අපි නොදන්න රුසියාව-3
නූතන රුසියානු හමුදාව සෝවියට් යුගයෙන් හිමිවූ උරුමය තවමත් භාවිතා කරයි.එම නිපැයුම් වැඩිදියුණු කරමින් ඉදිරියට ගෙන යයි.නමුත් එරට යුදෝපකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය නොවූ,මුල සිටම පටන් ගත යුතු අංශයක් තිබිණි.සෝවියට් දේශය පැවති සමයේදී මිනිසුන් රහිත යානා හෙවත් ඩ්‍රෝන් යානා එරට ඉන්ජිනේරුවන්ට මනංකල්පනයක් පමණක් විය.වර්තමානයේදී ඩ්‍රෝන් යානා රුසියානු සන්නද්ධ හමුදාවල අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ.ඒ රුසියාව සිරියානු යුද්ධයට මැදිහත් වීම නිසාය.
ඉහළ:සිරියානු අහසේ පියාසර කල රුසියානු ඩ්‍රෝන් යානයක්-මෙය Shmel-1 වර්ගයේ ඩ්‍රෝන් යානයකි(පහළ)
සිරියාව තුල සිදුකරන හමුදා මෙහෙයුම්වලදී රුසියාව පුළුල් අයුරින් ඩ්‍රෝන් යානා භාවිතා කරයි.රුසියානු ඩ්‍රෝන් යානා මැදපෙරදිග කලාපයේ යොදවා තිබෙන බව මුල් වරට වාර්තා කලේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සම්බන්ධව ඔත්තු බැලීමට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රති-ත්‍රස්තවාදී සන්ධානයේ ගුවන් යානාවල මෙහෙයුම් අනාවරණය කරගැනීමටය.ඊශ්‍රායල ආරක්ෂක විශ්ලේෂකයින්ට අනුව රුසියාව ඩ්‍රෝන් යානා යොදාගෙන සිරියාවට ඉහල අහසේ ඔත්තු බැලීමේ ජාලයක් නිර්මාණය කර තිබේ.
අෂාඩ් විරෝධීන්(අල් නුස්රා ත්‍රස්තවාදීන්) විසින් බිම හෙළු ඩ්‍රෝන් යානයක් - මෙය Eleron 3 වර්ගයේ රුසියානු ඩ්‍රෝන් යානයකි
රුසියානු ඩ්‍රෝන් යානා මහා පරිමාණයෙන් සිරියාවේ භාවිතා කිරීමට ඇරඹුනේ 2015 වර්ෂයේ සැප්තැම්බර් 30 එනම් නිල වශයෙන් සිරියාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගයි.2015 ඔක්තෝම්බර් මාසයේදී තුර්කිය විසින් ඩ්‍රෝන් යානයක් බිම හෙළීය.ඔවුන් කියා සිටියේ එය රුසියානු නිෂ්පාදනයක් බවයි.නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබිණි.
රුසියාව සිය ඩ්‍රෝන් යානා සිරියාව තුල යොදාගන්නේ ඔත්තු බැලීම සඳහාය.නමුත් ඔවුන් සන්නද්ධ ඩ්‍රෝන් යානා යොදාගෙන ප්‍රහාර එල්ල කල අවස්ථාවන් වාර්තා නොවන තරම්ය.2016 වර්ෂයේ පටන් රුසියානු හමුදාව සන්නද්ධ ඩ්‍රෝන් යානා බහුලව සේවයට යොදවා ගැනීමට අපේක්ෂා කරන බව මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලදි.මෙම නවතම ඩ්‍රෝන් යානා ආයුද සන්නද්ධව කිලෝ මීටර් දහස් ගණනක් ආවරණය කල හැකි ඒවාය.රුසියානු හමුදාව සතුව මේ වනවිට ප්‍රහාරක හැකියාවන් සහිත ඩ්‍රෝන් යානා හෝ දිගු දුර ඔත්තුබැලීමේ හැකියාව සහිත මෙවලම් අඩංගු ඩ්‍රෝන් යානා නොමැති බව කියවේ.සැබැවින්ම රුසියානු ඩ්‍රෝන් තාක්ෂණය තවමත් ඇමෙරිකානු-ඊශ්‍රායල ඩ්‍රෝන් තාක්ෂණයට වඩා පහළ මට්ටමක පසුවේ.නමුත් ඔවුන් ඩ්‍රෝන් තාක්ෂණය දියුණු කිරීමට වැඩි අවදානයක් යොමු කිරීමට පුටීන් පාලනාධිකරිය පසුගිය සමයේ ක්‍රියා කරන ලදි.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුසියාව සතුව ඇතැයි සලකන දිගු දුර මෙහෙයුම් සිදුකල හැකි ගොඩබිම් ප්‍රහාරක ඩ්‍රෝන් යානයයි.මෙම යානය ඇල්ටියුස්-එම්(Altius-M) නමින් හඳුන්වයි.ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2014 සැප්තැම්බර් 25 බව සඳහන් වේ.
