Tattoo කලාව කියන්නෙත් මේ වෙනකොට ඉවක් බවක් නැතිව ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා ගිය කලාවක්. දේශසීමා මායිම් වැටකඩුලු කිසිම දෙයක් ගාණකටවත් ගන්නෙ නැතිව ජාති ආගම් භේදයෙන් තොරව ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න ජනතාව වෙත සමීප වෙන්න මේ Tattoo කලාවට තියෙන්නේ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් කියලා කිව්වොත් ඒකේ ඇති වැරැද්දක් නෑ.
අද සාමාන්‍ය ජනතාවගේ ඉදන් ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ, ගායක ගායිකාවෝ, ක්‍රීඩකයන් අතරට පවා ගිය Tattoo කලාවට තියෙන්නේ ටිකක් එහාට ගියපු ඉතිහාසයක්. මේ අතරින් වෘත්තීයමය වශයෙන් ප්‍රථම Tattoo කලාව පවත්වාගෙන ගියාය කියලා සඳහන් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Martin Hildebrand විසින් කරනු ලැබූ Tattoo කලාවන් ආශ්රයෙනුයි. ජර්මන් ජාතිකයෙක් වුණු ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී තිබුණේ 1846 වර්ෂයේදීයි. 1861 - 1865 කාලසීමාව තුළදී ඔහු විසින් ඇමෙරිකානු සිවිල් යුද්ධයේ යෙදී සිටි දෙපිරිසේම සොල්දාදුවන්ගේ Tattoo නිර්මාණය කළ බවත් ඔහු සම්බන්ධයෙන් ඇති වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි එංගලන්තයේ Tattoo කලාව සම්බන්ධයෙන් ප්‍රථමවරට කරුණු දැක්වෙන්නේ 1870දී ලිවර්පූල් වරාය මුල් කරගෙනයි. ඒ වෙනකොටත් එංගලන්තයේ Tattoo නාවිකයන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබුණා. මේ කාලයේ අපරාධකරුවන් හා සිරකරුවන්ව ඔවුන්ගේ හඳුනා ගැනීමේ පහසුවට Tattoo භාවිත කළත් මේ කාලයේදීම සමාජයේ යම් කොටසක් විලාසිතාවක් විදියටත් මෙය භාවිත කරලා තියෙනවා.

ඒ අතරින් වැඩියෙන්ම මේ සඳහා යොමුවෙලා ඉඳලා තියෙන්නේ රාජකීය පවුල්වල අය හා සමාජයේ ඉහළ පන්ති වශයෙන් සැලකෙන්නා වූ පිරිසයි.
කොහොම වුණත් ඇමෙරිකාවේ Academy of Dermatology හි සඳහන් වෙන්නේ Tattooඵ වර්ග 5ක් තියෙනවා කියලයි. ඒ මෙන්න මේ විදියට

මේ විදියට වර්ග කරපු Tattoo ගැන කතා කරනකොට විශේෂයෙන් සඳහන් වෙන දෙයක් තමයි මේවා බොහෝ විට භාවිත කරලා තියෙන්නේ සිරකරුවන්ගේ අංක යොදා වෙන්කිරීමට කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි 1941දී Auschwitz සිරකඳවුරේ සිරකරුවන්ගේ අත්වල අංක යොදා තිබීම. ඒ අතර රෝම අධිරාජ්‍ය කාලයේදී රෝම සොල්දාදුවන් විසින්ද Tattoo භාවිත කළ බවක් සඳහන් වන අතරම එවක සටන් ශිල්පීන් මෙන්ම විදේශයන්වලින් ගෙන්වා ගනු ලැබූ කුලී හේවායන්ගේද යම් යම් වැකි කොටනු ලැබූ බවත් කියැවෙනවා. පිරිසකගේ නළලේ Stop Me, I am a runaway” යනුවෙන්ද කොටා තිබුණු බවත් සඳහන්.

Tattoo මේ විදියට විකාශය වෙනකොට 1970 දශකයේදී බටහිර රටවල් අතරේ මෙය විලාසිතා අතර ප්‍රධාන අංගයක් බවට පත්වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම බෙදිලා ගිහින් තියෙන්නේ ඒ ඒ අයගේ වයස් පරතරයන් විදියට. 2010 වසර වෙනකොට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 30ට අඩු පිරිසකගෙන් 25%ක්ම තමන්ගේ සිරුරේ පච්චයක් ගසා ගැනීමට පෙලඹිලා තියෙනවා.

ඉතිං 2010 අවුරුද්දෙදී ඕස්ට්‍රේලියාවේ තත්ත්වය එහෙම වෙනකොට 2014දී එංගලන්තයේ පච්ච කෙටීමේ ව්‍යාපාරය ඉහළ යමින් පවතිනවා කියලා තමයි කියන්නේ. ඒ අතරින් වයස අවුරුදු 20-25 අතර පිරිස් වැඩි වශයෙන් ඒ වෙත ඇදී ඒමක් දක්නට ලැබෙන අතර එංගලන්තයේ තිබුණු 300ක් විතර වුණු Tattoo Centre මේ වෙනකොට 1,500 දක්වාම ඉහළ ගොස් තිබෙනවා. මේ අතරින් වැඩි කොටසක් නීති විරෝධී ඒවා නිසා මෙය නීත්‍යනුකූල ව්‍යාපාරයක් කරලීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන ඒමටත් ප්‍රමිතියෙන් යුත් Tattoo Center ආරම්භ කිරීමත් ඔවුන්ගේ අභිලාෂය වෙලා තියෙනවා.
කරුණු කාරණා කොහොම වුණත් වෙනස් විදියකට ආරම්භ වුණු පච්ච කෙටීමේ කලාව මේ වෙනකොට විලාසිතා අතරට නැතිවම බැරි දෙයක් වෙලා තියෙනවා කියලා නම් කිසිම සැකයක් නැතිව ඕනෑම කෙනකුට කියන්න පුළුවන්.
ලිව්වේ Rajitha Basnayake ඉස්සුවේ මව්බිමෙන්
අද සාමාන්‍ය ජනතාවගේ ඉදන් ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ, ගායක ගායිකාවෝ, ක්‍රීඩකයන් අතරට පවා ගිය Tattoo කලාවට තියෙන්නේ ටිකක් එහාට ගියපු ඉතිහාසයක්. මේ අතරින් වෘත්තීයමය වශයෙන් ප්‍රථම Tattoo කලාව පවත්වාගෙන ගියාය කියලා සඳහන් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Martin Hildebrand විසින් කරනු ලැබූ Tattoo කලාවන් ආශ්රයෙනුයි. ජර්මන් ජාතිකයෙක් වුණු ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී තිබුණේ 1846 වර්ෂයේදීයි. 1861 - 1865 කාලසීමාව තුළදී ඔහු විසින් ඇමෙරිකානු සිවිල් යුද්ධයේ යෙදී සිටි දෙපිරිසේම සොල්දාදුවන්ගේ Tattoo නිර්මාණය කළ බවත් ඔහු සම්බන්ධයෙන් ඇති වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි එංගලන්තයේ Tattoo කලාව සම්බන්ධයෙන් ප්‍රථමවරට කරුණු දැක්වෙන්නේ 1870දී ලිවර්පූල් වරාය මුල් කරගෙනයි. ඒ වෙනකොටත් එංගලන්තයේ Tattoo නාවිකයන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබුණා. මේ කාලයේ අපරාධකරුවන් හා සිරකරුවන්ව ඔවුන්ගේ හඳුනා ගැනීමේ පහසුවට Tattoo භාවිත කළත් මේ කාලයේදීම සමාජයේ යම් කොටසක් විලාසිතාවක් විදියටත් මෙය භාවිත කරලා තියෙනවා.

කොහොම වුණත් ඇමෙරිකාවේ Academy of Dermatology හි සඳහන් වෙන්නේ Tattooඵ වර්ග 5ක් තියෙනවා කියලයි. ඒ මෙන්න මේ විදියට
- TraumaticTattoos
- Amateur Tattoos
- Professional Tattoos
- Cosmetic Tattoos
- Medical Tattoos

Last edited: