IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    https://www.facebook.com/share/p/1Cy9P31sEX/

    IMG-20251130-171006-1.jpg


    ගං වතුර එන එක, නාය යන එක අහන්නත් දෙයක්ද?

    මිලි මීටර් අහවල් ගාණක් කිව්වම එ‍් වැස්සෙන් අ‍ැත්තටම වැටෙන වතුර ප්‍රමාණය ගැන එක පාරටම ඔලුවට යන්නෙ නැත්තම් මේ සූත්‍රය මතක තියා ගන්න පුළුවන්. වැස්ස මිලි මීටර් කියන්නෙ හරියටම වර්ග මීටරයකට වැටෙන ලීටර් ගාණ.

    වෙනත් විදිහකට ගත්තොත් වතුර බහින්නෙම නැතිව එකතු කරොත් ඕනෑම භූමි ප්‍රමාණයක පිරෙන වතුර ප්‍රමාණය. සාමාන්‍යයෙන් මිලි මීටර් 500 කියන්නෙ මීටර් බාගයක් නිසා අඩි 6 ක් විතර උඩ කෙනෙක්ගෙ දණහිස ගාවට හෝ ඊට ටිකක් උඩින් වගේ වතුර ප්‍රමාණයක්.

    මේ දාල තියෙන්නෙ සාමාන්‍යයෙන් අපි දන්න වපසරි කීපයක් ගත්තාම 500mm වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය. ගං වතුර එන එක පුදුමයක් නෑ නේද? ලෝකෙ ලොකුම ගංගාව හෙවත් අ‍ැමේසන් ගංගාව සම්පූර්ණ විනාඩියක් පුරාවටම, සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 20 ක් විතර වෙන අපේ රටේ නගර සභා බල ප්‍රදේශයකට හරවලා තිබ්බා කියල හිතා ගත්තාම හරි. 🫣

    මේ ගණනයන්වලට මූලාශ්‍ර public ම තියෙනවා. අ‍ැමේසන් ගංගාව තත්පරයකට මුහුදට මුදා හරින සාමාන්‍ය වතුර ප්‍රමාණය ලීටර් මිලියන 190 ක් වගේ. කැළණි ගඟයි, මහවැලි ගඟයි දෙකම ගංවතුර නැතිව, සාමාන්‍යයෙන් average දවසක තත්පරයකට මුහුදට මුදා හරින වතුර ප්‍රමාණය ලීටර් ලක්ෂ 4 ක් විතර වගේ. කැළණිය අලුත් පාලම ගාවින් කෙළින්ම ඉස්සරහට යනකොට දකුණු අත පැත්තෙන් ටොන් 3000 තෙල් ටැංකි ගොඩක් පේන්නම තියෙනවා.

    තෙල් ගේන ටයර් 10 හෝ 14 ලොකු බවුසර්වල ධාරිතාව සාමාන්‍යයෙන් ලීටර් 19,600 යි. එ‍්වා 13 ක් විතර සාමාන්‍ය ඉඩමකට හැලුවා වගේ. ලීටර් 1000 ටැංකි නම් හැමෝගෙම ගෙවල්වලත් අ‍ැතිනෙ. එ‍්වා 60 ක් වර්ග අඩි 1300 ක සාමාන්‍ය ගෙදරක වහළයට හැලුවා වගේ.

    සොබාදහමත් එක්ක බැලුවාම අපි කොච්චර චූටිද කියල හිතා ගන්න මේක හොඳ අවස්ථාවක්.

    P. S. ලක්ෂ්මන් මහාචාර්යතුමා මේ ගැන දාල තිබ්බ post එකක තිබ්බ comment දැකලයි මේ පැහැදිලි කිරීම කරන්න හිතුණෙ.

    #Rain #Srilanka #Dithwa #Cyclone #Flood
     

    Similar threads