සිරියානු රජයට නැත.මන්ද හය අවුරුදු යුද්ධය හමුවේ සිරියානු අරාබි හමුදාවට අහිමි වූ පිරිස් බලය හමුවේ ඔවුන්ට එවැනි කාර්යයක් සඳහා හෝ යොදවන්නට සෙබලුන් හිඟය.පහත දැක්වෙන්නේ රතු පැහැති ලාංඡනයක් සහිතව සිටින රුසියානු හමුදා පොලිස් භටයින් ඇලැපෝ නගරයේ තම රාජකාරි වල නිරත්ව සිටින අයුරුය.
ඇලැපෝ නගරයේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා රුසියානු හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අංශ යොදවා තිබේ.ඊට අදාලව ඡායාරූප රැසක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍යට නිකුත් කර තිබිණි.රුසියානු හමුදාව 2016 දෙසැම්බර් මස 28 දා නිවේදනය කලේ දෙසැම්බර් මස 5 දා සිට ඔවුන් ඇලැපෝ නගරයේ හෙක්ටයාර් 996 භූමියක බිම්බෝම්බ ඉවත් කල බවයි.එහිදී සෙබලුන් විසින් වැඩිදියුණු කල බෝම්බ 6,700ක් ඇතුලුව අන්තරායකාරී අයිතම 14,700ක් සොයාගෙන නිෂ්ක්‍රීය කල බව වාර්තා කර තිබේ.පසුගිය වසරේ පැල්මයිරා නගරය මුදාගැනීමෙන් පසුවද රුසියානු හමුදාව මෙවැනිම දුෂ්කර කාර්යයක නිරත වුවද 2016 වසර අවසන් වන විට පැල්මයිරා නගරය ත්රස්තවාදීන් යටතට පත් වීම නිසා එය නිෂ්ඵල ක්‍රියාවක් විය.
ඇලැපෝ නගරයේ ෂෙයික් මක්සූඩ් දිස්ත්‍රික්කයේ පාලනය පැවතියේ කුර්දි හමුදා සතුවයි.නමුත් එම ප්‍රදේශයේ මුර පොළවල් පිහිටුවීමට රුසියානු හමුදාව පියවර ගෙන තිබෙන බව 2017 වර්ෂයේ ආරම්භයේදි දේශීය මුලාශ්‍ර ඔස්සේ වාර්තා විය.ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම සහ තත්ත්වය නිරීක්ෂණය කිරීමට රුසියානු හමුදා පොලිසියේ භට පිරිස් යොදවා තිබේ.සමහර මූලාශ්‍රවලට අනුව රුසියානු භටයින් 10-20 අතර ගණනක් ඒ සඳහා අනියුක්ත කර තිබේ.2016 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ධ කල තහවුරු නොකල වාර්තාවලට අනුව කුර්දි හමුදා ෂෙයික් මක්සූඩ් ප්‍රදේශයේ සිට සිරියාවේ උතුරුදිග දේශසීමාවට පසුබැස ගොස් තිබෙන්නේ සිරියානු රජය සමග ඇතිකර ගත් යම් ආකාරයක ගිවිසුමකට අනුව බවයි පැවසෙන්නේ.
එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල්,සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් අල්ලාගෙන සිටින තෙල් නිෂ්පාදන පහසුකම් සිය ගුවන් ප්‍රහාර වල ඉලක්ක ලෙස යොදා නොගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පසුගිය බදාදා ප්‍රකාශ කලේය."සෑම මාසයකදීම ඇ.ඩො. මිලියන 10ක් පමණ උපයා ගන්නා සහ ලොව පුරා සිටින මුස්ලිම් ජාතිකයින් කුලී හේවායන් ලෙස බඳවා ගැනීමට මූල්‍යමය දායකත්වය සපයන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සතුව තිබෙන තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වල ඉලක්ක නොවීම ආශ්චර්යයකි" යනුවෙන් ඔහු පැවසීය.
රුසියාව සිරියානු යුද්ධයට මැදිහත් වීම හරහා එරටට මහත් විනාශයක් අත්කර දී තිබෙන බවත් දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් මරාදමන බවත් කියමින් ඇමෙරිකානු මධ්‍යම බුද්ධිතොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂක ජෝන් බ්‍රෙනන් රුසියාව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර පසුගිය අඟහරුවාදා නිකුත් කර තිබූ ප්‍රකාශයට පිළිතුරු සපයන්නටද ඉගෝර් කොනෂෙන්කොව් අමතක නොකලේය.
"සීඅයි ඒ සංවිධානයේ වැරදි තොරතුරුවලට ස්තුතිවන්නට ඇමෙරිකානු ගුවන් හමුදාව යුගෝස්ලෝවියාව,ඉරාකය,ඇෆ්ගනිස්ථානය සහ ලිබියාව යන රටවල ආර්ථික යටිතල ව්‍යුහය සම්පුර්ණයෙන්ම විනාශ කල බව ජෝන් බ්‍රෙනන්ට මතක් කර දෙන්නට මම කැමතියි.හානියට පත් යටිතල ව්‍යුහයන් ප්‍රතිනිර්මාණය කිරීම හැම විටම පෙන්ටගනය සහ සී අයි ඒ සංවිධානයට සමීප ඇමෙරිකානු සමාගම්වලට ලැබීම සැක උපදවන්නකි. " යනුවෙන් කොනෂෙන්කොව් සිය ප්‍රතිචාරය ඉදිරිපත් කරන ලදි.
2016 දෙසැම්බර් මස මුලදී රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ප්‍රකාශ කර සිටියේ විශාල ජනගහනයක් සහිත ප්‍රදේශ 500ක් ඇතුලුව වර්ග කි.මී. 12,300කට වැඩි භූමි ප්‍රමාණයක් ත්රස්තවාදීන්ගෙන් මුදාගැනීමට සිරියානු හමුදා සහ මිත්‍ර පාර්ශ්වික හමුදා කණ්ඩායම් සමත් වූ බවයි.ගුවන් ප්‍රහාර 71,000ක් මගින් ත්රස්තවදීන්ගේ යටිතල පහසුකම්,යුදෝපකරණ 1500ක්,පුහුණු කඳවුරු 725ක් සහ අවි කම්හල් 405ක් විනාශ කර දමන්නට හැකිවූබවත් ඔහු සඳහන් කරන ලදි.මේවා 2015 සැප්තැම්බර් 30 සිට රුසියානු ගුවන් හමුදාව විසින් එල්ල කල ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලය.ප්‍රහාර හමුවේ සටන්කාමීන් 35,000ක් මිය බවද අමාත්‍යවරයා සඳහන් කලේය.ඊට අමතරව සටන්කාමීන් 9000ක් පමණ සිය අවි බිම තබා යටත්විය.
රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් කුෂ්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි සහායක නෞකා කණ්ඩායම යළි රුසියාවට කැඳවන්නට තීරණය කර තිබේ.එය මධ්‍යධරණී මුහුදේ සිට රුසියාවේ සෙවරොමොර්ස්ක් නගරය දක්වා යාත්‍රා කරනු ඇති.මෙම නෞකා කාණ්ඩය සිරියාවට පැමිණියේ පසුගිය වසරේ නොවැම්බර් මස 8 වනදාය.ඒ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලට සහාය වනු පිණිසය.නමුත් අනතුරු 2ක් නිසා රුසියාවට ගුවන් යානා දෙකක් අහිමිවීමත් සමග එහි සිට සිදුකල ගුවන් ගමන් නවතා දමන ලදි.එම කාලය තුල නෞකා යොදාගෙන සිදුකල ගුවන් ප්‍රහාර ගණන 420කි.ප්‍රහාරවලින් සිරියාවේ ත්රස්තවාදීන්ගේ ඉලක්ක 1,252ක් විනාශ කල බව රුසියාව පවසයි.රුසියාව අද්මිරාල් කුෂ්නෙට්සොව් නෞකාව සිරියාවෙන් ඉවත් කරගන්නේ පුටීන් විසින් සිරියාවේ රුසියානු හමුදා අවම කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවයි.ඉරානය සහ තුර්කිය සමග සිරියාව සම්බන්ධව ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ පරිදි මෙම හමුදා ඉවත් කරගැනීම සිදුකරන බව වාර්තා වේ.
