අපි නොදන්න රුසියාව-8

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-8

    65pjQKM.jpg

    රුසියාවේ පළමු ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානයේ තවත් මූලාකෘතියක් අත්හදා බැලීමේ ගුවන් ගමන් සිදුකරන අයුරු එහි නිෂ්පාදන සමාගම විසින් ඡායාරූප ඔස්සේ පසුගියදා ප්‍රසිද්ධ කර තිබුණි.මින් බොහොමයක් ඡායාරූපවල තිබුණේ ද්විත්ව එන්ජින් සුකොයි ටී-50 ජෙට් යානය හිමෙන් වට වූ ධාවන පථයක මෙහෙයුම් සිදුකරන අයුරුය.රුසියානු පුවත් සේවයක් වන Russia Today ආයතනයේ නිල වෙබ් අඩවිය විසින් මෙය වාර්තා කර තිබුණේ ස්ථානය ගැන තොරතුරු සඳහන් නොකරමින්ය.මෙම ඡායාරූපවල මෙටාඩේටා වලට අනුව ඒවා ලබාගෙන තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.රුසියානු මාධ්‍ය ඔක්තෝම්බර් මාසයේදී වාර්තා කර තිබුණේ ටී-50 යානයේ නමවන මූලාකෘතිය මෙම වසරේ අවසානයේදී අත්හදා බලනු ඇති බවයි.


    T-50 යානයේ නවතම ඡායාරූප පෙළ

    vfhZpID.jpg


    4BOzU7R.jpg


    RkDyUA8.jpg


    axo9rlQ.jpg


    H0X8gQf.jpg


    JEpJl6k.jpg


    1P3xTaR.jpg


    fLoeWHz.jpg


    LdsEs18.jpg


    කෙසේ වෙතත් RT.com වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ ඡායාරූපවල දැක්වෙන්නේ ටී-50-8 මූලාකෘතිය බවයි.එය සුකොයි සමාගමේ නිෂ්පාදනයක් වුවද ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාවද සම්බන්ධ වී තිබේ.ටී-50 යානය පැමිණීමෙන් පසුව සුකොයි-27 යානා සේවයෙන් ඉවත් කෙරෙනු ඇත.මෙම මූලාකෘති යානය සිය ප්‍රථම ගුවන් ගමන සිදුකරන ලද්දේ නොවැම්බර් මස 17දා බව BMPD බ්ලොග් අඩවිය ඔස්සේ වාර්තා කර තිබිණි(නිල වශයෙන් තහවුරු කර නොමැත).

    Tepj1vx.jpg

    මෙම ස්ටෙල්ත් ප්‍රහාරක යානය සතුව රේඩාර් මඟහැර යා හැකි ස්ටෙල්ත් තාක්ෂණය සහ මිනිත්තුවට වට 1,800ක් වේගයක් සහිත මීටර් 1800ක් දුරට වෙඩි තැබීමට හැකි බලවත් 9-A1-4071K තුවක්කුවක්ද තිබේ.PAK FA හෙවත් T-50 යානයක් ඇ.ඩො.මිලියන 50ක් පමණ වේ යැයි විශ්වාස කෙරේ.නමුත් එහි හැකියාව මිලට වඩා බොහෝ ඉහළ බවයි නිෂ්පාදකයාගේ අදහස.යානයේ උපරිම වේගය පැයට සැතපුම් 1,516(පැයට කි.මී.2440) ක්ද සංග්‍රාමික පරාසය සැතපුම් 3.418කි.ඇමෙරිකානු එෆ්-35 යානයක් ඇ.ඩො. මිලියන 135ක පමණ මිලක් වනු ඇතැයි පැවසේ.

    Ff3W5G4.jpg
    ඇමෙරිකානු එෆ්-35 යානය(වම්පස) සහ චීනයේ ජේ-20 යානය​

    T-50 යනු ඇමෙරිකානු එෆ්-22,එෆ්-35 යන ස්ටෙල්ත් ප්‍රහාරක යානා සහ චීනය විසින් නොවැම්බර් මාසයේදී ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කල ජේ-20 ස්ටෙල්ත් ප්‍රහාරක යානයේ රුසියානු තරඟකරුවාය.අවි විශේෂඥයින් රුසියානු යානය සංසන්දනය කරන්නේ ඇමෙරිකානු එෆ්-22 රැප්ටර් යානය සමගයි.ටී-20 යානය සතුරු ඉහල හැසිරවීමේ හැකියාව ඇමෙරිකාවේ නවතම ස්ටෙල්ත් ප්‍රහාරකයා වන එෆ්-35 යානයේ හැකියාව අභිබවා යන බව රුසියාව සඳහන් කරයි.තවද එයට එෆ්-35 යානයට වඩා 30% වේගයක් තිබෙන අතර පියාසර පරාසය සැතපුම් 2000ක් වැඩිය.එය සතු ත්‍රිමාන තෙරපුම්-දෛශික ජෙට් වලට ඕනෑම දිශාවකට ආනත වීමට පුලුවන් නිසා නියමුවාට ගුවනේදී සුපිරි හැසිරවීමේ හැකියාවක් ලබාදෙයි.


    රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය යූරි බොරිසොව් පසුගිය සැප්තැම්බර් මාසයේදී කියා සිටියේ 2017 වසරේදී ආරක්ෂක අමාත්‍යාංශය අවම වශයෙන් ටී-50 යානා 12-24 ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.ටී-50 යානා මහා පරිමාණයෙන් නිපදවීම ඇරඹෙන්නේ 2017 වර්ෂයේය.අවම නවීකරණ සහ වෙනස් උපාංග සහිතව ටී-50 මොඩලයක් ඉන්දියාවට අපනයන කිරීම සඳහා සංවර්ධනය කරමින් තිබේ.

    AAu3an6.jpg
    Sukhoi PAK FA/T-50 යනු රුසියාවේ පළමු ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානයයි​

    රුසියානු මාධ්‍ය ටී-20 යානයේ මි.මී.30 තුවක්කුවද මහ ඉහළින් වර්ණනා කරයි.මෙම තුවක්කුවට පුපුරා යන උණ්ඩ,ප්‍රදාහක උණ්ඩ සහ සන්නාහයන් විනිවිද යන උණ්ඩ යෙදිය හැකිය.ඒවා සැහැල්ලු සන්නාහයන් සහිත ගොඩබිම්.මුහුදු සහ ගුවන් ඉලක්ක විනාශ කිරීමට භාවිතා කරයි.තවද තුවක්කුවට ගොඩබිම තිබෙන ඉලක්කයකට සැතපුම් 1.1(කි.මී.1.8) දුරක සිටද ගුවන් ඉලක්කයකට කි.මී.1.2ක දුරක සිටද වෙඩි තැබීමට පුලුවනි.





    Source:rt.com

    -HarshaLulzSec-
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Kawru monawa qwwath F-35 ta gahanna ekak na, samaharunta thiththa unath aththa akai. :yes::yes: