අපි හිත හදාගමු
ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID 19 වසංගතය හමුවේ ආතතිය කළමනාකරණය කර ගැනීම පිළිබඳ උපදෙස් පත්‍රිකාව ඇසුරිනි
(ප්‍රදීප් චන්දන ගුණරත්න)
COVID 19 වසංගතය හමුවේ ආතතිය කළමනාකරණය කර ගැනීම...
01. දුකට පත්වීම, ආතතිය, අවිනිශ්චිත බව, බිය සහ කෝපය ඇති වීම මෙවැනි ආපදා තත්ත්ව වල දී දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි.
02. ඔබගේ සමීපතමයන් සමග කාලය ගත කිරීම සහ ඔබේ හැඟීම් නො සඟවා ඔබට විශ්වාසවන්ත අයකු සමග කතා කිරීම ඔබට සහනදායී හැඟීමක් ඇති කරනු ඇත.
03. නිරෝධායන අවශ්‍යතා හෝ නිවාඩු හේතුවෙන් ඔබට නිවසේ ගත කිරීමට සිදු වී ඇත්නම් සෞඛ්‍යවත් ජීවන රටාවක් ගත කිරීමට උනන්දු වන්න.
- ප්‍රමාණවත් සුදුසු ආහාර වේලක්
- ප්‍රමාණවත් නින්ද
- ව්‍යායාම
04. යහපත් සමාජ සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්න. (පවුලේ අය සමග මුහුණට මුහුණ සහ දුරස්ථ අය සමග ඊමේල්, දුරකථන හෝ සමාජ මාධ්‍ය වැනි මාධ්‍ය ඔස්සේ)
05. ඔබේ හැඟීම් සමග ගනුදෙනු කිරීම පහසු වනු පිණිස මත්ද්‍රව්‍ය, ඇල්කොහොල් හෝ දුම්වැටි භාවිතා නොකරන්න.
06. ඔබ කලබලයට පත්ව සිටී නම් සෞඛ්‍ය වෘත්තිකයකු හෝ උපදේශකවරයකුට කතා කරන්න.
07. විශ්වාසදායක තොරතුරු ආශ්‍රයෙන් ඔබට ඇති අවදානම ගැන නිවැරදි තක්සේරුවක් ලබා ගන්න. එවිට ඔබට සුදුසු ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කල හැකිය.
08. කායික හෝ මානසික සෞඛ්‍ය අවශ්‍යතාවයකදී ඔබ ක්‍රියාත්මක වන ආකාරය උපකාර ලබාගන්නා ආකාරය කලින් සැලසුම් කරන්න.
09. ඔබ සහ ඔබ පවුලේ සාමාජිකයන් අපහසුතාවට පත් කරන තොරතුරු වලට සවන් දීමට සහ නැරඹීමට ගත කරන කාලය සීමා කිරීම මගින් දුකට සහ කලබලයට පත් වීම අඩු කරන්න.
10. ඔබ අතීතයේ දී මෙවැනි අවිනිශ්චිත අවස්ථා කළමනාකරණය කර ගැනීමට භාවිතා කල යහපත් කුසලතා මොනවා දැයි සොයා බලන්න. එම කුසලතා මේ අවස්ථාවේ දී ඔබගේ හැඟීම් කළමනාකරණය කර ගැනීමට භාවිතා කල හැකි දැයි උත්සාහ කර බලන්න.
-.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID 19 වසංගතය හමුවේ ආතතිය කළමනාකරණය කර ගැනීම පිළිබඳ උපදෙස් පත්‍රිකාව ඇසුරිනි