අපි නොදන්න Samsung
සැම්සුන් සමූහය දකුණු කොරියාව පදනම් කරගත් සමූහ ව්‍යාපාරයකි. එය කොරියාවෙහි විශාලතම ව්‍යාපාරයක් වන අතර එය ඉලෙක්ට්‍රොනික කර්මාන්තය, නැව් නිෂ්පාදන කර්මාන්තය, ඉදිකිරීම් සහ ආරක්ෂක කර්මාන්තයේ මූලික අවධානය යොමු කරමින් රටේ මුළු අපනයන වලින් පහෙන් එකක් පමණ නිෂ්පාදනය කරයි. සැම්සුන් හි තවත් ප්‍රධානම පරිපාලිතයන් වන්නේ රක්ෂණ, ප්‍රචාරණය සහ විනෝදාස්වාද කර්මාන්තයේ ව්‍යාපාරයන්ය.
Samsung ඉතිහාසය
වොන් 30,000 ක් (ඩොලර් දශ ලක්ෂ 27 ක් පමණ) පමණ වූ මුදලකින් Lee Byung-chull විසින් 1938 මාර්තු මස 1 වන දින සැම්සුන්හී ආරම්භ කරන ලදී. කොරියානු වියළි මාළු සහ එළවළු මෙන් ම එහි නූඩ්ල්ස් වැනි භාණ්ඩ නිෂ්පාදනය සහ සිල්ලර වෙළඳාමක් ලෙස Taegu නගරය පදනම් කරගනිමින් සේවකයින් 40 සහිතව කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළහ.
මෙසේ සමාගම වර්ධනය වූ අතර 1947 දී සෝල් (Seoul) නුවරට ව්‍යාප්ත විය. යුද්ධය අවසන් වීමෙන් පසුව ලී විසින් රෙදිපිළි ව්‍යාපාරය සහ කොරියාවේ විශාලතම ලොම් කම්හල ගොඩනඟා ගැනීමටත් පෙර බුසැන්(Busan)හි Cheil Jedang නමින් සීනි පිරිපහදුවක් ආරම්භ කරන ලදී.
Lee Byung-chull මහතා
සාර්ථක ලෙස වූ විවිධාංගීකරණය සැම්සුන් හි වර්ධන උපාය මාර්ගයක් බවට පත් විය. මෙය රක්ෂණ, සුරැකුම්පත් සහ සිල්ලර වෙළඳාම යන අංශවල වේගයෙන් ව්‍යාප්ත විය. යුද්ධයෙන් පසුව කොරියාව යලි ගොඩ නැංවීම සම්බන්ධයෙන් සැම්සුන් අවධානය යොමු කරන ලදී.
1960 දී ඉලෙක්ට්‍රොනික් කර්මාන්තය ආරම්භ කරන ලද සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයක් සහිතව නව ඒකකයක් ලෙස සමාගමට ඇතුළත් විය.
සැම්සුන් ඉලෙක්ට්‍රෝනික ඒකකය සතුව ඉලෙක්ට්‍රෝනික උපාංග, සැම්සුන් Electro-Mechanics, සැම්සුන් Corning සහ සැම්සුන් Semiconductor & සහ විදුලි සංදේශ සහිත විය. 1970 දී දකුණු කොරියාවට අයත් සූවොන් (Suwon) හි සිය මූලික පහසුකම් සැම්සුන් විසින් තැනූ අතර ඔවුන් කළු හා සුදු රූපවාහිනී කට්ටල නිෂ්පාදනය කිරීමට පටන් ගත්හ.
1972 සහ 1979 අතරතුරේදී සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර විකිණීම ඇරඹූ අතර 1976 වන විට කළු සුදු රුපවාහිනී මිලියනයකටත් වඩා අලෙවි කරන ලදී.
1977 දී ඔවුන් වර්ණ රූපවාහිනිය අපනයනය කරන ලද අතර සැම්සුන් Construction, සැම්සුන් Fine Chemicals සහ සැම්සුන් Precision සමාගම (දැන් සැම්සුන් Techwin යනුවෙන් හැඳින්වේ).
