අපි රට බේරගත්තා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මූ මේ වග කීමෙන් තොරව වැඩකරන්න එපා කියන්නේ අපිට වෙන්න ඇති

    මේවට පස්සෙන් තමා හිනා යන්නේ



    යකෝ වගකීමෙන් තොරව වැඩ කරලා තියෙන්නේ තොපි නේ ගස් ලබ්බෝ


    එක්කෝ තොපි චන්දෙට කලින් කොරෝන ඉවරයි කියල බොරුවක් කළා නැත්තම් පිටරට එවුන්ට නිරෝධායනය නොවී රට ඇතුලේ ගාමන්ට් වලට යන්න දුන්න

    මේ දෙකෙන් එකක් නෙවෙයි නම් ඉතින් කොරෝනා අහසින් පාත් වෙලා වෙන්න ඕනි



    කොරෝනාවට ලෝකයම යටවෙද්දී අපි රට බේරගත්තා… මැතිවරණයේ රැස්වීම්වත් කලේ නෑ..
    October 18, 2020 at 1:20 pm | lanka C news
    කොරෝනාවට ලෝකයම යටවෙද්දී අපි රට බේරගත්තා… මැතිවරණයේ රැස්වීම්වත් කලේ නෑ..

    රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    මුළු ලෝකයේම රටවල් වහගෙන යනකොට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්, P.H.I. මහත්වරුන් මහා දැවැන්ත සේවයක් කරලා තමයි අපේ රට ආරක්ෂා කර ගත්තේ. අපි පිළිගන්න ඕනි අවම මරණ සංඛ්‍යාවක්. ඊළඟට අපිට මතකයි දැන් විපක්ෂයෙන් යම් යම් චෝදනා කරනවා ආණ්ඩුව මේක හරියට කළේ නැහැ කියලා. ජනතාව ආරක්ෂා කළේ නැහැ, කොවිඩ් නැහැ වගේ රටේ රජයේ නායකයා කටයුතු කළේ. රැස්වීම් තිබ්බා. ජනතාව එකතු කෙරුවා. මේ ගැන කිසිම හැඟීමක් කෙරුවේ නැහැ, කියන චෝදනාව තමයි. මේවා අලුත් කතන්දර නොවේ. මේ කතන්දර පහුගිය මාස හයේ ම ඇහුවා.

    අපි මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණයේ පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. ජනතාව රැස් කරන්න, මහා රැස්වීම් තියන්න ඉඩ දුන්නේ නැහැ. එතකොට විපක්ෂය කිව්වේ කොවිඩ් එක හරහා ඡන්දය කරන්න හදනවා. මේක නිසා ජනතාව ඡන්දය දෙන්න යන්නේ නැහැ. මේ නිසා විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැත්නම් covid එක පාලනය කරගන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වේ නැත්නම් පනත් සම්මත කරගන්න බැරිවෙනවා. ඒ නිසා covid එක පාලනය කරගන්න බැරි වෙනවා. කොවිඩ් එක පාලනය කරගන්න මුදල් අවශ්‍ය වෙනවා. මුදල් නැතිව මේක කරන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. ඔවුන් බල කෙරුවා විතරක් නෙවෙයි උසාවිත් ගිහින් තමයි නතර වුණේ.

    අන්තිමට විශාල ප්‍රතිශතයක් ඡන්දය ලබා දීලා කවදාවත් 2/3 ගන්න බෑ කිව්ව ජේ ආර් ජයවර්ධන මහත්තයා හදපු මැතිවරණ ක්‍රමය හරහා 2/3 ජයග්‍රහණයක් රජය ලබාගත්තා. ඒ විශ්වාසය මං හිතන්නේ කෝවිඩ් එක පාලනය කරපු නිසා තමයි විජයග්‍රහණයක් ලබා ගන්න ජනතාවට දැඩිව විශ්වාස ආවෙ. මේ රටේ ජනතාව කල්පනා කෙරුවා ජනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිමත් රජයක් හදලා දෙන්න ඕනි කියලා. විපක්ෂය එදා බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාව රකින්න නෙවෙයි. විපක්ෂය බලාපොරොත්තු වුණේ කෝවිඩ් එක හරහා අපේ රටේ මිනිස්සු මැරෙයි කියලා. මැරෙන ගාන ගනන් කරන්න හිටියේ. එක් අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් කෙරුවා ඉස්සෙල්ලාම covid එකෙන් එක්කෙනෙක් මැරුනා. අණ්ඩුව හංගගෙන ඉන්නේ කියලා. ඒ නිසා ජන ජීවිතත් එක්ක විපක්ෂය වගකීමක් නැහැ. ඒ ජන ජීවිත බිල්ලට දෙන්න කැමති විපක්ෂයක් අද ඉන්නේ. අපේ ආණ්ඩුව එහෙම නොවෙයි.