Altius-M යානයේ නිෂ්පාදන කටයුතු භාරව සිටින්නේ සොකොල් නම් සමාගමයි.මෙම යානය ඇමෙරිකානු එම්කිව්-9 රීපර් නම් ප්‍රහාරක ඩ්‍රෝන් යානයට සමාන බව කියවේ.රුසියානු Altius-M ඩ්‍රෝන් යානයේ යැයි සැලකෙන ඡායාරූප පෙළක් පහත දැක්වේ.රුසියානු අගමැති දිමිත්‍ර මෙඩ්වඩෙව් ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් යානය නිරීක්ෂණය කරමින් සිටියි
නූතන ඩ්‍රෝන් යානාවලට භූගත ඉදිකිරීම්,කොන්ක්‍රීට් වලින් තැනූ මුර කුටි සහ බිම්බෝම්බ ඇතිරූ ප්‍රදේශ අනාවරණය කර ගැනීම සහ විශේෂිත උපකරණ යොදාගෙන ගුවන් අවකාශය පරිලෝකනය කිරීම සහ බටහිර රටවල ගුවන් යානා සමග රුසියානු යානා ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම ආදිය කල හැකිය.
රුසියාව ඩ්‍රෝන් නිෂ්පාදනයට උනන්දු වන්නේ 2000 වර්ෂයේ මැදභාගයේ පටන්ය.2020 වන විට එරට ගුවන් හමුදාව ඩ්‍රෝන් යානාවලින් සන්නද්ධ කිරීම සම්පුර්ණ කිරීම සැලැස්ම වී තිබේ.2015 ජනවාරි මාසයේදී ආරක්ෂක අමාත්‍යය යූරි බොරිසොව් නිවේදනය කලේ රුසියාව සතුව ඔත්තු බැලීම සහ දැඩි ප්‍රහාර එල්ල කල හැකි ඩ්‍රෝන් යානා තිබෙන බවයි.2011 ඔක්තෝම්බර් මාසයේදී ආරක්ෂක අමාත්‍යාංශය ඩ්‍රෝන් යානා සඳහා තරඟාවලියක් සංවිධානය කරන ලදි.සුකොයි සමාගම විසින් මේවන විට ටොන් 20ක බරක් සහිත ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සංවර්ධනය කරමින් සිටියි.ස්කැට් ඩ්‍රෝන් යානයේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටින්නේ මිග් ප්‍රහාරක යානා නිෂ්පාදනය කරන "රුසියානු එයාර් ක්‍රාෆ්ට් කෝපරේෂන් මිග්" සමාගමයි.දැනට රුසියාව සතුව නවතම ඩ්‍රෝන් ව්‍යාපෘතිය වන්නේ "ඔක්හොට්නික්"(දඩයක්කරුවා)ය.
තහවුරු නොකල තොරතුරුවලට අනුව ඔක්හොට්නික් යානය හයවන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ ගුවන් යානයක් ලෙසද භාවිතා කරනු ඇති.එහි ප්‍රථම ගුවන් ගමන 2018 වර්ෂයේ සිදුවේවි.2020 දී පමණ මෙම යානය මෙහෙයුම් සඳහා හඳුන්වාදේවි.එහි හැඩය ස්කැට් යානයට සමාන බව පැවසේ.ඔක්හොට්නික් යානයත් සමගම සුකොයි සමාගම මධ්‍යම දුර ඩ්‍රෝන් යානයක් වන සෙනිට්සා නම් යානයක්ද නිපදවන බව හෙළිවී තිබේ.ඊට පැයට කි.මී.800 වේගයෙන් පියාසර කල හැකිය.සෙනිට්සා යානය Tu-143 Reys නම් 1970 දශකයේදී නිර්මාණය කල ඉදිරි යුද පෙරමුණේ ඔත්තුබැලිය හැකි යානය මත පදනම්ව නිර්මාණය කරන බව කියවේ.
මේවාට අමතරව රුසියානු ගුවන් හමුදාව සතු තවත් ඩ්‍රෝන් යානයක් වන්නේ ඩොසොර්-600 යානයයි.මෙය මැදි උන්නතාංශ ,දිගු වේලාවක් ගුවනේ රැදී සිටිය හැකි යානයක් මෙන්ම විශේෂඥයින්ට අනුව ඇමෙරිකානු එම් කිව්-1 ප්‍රඩේටර් ඩ්‍රෝන් යානයට සමාන එකක් බවයි.ඩොසොර්-600 යානය කි.ග්‍රෑ.720 බරකින් යුක්ත වන අතර ප්‍රහාරක යානයක් ලෙසද භාවිතා කල හැකිය.
ඩ්‍රෝන් යානාවල භාවිතය මේවන විට ඉතා පුළුල් වී තිබේ.නමුත් නූතන සංග්‍රාම භූමිය තුලට ඊට ඉහළ වටිනාකමක් ලැබී තිබේ.නියමුවන් සහිත යානා යුද බිමේදී භාවිතා කිරීම අධික වියදම් සහිත සහ නියමුවාගේ ජීවිතය අවදානමේ හෙළීමේ කටයුත්තක් බවට පත්ව තිබෙන්නේ නූතන ගුවන් ආරක්ෂක පද්ධතිවල තිබෙන මාරාන්තික බව සීඝ්‍රයෙන් ඉහළ යෑම නිසාය.නමුත් මෙම කාර්යය සඳහා ඩ්‍රෝන් යානා යෙදවීම අඩු වියදම් සහිත කාර්යයකි.කෙසේවෙතත් ප්‍රහාරක හැකියාවන් සහිත ඩ්‍රෝන් යානා භාවිතා කරන්නේ රටවල් අතලොස්සක් පමණි.මේවාහි මෙහෙයුම් වියදම් සාපේක්ෂව නියමුවෙක් සහිත නූතන ප්‍රහාරක යානයකට වඩා අඩුය.ගුවනේ ගතකල හැකි කාල සීමාව,ඉලක්ක ගැනීමට තිබෙන තාක්ෂණයන්හි දියුණුව නිසා එක්සත් ජනපදය බහුලව ඩ්‍රෝන් යානා භාවිතා කරනු ලැබේ.
රුසියාව ඩ්‍රෝන් යානාවල අවශ්‍යතාවය දුටුවේ 2008 අගෝස්තුවල ජෝර්ජියාව සමග ඇතිවූ යුද්ධයේදී ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩ්‍රෝන් යානා සතුරන් විසින් සාර්ථකව යොදාගැනීමත් සමගයි.මෙම අඩුපාඩුව මගහරවා ගැනීමට ගත් එක් තීරණයක් වූයේ ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන් යානා ආනයනය කිරීමයි.
කෙසේවෙතත් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ඊශ්‍රායල ඩ්‍රෝන් යානා වන බර්ඩ් අයි-400 අයි-වීව් සහ සර්චර් එම්කේ2 ආදිය රුසියාවට ලබාදීමෙන් පසුව ඊට වඩා විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන් යානා ලබාදීම ඊශ්‍රායල පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.2012 වර්ෂයේදී උප අගමැති ඩමිත්‍රි රොගොසින් ප්‍රකාශ කලේ රුසියානු හමුදාව සතුව ඇමෙරිකාවට සමාන ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් තිබෙන බවයි.රුසියානු හමුදාවන් මහා පරිමාණයෙන් ඩ්‍රෝන් යාන භාවිතා කිරීම අරඹන්නේ 2013 වර්ෂයේ පටන්ය.එම කාලය වන විට රුසියාව සතුව ඔර්ලන්,රෙයිස් සහ ස්ට්‍රෙඔස් යන කෙටි දුර සහ මධ්‍යම දුර ඩ්‍රෝන් යානා තිබිණි.
අංග සම්පුර්ණ ප්‍රහාරක හැකියාවන් සහිත සන්නද්ධ ඩ්‍රෝන් යානා හිමිකරගෙන සිටින රටවල් දෙක වන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයයි.රුසියාව සහ චීනය එම හැකියාව ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියි.සෝවියට් දේශය ඩ්‍රෝන් යානා නිපදවීමට පටන් ගෙන තිබෙන්නේ 1950 දශකයේදීය.නමුත් සෝවියට් දේශය ඩ්‍රෝන් යානා යොදාගත්තේ සිය ප්‍රහාරක යානාවල පුහුණුවීම සහ වෙඩි තැබීම් සඳහා අවශ්‍ය ගුවන් ඉලක්ක ලෙසයි.
ඩ්‍රෝන් යානාවල හැකියාව සම්බන්ධව මුලින්ම අවධානය යොමුකලේ බටහිර රටවල්ය.සෝවියට් දේශය ඒ සඳහා යොමුවූයේ 1980 දශකයේ මැද භාගයේදීය.එම කාලයේදී යකොව්ලෙව් සමාගම විසින් ශ්මෙල්-1 නමින් හඳුන්වන ඩ්‍රෝන් යානය නිපදවීය.නමුත් සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව ඩ්‍රෝන් සංවර්ධන සහ නිෂ්පාදන ක්ෂේත්‍රයටද කණ කොකා හැඬීය.1990 දශකයේ අවසන් සමයේ සිට 2000 දශකයේ මුල් කාලය දක්වා කාල සීමාවේදී රුසියාව තුල පුද්ගලික ඩ්‍රෝන් නිෂ්පාදකයින් බිහිවිය.මුල් කාලයේදී ඩ්‍රෝන් යානාවලට අවශ්‍ය මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම සම්බන්ධව රුසියාවට ප්‍රශ්න මතුවිය.නමුත් කාලයත් සමග ඔවුන් සිය වැරදිවලින් පාඩම් උගනිමින් තමන්ගේම ඩ්‍රෝන් නිෂ්පාදනය කරන්නට විය.
සිරියාව තුල දියත් කරන ලද ගුවන් මෙහෙයුම් රුසියානු ඩ්‍රෝන් යානා අත්හදා බලන්නට කදිම පරීක්ෂණාගාරයකි.දැනට සිරියාව තුල තිබෙන්නේ ඔත්තු බැලීමේ හැකියාව සහිත රුසියානු ඩ්‍රෝන් යානා පමණි.එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ 2016 වර්ෂයේදී සිරියාව තුල ප්‍රහාරක ඩ්‍රෝන් යානා යෙදවීමේ හැකියාවක් තිබෙන බවයි.මෙම යෙදවීම පසුගිය වසරේදී සුකොයි-24 යානය බිම හෙළීමෙන් සාධාරණීකරණය කල හැකිය.