1978 වන විට සැම්සුන් සමාගම මිලියන 4 ක කළු හා සුදු රූපවාහිනී කට්ටල විකුණා දමා 1980 ට පෙර මහාපරිමාණ ලෙස මයික්‍රෝවේව් උදුන් නිෂ්පාදනය ආරම්භ කළේය.
1980 සිට මේ දක්වා
1980 දී සැම්සුන්ග් විසින් Hanguk Jenja Tongsin මිලදී ගැනීමත් සමග විදුලි සංදේශ දෘඩාංග කර්මාන්තය ඇතුළත් විය. මේ හරහා මුලින්ම දුරකථන ස්ව්ට් පුවරු ගොඩනැගීම සිදු කල අතර පසුව සැම්සුන් දුරකථන සහ ෆැක්ස් පද්ධති වෙත ප්‍රසාරණය වූ අතර අවසානයේ ජංගම දුරකථන නිෂ්පාදනය වෙත මාරු විය.
1980 ගණන්වලදී ජංගම දුරකථන ව්‍යාපාරයක් සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමග ඒකාබද්ධ විය. ඒ හරහා විශාල ලෙස ජංගම දුරකථන පර්යේෂණ හා සංවර්ධනයන් සදහා යොමු විය.
මෙම කාලය තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් පෘතුගාලය, නිව් යෝර්ක්, ටෝකියෝ, එංගලන්තය සහ ටෙක්සාස්හි ඔස්ටින් දක්වා ව්‍යාප්ත විය.
1987 දී Lee Byung-chull මිය යාමත් සමඟම සැම්සුන්ග් සමූහය කොටස් 4ට වෙන්කරන ලදී. එනම්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඉංජිනේරු විද්‍යාව, ඉදි කිරීම් සහ උසස් තාක්ෂණ නිෂ්පාදන ආදි ලෙසයි. Shinsegae ගෲප්, CJ ගෲප් සහ Hansol සමූහය අතර සිල්ලර වෙළඳාම, ආහාර, රසායනික ද්‍රව්‍ය, සැපයුම්, විනෝදාස්වාදය, කඩදාසි සහ විදුලි සංදේශ යන වෙලදාම් බෙදී ගියේය. සැම්සුන් මෙලෙස 1990 දශකයේ පුරාවට ජාත්‍යන්තර සංස්ථාවක් ලෙස වර්ධනය විය.
මැලේසියාවේ Taipei 101, මැලේසියාවේ Petronas Towers එක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අර්ධ සැතපුම් උසකින් යුත් Burj Khalifa ටෝවෙර් වැනි ඉහළ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සැම්සුන් හි ඉදි කිරීම් අංශය මගින් සිදු විය.
සැම්සුන්ග්ස් ඉංජිනියරින් ඒකකය සතු සැම්සුන් Techwin මගින් ගුවන් යානා එන්ජින්, ගෑස් ටර්බයින නිෂ්පාදනය මෙන්ම බෝයිං සහ එයාර්බස් ගුවන් යානාවල ජෙට් එන්ජින්වල භාවිතා කරන අමතර කොටස් සැපයීමද සිදුකරන ලදී.
එසේම අනුබද්ධ සමාගම් දහයක් අලෙවි කිරීම හා අඩු කිරීම මගින් සමාගමේ නව ප්‍රතිසංවිධානයට සමගාමිව 1993 දී සැම්සුන් සමාගම කර්මාන්ත අංශ තුනකට ප්‍රධාන අවධානය යොමු කිරීමට පටන් ගත්තේය. ඒ ඉලෙක්ට්‍රොනික්, ඉංජිනේරු විද්‍යාව හා රසායන ද්‍රව්‍යය යන අංශ 3යි.
මෙම නවීකරණය සමග ඉලෙක්ට්‍රොනික අංශය කෙරේ වැඩි අවධානය යොමු කරමින්
සැම්සුන් LCD තාක්ෂණය භාවිතයට යොදා ගත්තේය.එහි ප්‍රතිපලයක් ලෙස 2005 වන විට ලෝකයේ විශාලතම LCD පුවරු නිෂ්පාදකයා බවට සම්සුන්ග් පත්විය.