    දැන් විපක්ෂයේ මොනවද කියන්නේ. ආපහු රට වහන්න ඕනි කියලා. ඇයි? මේ බලන්නේ එක පැත්තකින් බලනවා කොවිඩ් එක හැදිල මිනිස්සු මැරෙන්න ඕනි කියලා. අනිත් පැත්තෙන් බලන්නේ රට වහලා කොහොම හරි ආර්ථිකය වට්ටන්න. මේක තමයි ඔවුන්ගේ තිබෙන එකම පරමාර්ථය. ඔවුන් මේ සද්භාවයෙන් රටේ ජනතාව ගැන බලන විපක්ෂයක් නොවේ අද තියෙන්නේ. විපක්ෂයත් එහෙමයි. විපක්ෂ නායකතුමා එහෙමයි. විපක්ෂ නායකතුමා ෆේස්බුක් එකේ ගිහින් live ගිහින් කිව්වා බෙහෙතක් ගන්න කියලා. Donald Trump වගේ. මතකයිනේ ප්ලැකනිල්.

    ඒ නිසා වගකීමකින් තොරව වැඩ කරන්න හොඳ නැහැ. මේ වෙලාවෙදි අපි දන්නවා අපේ ජනතාව ආරක්ෂා කරන්න ඕනි කියලා. මොකක්ද ඔවුන්ගේ ගෙනාපු පළවෙනි චෝදනාව. කෝ රට විරුවෝ. ඡන්දය ගන්න විතරයි ගෙනාවේ. දැන් එන්න දෙන්නේ නැහැ. ගෙන්වන්න කියලා බල කෙරුවා. රට විරුවෝ කියලා සැලකුවා ඡන්ද කාලේ. දැන් රට ඉන්න අය ගේන්න දෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. ආණ්ඩුවට බල කෙරුවා ගේන්න කියලා. ජනාධිපතිතුමා හැම වෙලාවෙම කිව්වේ අපි මේක පරිස්සමින් කරන්න ඕනි කියලා. හැම වෙලාවෙම විපක්ෂය බැලුවේ දේශපාලන වාසි ගන්න. පිට රට ඉන්න මිනිස්සුන් වෙනුවෙන් පෙනී ඉඳලා දේශපාලන වාසි ගන්න. ඒ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ත්‍රිවිධ හමුදාවේ, අපේ රාජ්‍ය නිලධාරීන්ගේ තියන කැපවීම, ගෝඨාභය ජනාධිපතිතුමාගේ තියෙන ස්ථිර අධිෂ්ඨානය, අගමැතිතුමාගේ හා ජනාධිපතිතුමාගේ තියන සුසංයෝගය, ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපි කිසිසේත්ම මේ රටේ ජනතාව අමාරුවෙ වැටෙන කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඉතාමත් වගකීමෙන් කියනවා අපි මේ රටේ ජනතාව ආරක්ෂා කරනවා. ජීවිත අවදානම පවා නොතකා රජය, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා. දැන් ප්‍රචාරය කරනවා මුළු රටම දැන් වහන්න ඕනි කියලා. හැමතැනම Covid ආසාදිතයින් ඉන්නවා කියලා ප්‍රචාරය කරනවා. හැබැයි ඉතාමත්ම උපක්‍රමශීලීව මේ තීන්දු තීරණ රජයක් හැටියට රාජ්‍යය නිලධාරීනුත් එකතු කරගෙන නිවැරදිව තීන්දු තීරණ ගන්නවා.

    අමාත්‍යවරයා මේ අදහස් පල කලේ බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මාධ්‍ය ඒකකය
    මහාමාර්ග අමාත්‍යාංශය

    මේක කියවල කාලේ නාස්ති කරගන්න එපා බං


     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    එළ. ඊළඟට ජේ.වී.පී. එකටද අපි චන්දෙ දෙන්න ඕන?
    ඔව් මචං අනිවාර්යෙන්ම. වෙනසක් කරමු නේද? මේ පාර අපි අනිවාර්යෙන් ජේවීපී එකට ඡන්දෙ දීලා බලමු.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔව් මචං අනිවාර්යෙන්ම. වෙනසක් කරමු නේද? මේ පාර අපි අනිවාර්යෙන් ජේවීපී එකට ඡන්දෙ දීලා බලමු.
    උඹලට තාම 25ක් වත් නැත්තම් ලබන චන්දෙ එනකොට මේ රටින් ගිහිල්ල වෙන රටක සතුටින් ජීවත් වෙන විදියක් කල්පනා කරපල්ලා.
    එක එකාට චන්දෙ දෙන එක ගැන අයිත් හිතන්න එපා



    මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    අද (18) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ. ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ." යනුවෙනි.

