අපි ශී‍්‍ර ලාංකිකයෝ , "We are sri lankans ","நாம் இலங்கையா;&a

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අපි ශී‍්‍ර ලාංකිකයෝ , "We are sri lankans ","நாம் இலங்கையா;&a

අපි ශී‍්‍ර ලාංකිකයෝ , "We are sri lankans ","நாம் இலங்கையா;" විශේෂාංග ලිපි 2010 මාර්තු 17 වෙනි බදාදා, 09:26
manik_fams.jpg
ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව යුද්ධය අවසන් වීමෙන් අවසන් නොවූ බව විශ්වාස කරන බව පවසන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තිස් වසරක යුද්ධය නිසා බිඳුනු සබඳතා ඇති සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට එකතු කිරීමේ අරමුණින් "අපි ශ‍්‍රී ලාංකිකයෝ"
නම් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිකුත් කරල ලද ලියයි මේ.

ශී‍්‍ර ලංකාවේ දශක තුනක් පැවති යුද්ධය මීට මාස කිහිපයකට කළින් අවසන් විය. නමුත් ලංකාවේ ජාතික ගැටළුව කිසිසේත්ම අවසන්ව නැත. ශී‍්‍ර ලංකාවේ ජාතික ගැටළුව යනු ඉතිහාසය තුළ අහම්බයක් නොවේ. ඓතිහාසික වරද්දා ගැනීම් ගණනාවක හා අතපසුවීම් ගණනාවක අනිවාර්ය හා තර්කානුකූල ප‍්‍රතිඵලයකි.

ප‍්‍රධානතම සාධකය "අසමානතාවයයි"බුදුන් වහන්සේ, ක‍්‍රිස්තුස් වහන්සේ හා නබි නායකතුමාත් ඇතුලූ ආගමික ශ‍්‍රාස්තෘවරයන් පවා තමන්ගේ ආගමික දර්ශනයන්ගේ ප‍්‍රමුඛ ප‍්‍රතිපත්තියක් කොට ගත්තකි, "සමානාත්මතාවය."එසේම මානව අයිතිවාසිකම් පිළිබද සැලකූ කල්හිද සමානාත්මතාවයට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12වන වගන්තිය මගින් ජනතාවගේ සමානාත්මතාවයේ අයිතිය තදබල ලෙස තහවුරු කිරීමටදී යමෙකුගේ එය උල්ලංඝනය වුවහොත් නීතියේ පිළසරණ සඳහා ප‍්‍රතිපාදනද ඇත. එසේම 1976 ජයග‍්‍රහණය කළ ඇමරිකානු නිදහස් සටන පැන නැගුනේද වහල්භාවයට හෙවත් අසමානතාවයට එරෙහිවය. අවසානයේ සම්මත කරගත් ඇමරිකානු නිදහස් ප‍්‍රකාශනයේ මූළික හරය වූයේද "සියලූ මනුෂ්‍යයන් සමානය"යන මූලධර්මය හෙවත් සමානාත්මතාවය යි.

මේ නිසා සාමය සඳහා සමානාත්මතාවය අත්‍යවශ්‍යය. යහපාලනය සඳහා සමානාත්මතාවය අත්‍යවශ්‍යය. එය නොමැති වූ කල්හි අරගල, ගැටුම් පැනනැගීම අනිවාර්යකි. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි ප‍්‍රත්‍යක්ෂ කරුණකි.

ලංකාවේ ජාතික ගැටලූවේ මූලය වන්නේ ලාංකීය ජාතිය ගොඩ නොනැගීමයි. ලංකාවේ වසර 100කට වැඩි කාලයක අප රට යටත්කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් මූලිකවම ලංකාවේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජාතීන් අතර අසමානතාවයක් ඇතිවන අයුරින් කටයුතු කරන ලදී. එසේම 1948 ලද ඊනියා නිදහසෙන් පසුවද අප රටේ පසුගාමී නායකයින් විසින්ද එම ජාතිභේදය ඒ අයුරින්ම පවත්වාගෙන යන ලදී.

විශේෂයෙන් 1956 "සිංහල භාෂාව පමණක්"රාජ්‍ය භාෂාව කිරීමද, වතුකරයේ වසර සිය ගණනක් වහලූන් සේ වැඩ කළ දෙමළ කම්කරුවන්ගේ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය අහෝසි කිරීමද දෙමළ ජනතාවට මරු පහරක් විය. එසේම ඇතැම් දෙමළ මන්ත‍්‍රීන්ද ආණ්ඩුවේ වරදාන ඉදිරිපිට මෙකී තීරණ සඳහා දෙමළ ජනතාව පාවා දෙන ලදී. එසේම දෙමළ නායකයින්ද සිංහල දේශපාලන නායකයින්ට නොදෙවෙනිව තම ඡන්ද පදනම රැකගැනීම උදෙසා තරගයට මෙන් ජාතිවාදය වපුරන ලදී.