සෝනි සමගම විසින් 2006 වසරේදී සැම්සුන්ග් සමග සහයෝගීතාවයට පැමිණෙමින් සමාගම් දෙක සඳහා LCD පුවරු සදහා ස්ථාවර සැපයුමක් ලබා ගැනීමට කටයුතු කළේය. මෙම හවුල්කාරිත්වය ආසන්න වශයෙන් 50-50 කට බෙදුණි.
සැම්සුන් සෝනි වලට වඩා එක කොටසක් වැඩිපුර ලබාගැනීම හරහා සම්පුර්ණ නිෂ්පාදන ගැන පාලනය ඔවුන් හරහා සිදුකරන ලදී. පසුව සැම්සුන්ග් සමාගම හවුල්කාරිත්වයේ සෝනි සතු කොටස් මිලදී ගෙන පූර්ණ පාලනය සියතට ගත්තේය.
අනාගතයේ දී සැම්සුන් හි අවධානය යොමු කරනුයේ ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික හා ජෛව ආරක්ෂණ නිෂ්පාදන ඇතුළු ප්‍රධාන ව්‍යාපාර පහක් මත ය.
ජෛව ඖෂධීය ආයෝජනයේ කොටසක් ලෙස, සැම්සුන් සමාගම Biogen සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් වී ඇති අතර, දකුණු කොරියාවෙහි තාක්ෂණික සංවර්ධනය සහ ජෛවීය නිෂ්පාදන ධාරිතාව සැපයීම සඳහා ඩොලර් මිලියන 255 ක ආයෝජනය කර ඇත.
2012 වසරේදී විශාලතම නිෂ්පාදකයා බවට සැම්සුන්ග් සමාගම ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ තවදුරටත් ව්‍යාප්ත වී ඇත. තවදුරටත් ප්‍රමුක නිෂ්පාදකයා ලෙස පවත්වාගෙන යාම සඳහා සිය Austin Texas semiconductor හි නිපදවීමේ කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 3-4 ක් අතර වෙන් කර ඇත.
සැම්සුන් 2014 සැප්තැම්බර් මාසයේදී Gear VR නිවේදනය කරන ලදී.
ගැලැක්සි නෝට් 4 සමග භාවිතා කිරීම සඳහා නිර්මාණය කරන ලද අතථ්‍ය යථාර්ථය (virtual reality device) උපාංගයකි.
එසේම 2014 දී සැම්සුන්ග් සමාගම වීදුරු නිෂ්පාදකයෙකු වන කොනින්ග් ඉන්කෝපරේෂන් (Corning Inc.) සමාගමට ෆයිබර් ඔප්ටික් විකිණීම ආරම්භ කරන බව ප්‍රකාශ කරන ලදී.
2015 වන විට සැම්සුන් අනෙක් සමාගම් වලට සාපේක්ෂව තවත් එක්සත් ජනපද පේටන්ට් බලපත්‍ර වැඩි ප්‍රමාණයක් අනුමත කරන ලදී. වසර අවසන් වීමට පෙර මෙලෙස උපයෝගීතා පේටන්ට් බලපත්‍ර 7,500 කට වඩා වැඩි ප්‍රමාණයකට අවසර ලබා දී ඇත.
සැම්සුන්ග් සමාගම විසින් 2016 දී Gear Fit 2 නම් යෝග්‍යතා ස්මාර්ට් ඔරලෝසුවක් නිකුත් කල අතර Gear Icon X ලෙස හදුන්වනු ලබන වයර් රහිත earbuds ද හදුන්වා දෙන ලදී.
වසර අවසන් වන විට Gear G3 ස්මර්ට් වොච් ද නිවේදනය කරන ලදී.
වර්තමානය වන විට නව්‍ය කරණයන් විශාල ප්‍රමාණයක් සහිතව වෙළදපලේ ඉහලම තරගකාරී නිමවුම් පෙළක් සම්සුන්ග් විසින් හදුන්වා දී තිබේ.
Gear Fit 2
Gear Icon X
Gear G3
Samsung ලාංඡනය කලින් කලට වෙනස් වී ඇති අයුරු

Last edited: