අපි යන්නේ කොහෙටද? මීලඟට මොකක් වෙයි ද?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    සියලුම ආගමික සහ ජාතීන් එකතු වෙලා පාරට බහීවි. එතකොට රටේ නායකයා ට තියෙන ප්‍රෙශර් එක ඉස්සරහට තවත් වැඩි වෙයි. අනිකුත් රජයේ ආයතන රජයට විරුද්ද වෙයි. අන්තිමට හමුදාව පොලිසියත් ඒ අතරට එක් වෙයි. ගෝටාබය අයින් වේවි.

    මේ අතරෙ ඩොලර් එක 500ට වගේ නැගල තියේවි. රු.50,000/- ක් මාසෙට පඩි ගට්ත්ත කෙනා ඈත්තටම $100ට අඩු මාසික ආදායමක් ලබන කෙනෙක් වේවි. මද්‍යම පාන්තිකයා තවදුරටත් මද්‍යම පාන්තිකයෙක් නොවී තියේවි.


    ඊට පස්සේ?
    එක්කො කලින් දෙශපාලනය කරපු පක්ශයක්, හොරුන්ගෙන් සල්ලි අරන් ලන්කාව ගොඩ ගන්නවා වගේ සටන් පාඨ එක්ක එලියට ඇවිත් ආණ්ඩු පිහිටවයි. එහෙම උනොත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කලින් හොරුන්ගෙන් සල්ලි අරන් මේ ප්‍රශ්ණෙන් ඉක්මනට ගොඩ එන්න.
    අලුත් ආන්ඩුව බලයට පත් වේවි. IMF සහය ලෑබුනොත්, ඒ ගිවිසුමට අනුව වැඩ කරන්න ගියාම මිනිස්සු අළුත් රජය කෙරෙහි තියන විශ්වාශය ආයේ පළුදු වේවි. මහ පාරේ උද්ගෝශණ සුලබ වේවි. තෙල් පෝලිම්, ගෑස් පොලිම්, බෙහෙත් පෝලිම් සාමන්‍ය ජන ජීවිතයේ කොටසක් වේවි. දවසට කරන්ට් එක තියෙන පැය ගනන 0 ට ආසන්න වේව්. ඒ ආන්ඩුවටත් ඉක්මනටම ගෙදර යන්න වේවි.

    මෙහෙම නොවෙන්න මොනවද කරන්න ඕනේ.
    අර හොරාගෙ සල්ලි මම ආව ගමන් අරන් මේ ණය ගෙවලා මේ ප්‍රශ්ණ නැති කරනවා කියන නාකයකන්ට චන්දෙ නොදී ඉන ඕනේ. රටේ හරි තත්වේ පැහැදිලි කරලා රට හරි පාරට ගන්න පුළුවන් නායකත්වයකට රට භාර දෙන්න ඕනේ. ඒ නායකත්වය හොරු හොරා කාපු සල්ලි ආපහු ගේන අතරේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න ඕනා. මොකද හොරපාරේන් ලන්කාවට එන $ හරි පාරේන් ගේන්න පුළුවන් එතකොටයි. මොන තීරනේ ගත්තත් නව රජය විනිවිද භාවය අරක්ශා කරන්න ඕනේ. කකුලෙන් ඈදල බලේට එන්න හදන බලවේග වලට මහජනයාම සලකන්න ඕනේ.
    මේ විදිහට ආන්ඩුවක් හෑදුනත් බඩගින්න, දුප්පත්කම එක පාර අඩුවෙන්නේ නෑ. කාලයත් එක්ක මේක හරි යාවි. නැතිනම් අපිත් තව අවුරුද්දකින්, අද ලෙබනන් රට වගේ හිටීවි.

    පුලුවන් කට්ටිය, වෙනිසියුලාව, ග්‍රීසිය, ලෙබනන් වගේ රටවල් ගෑන හදාරන්න, පුලුවන් තරම් ඉවසන්න, මොකද හෑමෝම ඉන්නේ සෑහෙන්න ප්‍රෙශර් එකකින්.

    ප්‍රශ්ණය හරියට තෙරුම් ගත්ත කියන්නේ ඒකට 50%ක් විසඳුම් හොයාගත්තා කියන එකයි. රටේ මහ ජනයත් මේ වෙලාවේ හරි ප්‍රශ්ණෙ මොකද්ද කියලා තේරුම් ගත්ත නම් හැමොටම පහසු‍යි.


    2022 Q1 ඇපල් සමාගමේ ආදායම ඩොලර් බිලියන 34.6යි. ලන්කාවෙ මුලු නය ඩොලර් බිලියන 70 ටත් අඩුයි. ඉතින් මෙච්චර සම්පත් තියෙන රටේ අපිට අවශ්‍ය හරි නායකත්වය විතරයි.

    පල් හෑල්ලක් වෙන්න ඇති, විශ්ව විද්‍යාල කිහිපයක උපාදි 1+ හිමි අයේක් විදිහට මෙහෙන් යන එක නෙමෙයි, කොහොම හරි මේක ගොඩගන්න මට පුළුවන් විදිහට සහය දෙනවා. කවදාවත් හෑලි ලියන්නේ නෑ, ඒත් මේක ලිව්වේ නොලියා බැරිම තැන.

    ~රොමා~
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,158
    20,759
    113
    හස්තිශෛලපුර
    මෙහෙම නොවෙන්න මොනවද කරන්න ඕනේ.

    එක්කෝ ඊළම හරි ලගින් යන එකක් දෙන්න වෙනවා නැත්තම් නැගෙනහිර අරාබියට දෙන්න වෙනවා..
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මෙහෙම නොවෙන්න මොනවද කරන්න ඕනේ.

    එක්කෝ ඊළම හරි ලගින් යන එකක් දෙන්න වෙනවා නැත්තම් නැගෙනහිර අරාබියට දෙන්න වෙනවා..
    2022 Q1 ඇපල් සමාගමේ ආදායම ඩොලර් බිලියන 34.6යි. ලන්කාවෙ මුලු නය ඩොලර් බිලියන 70 ටත් අඩුයි. ඉතින් මෙච්චර සම්පත් තියෙන රටේ අපිට අවශ්‍ය හරි නායකත්වය විතරයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    • Haha
    Reactions: Hello90

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ ඇපල් තිය පැපොල් වත් නැහැ.
    ලංකාවට ඕනේ මාස 6 කින් ඩොලර් බිලියන 3 ක්.
    නැත්නම් බංකොලොත්

    2022 Q1 ඇපල් සමාගමේ ආදායම ඩොලර් බිලියන 34.6යි. ලන්කාවෙ මුලු නය ඩොලර් බිලියන 70 ටත් අඩුයි. ඉතින් මෙච්චර සම්පත් තියෙන රටේ අපිට අවශ්‍ය හරි නායකත්වය විතරයි.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ලංකාවේ ඇපල් තිය පැපොල් වත් නැහැ.
    ලංකාවට ඕනේ මාස 6 කින් ඩොලර් බිලියන 3 ක්.
    නැත්නම් බංකොලොත්
    ඒක තමා බන් කිව්වේ. හරි එක කම්පැනි ටිකක් තිබ්බා නම් ලන්කාවම ගොඩ ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: magix