අපි හිතන්නත් කලින් අපි දවසක දිනනවා...... 🌸🖤

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කන්න ආස කෑම ජාති ලගින් යද්දි
    පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා
    ඒ දිහා බල බල කෙල ගිල ගිල
    යන කාලයක් තියෙන්නැති
    තාම තියෙනවා ඇති......

    Three wheel එකක යන්න තරම්
    කකුල් රිදෙද්දි මහ වැස්සෙදිත්
    රෑ තිස්සෙදිත් එහෙම නොයා
    ඒ 100,200 හෙට බස් එකේ යන්න
    ඉතුරැ කරපු කාලයක් තියෙන් ඇති
    තාම තියෙනවා ඇති......

    සතෙන් සතේ පොතේ ඉතුරැ වෙද්දි
    ඒ සතේට කෝටි ගානක හීන ඔයා
    දකින්නැති තාමත් දකිනවා ඇති
    Wedding එකක් ආවම අලුත් ඇදුමක්
    ලස්සනටම ඇදලා යන්න
    හිත බල කරද්දි යාළුවෙක්ගෙන්
    ඉල්ලන් ඇදන් ගිය වෙලාවල්
    හරි කලින් ඇදපු පරණ
    එකක් ඔහේ ඇදන් ගියපු
    වෙලාවල් හරි අනන්තවත්
    ඔයාට තියෙන්නැති
    තාමත් තියෙනවා ඇති.....

    ලස්සනම සපත්තු,
    branded ඇදුම් දකිද්දි ඔයා
    ඒ දිහාවත් නොබලා අම්මට බෙහෙත්,
    ගෙදරට බඩු,නංගිලට පොත්
    අරන් ගිය කෙනෙක් වෙන්නැති
    තාමත් කරනවා ඇති......
    ජීවිතේ ඔයාගෙ හීන
    පපුව ඇතුලෙම අගුළු දාලා
    ඔයා අනිත් අය වෙනුවෙන්
    හීන දකින කෙනෙක් වෙන්නැති.....

    දැන් ඔයාට ඔයාගෙ හීන මතකවත්
    නැතුවැති ඉතින් ජීවිතේ අමාරැ ඇති.....

    සමහරැ අවුරැදු 20,21 න් luxury life
    ගෙවද්දි අවුරැදු 26 ත් පැනලා
    තාම ඔයාට ඔයාගෙ හීන
    වලට යන්න බැරිවෙන්නැති....
    ඒකට කමන් නැ......
    දන්නවද ජීවිතේ හරියන්නෝනා
    කෝටිපති පුතාලට නෙවෙයි....
    උන්ට BMW එකක් ගේන්න
    හිතුනොත් උන් හෙට ඒක ගේනවා...

    ඉතින් ජීවිතේ ගොඩයන්නෝනා
    රැ 100 ගානෙ එකතු කරල
    ජීවිතේ දිනන්න හදන ,
    හීන දකින උබටමයි......
    ඉතින් අත අරින්නෙපා
    ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න
    මහ ලොකු කාලයක් යන්නැ.....

    කට්ට කගෙන ,සාධාරණව හම්බ කරන්, තමුන්ගේම හයියෙන් ජිවිතේ දිනලාම පෙන්නපං..අන්න එදාට මේ ලෝකෙටම ඇහෙන්න උබටත් කියන්න ලස්සන කථාවක් තියෙයි...

    ( උපුටා ගැනිමකි )
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Amo Ebuse Loku Cer, Himidiri Udayema Haallak Aran Awilla Wagay!

    Amo-Amo-Cer.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    "කට්ට කගෙන ,සාධාරණව හම්බ කරන්, තමුන්ගේම හයියෙන් ජිවිතේ දිනලාම පෙන්නපං..අන්න එදාට මේ ලෝකෙටම ඇහෙන්න උබටත් කියන්න ලස්සන කථාවක් තියෙයි... "


    *දවසක කිරි වාසීන්ටත් ඇහෙයි ඒක. :cool:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,511
    113
    "කට්ට කගෙන ,සාධාරණව හම්බ කරන්, තමුන්ගේම හයියෙන් ජිවිතේ දිනලාම පෙන්නපං..අන්න එදාට මේ ලෝකෙටම ඇහෙන්න උබටත් කියන්න ලස්සන කථාවක් තියෙයි... "


    *දවසක කිරි වාසීන්ටත් ඇහෙයි ඒක. :cool:
    අන්න එදාට තමා ඌ ඩිප්‍රෙස් වෙලා මැරිල යන්නෙ.
     
    • Haha
    Reactions: Erzo and NushenD