සිරියානු යුද්ධය සඳහා යොදාගෙන තිබෙන රුසියානු ඩ්‍රෝන් යානා සම්බන්ධව තිබෙන තොරතුරු අල්පය.කෙසේවෙතත් රුසියානු හමුදව භාවිතා කරන ඩ්‍රෝන් යානා සහ ඒවාහි සංවර්ධන කටයුතු සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබේ.
සිරියානු හමුදාව සහ එරට සිටින රුසියානු හමුදාව බහුලව භාවිතා කරන තවත් ඩ්‍රෝන් යානයක් වන්නේ Eleron-3SVය.මෙය ඇ.ඩො.55,000 පමණ වටිනා යානයකි.බැටරි බලයෙන් ක්‍රියාත්මකව මෙම යානය කි.ග්‍රෑ.4.3ක් බරය.ඊට පැයට කි.මී.70-130 වේගයෙන් පියාසර කල හැකි අතර පියාසර කාලය පැය 2කට සීමා වේ.අඩි 16,000ක් උපරිම උසකින් පියාසර කල හැකිය.තම එන්ජිම ක්‍රියාවිරහිත කරගෙන පොළොවට ඉතා ආසන්නයෙන් පියාසර කිරීමට මෙම යානයට හැකිය.
ඔර්ලන්-10(මුහුදු රාජාලියා)යනු ඔත්තු බැලීමේ අංශ විසින් භාවිතා කරන කි.ග්‍රෑ.15ක් බර පැය 17ක කාලයක් ගුවනේ සැරිසැරීමට හැකි ඩ්‍රෝන් යානයකි.එය ගොඩබැසීම සිදුකරන්නේ පැරෂූටයක් ආධාරයෙනි.මෙම යානය දියත් කිරීම ජංගම කැටපෝලයක් ආධාරයෙන් සිදුකල හැකිය.
ඩොසෝර්-600(Watch)යනු වඩාත් සංකීර්ණ කුඩා ප්‍රමාණයේ බර ටොන් එකකට වඩා අඩු ඩ්‍රෝන් යානයකි.මෙය ගුවන්ගත කරන්නේ සහ ගොඩබස්සන්නේ ධාවන පථයක් යොදාගෙනය.මෙම මොඩලය ඔත්තු බැලීමේ මෙවලම්,රේඩාර් පද්ධතියක් සහ අවිවලින් සන්නද්ධය.
වඩාත් සන්නද්ධ ඩ්‍රෝන් යානා මේවන විටත් සංවර්ධනය කරමින් පවතියි.ස්කැට්(Skate) නම් ඩ්‍රෝන් යානයට පැයට සැතපුම් 500/පැයට කි.මී.800ක වේගයෙන් අඩි 40,000ක උපරිම උසකින් පියාසර කරමින් ස්වයං-නියාමක මිසයිල සහ බෝම්බ ප්‍රහාර දියත් කල හැකිය.එහි මෙහෙයුම් පරාසය ලෙස සඳහන් වන්නේ සැතපුම් 2,500කි.ප්‍රොරිව්(Breakthrough) යන ඩ්‍රෝන් යානයට උපරිම වශයෙන් අඩි 65,000ක උසකින් පියාසර කල හැකිය.
ප්‍රහාරක යානා මොඩලයේ ආදර්ශනයක්
දැනට නිපදවමින් තිබෙන ඩ්‍රෝන් කැමරාවලට මනුෂ්‍ය ඇසට නොපෙනෙන දර්ශන පවා දැකගත හැකිය.මොස්කව් නගරයට ඊසාන දිගින් පිහිටා ඇති රයිබින්ස්ක් නගරයේ ඩ්‍රෝන් නිෂ්පාදනය සඳහා විශේෂ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර තිබේ.මෙහිදී ඩ්‍රෝන් යානාවල රාමුව සහ එන්ජින් නිපදවීමට අමතරව ඒවාට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් මෙවලම්,පරිගණක,කැමරා සහ සංවේදක උපාංගද නිර්මාණය කරන බව සඳහන් වේ.
