අපි පරිණාමය වුනේ වඳුරන්ගෙන් නම් තවමත් වඳුරෝ ඉන්නෙ කොහොමද?

ඔබ පරිණාමවාදය විශ්වාස කරනව ද?


  • Total voters
    174

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    ගොඩක් දෙනෙක් හිතන්නෙ පරිණාමවාදයේ දි කියන්නෙ "මිනිස්සු වඳුරන්ගෙන් පරිනාමය වුනා" කියලයි.

    අපි පැවතගෙන එන්නෙ වඳුරන්ගෙන් නම්, තවම වඳුරො ඉන්නෙ කොහොමද?” වගේ ප්‍රශ්නත් සමහරු අහන්නෙ මේ වැරදි වැටහීම හින්දයි. :dull:

    පරිණාමවාදය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ වානරයෙකුගෙ ඉඳලා හෝමෝ සේපියන් දක්වා රේඛීයව පෙළගස්වපු මේ වගේ පින්තූරයක් නෙ.

    View attachment 163902

    මේක සෑහෙන නොමග යවන සුලු පින්තූරයක්. මොකද පරිණාමය සිද්ධ වෙන්නෙ ඔහොම රේඛීයව නෙමෙයි. :no:

    අපි පරිනාමය වුනේ වඳුරන්ගෙනුත් නෙමෙයි. ;-)

    අපි, ඒ කියන්නෙ හෝමෝ සේපියන් ල සහ අපිට අද දකින්න ලැබෙන වානරයෝ (චිම්පන්සි, ඔරං ඔටං, රිලවා, වඳුරා, ගෝරිල්ලා) හැමෝම පැවතගෙන එන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුනු එක් පොදු පූර්වජයෙකුගෙන්. මේ පූර්වජයා අද මේ ඉන්න වඳුරා කියන සතා නෙමෙයි. කෙටියෙන් කිව්වොත් වඳුරො කියන්නෙ අපේ ඥාති සහෝදරයෝ මිසක් මුතුන්මිත්තො නෙමෙයි. :yes:

    තේරුනේ නැත්නම් මේ මේ වීඩියෝ එක බලන්න. හෑලි ලියන්න බෑ, උඹල කියවන්නෙත් නෑනෙ. (
    මගේ නෙමෙයි චැනල් එක)





    මහත්වරුනි, ඔය poll එකටත් උත්තරයක් දාන්න. (
    your vote is public / can be changed)

    පරිණාමය නෙමෙයි මිනිස්සු ඇති වෙන්න අදව් වුනේ වඳුරු විශේෂයක්...ඒලියන්ස්ලා තෝරා ගත්තේ ඒ විශේෂය මිනිස්සු කියන කොටස ඇති කරන්න...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    its a theory not a fact
    kbzplOh.jpeg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Theory of evolution can be proven when we find extraterrestrial life.
    In the past month Michio Kaku, Neil Tyson and USA military accepted that UFOs and UAPs exist and we have been observed and monitored for a long time.

    personally I think evolution is a strong theory.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ විද්‍යා අද්‍යාපනයේ තත්වය තමයි ඉතිං.. එම් එස් සී එකක් තියෙනව කියල උඩ පනින එකෙක් මේ ලඟදී කිව්වා නේ මේ ෆොරම් එකේ ලැජ්ජ නැතුව පියර් රිවිව් කොරන්නේ කලීග්ස්ලා කියලා 😂 😂 . ඕං ඕකයි ට්‍රැක්ලන්තේ තත්වේ එහෙනං!
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    කවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට.. :P :P
    maxresdefault.jpg
    good point
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    කවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට.. :P :P
    maxresdefault.jpg
    පරිණාමය නිකං වෙන්නේ නෑනේ, පරිසරය තමයි පෙරහනක් විදියට වැඩ කරන්නේ. ආයෙම වඳුරු තත්වයට යන්න නම් අපිට බිම ඉන්න බැරි විලෝපිකයෙක් ඉන්න (සතුරු ස්පීශීස් එකක්) ඕනේ අපේ පොලොව මත දෙපයින් ඉන්න එක සීමා කරන, එහෙමත් නැත්නං පොලොව ආශ්‍රිතව වෙනත් අහිතකර තත්වයක් එන්නෙ ඕනේ. මිනිස්සු සම්බන්දයෙන් ඔහොම නොවුනට මැමේලියන් (ක්ෂීරපායින්) පිරිසක් නැවත මුහුදට ගියා. ඔය ඩොල්ෆින්, තල්මස්සු වගේ අය ගොඩ බිමින් ජලයට සංක්‍රමනය වූ ක්ෂීරපායි විශේෂ.