Source:southfront.org
-HarshaLulzSec-

මානුෂීය ආධාර බෙදා දීම
ජංගම රුසියානු රෝහලක්
ඇලැපෝ හි ළමුන් සහ රුසියානු හමුදා පොලිස් භටයෙක්
ප්‍රදේශයේ නීතිය රැකීමට යෙදවූ තවත් භටයෙක්
ඇලැපෝ නගරයේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා රුසියානු හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අංශ යොදවා තිබේ.ඊට අදාලව ඡායාරූප රැසක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍යට නිකුත් කර තිබිණි.රුසියානු හමුදාව 2016 දෙසැම්බර් මස 28 දා නිවේදනය කලේ දෙසැම්බර් මස 5 දා සිට ඔවුන් ඇලැපෝ නගරයේ හෙක්ටයාර් 996 භූමියක බිම්බෝම්බ ඉවත් කල බවයි.එහිදී සෙබලුන් විසින් වැඩිදියුණු කල බෝම්බ 6,700ක් ඇතුලුව අන්තරායකාරී අයිතම 14,700ක් සොයාගෙන නිෂ්ක්‍රීය කල බව වාර්තා කර තිබේ.පසුගිය වසරේ පැල්මයිරා නගරය මුදාගැනීමෙන් පසුවද රුසියානු හමුදාව මෙවැනිම දුෂ්කර කාර්යයක නිරත වුවද 2016 වසර අවසන් වන විට පැල්මයිරා නගරය ත්රස්තවාදීන් යටතට පත් වීම නිසා එය නිෂ්ඵල ක්‍රියාවක් විය.
ඇලැපෝ නගරයේ ෂෙයික් මක්සූඩ් දිස්ත්‍රික්කයේ පාලනය පැවතියේ කුර්දි හමුදා සතුවයි.නමුත් එම ප්‍රදේශයේ මුර පොළවල් පිහිටුවීමට රුසියානු හමුදාව පියවර ගෙන තිබෙන බව 2017 වර්ෂයේ ආරම්භයේදි දේශීය මුලාශ්‍ර ඔස්සේ වාර්තා විය.ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම සහ තත්ත්වය නිරීක්ෂණය කිරීමට රුසියානු හමුදා පොලිසියේ භට පිරිස් යොදවා තිබේ.සමහර මූලාශ්‍රවලට අනුව රුසියානු භටයින් 10-20 අතර ගණනක් ඒ සඳහා අනියුක්ත කර තිබේ.2016 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ධ කල තහවුරු නොකල වාර්තාවලට අනුව කුර්දි හමුදා ෂෙයික් මක්සූඩ් ප්‍රදේශයේ සිට සිරියාවේ උතුරුදිග දේශසීමාවට පසුබැස ගොස් තිබෙන්නේ සිරියානු රජය සමග ඇතිකර ගත් යම් ආකාරයක ගිවිසුමකට අනුව බවයි පැවසෙන්නේ.
රුසියානු හමුදා පොලිස් භටයින් ඇලැපෝ වාසීන්ට ආහාර බෙදා දෙන අයුරු
රුසියානු ඉංජිනේරු හමුදාවේ සෙබලුන් ඇලැපෝ නගරය බිම්බෝම්බවලින් තොර කලාපය කිරීම සඳහා යූරන්-6 නම් රොබෝ යන්ත්‍රය භාවිතා කරන බව වාර්තා වේ.ඒ ඇලැපෝ නගරයේ අල්-කසර් ප්‍රදේශයේදීය.
එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල්,සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් අල්ලාගෙන සිටින තෙල් නිෂ්පාදන පහසුකම් සිය ගුවන් ප්‍රහාර වල ඉලක්ක ලෙස යොදා නොගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පසුගිය බදාදා ප්‍රකාශ කලේය."සෑම මාසයකදීම ඇ.ඩො. මිලියන 10ක් පමණ උපයා ගන්නා සහ ලොව පුරා සිටින මුස්ලිම් ජාතිකයින් කුලී හේවායන් ලෙස බඳවා ගැනීමට මූල්‍යමය දායකත්වය සපයන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සතුව තිබෙන තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වල ඉලක්ක නොවීම ආශ්චර්යයකි" යනුවෙන් ඔහු පැවසීය.
ඉගෝර් කොනෂෙන්කොව්
රුසියාව සිරියානු යුද්ධයට මැදිහත් වීම හරහා එරටට මහත් විනාශයක් අත්කර දී තිබෙන බවත් දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් මරාදමන බවත් කියමින් ඇමෙරිකානු මධ්‍යම බුද්ධිතොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂක ජෝන් බ්‍රෙනන් රුසියාව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර පසුගිය අඟහරුවාදා නිකුත් කර තිබූ ප්‍රකාශයට පිළිතුරු සපයන්නටද ඉගෝර් කොනෂෙන්කොව් අමතක නොකලේය.
