අපි නොදන්න OS ගැන ටිකක්..

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
අපි නොදන්න OS ගැන ටිකක්..



අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක් ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස් තිබෙන්නේ කීපයක් නිසාය.

දැනට තිබෙන ඕඑස් ලැයිස්තුව පහසුවෙන් ලිවිය හැක්කකි. ගූගල් ඇන්ඩ්රොයිඩ්, නොකිය සිම්බියන්, ඇපල් අයිඕඑස්, රිම් බ්ලැක්බෙරි, මයික්‍රෝසො‍ෆ්ට් වින්ඩෝස් ෆෝන්, එච්පී වෙබ් ඕඑස් සහ ලිනක්ස් මීගෝ ඉන් වඩාත් ප්‍රකට ඒවාය. මීට අමතර වශයෙන් සැම්සුන්ග් බාඩා, නොකියා මීමෝ යනාදියද තිබේ. චීනයේ වැඩිපුරම බාවිතා වන්නේ ලිනක්ස්ය. ඒ නොයෙක් වෙනස්කම් සහිත මෙහෙයුම් පද්දති වශයෙනි. එසේ නොමැතිව කෙලින්ම ලිනක්ස් මොබයිල් ඕඑස් බාවිතා වන්නේ අඩුවෙනි.

එක මොබයිල් ෆෝන් ඕඑස් එකකක් තවත් එකකින් වෙනස් වන කරුණු කීපයකි. ඉන්ටෆෙස් එක හෙවත් පෙනුම (visual panache) ප්‍රධාන කොට වැඩි දෙන සලකයි. දෙවැන්න එය කෙතරම් පහසුද යන්නයි . එමගින් කරගත හැකි විවිද කටයුතු තවත් කාරණයකි. (capabilities) උදාහරණයක් විදිහට සිම්බියන් මෙහෙයුම් පද්ධතියේ බලපුලුවන් කාරකමකි පයිතන් කෝඩ් කිරීමට හැකි වීම. එය පරිගණකයක් හා සමානව කල හැකිය. එමෙන්ම අනිත් වැදගත්ම කාරණය වන්නේ එයින් නොයෙකුත් වැඩ ගන්නට උපකාරී වන අවශේෂ මෘදුකාංග කෙතරම් හොඳද යන්නය. මෙයට උදාහරණයක්‌ ලෙස Android Market, apple app-store දැක්විය හැකිය.

මේ සියල්ල එක්ව ගෙන ප්‍රධාන මොබයිල් ඕඑස් ගැන සසඳා බලන්නට පුළුවන. දැන් ඔයාල හැමෝටම පුළුවන් මොන ඕඑස් එකද හොඳ කියල තීරණයක් ගන්න. මතක තියාගන්න මේ කතා කරන්නේ මෘදුකාංගමය පැත්ත මිසක් කිසිම වෙළඳ නාමයක් යටතේ එන ස්මාර්ට්ෆෝන් වල දෘඩාංග වල ගුණාත්මක බාවය නෙමෙයි.