ad එකක් නම් නෙවෙයි. Real footages.
මේක ටෙරාලා ඉන්න area එක ඇතුලට ගිහිපු LRRP team එකක් rescue කරගෙන යන එකක්. සමහරු දාල තිබ්බා මේක Lt Col Lalith Jayasingheගේ team එක ගන්න එක කියල, bt මං එකෙත් video දැක්කා, මේ ඒක නෙවෙයි මතක විදිහට. එකේ heli එක ඇතුලේ තව කට්ටිය හිටියා.
Ado LRP kiyanne 8 man team neda? supiri game deela tiyenne. meya gena tibba post ekak dekka. ratata Naya neti minissu.
'අමරන් විනාශ කල ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ'
ලුතිනන් කර්නල් ගංගෙයි අමරන් නොහොත් තංගෙයි අමරන් කියන්නේ මුහුදු කොටි බලකායේ දෙවැනියා. මුහුදු කොටින්ගේ කිමිදුම් බලකායේ.. නිර්මාතෘ. " ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවුක බලය මුහුද මැදදී මුහුදු කොටි යාත්‍රා මගින් පරාජය කිරීමට තමාට හැකියි " මුහුදු කොටි නායක සුසෙයි උදම් අනද්දී.. ඊට අබියෝග කරමින් ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරමින් " නාවික හමුදාවේ.. නාවුක බලය මුහුද මැදට පැමිණීමට පෙර වරාය තුලම පරාජයට පත්කල හැකියි " යන්න ඔප්පු කරමින් අමරන් විසින් මරාගෙන මැරෙන කිමිදුම් බලකාය නිර්මාණය කර අවස්ථා කිහිපයකදී.. ත්‍රීකුණාමලය , කන්කසන්තුරේ.. වරායන් තුල නැංගුරම්ලා.. තිබූ.. නාවික හමුදා නැවි කිහිපයක් වරාය තුලට දිය යටින් කිමිදී.. වරාය තුලදීම දිය යට පිපිරීම් ඇතිකර .. වරාය තුලදීම එම නැව් ගිල්වා දැමීමට සමත් විය.
රිවිරැස මෙහෙයුමෙන් යාපනය අහිමිව වන්නියට පසු බැස ගිය කොටි ත්‍රස්ථවාදීන් 1995 වසරේ.. සිට 2000 වසර දක්වා කාලය තුල පූණරින් සිට යාපනය කලපුව හරහා පිහිනා විත් යාපනය නගරයට ඇතුළු වී එල්ල කල ප්‍රහාර සියල්ල සැලසුම් කොට ඊට නායකත්වය දුන්නේ.. අමරන් විසිනි.
2000 වසරේ.. මැද බාගයේදී .. ලුතිතන් ලලිත් ජයසිංහ ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් යුද හමුදා විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලකායට අයත් කුඩා කණ්ඩායමක් වව්නියාව කල්මඩු ප්‍රදේශයෙන් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වී 95 KM - 100 KM පමණ දුරක් කොටි පාලන ප්‍රදේශයේ අබ්‍යන්තරයට කිදාබැස කිලිනොච්චිය කොටි බලකොටුවට රිංගා අක්කරායන්කුලම් - කොකාවිල් මාර්ගයේ රැක සිට පහරදීමකට සූදානම් විය. කොටි සංවිධානයේ මහවිරු දිනයක් ව තිබූ.. එදින.. මුහුදු කොටි නියෝජ්‍ය නායක ගංගෙයි අමරන් ටොයොටා වර්ගයේ.. ඩබල් කැබ් රථයකින් ආරක්ෂකයින් සමග පරිවාර යතුරුපැදි දෙකකට මැදිව පූණරින් සිට ඉරණමඩු දක්වා ගමන් ගත් අතර ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ ඇතුළු කුඩා කණ්ඩායම එම කැබ් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ වැලක් පුපුරුවා හැරි අතර එම ප්‍රහාරයෙන් කැබ් රථය ගිණිගෙන අළු වී.. අමරන් ඇතුළු කොටි ආරක්ෂකයින් හය කගේ.. අවසානයද සනිටුහන් කිරීමට සමත්විය . ගංගෙයි අමරන් එදින ප්‍රබාකරන් මුණගැසී.. පූණරින් සිට යාපනය කලපුව හරහා ගොස් යාපනය යලි අත්පත් කර ගැනීමේ සිය සැලසුම ඉදිරිපත් කිරීමට යාමේදී .. මෙම ප්‍රහාරයට ලක්වී.. තිබිණ. අමරන් ගේ.. මිය යාමෙන් පසු කොටින් ගේ.. කිමිදුම් බලකාය " ගංගෙයි අමරන් දිය යට කිමිදුම් බලකාය " ලෙස නම්කිරීමට ප්‍රබාකරන් කටයුතු කලහ .
