මෙම සංවාදයට එකතු වෙන්න මම පරක්කු ද කියලත් සිතෙනවා... නමුත් රොන් අයියත්, sri lion සහෝදරයත් කරලා තියෙන දීර්ඝ විස්තර කිරීම් කියවලා මගේ අදහසත් ඉදිරිපත් කරන්න ඕනේ කියලා සිතුනා...
පලමුවෙන්ම කියන්න ඕනේ මෙවර මැතිවරණයෙදි උතුරු නැගැනහිරෙන් ලද ප්‍රතිඵල වලින් එහි වෙසෙන බහුතර දෙමළ ජනතාවගේ සැබෑ මතය කොහෙත්ම කියාපාන්නෙ නැහැ කියන කාරණය. එහිදි සිදු වුනේ තනිකරම බොරු මවා පෑමක්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන ලදරුවන් වන් එම ජනතාවගෙ ඡන්ද අයිතිය ඔවුන්ටත් නොදැනෙන්න උදුරා ගත්තා. එම ඡන්ද මංකොල්ලය මෙහෙයවූවේ දෙමළ සංධානය.
යම් කෙනෙක් කියනවා නම් එම ජනතාව ඊළමක අවශ්‍යතාවය නිසා SF ට ඡන්දය භාවිතා කලා කියලා, මම එය පිළිගන්නේ නැහැ. ඔවුන් මහින්දව දැකලා නැහැ. ඔවුන් දැකලා තියෙන්නෙ ආමී කාරයන්ව. ඔවුන්ට සිංහල ජාතියෙන් පළි ගන්න ඕනෙ නම් ඔවුන් ඉස්සෙල්ලම පළි ගන්නෙ ආමී කාරයෙක් වෙච්චි SF ගෙන්.
ඕනෑම මනුස්සයෙක් ආසයි තමන්ගෙ කියලා රටක් තියෙනවානම්.. ඒකට ජාති බේදයක් නැහැ...
නමුත් ඕනෙම කෙනෙකුට එහෙම හිතෙන්න කලියෙන් හිතෙන්න ඕනේ තමන් ඉන්නෙ තමන්ගෙ රටක නෙවෙයි කියලා. අපේ සහෝර දෙමළ ජනතාවට එම හැගීම දුන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. අපේ සිංහල නායකයොමයි. ඉන් ප්‍රධානියා බණ්ඩාරනායක.. " සෙවළ බණ්ඩා"
ඊලගට කරළියට එන්නෙ එම ජනකොටස් වල ඒ හැගීම තම අවිය කරගත්තු උන්ගෙ නායකයෝ. උන් ඔක්කොටම වැඩිය අවස්ථාවාදියො.
දැන් ජාඩියට මූඩිය සෙට් උනා. 225 න් 114 ගන්න අපේ සිංහල නායකයෝ, බහුතරයෙ නායකයො, දෙගොල්ලන්ට දොළ පිදේනී දීගෙන තමන්ගෙ මඩිය තර කරගත්තා. ඒ අතර තුර ප්රභාකරන් ලෝකයම තුවක්කුවෙන් බය කරගෙන තමන්ගෙ "බිස්නස්" එක කරගෙන ගියා.
ඒත් අපි, සාමාන්‍යය මිනිස්සු එදත් සයිවර් කෑවා. අදත් කනවා. හෙටත් කනවා. දෙමළ සහෝදරවරු අපිත් එක්ක හරි හරියට ඔෆිස් වල වැඩ කරනවා.
අන්තිමට කියන්නෙ ඊළම කියන්නෙ සිහිනයක්.. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි.
නමුත් පොඩි අනතුරු ඇගවීමක් කරන්න කැමතියි. මුස්ලිම් වර්ගවාදය ගැන..