අපේ ආරක්ෂක හමුදාවන් VS ඇමරිකානු චිත්‍රපට
දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ඇමෙරිකානු හමුදා ඔවුන්ගේ නිලධාරියකු රැගෙන ඒම සඳහා ප්‍රංශයේ omaha වෙරළට නාවික යාත්‍රා මගින් ඉතාමත් අවදානම් ගොඩ බැසීමක් කළ ආකාරය ඉහත ඇමරිකානු චිත්‍රපටයේ දැක්වේ.
සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූ එම චිත්‍රපටය ලෝක චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් වල ඉතා ඉහළින් ිටින අතර ඒ මෙහෙයුමෙන් ඇමෙරිකානු සෙබලුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වේ.
වසර 70 කට ඉහත එවැනි සිදුවීම් අළලා ඇමෙරිකාව තවමත් සිනමා නිර්මාණ කරමින් සිය හමුදාවන් අගය කරද්දී එයට වඩා බිහිසුණු අවදානම් සටන් කළ අපේ ආරක්ෂක හමුදාවන් අද මුහුණ දෙන්නේ කවර තත්ත්වයකට ද.?
එක්දහස් නවසිය අනූ ගණන් වල අපේ නාවික හමුදාව එවැනි ඉතා අවදානම් සටනක් කරනු ලැබුවත් ඒ ගැන දැන් දන්නේ කීයෙන් කී දෙනා ද.?
ඒ වන විට ඊළාම් යුද්ධය ඉතා දරුණු ලෙස උතුරු නැගෙනහිර බිළිගත් සමයයි. උතුරේ හමුදා කඳවුරු පිටින් එල්ටීටීය විසින් යටත් කරනු ලැබූ යුගයයි.
එවැනි යුගයක හුදෙකලා ව පැවති පුනරින් හමුදා කඳවුරට දිනක් රාත්‍රී කාලයේ දරුණු එල්ටීටීඊ ප්‍රහාරයක් ඇරඹිණි.
පසුදා අලුයම වන විට තත්ත්වය ඉතා දරුණු වූ අතර පිටතින් ආධාර නොමැති වුවහොත් මුළු හමුදා කඳවුරු ම ත්‍රස්තයන් අතට පත් වී සියලු භටයන් සමූල ඝාතනය කිරීමේ අවධානමට ලක්ව තිබිණි.
එදින උදෑසනම උතුරේ ඉහල ආරක්ෂක නිලධාරීන් යාපනයේදී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබුනේ කදවුර බේරාගැනීමේ ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීම සඳහාය.
ගොඩබිමින් පුනරින් වෙත ළඟාවීමට ඒ මොහොතේ කිසිසේත්ම කල නොහැකි වූයේ හමුදා කඳවුරේ ගොඩබිම් පිවිසුම් මාර්ග සියල්ලම ඒ වනවිට එල්ටීටීඊ ත්‍රස්තයන් අතට පත් ව පැවතීම නිසා ය.
5.0 අවිවලින් ගුවන්යානා වලට පහරදීම ඇරඹුණේ ඒ ආසන්න කාලයේ නිසා ගුවන් මගින් භටපිරිස් ගැනීමද කළ නොහැකි විය.
එකම මග වූයේ මුහුදින් ආධාර යැවීම පමණි.
ඒ වන විට උතුරේ නාවික අණ දෙන නිලධාරියා වූයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමන්ය.
එතුමා නාවික හමුදාව නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වී තිබිණි.
ඔහු පැවසූ ආකාරයට නාවික හමුදාවට එහි ළඟාවීමට ත්‍රස්ත ප්‍රහාර හමුවේ වුවත් හැකි වන්නේ රාත්‍රී කාලයේ පමණි.
මන්ද දිවා කාලයේ වෙරළට නාවික යාත්‍රා ළඟාවනවිට පෙරලී සිටින ත්‍රස්තයන්ට එම යාත්‍රා සහ භටයන් ඉතා පහසු ඉලක්ක බවට පත්වන නිසාය.
(මෙම සිනමාපටයේ දක්වන ඇමරිකානු සෙබලුන්ට එදා ප්‍රංශ පෙරලී දී මුහුණ දීමට සිදු වන්නේත් ඒ අභියෝගයට ම ය)
එය සියදිවි නසා ගැනීමක් බඳු කටයුත්තකි.
නමුත් පුනරින් කඳවුරෙන් ලැබෙන ගුවන්විදුලි පණිවිඩ වලින් පැවසෙන්නේ එදා රාත්‍රිය තෙක් හමුදා කදවුර රැක ගැනීමට කිසිසේත් නොහැකි බවයි.
ඒ මොහොතේ එම දරුණු අවදානම නොතකා අද්මිරාල් සරත් වීරසේකර යන් එම අභියෝගය භාර ගෙන ඇත.
එම සාකච්ඡාවට සහභාගි වී සිටි එවකට යුද හමුදාපති ලුතිනන් ජනරාල් රොහාන් දළුවත්ත, රියර් අද්මිරාල් සරත් වීරසේකර ගේ දෑත් අල්ලා "සරත් මගේ කොල්ලො ටික බේරගන්න ඔබ මේ ගත්ත අභියෝගෙ තියෙන දරුණුකම අසීරුකම මම හොඳට දන්නවා ඔබේ මේ උත්සාහය අති විශිෂ්ඨයි" යනුවෙන් පවසා ඇත.
ආපසු කරෙයිනගර් හි පිහිටි තම කඳවුරට පැමිණි සරත් වීරසේකරන් එහි සියලු නාවික නිලධාරීන් හා සෙබළුන් කැඳවා මේ අභියෝගය විස්තර කර ඇත.
"දරුවනේ අපට මේ ගමන ගිහින් ආපහු එන්න පුළුවන්ද කියලා හරියට විශ්වාස කරන්න බෑ. ඒත් සිය ගණනක් හමුදාවෙ කොල්ලො මැරෙනකම් බල බලා අපිට ඉන්නත් බෑ ඒ නිසා මම මේ ගමන යනවා කවුද මාත් සමග යන්න එන්නේ" යනුවෙන් විමසා ඇත.
මුලින්ම අත ඔසවා" මම සර් සමග එනවා" යනුවෙන් පවසා ඇත්තේ පසුව නාවික හමුදා පති ධුරයට පත්වූ වර්තමාන ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. එවකට ඔහු කණිෂ්ඨ නිලධාරියෙක් විය.
අනතුරුව ඒ සඳහා එක් වුණු අනෙක් නිලධාරීන් සහ සෙබළුන් ද යුද හමුදා විශේෂ බලකායේ භට පිරිස් දැනගෙන යාත්‍රා ගණනාවකින් දිවා කාලයේ ම පුනරින් බලා පිටත් ව ඇත.
සරත් වීරසේකර මැතිතුමා මා සමඟ පැවසුවේ මෙහෙයුම ඇරැඹේ දීම එතුමා නාගදීපය දෙසට හැරී වැඳ ප්‍රාර්ථනාවක් කළ බවයි .
මව්බිම රකින මේ මෙහෙයුමට
යෙදෙන අපේ සෙබළුන්ට අවම හානියකින් යුතුව මේ මෙහෙයුම සාර්ථකව අවසන් කර ගැනීමට ලැබේවා යන ප්‍රාර්ථනය යි.
එතුමා වැඩිදුරටත් පැවසූයේ ආශ්චර්යයකින් මෙන් පැය එක හමාරක පමණ කාලයක් තුළ මුළු උතුරු අහසම කළු කර දැවැන්ත වර්ෂාවන් ඇරඹුණු බවයි.
ගොඩබිම මුහුද වෙන්කර හඳුනාගත නොහැකි තරමට විශාල වර්ෂාවක් වූ එම වර්ෂාව මැද්දේ නාවික හමුදා යාත්‍රා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට සිතාගැනීමටත් නොහැකි ලෙස පුනරින් වෙරළට කඩා වැදී ඇත.
අනතුරුව යුද හමුදා විශේෂ බලකායේ සහ නාවික හමුදා භටයන්ගේ දරුණු ප්‍රහාර වලින් එල්ටීටීඊ ත්‍රස්තයන් පලවා හැර අඳුරින් ඉතිරිව සියලු සෙබළුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබේ.
එදා වෙරළට කඩා වැදුණු මුල්ම නාවික යාත්‍රාවේ අණදෙන නිලධාරියා වූයේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න බව ද සරත් වීරසේකර මැතිතුමා පැවසීය.
දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ඔහාමා වෙරළට කඩාවැදුණු ඇමරිකානු හමුදාවන්ට සිදු වූ හානියට වඩා ඉතා අඩු හානියකින් යුතුව මේ සටන ජයගැනීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු අපේ විරුවන්ට හැකිවිය.
එම මෙහෙයුමට එදා සහභාගි වූ බොහෝ නිලදරුවන් සම්මාන පදක්කම් වලින් පිදුම් ලැබීය.
ඇමරිකාව වසර 70 කට පසුවත් අතීත රණවිරුවන්ගේ වීර ක්‍රියා අගය කරමින් සිනමාපට තනද්දී අවුරුදු දහයක තරම් මෑත අතීතයේ දී මිනීමරු ත්‍රස්තවාදය අවසන් කරනු ලැබූ අපේ නිලධාරින් රිමාන්ඩ් බන්ධනාගාර වලත් සිරගත කිරීම් වලටත් භාජනය වෙති. උසාවි ගානෙ රස්තියාදු වෙති.
අපේ රටේ අලුත් පරපුර සිනමාපට තනන්නේ හමුදාව අපහාසයට ලක් කිරීමටත් ත්‍රස්තවාදීන් අහිංසකයන් බවටත් පෙන්වමිනි. ජ්‍යත්‍යන්තර සම්මාන ලැබෙන්නේ ද ඒවාට ය.
හිත නරක් කර ගත යුතු නැත.
ඒ ඇමෙරිකාවය.
මේ ලෝකෙන් උතුම් රට වූ ශ්‍රී ලංකාව ය.
(ඉහත චිත්‍රපටය නරඹන්න. එවිට ඔබටත් අපේ මිනිසුන් කරනු ලැබුවේ කුමන අන්දමේ කැපවීමත් යන්න තරමක් හෝ ඇඟට දැනේවි)
- ලාල් ද අල්විස්