යුද හමුදා ඉතිහාසයේ දිගුදුර විහිදුම් බලකායක් වැඩිම දුරක් කොටි පාලන ප්‍රදේශයට රිංගා එල්ල කල දිගුදුර විහිදුම් ප්‍රහාරය මෙය වන අතර කොටින්ගේ රැක වල් මග හැර දින 18 පසු නැවත ලුතිතන් ලලිත් ජයසිංහ ඇතුළු කණ්ඩායම නැතුව වව්නියාව කල්මඩු ප්‍රදේශයෙන් හමුදා පාලන ප්‍රදේශයට පැමිණියහ.
එම ක්‍රියාන්විතයෙන් පසුවද මේජර් ලලිත් ජයසිංහ තවත් එවැනිම දිගුදුර ක්‍රියාන්විත රැසකට නායකත්වය දුන්හ. නෙඩුංකේණි , ඔඩ්ඩුසුඩාන් , කොටි බලකොටු හරහා 75KM ක් පමණ ගොස් පුදුකුඩීඉරිප්පු සීමාවේ ප්‍රබාකරන් ගේ.. අදිආරක්ෂිත කලාපයට ඇතුළුවී ඔඩ්ඩුසුඩාන් - පුදුකුඩීඉරිප්පු මාර්ගයේ ප්‍රබාකරන් සිටි නිවසට යන කුඩා අඩිපාරට හැරෙන හන්දියේදී ( හිටපු කොටි නායිකා තමිලනී කියූ පරිදි ) රථ පෙලකට මැදිව LTTE ගුවන් කොටි බලකායේ නිර්මාතෘ කර්නල් ශංකර් රැගත් මොන්ටිරෝ වර්ගයේ රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ගුවන් කොටි නායකත්වය කොටි පාලන ප්‍රදේශය තුලදීම විනාශ කිරීමට සමත් විය. ඊට අමතරව කොටි බුද්දි අංශ දෙවැනියා චාල්ස් හා.. තුමනුම් , අරුල් වැනි කොටි නායකයින් කොටි පාලන ප්‍රදේශය තුලම ගාතනය කිරීමට මේජර් ලලිත් ජයසිංහ සමත්විය.
2008 වසරේ නොවැම්බර් මාසයේදී තවත් එවැනිම ක්‍රියාන්විතයකට කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වී සිය ඉලක්කය සපුරාගෙන නැවත පැමිණෙමින් සිටියදී .. අතර මග දී.. කොටි ත්‍රස්තවාදීන් හා.. සිදුවූ.. සටනකදී.. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී.. සිය ප්‍රාණ වායුව අවසන් සුසුම් පොද මව් බිමේ.. උත්තරීතර නිදහස වෙනුවෙන් වාතලයට මුසුකලහ. ඔහු අවසන් ක්‍රියාන්විතයට සහබාගී වන විට ඔහුගේ බිරිඳ නව මස් ගැබිණියක් විය. සිය කුළුදුල් දරුවාගේ.. මුහුණවත් දැක ගැනීමට වාසනාවක් ඔහුට නොවීය. අවසන් ක්‍රියාන්විතයට යාමට පෙර ඔහු සිය මගුල් මුදුව ගලවා කදවුරේ..තවත් සෙබලෙකුට බාරදී තිබුණේ ..නැවත නොඑන ගමනක් බව කල් තියාම දැනගෙන උන් සෙයකි.
සිනමාපට,ගී පද රචනා නොලියා වුණත් අපේ රටේ තවමත් යුද ඉතිහාසය තුල දකින්නට අසන්නට සහ වැළලී ගිය මෙවැනි වූ කතා දස දහස් ගනනින් ත්‍රිවිධ හමුදාව තුල පවතී.
ඉදින් ඔහු නික්ම ගොස් 16 වසරකි . තම දරුවාගේ මුහුණවත් නොදැක. මව්බිමේ උපදින්නට සිටින සියලු දරුවන් වෙනුවෙන් ජීවිතය අත් හල විරුවාණෙනි, ඔබට නිවන්සුව !
නිමේෂ් රංජන්
Upeka nirmani ge song ekak thibuna mara lassanai.
ow, ekath lassana sinduwak. "api wenuwen api"
