අපේ රටේ තියෙන නාස්තිකාර වියදම්වල තරමට සරල උදාහරණ 5 ක්

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com


    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    රටේ වෙන නාස්ති ගැන අපිට ඇහෙන ලක්ෂ කෝටි මිලියන බිලියන ගණන්වල තරම ගැන අපි ගොඩක් දෙනෙක්ට හැඟීමක් නෑනෙ. ඉතින් ඒ ගැන කාටත් තේරෙන දේවල්වලින් පැහැදිලි කරන වීඩියෝ එකක් මේ. බලන්න අකමැති අයට මෙතන සාරාංශයත් දානවා.

    රට ගොඩ ගන්න නම් වියදම් කපන්න අවශ්‍ය බව රනිල් කිව්වානෙ. මේකෙන් වියදම් කපන්න තැන්වලට හොඳ අදහස් ටිකකුත් ගන්න පුළුවන්. 😊

    අංක 1. නෙළුම් කුළුණට නාස්ති කරපු ඩොලර් මිලියන 200 න් තරු පහේ සංචාරක හෝටල් 5 ක්, විශ්ව විද්‍යාල 5 ක් හෝ මෙගා වොට් 150 ක සුළං බලාගාරයක් හදන්න තිබුණා.

    අංක 2. පාර්ලිමේන්තුවට යන වර්තන වියදම ගව පට්ටියක් නඩත්තුවට යෙදෙව්වා නම් රටේ මිනිස්සු කෝටි දෙකටම ලීටර් 15 ගාණෙ (සාමාන්‍ය තත්ත්ව යටතේ වාර්ෂික පිටි කිරි පරිභෝජනය) දෙන්න පුළුවන්.

    අංක 3. රනිල් කරා වගේ ජනාධිපතියි, අනිත් ඇමැතිලයිත් තමන්ගෙ වියදම් භාගයකින් කපා දැම්මා නම් ලක්ෂ 8 ක් විතර වෙන වැඩි වියට පත් වුණු පාසල් දැරියන්ට අවශ්‍ය පෑඩ් නොමිලේම දෙන්න පුළුවන්.

    අංක 4. මධ්‍යම රජයෙන්ම කරන්න පුළුවන් වැඩ ටිකෙන් කෑල්ලක් කරන පළාත් සභා නඩත්තුවට යන වියදම සමස්ත පොහොර සහනාධාරය වගේ 5/6 ක්. ඕක දෙන්න බැරි කමට තමයි බොරු කාබනික බයිලාවක් ගහලා කන්න බොන්න බැරි ‍තත්වයක් ඇති කරේ. පළාත් සභා වියදම අවුරුද්දකට වී මිලට ගන්න ගාණ වගේ 1.5 ගුණයකුත් වෙනවා.

    අංක 5. ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක එකාගෙ ඥාති මිත්‍රයො වෙනුවට ගුවන් සේවයක් මෙහෙයවන්න පුළුවන් එවුන් ටිකක් පත් කරා නම් භාණ්ඩාගාරයෙන් පොම්ප කරන්න වෙන සල්ලිවලින් අවුරුදු දෙකකට ඇති වෙන්න ගෑස් ගේන්න පුළුවන්. මේ ලාභ සත පහක්වත් නැතිව පාඩු නොවී තිබුණා නම්.

    මේ ගැන ඉලක්කම්, ගණන් මිනුම් එක්ක ලස්සන කටහඬකින් විස්තරාත්මක පැහැදිලි කිරීමක් බලන්න. මිලියන බිලියන ලක්ෂ කෝටි ගණන්වලින් අහපු නාස්තිවල ඇත්තම ප්‍රමාණය හරියටම තේරුම් ගන්න. 👇👇

    එහෙනම් තවත් දවසක හමු වෙමු.

     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    282666416_5196027070447382_3815014377554666803_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාස්තිකාර Dildo කුළුණට බනින්න එපා. බයියොන්ට ඒක පිටිපස්සට වැටෙන විදියට සෙල්ෆි ගහන්න තමයි අප්පච්චි බොහොම අමාරුවෙන් ණය වෙලා හැදුවේ. බලපන් එක කොච්චර ලස්සන dildo එකක්ද කියලා? උඹලා කුහක කමට කියන කථා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ජනාධිපති කියන තනතුර අයින් කරන්න ඕනෙ...
    ජනාධිපතිවරණය තියන්න යන සෘජු සහ වක්‍ර වියදම ගත්තත් තනිකරම නාස්තියක්...
    ජනාධිපති නඩත්තු කරන්න යන වියදමත් නාස්තියක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    මේක නං හරි කතාවක් නෙවෙයි බන් මට හිතෙන විදියට.

    1. ණය ප්‍රතිව්‍යුහගත කරනව කියන එක ණය ගත්ත රටේ නීතියටත් අදාලව කරනව ඇත්තේ. ඒ රටේ නීතිය ගැන experts ලා ලංකාවෙ නැහැනෙ.

    2. අනික හිටියත් හොර දේශපාලුවෝ උන්ට ඒක කරන්න දෙන්නෙ නෑ. ඒක රටේ ඉගෙන ගත්ත එකාගෙ වරදක් නෙවෙයි.
     
    • Like
    Reactions: ElaBaba and Sabren