අපේඑකනළලේතිබුනානම්කොහොමතියෙයිද?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපේඑකනළලේතිබුනානම්කොහොමතියෙයිද?


    අපේ එක නළලේ තිබුනානම් කොහොම තියෙයිද?






    211037_110434772372831_1851610_n.jpg
    18+ අය විතරයි හොදේ.හිතෙනවා ඇති නේද දිලීප දැන් හොදටම වල් වැදිලා කියල.අනේ එහෙම නැ මම ඉස්සර වගේම තාමත් හොදයි.:P :P .මේක උනේ අපේ චයිනිස් ක්ලාස් එකේදී.මේකට ඉතින් කොලබ පැත්තේ ගොඩක් ප්‍රසිද්ද බාලිකා පාසලුයි බාලක පාසලුයි තමා එන්නේ.ඉතින් අපේ සෙට් එකෙන් මම විතරයි චයිනිස් කරන්නේ. ඒක නිසා සෙට් එකේම මම විතරයි මේ ක්ලාස් එකේ හිටියේ.දන්නවනේ අපේ සෙට් එක.දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න.ඒ උනාට මට මේ ක්ලාස් එකේ සෙට් එකක් හිටියා.මරු පිස්සෝ සෙට් එක.ජේ ජේ,ලින්,සකු සහ සැන් වන මම.ඔන්න අපි 4 දෙන තමා ක්ලාස් එක රන් කරේ.මොකද ක්ලාස් එකේ 20 ක් හිටියට අනිත් සේරම කෙල්ලෝ.කොහොමද ආතල් එක කියල හිත ගන්නකො.මරු ෆන් තමා ගන්නේ.මොකද වටේටම කෙල්ලොනේ හොදට බයිට් කරන්න පුළුවන්.අපහු බනිනවා ඇති නේ වල් කොල්ල කියල නැ නැ මම එහෙම නැ දෙවියනේ. :(
    හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේක උනේ අපේ ලින්ට තමා.අපේ ක්ලාස් එකට අවා අලුතෙන් කෙල්ලෙක් මෙකි පට්ට ඔලුවෙන් ඉන්නේ.ඔලුවෙන් කියන්නේ පට්ටම ඔලුවෙන්(හිටගෙන නෙවෙයි) ඉතින් මෙකි (මෙකි කියන්නේ ආදරේට හොදේ) ගණන් ගන්නේ ඒකිගේ ඉස්කෝලේ එකිලව විතරයි.ඉතින් අපිට පට්ට මල.අලුතෙන් ක්ලාස් එකට ඇවිල්ල ඔලුව දානකොට කොහොමද කියල තේරෙනවා ඇතිනේ අපි 4 දෙනා ඉවසන්නේ.ඉවසුව සති දෙකක්ම..ම්හ්ම් හරියන්නෙම නැ.අපිව ගණන් ගන්නෙම නැ.මේ වෙනකොට අනිත් කෙල්ලන්ටත් මේක තේරිලා තිබුනේ.උනුත් ඉතින් ලොකු කම දාගෙන හිටියා.එත් අපිට බැනේ කිච වෙන්න. ලින්ට අම්බානකට මල මේකට.මු බනින්නමයි හදන්නේ.අපි කිව්වා හිටපන් දෙමු ලස්සන ගේමක් කියල.ඉතින් එදා ක්ලාස් දවසේ අපි රත්තරන් කුඩුයි නිල් කුඩුයි අරගෙන ගියා ඕකිට ගහන්න කියල.ඔන්න ඉතින් අපි එයාගේ පිටිපස්සෙන් ගිහිල්ල ගේම දෙන්න තමා සෙට් වෙලා හිටියේ.එත් අපේ ලින්ට ඕනි වෙලා තිබුන දෙයක් අහන්න.ලින් කිව්වා මම අහලමයි ඕකිට කුඩු ගහන්නේ කියල (රත්තරන් කුඩු හොදේ)
    ඔන්න අපි ඒකිගේ පිටිපස්සට ගියා.ලින් කතා කරා.
    "මේ මේ"
    "ඇයි මොකෝ"
    "ඔයාගේ ඔච්චර ගණන් ඔයාගේ එක නළලේ නිසාද?"පස්සේ මු අපේ දිහා බලල හීනියට කින්ඩි හිනාවක් දැම්මා
    මෙන්න බොලේ අරකි මුණ දිහා බලාගෙන හිටියා කන්න වගේ.පස්සේ මෙකි කියපි
    " අපේ නලලේනම් අතින් හරි වහගෙන යන්න තිබුන,තමුසෙලගෙ නළලේ තිබුනානම් ගණ දෙවියෝ වගේ ඉදි නේද"කියල
    මමනම් ඒ වෙලාවේම එතනින් ආව.අපේ ජේ ජේයි සකුවයි බඩවල් අල්ලගෙන හිනා වෙනවා ලින් දිහා බලාගෙන.ඒ වෙලාවේ ලින්ගේ මුනේ ලස්සන තමා මරුවට පෙනුනේ.මරු කියන්නේ මරේ මරු.මටනම් දැනුත් හිනා යනවා.
    ඉතින් හිතල බලන්න අපි නොහිතන දේවල් ගැන කෙල්ලෝ හිතන විදිහ.අනේ මගෙන් මේ ගැණු ළමයාගේ ඉස්කෝලේ ගැනනම් අහන්න එපා.මම එකනම් කියන්නේ නැ මැරුවත්.මාරම වැඩේ කියන්නේ සකුව දැන් ඒකි එක්ක යාළුවෙලා ඉන්නේ.දැන් සකුවගේ නම සකු නෙවෙයි "ගණ දෙවියෝ"
    ඔන්න ඔහොමයි කෙල්ලෝ හිතන්නේ අපේ ඒවා ගැන.ලැජ්ජයි නේ?


    බ්ලෝගයකින් උපුටා ගත්තකි ... ස්තතියි
    http://dileepas.blogspot.com/2011/05/blog-post_30.html
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked::shocked:පට්ට මචන්. කෙල්ලගෙ කටනම් මරු. තරහ නැතුව කෙල්ලගේ ස්කොලෙ කියපන්කො. ආසයි බන් ඒ වගේ කෙල්ලෙක්ගෙන් බැනුමක් හරි අහන්න. කියන්න බැරිනම් පී එම් හරි කරපන්කො.:shocked::shocked::shocked::shocked: