ගොඩක් දෙනෙක් හිතන්නෙ පරිණාමවාදයේ දි කියන්නෙ "මිනිස්සු වඳුරන්ගෙන් පරිනාමය වුනා" කියලයි.
“අපි පැවතගෙන එන්නෙ වඳුරන්ගෙන් නම්, තවම වඳුරො ඉන්නෙ කොහොමද?” වගේ ප්‍රශ්නත් සමහරු අහන්නෙ මේ වැරදි වැටහීම හින්දයි.
පරිණාමවාදය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ වානරයෙකුගෙ ඉඳලා හෝමෝ සේපියන් දක්වා රේඛීයව පෙළගස්වපු මේ වගේ පින්තූරයක් නෙ.
View attachment 163902
මේක සෑහෙන නොමග යවන සුලු පින්තූරයක්. මොකද පරිණාමය සිද්ධ වෙන්නෙ ඔහොම රේඛීයව නෙමෙයි.
අපි පරිනාමය වුනේ වඳුරන්ගෙනුත් නෙමෙයි.
අපි, ඒ කියන්නෙ හෝමෝ සේපියන් ල සහ අපිට අද දකින්න ලැබෙන වානරයෝ (චිම්පන්සි, ඔරං ඔටං, රිලවා, වඳුරා, ගෝරිල්ලා) හැමෝම පැවතගෙන එන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුනු එක් පොදු පූර්වජයෙකුගෙන්. මේ පූර්වජයා අද මේ ඉන්න වඳුරා කියන සතා නෙමෙයි. කෙටියෙන් කිව්වොත් වඳුරො කියන්නෙ අපේ ඥාති සහෝදරයෝ මිසක් මුතුන්මිත්තො නෙමෙයි.
තේරුනේ නැත්නම් මේ මේ වීඩියෝ එක බලන්න. හෑලි ලියන්න බෑ, උඹල කියවන්නෙත් නෑනෙ. (මගේ නෙමෙයි චැනල් එක)
මහත්වරුනි, ඔය poll එකටත් උත්තරයක් දාන්න. (your vote is public / can be changed)
good pointකවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට..![]()
![]()
පරිණාමය නිකං වෙන්නේ නෑනේ, පරිසරය තමයි පෙරහනක් විදියට වැඩ කරන්නේ. ආයෙම වඳුරු තත්වයට යන්න නම් අපිට බිම ඉන්න බැරි විලෝපිකයෙක් ඉන්න (සතුරු ස්පීශීස් එකක්) ඕනේ අපේ පොලොව මත දෙපයින් ඉන්න එක සීමා කරන, එහෙමත් නැත්නං පොලොව ආශ්‍රිතව වෙනත් අහිතකර තත්වයක් එන්නෙ ඕනේ. මිනිස්සු සම්බන්දයෙන් ඔහොම නොවුනට මැමේලියන් (ක්ෂීරපායින්) පිරිසක් නැවත මුහුදට ගියා. ඔය ඩොල්ෆින්, තල්මස්සු වගේ අය ගොඩ බිමින් ජලයට සංක්‍රමනය වූ ක්ෂීරපායි විශේෂ.කවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට..![]()
![]()