රුසියානු ඩ්‍රෝන් සංවර්ධනයට තවත් දිගු ගමන් යායුතුව තිබේ.කෙසේවෙතත් ඔවුන් තවමත් ඇමෙරිකානු ඩ්‍රෝන් වැඩසටහනට වඩා පසුපසින් සිටියි.ඇමෙරිකානුවන්ට ප්‍රහාරක ඩ්‍රෝන් යානා නිපදවීම සම්බන්ධව වසර 15ක වැඩි අත්දැකීම් තිබේ.මෙම ක්ෂේත්‍රය සම්බන්ධව රුසියාවේ අවදානය යොමුවූයේ 2008 වර්ෂයේ දී ජෝර්ජියාවේ දකුණු ඔසේෂියාව තුල හටගත් යුද්ධය නිසාය.ඩ්‍රෝන් යානා සංවර්ධනයත් සමග සමකාලීනව සිදුවිය යුතු තවත් දෙයක් වන්නේ හමුදාව පරිගණකකරණය කිරීමයි.එසේ නොමැතිව ඩ්‍රෝන් යානා භාවිතා කිරීම ඵලදායක ක්‍රියාවක් නොවනු ඇති.මේවන විට රුසියාව ඩ්‍රෝන් යානා ක්ෂේත්‍රය තුල දැවැන්තයෙක් වීම සඳහා පළමු පියවර තබා ඇත.
Source:rbth.com
-HarshaLulzSec-

Eleron 3 ඩ්‍රෝන් යානය
මෙම යානය ගොඩබැස්සවීම පැරෂූටයක් ආධාරයෙන් සිදුකෙරේ
රුසියානු ඩ්‍රෝන් යානා මහා පරිමාණයෙන් සිරියාවේ භාවිතා කිරීමට ඇරඹුනේ 2015 වර්ෂයේ සැප්තැම්බර් 30 එනම් නිල වශයෙන් සිරියාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගයි.2015 ඔක්තෝම්බර් මාසයේදී තුර්කිය විසින් ඩ්‍රෝන් යානයක් බිම හෙළීය.ඔවුන් කියා සිටියේ එය රුසියානු නිෂ්පාදනයක් බවයි.නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබිණි.
තුර්කියේදී බිම හෙළු රුසියාවේ යැයි සැලකෙන ඩ්‍රෝන් යානයක්
රුසියාව සිය ඩ්‍රෝන් යානා සිරියාව තුල යොදාගන්නේ ඔත්තු බැලීම සඳහාය.නමුත් ඔවුන් සන්නද්ධ ඩ්‍රෝන් යානා යොදාගෙන ප්‍රහාර එල්ල කල අවස්ථාවන් වාර්තා නොවන තරම්ය.2016 වර්ෂයේ පටන් රුසියානු හමුදාව සන්නද්ධ ඩ්‍රෝන් යානා බහුලව සේවයට යොදවා ගැනීමට අපේක්ෂා කරන බව මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලදි.මෙම නවතම ඩ්‍රෝන් යානා ආයුද සන්නද්ධව කිලෝ මීටර් දහස් ගණනක් ආවරණය කල හැකි ඒවාය.රුසියානු හමුදාව සතුව මේ වනවිට ප්‍රහාරක හැකියාවන් සහිත ඩ්‍රෝන් යානා හෝ දිගු දුර ඔත්තුබැලීමේ හැකියාව සහිත මෙවලම් අඩංගු ඩ්‍රෝන් යානා නොමැති බව කියවේ.සැබැවින්ම රුසියානු ඩ්‍රෝන් තාක්ෂණය තවමත් ඇමෙරිකානු-ඊශ්‍රායල ඩ්‍රෝන් තාක්ෂණයට වඩා පහළ මට්ටමක පසුවේ.නමුත් ඔවුන් ඩ්‍රෝන් තාක්ෂණය දියුණු කිරීමට වැඩි අවදානයක් යොමු කිරීමට පුටීන් පාලනාධිකරිය පසුගිය සමයේ ක්‍රියා කරන ලදි.
Chirok යන කේත නාමයෙන් හඳුන්වන රුසියානු ඩ්‍රෝන් යානයක ආදර්ශනයක්
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුසියාව සතුව ඇතැයි සලකන දිගු දුර මෙහෙයුම් සිදුකල හැකි ගොඩබිම් ප්‍රහාරක ඩ්‍රෝන් යානයයි.මෙම යානය ඇල්ටියුස්-එම්(Altius-M) නමින් හඳුන්වයි.ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2014 සැප්තැම්බර් 25 බව සඳහන් වේ.
රුසියාවේ කසාන් හි කර්මාන්තශාලා භූමියක නවතා තිබෙන Altius-M යානය
Altius-M යානයේ නිෂ්පාදන කටයුතු භාරව සිටින්නේ සොකොල් නම් සමාගමයි.මෙම යානය ඇමෙරිකානු එම්කිව්-9 රීපර් නම් ප්‍රහාරක ඩ්‍රෝන් යානයට සමාන බව කියවේ.රුසියානු Altius-M ඩ්‍රෝන් යානයේ යැයි සැලකෙන ඡායාරූප පෙළක් පහත දැක්වේ.රුසියානු අගමැති දිමිත්‍ර මෙඩ්වඩෙව් ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් යානය නිරීක්ෂණය කරමින් සිටියි
නූතන ඩ්‍රෝන් යානාවලට භූගත ඉදිකිරීම්,කොන්ක්‍රීට් වලින් තැනූ මුර කුටි සහ බිම්බෝම්බ ඇතිරූ ප්‍රදේශ අනාවරණය කර ගැනීම සහ විශේෂිත උපකරණ යොදාගෙන ගුවන් අවකාශය පරිලෝකනය කිරීම සහ බටහිර රටවල ගුවන් යානා සමග රුසියානු යානා ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම ආදිය කල හැකිය.