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක
    October 18, 2020 at 9:20 am | lanka C news
    බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

    කොරෝනා වෛරසය සමාජගත වන්නේ ද නැද්ද යන්න තීරණය වන තීරණාත්මක සාධකය වන්නේ මහ ජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

    මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන හේතුව මහජනතාවගේ අනාරක්ෂිත කිරීම බවද ඔහු පැවසීය.

    බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවේ ඇති වූ ලොකුම පොකුර වීමට එක් හේතුවක් වන්නේද ‍සාමාන්‍ය ජනතාවට අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම බවද ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය අංශ විසින් කොතරම් උපදෙස් දුන්න ද තමන් ආරක්ෂා විය යුතු බවට ජනතාව තුළ මතයක් නොතිබූ බවද ඔහු පෙන්වා දෙයි.

    ජනතාව තවදුරටත් වගකීමකින් තොරව කටයුතු කළහොත් කොරෝනා සමාජගත වී ඇතැයි ඉදිරියේදී නිවේදනය කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.

    තොතරම් නීති ගෙනාවා ද වෛරසය පාලනය කිරීමට ජනතා සහාය අත්‍යවශ්‍ය බවද කියා සිටි ඔහු එනිසා සියලු දෙනාම අනිවාර්යෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද පැවසුවේය.
     
    • Haha
    Reactions: Mohowk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,972
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොන්ඩගේ මළමිනිය වටේ යැව්ව විදියට තේරුනා සෑර් යන ගමන.

    අය්යයි මල්ලියි අතේ නං විධායක බලතල තියෙන්නේ ඇයි මේ අඳෝනා.....අයියා මල්ලිගේ වල්ලෙං අදිනවද? ෆොනිල් හිටංගේ ඇද්දා වගේ🤣👻
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    job ekata kela wei kiyala muth ara shawendra silva wage boru kelinna patan aran.
    muta methane benala wedak nethi nisa, mama mukuth nokiya innam
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බ්‍රෑන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින් කියලා කියනවා.
    සමහර බ්‍රෑන්ඩික්ස් ළමයි අසනීප වුනාම මෑනේජ්මන්ට් එකෙන් ගණන් අරන් නෑ. සමහර විට කොවිඩ් රට තුල නෑ කියලා හිතපු හින්දා වෙන්න පුලුවන්

    සමහර ළමයි දොස්තරලා හම්බ වෙලා බෙහෙත් අරන්. ඒ දොස්තරලත් මේ ළමයින්ට කොවිඩ් කියලා සෑක කරලා නෑ. සමහර විට කොවිඩ් රට තුල නෑ කියලා හිතපු හින්දා වෙන්න පුලුවන්

    අර දොස්තර මහත්තයෙක් කට කෑඩෙනකම් කිව්වා පොත් ප්‍රදර්ශනයට යන්න එපා අවදානම් කියලා. ඒත් අපි ගියා. සමහර විට කොවිඩ් රට තුල නෑ කියලා හිතපු හින්දා වෙන්න පුලුවන්

    දෑන් සුත්තිගේ පුතාලගෙන් අහන්න තියෙන්නේ තොපි මිනිස්සුන්ට බනින්නේ තොපි නිකන්වත් මිනිස්සුන්ට දෑනෙන්න ඈරියාද කොවිඩ් අවධානමක් තියෙනවා කියලා? චන්දෙට රට පුරා රෑස්වීම් තිබ්බා, පෙලපාලි ගියා, තොණ්ඩාව රට වටේ අරන් ගියා, ටීවී චෑනල් පට්ට ආතල් ෂෝ තිබ්බා. තොපි පොත් ප්‍රදර්ශනෙත් තියන්න දුන්නා. ලොක්කෝ මාස්ක් නෑතිව මිනිස්සු එක්ක ගෑවසෙනවා ටීවී වල පෙන්නුවා.

    මේ ඔක්කොම කොරලා එනවා මිනිස්සුන්ට ලබ්බක් කියන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකෙක්ට හරි චන්දෙ දෙනකම් මුන්ට නින්ද යන්නෙ නෑ වගේ. ඇයි බන් ඔහොම වෙන්නෙ
    කාටවත් චන්දෙ දෙන්න ඕනි නෑ
    තව අවුරුදු දෙක තුනකින් යන්න රටක් හොයා ගනිල්ලා