එසේම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළදී ද "ප‍්‍රමිතිකරණය"හඳුන්වා දෙමින් උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීම ජාතිකත්ව පදනමට අනුව සිදු කිරීමට උත්සාහ කරන ලදී.මේ නිසා දෙමළ ජනතාවට තම ජාතිකත්වය නිසා අසාධාරණයකට ලක්වීමට සිදු විය. අධික ලෙස සූරා කෑමට ලක්වන සිංහල දෙමළ මුස්ලිම් සියලූ පොදු ජනතාව පොදුවේ මුහුණ දෙන පීඩාවට අමතරව උක්ත ක‍්‍රියාමාර්ග හේතු කොට ගෙන දමිළ ජනතාව තම "ජාතිකත්වය"නිසාද පීඩාවට පත් වන ලදී.

එසේම 1983 දී එවකට පැවති රජයේ දේශපාලන උවමනා වෙනුවෙන් ඇති කරන ලද කළු ජූලිය මෙම ගමනේ සන්දිස්ථානයක් විය. ජාතිවාදී කෝලාහලවලදි දෙමල ජනතාවට පහර දී පන්නා දමන ලදී. ඔවුන්ගේ දේපල මංකොල්ල කෑමද සිදුවිය. මෙකී අසමානත්වය හෙවත් ජාතික පීඩනයේ ඊළඟ ප්‍රතිඵලය වූයේ "බෙදුම්වාදයයි."එනම් අයිතිවාසිකම් ලබා ගැනීමට නම් බෙදී වෙන්වී යා යුතුය යන මතයයි. සමාජය තුළ නිර්මාණය වී තිබූ මෙකී ඉඩකඩ තුල LTTE ය නැමති සන්නද්ධ සංවිධානය බිහි විය. එතැන් සිට බෙදුම්වාදී යුද්ධයක් ආරම්භ විය.

මේ නිසා LTTE ය බිහිවූයේද, යුද්ධයක් ආරම්භ වූයේද උක්ත වැරදි දේශපාලන හා සමාජීය ගමන්මග හේතුකොටගෙන බැව් අප අවබෝධ කොට ගත යුතුය. එසේම මෙවැනි සංකීර්ණ දේශපාලන යථාර්තයක් තුළ ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් පැරදවීමෙන් බෙදුම්වාදය හෝ ගැටළුව සම්පුර්ණයෙන් අවසන් වේ යැයි සිතිය නොහැක. නමුත් අප රටේ බොහෝ මාධ්‍යද දේශපාලඥයින්ද ප‍්‍රභාකරන් මියගිය පසු ගැටළුව සහමුලින්ම අවසන් වී සියලූ දෝශ නිවාරණය වූ කේතුමතී රාජ්‍ය බිහි වූවා යැයි සිතා කිරිබත් කෑහ.

සැබෑ ගැටළුව තවමත් එහි ඇරඹුමේම ය. දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණයත් එසේමය. ඔවුන්ට සමාන අයිතිවාසිකම් හා සාධාරණ අවස්ථා ලැබීම තහවුරු වී නොමැත. ජීවිත පරිත්‍යාගයෙන් සටන්කරන සාමාජිකයන් LTTE යට තැනිමට හැකි වූයේ නිකම්ම නොවේ. තම දරු ගැබට යටින් බෝම්බ පේලියක් බැඳගෙන සිංහල මිනිසුන් අතරට පැන එම දරු ගැබ සී සී කඩ යන සේ පුපුරවාගත හැකි මනසක් සහිත මරාගෙන මැරෙන බෝම්බකාරියන් තැනීමට හැකි වූයේ ආශ්චර්යයන් මගින් නොවේ.

දෙමළ ජනතාව මුහුණ දුන් සැබෑ ප‍්‍රශ්නයක් විය. ඒවා පිළිබඳ විසඳුමක් ගැන සලකුණක්වත් නොමැතිව ජාතික ප‍්‍රශ්නය විසදුවා යැයි සිතීම උන්මත්තක ක‍්‍රියාවකි.

අනෙක් අතට මෙකී ඊනියා විසඳුම තුළ අද දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය කෙබඳුද?

යුද්ධය අවසන්වී මාස ගනනක් ගතවී ඇතත් තවමත් ලක්ෂ ගනණක් ජනතාව අවතැන් කඳවුරුවලය.

යලි පදිංචි කිරීම් සිදු කරන බවට ආණ්ඩුව පැවසූවත් එය මුලාවකි. කඳවුරුවලින් රැගෙන විත් ඔවුන්ව A9 මාර්ගය දෙපස කූඩාරම්වලට ගාල් කොට ඇත.

ලක්ෂ ගණනක් ජනතාවගේ සෞඛ්‍ය, පෝෂණය, නිවාස, රැකියා ඇතුළු සාමාන්‍ය ජීවිතය මුලූමනින්ම බිඳ වැටී ඇත. උතුරු නැගෙනහිර අවතැන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහමුලින්ම නැවතී ඇත.

මේ අයුරින් අතිශය දුක්ඛිත හා ඛේදජනක තත්වයකට අපගේ සහෝදර දෙමළ ජනතාවගේ ජීවිතය පත්වීමට ඉඩ හැර ඇති අතරම අනික් පසින් ඔවුන්ව තව තවතත් තලා පෙලා දමන කි‍්‍රයාමාර්ග ගනනාවකට ආණ්ඩුව අවතීරණ වී සිටී