Altius-M ඩ්‍රෝන් යානයක්
රුසියාව ඩ්‍රෝන් නිෂ්පාදනයට උනන්දු වන්නේ 2000 වර්ෂයේ මැදභාගයේ පටන්ය.2020 වන විට එරට ගුවන් හමුදාව ඩ්‍රෝන් යානාවලින් සන්නද්ධ කිරීම සම්පුර්ණ කිරීම සැලැස්ම වී තිබේ.2015 ජනවාරි මාසයේදී ආරක්ෂක අමාත්‍යය යූරි බොරිසොව් නිවේදනය කලේ රුසියාව සතුව ඔත්තු බැලීම සහ දැඩි ප්‍රහාර එල්ල කල හැකි ඩ්‍රෝන් යානා තිබෙන බවයි.2011 ඔක්තෝම්බර් මාසයේදී ආරක්ෂක අමාත්‍යාංශය ඩ්‍රෝන් යානා සඳහා තරඟාවලියක් සංවිධානය කරන ලදි.සුකොයි සමාගම විසින් මේවන විට ටොන් 20ක බරක් සහිත ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සංවර්ධනය කරමින් සිටියි.ස්කැට් ඩ්‍රෝන් යානයේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටින්නේ මිග් ප්‍රහාරක යානා නිෂ්පාදනය කරන "රුසියානු එයාර් ක්‍රාෆ්ට් කෝපරේෂන් මිග්" සමාගමයි.දැනට රුසියාව සතුව නවතම ඩ්‍රෝන් ව්‍යාපෘතිය වන්නේ "ඔක්හොට්නික්"(දඩයක්කරුවා)ය.
MiG’s Skat (Skate) ඩ්‍රෝන් යානයක්
තහවුරු නොකල තොරතුරුවලට අනුව ඔක්හොට්නික් යානය හයවන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ ගුවන් යානයක් ලෙසද භාවිතා කරනු ඇති.එහි ප්‍රථම ගුවන් ගමන 2018 වර්ෂයේ සිදුවේවි.2020 දී පමණ මෙම යානය මෙහෙයුම් සඳහා හඳුන්වාදේවි.එහි හැඩය ස්කැට් යානයට සමාන බව පැවසේ.ඔක්හොට්නික් යානයත් සමගම සුකොයි සමාගම මධ්‍යම දුර ඩ්‍රෝන් යානයක් වන සෙනිට්සා නම් යානයක්ද නිපදවන බව හෙළිවී තිබේ.ඊට පැයට කි.මී.800 වේගයෙන් පියාසර කල හැකිය.සෙනිට්සා යානය Tu-143 Reys නම් 1970 දශකයේදී නිර්මාණය කල ඉදිරි යුද පෙරමුණේ ඔත්තුබැලිය හැකි යානය මත පදනම්ව නිර්මාණය කරන බව කියවේ.
Tu-143 Reys ඩ්‍රෝන් යානයක්
මේවාට අමතරව රුසියානු ගුවන් හමුදාව සතු තවත් ඩ්‍රෝන් යානයක් වන්නේ ඩොසොර්-600 යානයයි.මෙය මැදි උන්නතාංශ ,දිගු වේලාවක් ගුවනේ රැදී සිටිය හැකි යානයක් මෙන්ම විශේෂඥයින්ට අනුව ඇමෙරිකානු එම් කිව්-1 ප්‍රඩේටර් ඩ්‍රෝන් යානයට සමාන එකක් බවයි.ඩොසොර්-600 යානය කි.ග්‍රෑ.720 බරකින් යුක්ත වන අතර ප්‍රහාරක යානයක් ලෙසද භාවිතා කල හැකිය.
Dozor-600 ඩ්‍රෝන් යානය
රුසියාව එක්සත් ජනපදය පසුපස හඹායයි
ඩ්‍රෝන් යානාවල භාවිතය මේවන විට ඉතා පුළුල් වී තිබේ.නමුත් නූතන සංග්‍රාම භූමිය තුලට ඊට ඉහළ වටිනාකමක් ලැබී තිබේ.නියමුවන් සහිත යානා යුද බිමේදී භාවිතා කිරීම අධික වියදම් සහිත සහ නියමුවාගේ ජීවිතය අවදානමේ හෙළීමේ කටයුත්තක් බවට පත්ව තිබෙන්නේ නූතන ගුවන් ආරක්ෂක පද්ධතිවල තිබෙන මාරාන්තික බව සීඝ්‍රයෙන් ඉහළ යෑම නිසාය.නමුත් මෙම කාර්යය සඳහා ඩ්‍රෝන් යානා යෙදවීම අඩු වියදම් සහිත කාර්යයකි.කෙසේවෙතත් ප්‍රහාරක හැකියාවන් සහිත ඩ්‍රෝන් යානා භාවිතා කරන්නේ රටවල් අතලොස්සක් පමණි.මේවාහි මෙහෙයුම් වියදම් සාපේක්ෂව නියමුවෙක් සහිත නූතන ප්‍රහාරක යානයකට වඩා අඩුය.ගුවනේ ගතකල හැකි කාල සීමාව,ඉලක්ක ගැනීමට තිබෙන තාක්ෂණයන්හි දියුණුව නිසා එක්සත් ජනපදය බහුලව ඩ්‍රෝන් යානා භාවිතා කරනු ලැබේ.
ජෝර්ජියානු ජනපති මික්හෙයිල් සාකාෂවිලි 2004 වර්ෂයේදී ඊශ්‍රායලයේ සිදුකල සංචාරයේදී ඩ්‍රෝන් යානයක් අතැතිව
රුසියාව ඩ්‍රෝන් යානාවල අවශ්‍යතාවය දුටුවේ 2008 අගෝස්තුවල ජෝර්ජියාව සමග ඇතිවූ යුද්ධයේදී ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩ්‍රෝන් යානා සතුරන් විසින් සාර්ථකව යොදාගැනීමත් සමගයි.මෙම අඩුපාඩුව මගහරවා ගැනීමට ගත් එක් තීරණයක් වූයේ ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන් යානා ආනයනය කිරීමයි.
ඊශ්‍රායල් BirdEye 400 ඩ්‍රෝන් යානය
ඊශ්‍රායල් IAI I-View ඩ්‍රෝන් යානය
ඊශ්‍රායල් IAI Searcher ඩ්‍රෝන් යානය
කෙසේවෙතත් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ඊශ්‍රායල ඩ්‍රෝන් යානා වන බර්ඩ් අයි-400 අයි-වීව් සහ සර්චර් එම්කේ2 ආදිය රුසියාවට ලබාදීමෙන් පසුව ඊට වඩා විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන් යානා ලබාදීම ඊශ්‍රායල පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.2012 වර්ෂයේදී උප අගමැති ඩමිත්‍රි රොගොසින් ප්‍රකාශ කලේ රුසියානු හමුදාව සතුව ඇමෙරිකාවට සමාන ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් තිබෙන බවයි.රුසියානු හමුදාවන් මහා පරිමාණයෙන් ඩ්‍රෝන් යාන භාවිතා කිරීම අරඹන්නේ 2013 වර්ෂයේ පටන්ය.එම කාලය වන විට රුසියාව සතුව ඔර්ලන්,රෙයිස් සහ ස්ට්‍රෙඔස් යන කෙටි දුර සහ මධ්‍යම දුර ඩ්‍රෝන් යානා තිබිණි.
Orlan-10 ඩ්‍රෝන් යානයක්
අංග සම්පුර්ණ ප්‍රහාරක හැකියාවන් සහිත සන්නද්ධ ඩ්‍රෝන් යානා හිමිකරගෙන සිටින රටවල් දෙක වන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයයි.රුසියාව සහ චීනය එම හැකියාව ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියි.සෝවියට් දේශය ඩ්‍රෝන් යානා නිපදවීමට පටන් ගෙන තිබෙන්නේ 1950 දශකයේදීය.නමුත් සෝවියට් දේශය ඩ්‍රෝන් යානා යොදාගත්තේ සිය ප්‍රහාරක යානාවල පුහුණුවීම සහ වෙඩි තැබීම් සඳහා අවශ්‍ය ගුවන් ඉලක්ක ලෙසයි.
රුසියානු Shmel-1 ඩ්‍රෝන් යානය
ඩ්‍රෝන් යානාවල හැකියාව සම්බන්ධව මුලින්ම අවධානය යොමුකලේ බටහිර රටවල්ය.සෝවියට් දේශය ඒ සඳහා යොමුවූයේ 1980 දශකයේ මැද භාගයේදීය.එම කාලයේදී යකොව්ලෙව් සමාගම විසින් ශ්මෙල්-1 නමින් හඳුන්වන ඩ්‍රෝන් යානය නිපදවීය.නමුත් සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව ඩ්‍රෝන් සංවර්ධන සහ නිෂ්පාදන ක්ෂේත්‍රයටද කණ කොකා හැඬීය.1990 දශකයේ අවසන් සමයේ සිට 2000 දශකයේ මුල් කාලය දක්වා කාල සීමාවේදී රුසියාව තුල පුද්ගලික ඩ්‍රෝන් නිෂ්පාදකයින් බිහිවිය.මුල් කාලයේදී ඩ්‍රෝන් යානාවලට අවශ්‍ය මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම සම්බන්ධව රුසියාවට ප්‍රශ්න මතුවිය.නමුත් කාලයත් සමග ඔවුන් සිය වැරදිවලින් පාඩම් උගනිමින් තමන්ගේම ඩ්‍රෝන් නිෂ්පාදනය කරන්නට විය.
