අපි නොදන්න රුසියාව-17
මිනිසුන් රහිත ගුවන් යානා හෙවත් UAVs යනු සමකාලීන සංග්රාම භූමියේ සුලභ අවියක් බවට පත්ව තිබේ.සිව්වන ඊළාම යුද්ධයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඔත්තු බැලීම සඳහා ඩ්‍රෝන් යානා භාවිතා කලහ.21 සියවස ඇරඹීමත් සමග ඩ්‍රෝන් යානාවල භාවිතය ක්‍රමයෙන් විස්තාරණය වී අද වන විට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ආදී රාජ්‍ය නොවන හමුදා කණ්ඩායම් පවා මාරක අවියක් ලෙස භාවිතා කරන තැනට වර්ධනය වී තිබේ.අතේ තබාගෙන දියත් කරන කුඩා ක්වාඩ්කොප්ටර් වල සිට ඇමෙරිකානු හමුදා භාවිතා කරන ප්‍රඩේටර් සහ රීපර්ස් ආදී ප්‍රහාරක ඩ්‍රෝන් යානා දක්වා ඩ්‍රෝන් යානා පවුල ප්‍රසාරණය වී ඇත.
නමුත් ප්‍රහාරක ඩ්‍රෝන් යානා සහ ඉහල අහසේ දිගු කාලයක් සැරි සරමින් ඔත්තු බැලීම සිදුකල හැකි ඩ්‍රෝන් යානා සතු කරගෙන සිටින්නේ රටවල් කිහිපයක් පමණි.ඉහළ-උන්නතාංශ දිගු කාල හෙවත් HALE වර්ගයේ ඩ්‍රෝන් යානා අත්පත් කරගැනීමේ උත්සාහයක රුසියාව පසුවේ.එහි එක් පියවරක් වන්නේ Altius-M නම් ඩ්‍රෝන් යානයයි.
ඩ්‍රෝන් යන්නේ සංකේත නාමය නාමයෙන්ම ඇඟවෙන පරිදි ඒවා භාවිතා කරන්නේ අතිශය වැදගත් බුද්ධි තොරතුරු එකතු කිරීමේ මෙහෙයුම් උදෙසාය.විශාල ප්‍රමාණයේ මිනිසුන් සහිත ඉලෙක්ට්‍රොනික ඔත්තු බැලීමේ යානා වෙනුවට ඩ්‍රෝන් යානා යොදාගැනීමෙන් මෙහෙයුම් පිරිවැය අවම කරගැනීම මෙන්ම දේශපාලනික අර්බුද ඇතිවීම වළක්වා ගැනීම කලහැකිය.
නේටෝ සංවිධානය ඇමෙරිකාවේ නිෂ්පාදිත ග්ලෝබල් හෝක් නම් දැවැන්ත ඩ්‍රෝන් යානා යුක්රේනයට ඉහල අහසේ නිරන්තරයෙන් පියාසර කරවන්නේ ඩොන්බාස් ප්‍රදේශයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය නිරීක්ෂණය කිරීම සඳහාය.බහුකාර්යය ප්‍රහාරක ජෙට් යානා පිරිවරාගෙන මිනිසුන් සහිතව ඔත්තු බැලීමේ මෙහෙයුම්වල නිරත වන දැවැන්ත ඉලෙක්ට්‍රොනික අවේක්ෂණ ගුවන් යානයක් යුද කාලපයකට යැවීමෙන් එය දැඩි අවදානයට ලක්වුවද ග්ලෝබල් හෝක් වැනි ඩ්‍රෝන් යානයක් යැවීම දේශපාලනික වශයෙන් කුපිත කරවීම් වළක්වා ගැනීමට උපායක් ලෙස යොදාගැනේ.මන්ද තනි ඩ්‍රෝන් යානායකට යොමුවන අවධානය අවම වීමයි.
බුද්ධි තොරතුරු උදෙසා තවත් රටක ගුවන් අවකාශයට නීතිවිරෝධීව ඇතුලුවීම සමහර විට සියදිවි නසා ගැනීමක් ලෙසද හඳුන්වාදිය හැකිය.සීතල යුද සමය ඊට උදාහරණ සැපයීය.මෙවැනි මෙහෙයුම් උදෙසා මිනිසුන් සහිත යානා යැවීම දැන දැන අනතුරේ වැටීමකි.
රුසියාව ඩ්‍රෝන් තාක්ෂණය අතින් ඇමෙරිකාව,ඊශ්‍රායලය යන රටවලට පසුපසින් සිටියි.ඊට හේතුව සෝවියට් දේශය පැවති සමයේ මෙම ක්ෂේත්රය සම්බන්ධව ඔවුන් අනෙක් රටවල් තරම් උනන්දුවක් නොදැක්වීමයි.යුක්රේනය සහ සිරියාව යන රටවල යුදමය වාතාවරණය හමුවේ වර්ගයේ ඩ්‍රෝන් යානාවල අවශ්‍යතාවය රුසියාවට තදින් දැනී තිබේ.ගුවනේ සිට සංග්රාම භුමිය නිරීක්ෂණය කිරීමට රුසියාව සතුව ඇත්තේ ටීයූ-214 සහ අයි එල්-20 යන මගී ප්‍රවාහන යානා තරම් විශාල යානා ස්වල්පයක් පමණි.මේවා මිනිසුන් සහිතව මෙහෙයුම් වල යෙදවිය යුතුය.අධික වටිනාකමක් සහිත තාක්ෂණික උපාංග සහිතව පියාසර කරන මෙම ගුවන් යානා දිගු දුර ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සහිත සතුරු හමුදා හමුවේ පරාජය වීමේ සම්භාවිතාවය ඉහළය.තවද රුසියාව සතු ටීයූ-214 සහ එල් එල්-20 යානා ගණන සීමා සහිතය.ඒ නිසා දිගින් දිගටම සංග්රාම භූමියේ නිරීක්ෂණ කටයුතුවල යෙදීමට තිබෙන අවස්ථාවද අවමය.ඊට අමතරව මෙම යානා යොදාගෙන කරන මෙහෙයුම්වල වියදමද අධිකය.
පහසුවෙන් නිෂ්පාදනය කිරීමට හැකිවීම,ප්‍රමාණවත් ප්‍රබල සංවේදක උපාංග ගෙන යාමට හැකිවීම ආදී කරුණු නිසා ඕනෑම රටකට ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික ඔත්තු බැලීම් හැකියාව වැඩිදියුණු කරගැනීමට HALE වර්ගයේ ඩ්‍රෝන් යානා ප්‍රබල දායකත්වයක් ලබාදෙයි.
ඇල්ටියස්-එම් ඩ්‍රෝන් යානය පාරිසරික නිරීක්ෂණ සහ නළමාර්ග මුරකිරීම වැනි සිවිල් කාර්යයන් සඳහාද උචිතය.2011 වර්ෂයේදී මෙම යානය නිර්මාණය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යංශයෙන් රූබල් බිලියනයක කොන්ත්‍රාත්තුවක් දිනා ගැනීමට රුසියාවේ කසාන් එන්ටර්ප්‍රයිසස් සහ ශාන්ත පීටර්ස්බර්ග් යන සමාගම් සමත්විය.සමාගම් දෙකෙහි එකමුතුවෙන් නිර්මාණය වූ ඇල්ටියස්-එම් යානයේ චන්ද්‍රිකා ඡායාරූපයක් 2014 සැප්තැම්බර් මස 25දා ලබාගෙන තිබිණි.වරක් මෙම යානයේ ඡායාරූප රුසියානු වෙබ් අඩවියක් විසින් පළ කල නමුත් ඒවා වහාම ඉවත් කරදමන්නට පසුව ක්‍රියා කර තිබිණි.
ඇල්ටියස්-එම් ඩ්‍රෝන් යානයේ මූලාකෘති දෙකක් තිබෙන බව කියවේ.මෙය දිගු සහ සෘජු පියාපත් සහිත සංයුක්ත අමුද්‍රව්‍යවලින් නිර්මාණය කල යානයකි.ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත අශ්වබල 500ක ඩීසල් එන්ජින් දෙකක් එය සතුය.ඒවා ටොන් 7ක් බර යානය ගුවන් ගත කිරීමට ප්‍රමාණවත් බලයක් ලබාදෙයි.ඊට ගමන් කල හැකි උපරිම උස ලෙස සඳහන් වන්නේ කි.මී.12කි.පැයට කි.මී.150-250 අතර වේගයකින් කි.මී. 10,000ක උපරිම දුරක් පියාසර කිරීමටද ඇල්ටියස් -එම් යානය සමත්බව කියවේ.ඊට පැය 48ක් ගුවනේ ගත කල හැකිය.
මෙම ඩ්‍රෝන් යානයට ටොන් 2ක් බර ප්‍රකාශ සහ තාප සංවේදි උපාංග මෙන්ම කි.මී.35 පරාසය තුල විභේදනය මීටර් 0.1 ද කි.මී.125 පරාසයකදී මීටර් 1ක විභේදන බලයක්ද සහිත ඡායාරූප ලබාගත හැකි synthetic-aperture වර්ගයේ ගොඩබිම් ආවේක්ෂණ රේඩාර් පද්ධතියක් ගෙන යා හැකිය.
