අපේ ආණ්ඩුවට පව් අනේ!

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අපේ ආණ්ඩුවට පව් අනේ!

    බලන්නකො ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එන්න එන්නම කට්ටිය වලිකන හැටි. ඒ ගමන යූ ඇන් පී පෙළපාලියකට කවුදෝ ගහල. මේව නම් හැබෑ ම කුමන්ත්‍රණ. අපි කියන්නෙ අපේ ආණ්ඩුව මේ විදිහට දේශපාලන වශයෙන් ඝාතනය කරන්න එපා කියලයි. බලන්න කොච්චර පව් ද? මෙච්චර අහිංසක ආණ්ඩුවකටවත් මේ අසමජ්ජාති මිනිසුන් ඉන්න දෙන්නෙ නැති හැටි.

    සමහරු හිතන්නෙ මේව ඉතින් ආණ්ඩුවෙන් කරන වැඩ කියල. මෙච්චර සවුත්තුවෙල ඉන්න යූඇන්පීයට ගහන්න ආණ්ඩුවට ඕන කමක් තියෙයි කියල ඇත්තටම හිතන්න පුලුවන් ද?

    සැකයක් තියෙනව නම් මහින්ද අබේසුන්දරගෙන් හරි හඩ්ඩගෙන් හරි අහන්නෙ එපායැ. අපි බදු ගෙවල ඔය ජනමාධ්‍ය නඩත්තු කරන්නෙ ඒකටනෙ.

    සමහර මෝඩ හැත්තට මේව කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ. උන් බූරුවො නෙ. උන් හිතන් ඉන්නෙ උන් හඩ්ඩටත් වඩා දන්නව කියල. කොහෙද මෝඩ කමට බෙහෙත් තියෙනවයැ. නැත්නම් වක්කරල දෙන්න තිබුන.

    අනේ හැබෑටම මං කල්පනා කරේ කී දෙනෙක් නම් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට තමන්ටම ගහගත්ත ද ගිනි තියාගත්ත ද කියල. ඕවට එන්ජීඕ වලින් ගෙවනව ඇති ඇත්තු බරට. ඇයි බටහිර අධිරාජ්‍යවාදීන්. උන් වුනත් බලන් ඉන්නෙම ආණ්ඩුව පෙරලන්නනෙ.

    ඒවට විරුද්ධව ලේ මස් නහරවලට කතා කරන්න පුලුවන් විමල් වීරවංශ මැතිතුමාල වගේ අය, එතැනින් ගියහම බය නැතුව මේවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන වැඩ කියල කියන්න පුලුවන් කෙහෙළිය රඹුක්වැල්ල වගේ මැතිදුන්ල වගේ අය, ඉන්නෙ අපේ රටේ වාසනාවට. ඒ වගේ උත්තමයො නොහිටින්න අධිරාජ්‍යවාදීන් මේක කොටියන්ටයි අලින්ටයි බාර දීල රටම උන් ලව්ව විකුණගෙන.

    ඇත්තටම ඒ උත්තමයො අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න ඕන.

    ආරංචියෙ හැටියට ඉන්දියානු කුමන්ත්‍රණයකුත් තියෙන හැඩයි. 04 දා මධ්‍යම රාත්‍රියෙ ඉදල බය සැකක් නැතිව ඩීසල් පහකින් වැඩිකරනවය කියල ඉන්දියානු අයිඕසී සමාගම කියල තිබුනෙ. හොදයි මං අහන්නෙ ඔය බඩුකඩුත්තුව වැඩි කරන්න පුංචි මැතිවරණය වෙනකම්වත් ඉන්න තිබුනෙ නැත් ද? අනිත් අතට නිදහස සමරල ඉවර වුනා විතරයි. ඔන්න ඔයින්ම තේරෙනවනෙ කුමන්තරණේ තරම.

    මං නම් ඉතින් උදේ හවස දෙයියන්ට කියනව අපේ ආණ්ඩුව කොහොමින් කොහොමින් හරි රැක දෙන්න කියල. කොහෙද දෙයියොත් නිකම් කාලෙ බලන් නැතිව වස්සොලා අපේ ආණ්ඩුවටම කෙළවන්නෙ හදන්නෙ. මං හිතන් ඉන්නෙ බෝධීපූජාවක්වත් කරල බලන්න. ඔය ගොල්ලොත් කරන්න හොදේ!

    (පොඩ්ඩක් කණ මේ පැත්තට හරවන්න. ඔය ගොල්ලන්ට ඉතිං කිව්වහම මොකෝ. කාටවත් කියන්න කාරි නෑ. ඕකුන්ට – මංකිව්වෙ යූඇන්පී කාරයින්ට- ගහපු එක නම් හොද වැඩේ!)