අපේ අලි බබෙක් ජපානයේ උපදියි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ අලි බබෙක් ජපානයේ උපදියි

    2007 වසරෙදී මෙරටින් ජපානයට ලබාදුන් අනුලා සහ කෝසල යන අලින්ට දාව අලි පැටවෙක් ජපානයේ ටොකියෝ හි හිගෂියාමා සත්වොද්‍යානයේදි උපත ලබයි.
    මෙම අලි පැටවා එම සත්වොද්‍යානයේ උපත ලද ප්‍රථම ආසියානු අලි පැටවා වන අතර ජපානයේදී උපත ලද 6වන ආසියානු අලි පැටවා ද වෙයි.

    408519_571280052905106_167325922_n.jpg


    542294_571280106238434_242308977_n.jpg


    පින්නවල අලි අනාථාගාරයෙන් 2007 වසරේදි අනුලා සහ කොසල ජපානයට තිළින කෙරුණේ ශ්‍රීලංකා ජපාන මිත්‍රත්ව සබදතාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

    මේ අතර ජපාන ශ්‍රීලංකා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයේ 60 වන සංවත්සරයද යෙදී තිබුනේ පසුගිය වසරටයි.

    එම සංවත්සරයද සමරමින් ජපන් රජය නව අලිපැටවා උපත ලද හිගෂියාමා සත්වොද්‍යානයේ විශේෂ උත්සවයක් පැවැත්වු බව ජපාන තානාපති කාර්යාලය කියයි.