සිරියාවේදී බිම හෙළු රුසියානු ඩ්‍රෝන් යානයක්
සිරියාව තුල දියත් කරන ලද ගුවන් මෙහෙයුම් රුසියානු ඩ්‍රෝන් යානා අත්හදා බලන්නට කදිම පරීක්ෂණාගාරයකි.දැනට සිරියාව තුල තිබෙන්නේ ඔත්තු බැලීමේ හැකියාව සහිත රුසියානු ඩ්‍රෝන් යානා පමණි.එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ 2016 වර්ෂයේදී සිරියාව තුල ප්‍රහාරක ඩ්‍රෝන් යානා යෙදවීමේ හැකියාවක් තිබෙන බවයි.මෙම යෙදවීම පසුගිය වසරේදී සුකොයි-24 යානය බිම හෙළීමෙන් සාධාරණීකරණය කල හැකිය.
භාවිතා කරන ඩ්‍රෝන් යානා
සිරියානු යුද්ධය සඳහා යොදාගෙන තිබෙන රුසියානු ඩ්‍රෝන් යානා සම්බන්ධව තිබෙන තොරතුරු අල්පය.කෙසේවෙතත් රුසියානු හමුදව භාවිතා කරන ඩ්‍රෝන් යානා සහ ඒවාහි සංවර්ධන කටයුතු සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබේ.
සිරියානු හමුදාව සහ එරට සිටින රුසියානු හමුදාව බහුලව භාවිතා කරන තවත් ඩ්‍රෝන් යානයක් වන්නේ Eleron-3SVය.මෙය ඇ.ඩො.55,000 පමණ වටිනා යානයකි.බැටරි බලයෙන් ක්‍රියාත්මකව මෙම යානය කි.ග්‍රෑ.4.3ක් බරය.ඊට පැයට කි.මී.70-130 වේගයෙන් පියාසර කල හැකි අතර පියාසර කාලය පැය 2කට සීමා වේ.අඩි 16,000ක් උපරිම උසකින් පියාසර කල හැකිය.තම එන්ජිම ක්‍රියාවිරහිත කරගෙන පොළොවට ඉතා ආසන්නයෙන් පියාසර කිරීමට මෙම යානයට හැකිය.
Orlan-10 ඩ්‍රෝන් යානයක්
ඔර්ලන්-10(මුහුදු රාජාලියා)යනු ඔත්තු බැලීමේ අංශ විසින් භාවිතා කරන කි.ග්‍රෑ.15ක් බර පැය 17ක කාලයක් ගුවනේ සැරිසැරීමට හැකි ඩ්‍රෝන් යානයකි.එය ගොඩබැසීම සිදුකරන්නේ පැරෂූටයක් ආධාරයෙනි.මෙම යානය දියත් කිරීම ජංගම කැටපෝලයක් ආධාරයෙන් සිදුකල හැකිය.
Dozor-600 ඩ්‍රෝන් යානයක්
ඩොසෝර්-600(Watch)යනු වඩාත් සංකීර්ණ කුඩා ප්‍රමාණයේ බර ටොන් එකකට වඩා අඩු ඩ්‍රෝන් යානයකි.මෙය ගුවන්ගත කරන්නේ සහ ගොඩබස්සන්නේ ධාවන පථයක් යොදාගෙනය.මෙම මොඩලය ඔත්තු බැලීමේ මෙවලම්,රේඩාර් පද්ධතියක් සහ අවිවලින් සන්නද්ධය.
Skate ඩ්‍රෝන් යානයක්
වඩාත් සන්නද්ධ ඩ්‍රෝන් යානා මේවන විටත් සංවර්ධනය කරමින් පවතියි.ස්කැට්(Skate) නම් ඩ්‍රෝන් යානයට පැයට සැතපුම් 500/පැයට කි.මී.800ක වේගයෙන් අඩි 40,000ක උපරිම උසකින් පියාසර කරමින් ස්වයං-නියාමක මිසයිල සහ බෝම්බ ප්‍රහාර දියත් කල හැකිය.එහි මෙහෙයුම් පරාසය ලෙස සඳහන් වන්නේ සැතපුම් 2,500කි.ප්‍රොරිව්(Breakthrough) යන ඩ්‍රෝන් යානයට උපරිම වශයෙන් අඩි 65,000ක උසකින් පියාසර කල හැකිය.
Proryv යානයේ මොඩලයන් තුනක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ
ප්‍රහාරක යානා මොඩලයේ ආදර්ශනයක්
ඔත්තු බලන යානා මොඩලයේ ආදර්ශනයක්
දැනට නිපදවමින් තිබෙන ඩ්‍රෝන් කැමරාවලට මනුෂ්‍ය ඇසට නොපෙනෙන දර්ශන පවා දැකගත හැකිය.මොස්කව් නගරයට ඊසාන දිගින් පිහිටා ඇති රයිබින්ස්ක් නගරයේ ඩ්‍රෝන් නිෂ්පාදනය සඳහා විශේෂ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර තිබේ.මෙහිදී ඩ්‍රෝන් යානාවල රාමුව සහ එන්ජින් නිපදවීමට අමතරව ඒවාට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් මෙවලම්,පරිගණක,කැමරා සහ සංවේදක උපාංගද නිර්මාණය කරන බව සඳහන් වේ.
ඩ්‍රෝන් යානයක් ගුවන් ගත කිරීමට සූදානම් කරවන රුසියානු සෙබලෙක්