2010 දි උසස් පෙළ කරද්දි ඊටත් වඩා ලොකූම ආසාවක් තිබුනෙ ප්‍රඩක්ශන් එකක් කරන්න. ඒ ගැන ඉගෙන ගන්න. ඒ නිසාමයි ආදරයෙන් නිර්මානාවේෂයක් අරගෙන සින්දුවක් ලියල මියුසික් කරල කියල ස්ක්‍රිප්ට් ලියල ශූට් කරගෙන එඩිට් කරගෙන එලකිරි.කොම් එකට එන්නෙ ඒක අන්තර්ජාලයට එකතු කරන්න කියල.
දැන් අවුරුදු 15ක් ගෙවිල ගිහිල්ලා. පෞද්ගලිකව අඳුනන යහළුවො කිහිප දෙනෙක් එක්ක තවත් හුඟ දෙනෙක්ව අඳුනගන්න. කතා කරන්න. ඉගෙන ගන්න, රණ්ඩු කරන්න, ඒකෙනුත් තව දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුනා. කියල අකවුන්ට් එකකින් ඉස්සර අවුරුදු කීපයක් උපන්දිනයට සුභ පැතුම් ඇවිල්ල තියෙනවා. උඹ කවුරු වුණත් පින් සිද්ධ වෙනවා මිත්‍රයා. උඹටත් සතුටු වෙන්න අවස්ථා ජීවිතේදි ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
කාලයක් තිස්සෙ එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න සිදු වුණා. සජීවී සම්බන්ධතා ගොඩාක් දුරට අඩු වෙච්ච දිග කාලයක් ගෙවෙද්දි කිරියෙ හුඟාක් දෙනා යාලුවෙක්ට වගේ සැලකුවා. ඒ වෙනුවෙන් මම ණය ගැතී. සතුටුයි කියන්න, මටත් මම බලාපොරොත්තු වුණ ජීවිතයට යන්න කාලය ඇවිල්ලා. ඉතින් මම නොකියම යන එක මට ගැළපෙන්නෙ නැහැ. ඒක ණයක් ඉතිරි කරගත්ත වගේ දෙයක්. මම ස්තූති කරන්නම ඕන ඒ හැම දෙයකටම එලකිරියට.
මගෙ අතින් කාගෙහරි හිත රිදෙන දෙයක් කියවුණා නම් සමාවෙන්න කියල මම ඉල්ලනවා. මෝඩ කමට හරි පණ්ඩිතකමට හරි ගොන් කතාවක් කියල කාගෙහරි හිතේ ආවේගයක් ඇති කෙරෙව්ව නං සමාවෙන්න කියල ඉල්ලනවා හැමෝගෙන්ම. සමහර අයගෙ විහිලු අහල මූඩ් එකම මාරම විදියට පොසිටිව් වුන දවස් තියෙනවා. මම කිරියෙ අපේ වුන්ගෙ විහිලු පෙන්නල අපේ කිරියෙ නැති වුන් එක්කත් හිනා වෙලා තියෙනවා. වුනුත් උඹලට ස්තූති කරනවා. මොකද හිත රිදුනු තැන් වලදි මිනිස්සු ගොඩාක් අපෙන් ඈත් වෙනවා. ඒත් ඒ වෙලාවට අපිට සපෝර්ට් එකක් වෙන මිනිස්සු කියන්නෙ ඒ හරි උසස් උතුම් මිනිස්සු.
මම ඔයාලගෙ ජීවිතේ හැම මොහොතක්ම හරිම සතුටුදායක මාරම පොසිටිව් වෙන්න කියල ප්‍රාර්ථනය කරන්නෙ නෑ. හැබැයි වැටිල ඉන්නෙ කියල දැනෙන වෙලාවට ඉක්මණින්ම ඒ තත්වෙන් ගොඩ එන්න මාර්ගයක්, එලියක් ඔයාලගෙ ජීවිතේට වැටෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා. මගෙ ජීවිතේට කිරිය අන්න එහෙම එලියක් වුණාට, ඔයාල එහෙම එලි කළාට බොහොම පින්.

අපේ කිරියේ ලස්සන විවාහ ජීවිතයක් බලාපොරොත්තුවෙන් හීන දකින හැම සහෝදරයෙක්ටමත් හුරුබුහුටි ක්‍රිස්මස් ජින්ගල් බෙල් එකක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා
ජය