"සීඅයි ඒ සංවිධානයේ වැරදි තොරතුරුවලට ස්තුතිවන්නට ඇමෙරිකානු ගුවන් හමුදාව යුගෝස්ලෝවියාව,ඉරාකය,ඇෆ්ගනිස්ථානය සහ ලිබියාව යන රටවල ආර්ථික යටිතල ව්‍යුහය සම්පුර්ණයෙන්ම විනාශ කල බව ජෝන් බ්‍රෙනන්ට මතක් කර දෙන්නට මම කැමතියි.හානියට පත් යටිතල ව්‍යුහයන් ප්‍රතිනිර්මාණය කිරීම හැම විටම පෙන්ටගනය සහ සී අයි ඒ සංවිධානයට සමීප ඇමෙරිකානු සමාගම්වලට ලැබීම සැක උපදවන්නකි. " යනුවෙන් කොනෂෙන්කොව් සිය ප්‍රතිචාරය ඉදිරිපත් කරන ලදි.
2016 දෙසැම්බර් මස මුලදී රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ප්‍රකාශ කර සිටියේ විශාල ජනගහනයක් සහිත ප්‍රදේශ 500ක් ඇතුලුව වර්ග කි.මී. 12,300කට වැඩි භූමි ප්‍රමාණයක් ත්රස්තවාදීන්ගෙන් මුදාගැනීමට සිරියානු හමුදා සහ මිත්‍ර පාර්ශ්වික හමුදා කණ්ඩායම් සමත් වූ බවයි.ගුවන් ප්‍රහාර 71,000ක් මගින් ත්රස්තවදීන්ගේ යටිතල පහසුකම්,යුදෝපකරණ 1500ක්,පුහුණු කඳවුරු 725ක් සහ අවි කම්හල් 405ක් විනාශ කර දමන්නට හැකිවූබවත් ඔහු සඳහන් කරන ලදි.මේවා 2015 සැප්තැම්බර් 30 සිට රුසියානු ගුවන් හමුදාව විසින් එල්ල කල ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලය.ප්‍රහාර හමුවේ සටන්කාමීන් 35,000ක් මිය බවද අමාත්‍යවරයා සඳහන් කලේය.ඊට අමතරව සටන්කාමීන් 9000ක් පමණ සිය අවි බිම තබා යටත්විය.
රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් කුෂ්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි සහායක නෞකා කණ්ඩායම යළි රුසියාවට කැඳවන්නට තීරණය කර තිබේ.එය මධ්‍යධරණී මුහුදේ සිට රුසියාවේ සෙවරොමොර්ස්ක් නගරය දක්වා යාත්‍රා කරනු ඇති.මෙම නෞකා කාණ්ඩය සිරියාවට පැමිණියේ පසුගිය වසරේ නොවැම්බර් මස 8 වනදාය.ඒ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලට සහාය වනු පිණිසය.නමුත් අනතුරු 2ක් නිසා රුසියාවට ගුවන් යානා දෙකක් අහිමිවීමත් සමග එහි සිට සිදුකල ගුවන් ගමන් නවතා දමන ලදි.එම කාලය තුල නෞකා යොදාගෙන සිදුකල ගුවන් ප්‍රහාර ගණන 420කි.ප්‍රහාරවලින් සිරියාවේ ත්රස්තවාදීන්ගේ ඉලක්ක 1,252ක් විනාශ කල බව රුසියාව පවසයි.රුසියාව අද්මිරාල් කුෂ්නෙට්සොව් නෞකාව සිරියාවෙන් ඉවත් කරගන්නේ පුටීන් විසින් සිරියාවේ රුසියානු හමුදා අවම කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවයි.ඉරානය සහ තුර්කිය සමග සිරියාව සම්බන්ධව ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ පරිදි මෙම හමුදා ඉවත් කරගැනීම සිදුකරන බව වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් මස 29 දා යූටියුබ් වෙබ් අඩවියේ පළ කර තිබූ වීඩියෝවක රුසියානු විශේෂ බලකා සෙබලුන් හිස්බුල්ලා සටන්කරුවන් සමග එක්ව ඇලැපෝ නගරයේ මෙහෙයුම් සිදුකරන අයුරු දක්වා තිබිණි.එහි දැක්වුන එක් රුසියානු විශේෂ බලකා සෙබලෙක් හිස්බුල්ලා සංවිධානයේ ලාංඡනයක් පැලද සිටයේය.
Source:southfront.org
-HarshaLulzSec-