එය සතු සන්නිවේදන උපකරණ ඔස්සේ දත්ත ලබාගත් වහාම(real-time) තත්ත්පරයට මෙගා බිට් 30ක වේගයෙන් ගොඩබිම් මධ්‍යස්ථාන,පරිවර්තකයන් සහ චන්ද්‍රිකාවලට සම්ප්‍රේෂණය කිරීමට පුලුවනි.මෙම වැඩසටහනේ පූර්ණ පිරියැය ලෙස ඇස්තමේන්තු කර තිබුණේ රූබල් බිලියන 6කි.මෙම යානා 2020ට පෙර මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ.ආර්ථිකමය සහ හමුදාමය වශයෙන් HALE ඩ්‍රෝන් භාවිතයේ තිබෙන වාසි නිසා රුසියාව විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන් සංවර්ධනය කරන රටක් ලෙස ඉදිරියට පැමිණේවි.
Source:southfront.org
-HarshaLulzSec-

සිරියානු ගුවනේ පියාසර කරන රුසියාවට අයත් ඩ්‍රෝන් යානයක්
නමුත් ප්‍රහාරක ඩ්‍රෝන් යානා සහ ඉහල අහසේ දිගු කාලයක් සැරි සරමින් ඔත්තු බැලීම සිදුකල හැකි ඩ්‍රෝන් යානා සතු කරගෙන සිටින්නේ රටවල් කිහිපයක් පමණි.ඉහළ-උන්නතාංශ දිගු කාල හෙවත් HALE වර්ගයේ ඩ්‍රෝන් යානා අත්පත් කරගැනීමේ උත්සාහයක රුසියාව පසුවේ.එහි එක් පියවරක් වන්නේ Altius-M නම් ඩ්‍රෝන් යානයයි.
Altius-M යානය මාධ්‍යයට එළිදැක්වූ මොහොත
ඩ්‍රෝන් යන්නේ සංකේත නාමය නාමයෙන්ම ඇඟවෙන පරිදි ඒවා භාවිතා කරන්නේ අතිශය වැදගත් බුද්ධි තොරතුරු එකතු කිරීමේ මෙහෙයුම් උදෙසාය.විශාල ප්‍රමාණයේ මිනිසුන් සහිත ඉලෙක්ට්‍රොනික ඔත්තු බැලීමේ යානා වෙනුවට ඩ්‍රෝන් යානා යොදාගැනීමෙන් මෙහෙයුම් පිරිවැය අවම කරගැනීම මෙන්ම දේශපාලනික අර්බුද ඇතිවීම වළක්වා ගැනීම කලහැකිය.
ග්ලෝබල් හෝක් ඩ්‍රෝන් යානයක්
නේටෝ සංවිධානය ඇමෙරිකාවේ නිෂ්පාදිත ග්ලෝබල් හෝක් නම් දැවැන්ත ඩ්‍රෝන් යානා යුක්රේනයට ඉහල අහසේ නිරන්තරයෙන් පියාසර කරවන්නේ ඩොන්බාස් ප්‍රදේශයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය නිරීක්ෂණය කිරීම සඳහාය.බහුකාර්යය ප්‍රහාරක ජෙට් යානා පිරිවරාගෙන මිනිසුන් සහිතව ඔත්තු බැලීමේ මෙහෙයුම්වල නිරත වන දැවැන්ත ඉලෙක්ට්‍රොනික අවේක්ෂණ ගුවන් යානයක් යුද කාලපයකට යැවීමෙන් එය දැඩි අවදානයට ලක්වුවද ග්ලෝබල් හෝක් වැනි ඩ්‍රෝන් යානයක් යැවීම දේශපාලනික වශයෙන් කුපිත කරවීම් වළක්වා ගැනීමට උපායක් ලෙස යොදාගැනේ.මන්ද තනි ඩ්‍රෝන් යානායකට යොමුවන අවධානය අවම වීමයි.
රුසියානු ඩ්‍රෝන් යානයක්
බුද්ධි තොරතුරු උදෙසා තවත් රටක ගුවන් අවකාශයට නීතිවිරෝධීව ඇතුලුවීම සමහර විට සියදිවි නසා ගැනීමක් ලෙසද හඳුන්වාදිය හැකිය.සීතල යුද සමය ඊට උදාහරණ සැපයීය.මෙවැනි මෙහෙයුම් උදෙසා මිනිසුන් සහිත යානා යැවීම දැන දැන අනතුරේ වැටීමකි.
රුසියාව සතු Tu-214 වර්ගයේ ඔත්තු බැලීමේ යානයක්